හීනයක්
ඉසුරි භාග්‍යා සඳරුවණි

ඔයා මාව කියවගන්න. හැබැයි තේරුමක් ඇතුව තේරුම් ගන්න උත්සාහ කරන්න පුලුවන් නම් විතරක්!

ජීවිතයත් මරණයත් අතර ආන්දෝලනය වන මම කියා ගත නොහැකි අසීමිත වේදනාවකින් පෙළෙමි. මියැදෙන්න හෝ ජීවත් වන්නට නිශ්චිත හේතුවක් මා දන්නෙ ද නැත. නමුත් මෙලොව හැර යන්නට ද නොහැක. මන්ද යත් මරණය තුළ ඇති භයානක බව දන්නා නමුත් අත්විද නොමැති නිසාය.

කුරුල්ලන්ගේ මිහිරිතම නාදය දෙසවන් තුළ චිත්‍රයක් සේ ඇදි ඇත. නමුත් ඔවුන්ගේ කිචි බිචියට හේතුවක් හෝ එහි වන සුන්දරත්වය දැක ගන්නට නොහැක. දෙවසරක කාලයක් මා අලෝකය දැක නැත. ශබ්ද හා ගන්ධයන් පමණක් රස විඳිමින් ජීවිතය කුමක්දැයි මා තේරුම් ගැනීමට උත්සාහ කළෙමි. නමුත් තේරුම් ගත්තා යැයි සිතා සතුටු වන්නට ද දෙයක් මා සන්තයේ නැත.

විටෙක මා තරම් ශක්තිමත් ගැහැණියක් මෙලොව යලිනූපදිනවා නම් හොද යැයි සිතෙන තරමට කිලිටි වූ මාගේ සිත ශක්තිමත් ය. නමුත් තවත් විටෙක හය හතර නොතේරෙන ළදරුවෙකුගේ තරම් හෝ සිත නොසන්සුන් ය.

මට හෝ මගේ පවුලේ කිසිවකුට යම් තරමකින් හෝ සිත් තැවුලක් වේ නම් එය මාගේ සිතට ද විශාල තැවුලක් ඇති වන බව දැනෙයි. විටෙක එය මානසික ලෙඩක් යැයි අප්පච්චී කිහිප විටකදීම පවසා ඇත.

කිරුළු දහම් සිරිවර්ධන, ඔහු මාගේ ප්‍රේමවන්තයාය. 2020 මාර්තු, අප දෙදෙනාගේ විවාහ සංවත්සර දිනය විය. විවාහ ගිවිස ගත්තා වුවද විවාහ මංගල චාරිත්‍ර හෝ විවාහ උත්සවයක් ගැනීමට පෙර ඔහු මෙරටින් පිටවිය. අප දෙදෙනාගේ විවාහය කොළයකට පමණක් සීමා වූ විවාහයක් බවට පතව ඇත. එබැවින් ඔහු තවමත් මාගේ ප්‍රේමවන්තයාම පමණි.

ජීවිතයේ කොතෙකුත් දේ ලැබුනත් ඒ සියලුම සංගටනයන් හෝ සම්බන්ධතා තුල සතුටක් ඇතේ ද නැත නැත්තේ ද නැත. ලැබී ඇති සියල්ල වෙනුවෙන් ස්තූතිවන්ත වෙමි. නොලැබුණු කිසිම හෝ දෙයක් පිළිබඳව නැවත නැවත් සිතමින් සිත් තැවුල් නොගනිමි.

දිව යන්නට හෝ ශක්තිය මා තුල වූයේ නැත. නමුත් හැකි උපරිම වෙර දරමින් දිව ගොස් ගිරිතලය දක්වා ගමන් ගන්නා බසය අල්ලා ගත්තෙමි. දහඩිය ඉහින් කනින් බේරෙන බවක් දැනුනද මට අවශ්‍ය වූයේ කොහෙන්හෝ හිද ගැනීමටය. ඉතිරිව තිබූ ආසනයේ හිද ගත් මා බෑගයේ තිබූ ලේන්සුවෙන් දහඩිය පිසදමා ගත්තෙමි.

