බොඳ වූ සිහින
මයුමි සිරිවර්ධන
නීටා අවදි වුවේ පාන්දර හතරටත් පෙරය. අවදි වු සැනෙකින් ඇගේ දෑස් දිව ගියේ තම පසක නිදා වුන් සැමියා දෙසටය. නග්න උඩුකයෙන් යුතුව වැතිර සිටින ඔහු දකින විට ඇගේ මුවින් නොදැනීම හීන් සුසුමක් පිට විය. එකෙනිහිම ඇගේ මතකයට ආවේ දෙදෙන විවාහ වු අලුත් සමයයි. ඔහුගේ තුරුලට වී පෙම් බස් දෙඩවූ සමය සිහිනයක් සේය. මතකයට බොහෝ ඈතය. ප්‍රේම සබදතාවයක් පවත්වා දෙමාපියන්ගේ අකමැත්ත පිටම ඇය ඔහු හා පැමිනියේ බොහෝ සිහින සිත දරා ගෙනය. තම සැමියා යහපත් යහපත් පුද්ගලයෙකු වුවද ඇය පතා ආ ප්‍රේමනීය ලොව ඇය ඉදිරියේ විවර යුයේ නැත. ඇය පිලිබද ඉතාමත් සැලකිල්ලෙන් ක්‍රියා කලද ඇයට අවශය වුයේ රොමාන්තික ප්‍රේමයකි. නමුදු එම සිහිනය කෙදිනකවත් ඉටු වුයේ නැත.
නීටා සයනයෙන් නැගිට නාන කාමරය වෙත ගියාය. කන්නාඩිය තුලින් ඇදි රුව ඇයට ඔච්චම් කරන්නාක් බදුය.තැනින් තැන පැසුනු හිසකෙස් කලු කර ගත යුතු යැයි ඇයට හැගුනේ පෙරේදාය. ඇයගේ මතකයට නැගුනේ ලගදි තම නිවස අසල වාසයට ආ කඩවසම් තරුනයාය. ඇත්දල පැහැ සමක් හිමි කඩවසම් ඔහු ඇය සිත තුල විටින් විට හොල්මන් කරන්නාක් සේය.සිත තුල නැගි රසබර සිතුවිල සැනින් පලා ගියේ නැවත කාමරයට පැමිනි පසු දුටු සැමියාගේ රුව නිසය.
“ගුඩ් මෝනින් නීටා” ඔහු පැවසුවේ උනුසුම් අයුරෙනී.
“මෝනින්” ඇය පැවසුවේ කිසිදු උනුසුමකින් තොරවය.
මුලුතැන් ගෙය වෙත ගිය ඇය උදේ ආහාරය සැමියගේ දහවල් ආහාරයද පිලියෙල කල ඇය නොයිවසිලිමත් ලෙස බලා සිටියේ සැමියා නිවසින් පිටත්ව යන තුරුය. ඔහු පිටත්ව ගිය පසු නීටා කවුළුව අසළ නැවතුණි. උදෑසන ආලෝකය සුන්දරව ඇගේ මුහුණ මත වැටෙයි. පාවෙමින් ගිය වලාකුළු අතරින් පැහැදිලිව පෙනෙන අහස, සිතට යම් ආලෝකයක් ගෙන දුන්නේය.
සැමියා අසල්වාසීයකු සමග මෘදුව සිනා සී නොපෙනී යනු ඇය බලාගෙනය. ඇයට නැවතත් තම බලාපොරොත්තු කඩ වු නමුදු කිසිදු ගැටලුවක් නොතිබු තම විවාහ දිවියෙහී නීරසබව මතකයට නැගුනි. එහෙත් තමාගේ දිවිය පස්වෙනි දශකයද පසු කර ඇතිබවත් තම බලාබොරොත්තු සිහිනම වන බවත් හැගුනෙන් සුසුමක් හෙලා නැවත නාන කාමරයට යන්නට පියවර තැබුවාය.
ඇය නාන කාමරයේ කන්නාඩියෙන් පෙනෙන තම වියපත් මුහුන දෙස බලා සිටියාය. තරුනයෙකුට තාවකලිකව හෝ පෙමින් බැදීමට තරම් අකර්ශනයක් තම මුහුන වෙත ඇතිදැයි ඇය තනිවම කලපනා කලාය. එහෙත් සත්ය ඇගේ මුහුන ඉදිරියේම දිස් වුයෙන් ඇගෙන් පල වුයේ ශොකයකි. එහෙත් තම සිහින ලොව තුල ජීවත් වීම පවා අශ්වාදයක් ගෙන දුන් බැවින් තම සිහින එතරම් පහසුවෙන් මරා දැමීමට ඇයගේ සිත ඇයට ඉඩ දුන්නේ නැත.
