කැමීලියා අන්දරය
පූර්ණිමා රණවීර
රාත්‍රී නවය හමාර පසුවත් ම ෂින්බෂි වීදියේ කාර්යබහුල රාත්‍රියක අවසාන හෝරාව පසු කරමින් වීදි යෙහි ඔබමොබ සක්මන් කරන මිනිසුන් රැසකගේ කලබලකාරී ගමන් විලාශය වීදිය තුළ දිස් වන්නට විය.රාත්‍රිය වැසිබර වූ බැවින් වර්ෂාවෙන් බේරී සිටීමට සියල්ලන් නොතිත් වෑයමක නිරත ව ඇති බව පෙනුණි.
සාමාන්‍ය දිනයක දී මෙන් නොව ,වැ සි දිනයක දී පරිසරයේ සිදු වන වෙනස් වීම සිතට මෙන් ම ගතට දනවනුයේ අපූර්ව හැඟීමකි.උණුසුමහා කැටි ව තිබූ සොම්‍ය සුළඟෙහි ගැඹුරු වූ සුවදායී බවක් ගැබ් වඇත.තරමක් ඈතින් දිස් වන කුඩා අවන්හල ඉදි රිපසින් ගමන් කරමින් සිටි කාන්තා ව තම මග නතර කරමින් එක්වර ම තම කැඩුණු සෙරෙප්පුවට බැණ වදින්නට පටන් ගත්තේ ගත වූ දිනයෙහි සිදු වූ සියලු දේට වරද පටවමින් ය. අතන
මෙතන සීරුවට ගොඩ ගැසෙමින් ඇති හිම පියළි කාල වර්ණ මංපෙත මත දිස් වනුයේ විසුරුවන ලද දියමන්ති කැ බලි මෙනි.
ලිස්සනසුළු හිම මත ප්‍රවේශමෙන් අඩි තබමින් රශෝ තම දීර්ඝ වූ පැය කිහිපයට නිමාවක් දී අසල තිබූ කෝපි හලට යාමට සැරසුණා ය.සෑම කාර්යබහුල රාත්‍රියක ම විනාඩි 30ක පම ණ කාලයක් කෝපි හලට ඉදිරිපසින් වූ සුන්දර කැමීලියා ගස යට ගත කරන ඈ ඉන් මහත් සුවයක්විඳින්නී ය.
කැමීලියා ගස අසල වූ බංකුව මත අසුන් ගන්නා රශෝ මාර්ගය දෙපස තදබදයත්, එහි නොසන්සුන් බවත් දෙස නිදහස් දෑසින්බ ලා හිඳින්නීය. සිතට සුව දෙන මේ අඩ හෝරාව ඇයට නම් මි හිරැති සුවයක් ම ය.
කෙටි අඩි තබමින් කෝපි හලට පිවිසි ඇය කැරමල් රසැති කෝපි කෝප්පයක් තොල ගාමින් නැවත මහමගට බටුයේ අවට සිරි නැරඹීමේ අභිලාශයෙනි. සුවදායී තෙතමනය සහිත පරිසරයෙන් හමා ආ සුළං රොද හා මුසු වී ඇත්තේ සුගන්ධවත් වූ නිර්මල සුවඳකි.ඒ සුවඳ හා මුසු වූ ආගන්තුක වූ නො ඇසෙන හඬක් ඇයව අමතන්නාක් මෙන් සිසිල් පවන් හා සුසුමුදු මදනළ ඈ සුවපත් කරයි.බංකුව මතින් හිඳගත් රශෝ ආගන්තුක මුහුණු දෙස බලමින් තම ප්‍රියතම ගීතයකට සවන් දෙන්නී එක් වරට ම තම දකුණු පසින් තිබූ යමක් නෙත ගැටී එය පිරික්සන්නට වූවා ය .තමා වාඩි වී සිටි තැනට තරමක් ඔ බ්බෙන් වැටී තිබුණේ රතු රෝස පෙත්තකි.