ටික වේලාවකින්, නිදි දෙව්දුව මාගේ වෙහෙසකර බව සොරා ගන්නට විය. රියදුරු මහත්මයාගේ තිරිංග පහරක වේගය නින්ද අවසන් කරන්නට හේතු විය.

තරමක් පැහැපත් හා හැඩි දැඩි රූපයකින් හෙඹි, මා සමග එකම අසුනේ වාඩි වී සිටි ඔහු මා සමග පිළිසඳරේ යෙදෙන්නට විය. ඔහු මාතර සිට ගිරිතලේ ඔහුගේ හිතවතකු හමුවීමට යන බවත් රියදුරුගේ අක්‍රමවත් හා අපරික්ෂාකාරී ධාවන පිළිබදවත් අප දෙදෙනාහේ කතාවේ හේතුපාඨය විය.    

මාස ගණනාවකට පසු හිත පිරෙන්නට සිනාසුනෙමි. ඔහුද නොනවත්වාම පිලිසඳරේ යෙදෙන්නට විය. මමද නිදහස් කළ කිරිල්ලියක මෙන් සතුටින් එම පැය කිහිපය ගෙවා දැමුවෙමි.

ගිරිතලය බස් නැවතුමට ලගා විය.

එහෙනම් ආයෙත් හම්බෙමු!

වචනෙකින් හෝ සමුගන්නට තරම් සිතක් නොවීය. එතරම් මා ඔහු සමග සිතින් බැඳී සිටියෙමි. ඔබට මා පිළිබඳව ප්‍රේමයක් හට ගන්නවා නම් යැයි මට සිතුණි. නමුත් අහම්බෙන් හමුවූ අප කුමන හේතුවක් නිසා බැදිය යුතුදැයි යන පැනය මා ප්‍රශ්න කළේය.

කවද්ද ආයෙත් ගෙදර යන්නෙ? මම නම් හෙට හවස බස් එකේ යනවා. මං හිතන්නෙ මෙහෙන් අන්තිම බස් එක 3.30ට.

නැවත වතාවක් ඔබ සමග සිටීමට මට කාලය ලැබෙනවා නම් එය මහත් සතුටක් ගෙනදෙන්නක් බව සෘජුවම ඔබට පවසන්නට නොහැක. මන්ද ඔබගේ පසුබිම මා කිසිසේත්ම දන්නෙ නැත. නමුත් මොකක්දෝ අහේතුක බැදීමක් තුළ මා සිර වී ඇත.

එහෙම යන දවසක් වෙලාවක් හරියටම කියන්න බෑ. ඒත් වැඩේ කරගන්න පුලුවන් වුනොත් මං හෙට හෝ අනිද්දා ගෙදර යයි.

පරිස්සමට යන්න යැයි කිවතොත් වෙන්ව යාමක් තරම් අපහසු හැඟීමක් දැනේවී දැයි මට සිතුණි. එබැවින් මා මද සිනාවක් පාමින් බිම බලා ගත්තෙමි. දෙදෙනා දෙදෙනාගේ වුවමනාවන් සදහා පිටව ගියෙමු.

කඩිමුඩියේ වැඩ සියල්ල නිම කර පසු දින අවසන් බසයට යන බවට මා තරයේ අදිටන් කරගත්තෙමි.

මටත් නොදැනීම දෑස් තෙත් වන බවක් දැනුනි. ගිරිතලේ පසු කරන්නට කියන්නට තරම් දුරක් නොතිබුණි. නැවත වරක් ඔහු මුණ නොගැසෙන බව පසක් වන විට සියල්ල කඩා වැටෙන්නාක් තරම් සන්තාපයක් සිත තැවුලින් බර වෙන්නට විය. ආදරය අපේක්ෂාව ආදී සිතිවිලි තුළ මා සිර වී සිටින්නට තරම් එම හැඟීම් මා තුල වේදනාබර චිත්තවේගයක් ඇතිකරන්නේය.

නොදැනීම දෑස් පියවුණි. සීතල සුලඟ තැවුල්බර සිතට සුවයක් ගෙනාවේය.