උදැසන නමය වන විට කඩවසම් තරුනයා නිවසින් පිටවන බව ඇය දැක තිබුනාය.ඔහුගේ රුව දැකගැනීමට සිතා, ගේට්ටුව වෙත ආ ඇය මිදුලෙහි නොතිබු කුනු රොඩු අතු ගෑමට පටන් ගත්තාය.
අසල්වාසි නිවසින් එලිය පැමිනි දෙමුහුම් මෝටර් රතය පාරෙහි වූ දූවිලිද අවුස්සා දමමින් වේගයෙන් ඉගිල ගියේය. තම ගත දූවිල්ලෙන් මදක් වැසී ගියද ඇය එය නොතැකුවාය. එහෙත් ඔහුව උදෑසනින්ම යන්තමින් හෝ දැකගනීමට ලැබීම ඇයගේ බලවත් සතුටට හේතු විය. ඒ පිළිබඳව කිසිවෙකුට කිව නොහැකි වුවද, ඇගේ ඇස් ඒ මොහොතේ තෙමී ගියේ හදවතෙහි නැගුනු පහන් හැගීමටය.
මිදුලෙහි සවි කර තිබූ කුරුලු කෑම තැටියට ආහාර දැමූ ඇය, ඒ වෙත ඇදෙන කුරුල්ලන් දෙස බලා සිටියේ සිතෙහි වැඩුනු අලුත්ම ප්‍රීතියකිනි. ඇගේ ඇස් කුරුල්ලන් දෙස යැවෙද්දී, ඇයගේ සිත තුළ සන්සුන්කමක් විය.
ඇය ස්වාමිපුරුෂයාට ආදරය කරයි. ඔහු ඇගේ ජීවිතයේ සහකරුවාය. ඔහු සමග බැදි මතක ඇයගේ හදවතෙහි පෙරෙලි කරයි. නමුදු තරුනයගේ රුව ඇගේ සිත තුලින් මකා දැමිය නොහැකි තරමටම ඇදී තිබෙයි. ඇයගේ සිත්විලි මදින් මද නොසන්සුන් වීමට පටන් ගැනුනි.
මෙම තරුනයාගේ නමක් හො නොදැන තමා තම සිත සමග කරන අරගලය ඇයට මහන්සියක්ද ගෙන එන බව ඇයට සිතුනාය. දරුවන්ද සිටිනා මවක් වන තමා මේ අයුරින් සිතින් වෙන අයෙකු සමග බැදීම නොමනා බව ඇයටම නොතෙරුනා නොවේය. එහෙත් තම සිතට වැට කඩුලු බැදීම කල නොහැකිබව ඇයටම තෙරුම් ගියේ ඔහුව නිතර නිතර දකින නිසාය.
*
දිනෙන් දින ගත වන විට ඇයට තම සිතුවිලි අතර සිටින්නේ තරුනයා පමනක් බව අවබෝද විය. ඒ අතරම ඇයගේ හැසිරීම හා ඇදුම් පැලදුම් පවා කෙමෙන් කෙමෙන් වෙනස් විය. සැමියාගේ නොරුස්නා බැලුම් ඇය නොදැක්කා සේ සිටින්නට පුරුදු විය.
එහෙත් වයස විසි ගනන් වල සිටින තරුනියක මෙන් ඇය ඇද පැලද නිවසින් පිටව යනවිට එය ඔහුගේ දරුනු උදහසට ලක් විය.
“නීටා ලැජ්ජ නැද්ද ඔහොම ඇදන පාරේ යන්නේ? මිනිස්සුත් බලනවා නේද වැරදි විදියට?”
“එහෙම බලලා හරි එයා මාව දකිනවනම්” ඇය සිතින් සිතුවා මිස ඒ වචන මුවින් පිට නොකලාය.
“ආසවට මෙහෙම ඇන්දේ. ජිවිතේ වෙන ලොකු වෙනසක් නැහැ. කාලා ඇදලවත් ඉන්න එපැයි” ඇයගේ කතාවට කෙන්තියක් නැගුනද සැමියා ඇය දෙස බලා සිටියේ යම් කලකිරීමක්ද ඇතිවය.
කෙමෙන් කෙමෙන් ඇය සිතින් මෙන්ම ගතින්ද ඇගේ සැමියාගෙන් දුරස් වූවාය. එහෙත් එය ඔහුට එතරම් දැනුනේ නැත. එමෙන්ම ඇයට ඔහුව නොරුස්නා බව, ඇයටම වැටහී ගියාය. එහෙත් එය ඇයට එතරම් වැදගත් වුයේද නැත. තවමත් නම නොදන්නා තරුනයාව උදැසන්ම දැකීම ඇයට වැඩගත් වන එකම දෙය බවට පත් විය.