ඉක්මණින් වටපිටාවට දෑස් යොමු කළ ද, රෝස මලක් තබා නටුවක ද පෙනෙන තෙක් මානයක නොමැති බව වටහාගත් බැවින් ව්‍යාකූල වූ හදින් යුතු ව ඈ රෝස මල් පෙත්ත සියතට ගත්තා ය. “හ්ම්…” අද දවසෙ සිහිවටනයක් විදියට මට ලැබුණු තෑග්ග තමයි මේ! සතුටින් තමාටම මිමිණූ රශෝ එය තම පසුම්බිය තුළ ප්‍රවේශමට දමා ගත් තාය .
රාත්‍රී 9.45 කණිසම වූ බැවින් ත රමක් අඳුරු පැහැ පරිසරයක් වුව ද,ලාම්පු එළිවල වර්ණාලෝකයෙන් මග දෙපස අලංකාරත්වය ද, කාර්යබහුලත්වය ද මැනවින් දර්ශනය වන්නට විය.මුවින් හඬක් පිටනොකළ ද, මිනිසාගෙන් මිනිසා ඔවුන්ගේ දෑස් තුළින් හා තම මුහුණෙන්ඔවුන්ගේ පීඩනය පිළිබිඹු කරනු ලබයි.දවසේ කාර්යබහුලත්වයට සමුදුන්න ද , කිසිදා අවසන් නොවන දුංඛිත ජීවිතයකට ලිඛිත ව අත්සන්තැබුවාක් මෙ න් තමාගේ නොවන බරක් තම හිස මත පටවා ගනිමින්ඔවුන් දුක් වෙති.ඇතැමෙක් සල්පිලට වේගයෙන් ගොඩ වන්නේ රාත්‍රී ආහාරයට යමක් මිලට ගැනී මේ අටියෙන් හා දැඩි කුසගින්නෙනි .රාත්‍රී වර්ෂාවත් ,මද පවනත් ,තුරු සෙවණේ ගත කරන මේ සුළු කාලයත් ජීවිතයේ සුසුන්දර බවට කදිම සාක් ෂියක් නොවේ ද? මදනළෙහි මුණුමුණුවට සවන් දෙමින් තම සීතල කබාය ඇඟට ගුලි කර ගත් රශෝ කුඩය අතට ගනිමින් නිවසට ආපසු යාමට සැරසුණා ය .
වැසිපොද සරබර හඬින් වැටෙද්දී සෞම්‍ය හදින් යුතු ව සක්මන් කළ ඈ නිහඬව ම තම නිවසට පිය මැන කුඩා රෝසමල් පෙත්ත තම දිනපොත තුළ සුරැකි ව තැබුවා ය. ” අද දවසට ස්තූතියි !”
නිදහස් ව ගෙවුණු පෙර දිනයෙහි නැ වුම් බවත් සමග අවදි වූ රශෝ කඩපිලට ගොස් බෝංචි බීජ කිහිපයක් මිලට ගැන්මට සිතා ගත්තේ ළඟ එන වසන් ත ඍතුවේ සාරවත් ව වැඩෙන තම බෝං චි වගාව සතුටින්සිහිපත් කරමින් ය.නිල් පැහැති ලොම් කබාය ඇඟලා ගනිමින් සීත තුහින වන් සුදු පැහැ ති තොප්පිය හිස පැළඳි ඈ සීතල වූ දිනයට ආයුබෝවන්කියමින් නෙක වණින් හැඩ වූ මහමගට පිළිපන්නී,දිය ව ඇති හිම මත ප්‍රවේසම් අඩි තබමි න් යගුචි වීදියෙන් වම් පස ඇති කඩ වීදියට ඉබි ගමනින් පිය මැන්නා ය.කඩ වීදියෙහි ඇත්තේ එකම ඝෝෂාවකි .වෙළෙන්දන්ගේ අභිලාශය තම සාක්කු ව හිස් නොවී තබාගැනීම වුව ද , ඉතා සාධාරණ ව හා සිනාමුසු මුහුණෙන් කරන වෙළඳාම් නිසා ඔවුන්ගේ සාක්කු කිසි දින හිස් නොවන බව නම්වි ශ්වසනීය ය.