මාගේ දෑගිලි දිගිටිය. බොහෝ දෙනා මාගේ දිගැටි දෑගිලි වර්ණනාවට ලක් කරනු ලබන්නේය. යමෙක් මාගේ සුළැගිල්ල සීරුවට අල්ලන බවක් දැනුණි. නමුත් මට ඔහුගේ හෝ ඇයගේ රූපය හොදින් නොපෙනුනි.

මා දෙනෙත් විවර කළෙමි. ඇත්තෙන්ම මා දැක ඇත්තේ සිහිනයකි. මා අසල අසුනේ කිසිවකුත් නොමැති බව දුටු විට නැවත සිත තැවුලින් බර විය.

නැවත මා දෑස් පියා ගත්තෙමි. නැවත වරක් එම සිහිනයම දුටුවෙමි. නැවත වරක් මා දෑස්හැර බැලුවෙමි. කවුරුන්දෝ නාදුනන මිනිසෙක් අසල ආසනයේ සිටියේය. ඔහු මුඛ ආවරණයක් පැලද සිටියේය. ඔහු මා දෙස මද වේලාවක් බලා සිටින බවක් දැනුණි. මා නැවතත් ඔහු දෙස බැලුවෙමි.

ඔයාට මාව මතක් වුනේ නැද්ද? තනියම ආව නේද?

මුඛ ආවරනය ගලවනවාත් සමගම ඔහු සිනාසුනේය. දරා ගත නොහැකි තරමේ සතුටකින් හද පිනා ගියේය. ඇත්තෙන්ම ඔබ මගේ සමීපතයකු වූයේ නම් දෙවරක් නොසිතා සිපවැලද ගනිමි. නමුත් ඔබව මට මිතුරකු තරම් හෝ සමීප නැත.

අපි ඉස්සරහින් බහිමුද? මං ඔයාව ගෙදරට ඇරවන්නම්. මං වාහනේක ආවෙ.

මා ඔහු පිළිබදව දීර්ස වූ විස්තරයක් දන්නේ නැත. නමුත් මා, ඇතැති වූ සියල්ල සකසා ගනිමින් බසයෙන් බැසීමට සැරසුනෙමි.

හදිස්සියකින්, නොයිවසිල්ලකින් සිටියකු මෙන් ඔහු මා සිප ගත්තේය.  තුරුළු කර ගත්තේය. මා ද රිසි සේ ඔහුගේ පහස විදගත්තෙමි.

දහඩිය දමන්නට විය. විශාල බයක් හා තැතිගැන්මක් සිරුරතර පුරා දිව යන්නට විය. කෑගැස්සුනෙමි. නමුත් එම මොර දීම වේදනාබර ගුළි ගැසුණු මොර දීමකි.

ප්‍රේමය වූ කලී වරදක් ද නොවේ. නමුත් අන්සතු වූ ප්‍රේමයක ගතයුත්තක් ද නැත. ඉතිරිව ඇති කාලය මා ගෙවා දමන්නට කුමක් කළ යුතුද? ඇත්තෙන්ම අදහසක් නැත. නමුත් අපේක්ෂාවෝ බොහෝය.

වැතිර සිටි ආකාරයෙන්ම දෑස් පියාගෙන සිටියෙමි. මරණයට තව මොහොතකදු හො ඉතිරි නම් යමෙකුට මා ගලවා ගත හැකිය. නමුත් මා කෙරෙහි උපන් කරුණාවක් මා කිසිවකුගෙන් දැක නැත. අනුකම්පා විරහිත ප්‍රේමයේ උත්තුංග අවශේෂ සදාකල් මා සන්තකයේම රැදෙනු ඇත.

විශාල තිරිංග ශබ්දයක් හා නලා ශබ්දයකින් මා සවන් කීරි ගැසෙන්නාක් මෙන් විය. තද රස්නයක් සිරුරතර පුරා විසිර යන්නට විය. ඒත් සමගම  වතුර පහරක් මූණ පුරා විසිර යාමත් සමග මා අවදිවූයේ අම්මා හා නංගීගේ බය වූ මුහුණු දැක ගනිමිණි.                

READ THE
NEXT STORY > >