*
එක් දිනක් ඇය නිවසට අවශ්ය බාන්ඩ මිලදී ගන්නා විටදී සුපිරි වෙලද සැලක් තුලදී ඇයට ඔහුව මුන ගැසුනි. ඇති වූ සතුටටම ඇයගේ අතින් මිලදී ගත් බඩු පිරී බැගය අත හැරුනි.
එවලේ ඇයට බාන්ඩ එකතු කර ගැනිමට උදවුවට පැමිනියේ මෙම තරුනයාය. වයස අවුරුදු තිහක් පමන වන්න පෙනෙනා ඔහු වචනයක් හෝ කතා නොකර සිනා සී ඇයගේ බැගය අතට දී යන්නට ගියේය.
*
ඉන් පසු උදා වූ සති කිහිපය ඇතුලත ඇයව නිවස අසල දකින විට සිනා වී සුබ උදෑසනක් ප්‍රර්ත්නා කිරීම ඔහුගේ සිරිත විය. නිතිපතා ඉතාමත් සුන්දර ඇදුම් පැලදුම් වලින් සැරසී ඔහු වෙත සිනා සී සුබ පැතීම ඇයගේ ජීවිතයේ එකම බලාපොරොත්තුව විය.
ඔහු විවාහකද නැද්ද යන වග ඇයට රහසක් විය. නිතිපතා තනිවම ගමන් බිමන් යන නිසාත්, නිවස තුල කිසිවෙකු දකින්නට නොමැති නිසාත් ඔහු තනිකඩ අයකු වශයෙන් ඇය නිගමනයකට පැමිනියාය.
“එයා බැදලා නැතිව ඇති. නැත්නම් ඔහොම තනියම ඉන්නේ නැනේ” ඇය තනිවම සිතින් තර්ක කලාය.
දින ගතවන විට ඔහු පිලිබද හැගීම් උමතුවක් තරමට ඇයගේ සිත ඔහුගෙන් පිරී ඉතිරී ගියේය. කොටින්ම තමා සැමියා අත හැර ඔහු හා ජිවත් වන සිහින අතර ඇය අතර්මන් වූවාය.
“මන් කොහොමහරී එයත් එක්ක කතා කරනවා” ඇය තනිවම සිතා ගත්තාය.
*
“මල්ලි තනියමද ඉන්නේ ගෙදර” සෙනසුරදා දිනක ඔහු වයායම සදහා ඇවිද යන විට ඇය බලෙන්ම ඔහු හා කතාවට ගියාය.
“ඔව් අක්කේ මන් තනියම ඉන්නේ. වයිෆ් බබා එක්ක අම්මලාගෙ ගෙදර ඉන්නේ” ඔහු සිනා සී පිලිතුරු දෙන විට ඇයට දැනුනේ තම මුලු ලොවම බ්‍රමනය වන්නාක් මෙනි. අමාරුවෙන් සිහි එලවා ගත් නීටා යන්තමට සිනා සෙන විට ” යන්නම් අක්කේ” කියා ඔහු ඉවතට ඇදී ගියේය.
ඔහු ගිය පසු කෙමෙන් කෙමෙන් නිවස තුලට ආ ඇයට දුරකතනය නාද වනු ඇසුනි.
“අම්මේ” යනුවෙන් ඇයව ඇමතුවේ පිටරටක පදින්චි වී සිටින තම ලොකු පුතාය.
ආගිය තොරතුරු කතා බස් කරන අතරතුර ඔහු ඇසු දෙයින් ඇය වික්ශිප්ත වූවාය.
“අම්මේ, අපේ අල්ලපු ගෙදරට අලුතෙන් කොල්ලෙක් ආවද?”
“ඔව් පුතා මන් දවස් කීපයක් දැක්කා අලුත් පිරිමි ලමෙක් ඇවිත් ඉන්නව. පුතා කොහොමද දන්නේ?” ඇය ඇසුවේ තම කුතුහලය සගවා ගනිමිනි.
“මගේ යාලුවෙක් අම්මේ. එකා මට ගිය සතියේ දවසක කතා කලා අපේ පැත්තට ආවා කියලා. විස්තර කතා කරනකොට දැනගත්තේ අපෙ එහා ගෙදරට ඇවිත් තියන්නෙ කියලා.
ඔහුගේ කතාවට ඇයට ඇති වූ ලැජ්ජාව, අති මහත්ය. එහෙත් ඇය තම හැගීම් සහ කදුලු සගවා සිනා සී තම පුතාට සමු දුන්නාය. තම හැගුම් කිසි විටක හෙලිනොවන අයුරින් ක්‍රියාකිරීම ගැන අය සැනසුම් සුසුම් හෙලුවාය.
තමා මිලදී ගත් නවීන ඇදුම් පැලදුම් කිසිවකුට හෝ පරිත්යාග කිරීමට පැත්තකට කල ඈ, චාම් ගවුමක් හැද සවස් වී ගෙදර පැමිනෙන තම සැමිය පිලිගැනීමට සූදානම් වූවාය.