බෝංචි බීජ කිහිපයක් හා ක්රිසන්තිමම් පැළයක් මිලට ගත් රශෝ වෙළෙන්දියගේ සුවදුක් විමසීමට අමතක කළේ ද නැත.වෙළෙන්දිය ලබන මස තම දි යණියගේ විවාහ උත්සවයට සහභාගී වීමට නගරයෙන්පිටතට යන බවත් ,බලු පැ ටවා අසනීපයෙන් පසු වන බැවින් තරමක්කණස්සල්ලෙන් පසු වන බවත් දෙ දෙනාගේ කතාබහ තුළ රැඳුණු ප්‍රධාන මාතෘකා විය.
නැවත පැමිණෙන ගමනේ දී කැමීලියා ගස පසු කර යන බැවින් තම සුපුරුදු කෙටි නවාතැන්පළෙහි තරමක් විවේක ගැනීමට සිතූ රශෝ බංකුව මත වාඩි ගැන්මට සැරසෙත් ම,දුටු දෙයින් ඉමහත් වික්ෂිප්තබවකට පත් විය.
“තවත් රෝස මල් පෙත්තක්”
විස්මයට පත් ව අයාගත් මුවින් එදෙස මද වෙලාවක් බලා සිටිය ඈ සෙමෙන් සෙමෙන් මල් පෙත්ත සියතට ගත්තා ය.
“මේක අහම්බයක් වෙන්න බැහැ.ඊයෙත් ,අදත් මම එන වෙලාවටම මල්පෙත්තක් එකම තැන තියෙන්න විදියක් නැහැ.මේ කෙනා කවුරු වෙන්න පුළුවන් ද?
බංකුව මත හිඳගත් ඈ බලා සිටින්නට වූවා ය.
පැයක් , දෙකක්…පැය හතරක්…” මේ මොන පිස්සුවක් ද?මේ තරම්වෙලාවක් ඇයි මම මෙහෙම කාලෙ නාස්ති කරන්නෙ? ඒත් මේ කෙනා කවු ද ? මට දැ නගන්න කිසිම විදියක් නැද්ද?”
ගෙවී ගිය හෝරා හතරක් ම බලා සිටී මට පමණක් මිඩංගු කරමින් රෝස පෙත්ත දෙස හිස් දෑසින් බලා සිටීම හැර කිරීමට වෙනත් දෙයක් නොවීය.
නමුදු මෙය අභිරහසකි.හේතුව දැනගැ නීමට අවැසි බව නොරහසකි.පසු දින නැ වත පැමිණ පිරික්සා බැලීමට අදි ටන් කර ගත්රශෝ කැළඹුණු සිතින් නි වසට පිය මැන්නාය.
පසු දිනය රාජකාරී දිනයක් වූ බැවින් ඉතා කාර්යබහුල පැය ගණනක් නිම කර විඩාපත් සිතින් මහමගට පිවිසුණු රශෝ නිහඬ ව සක්මන් කරන්නී කැමීලියා ගසට තරමක් ඔබ්බෙන් සිටගෙන සිටින තරුණයෙකු දුටුවා ය. ඉක්මන් ගමනින් එදෙසට පැමිණි ඈ පළමුවෙන් ම පිරික්සා බැලුවේ බංකුව ය.ඔහ්! ඇයට ඉබේටම කියවුණි. රෝස මල් පෙත්තක් නොමැත.
තරුණයා අසලට ගියත් මා කුමක් අසන් න ද?පෙර දින දෙකක් පුරාවට රෝසමල් පෙති තැබුවේ ඔබ දැයි විමසුවහොත් ඔහුගේ පිළිතුර කුමක්විය හැකි ද? එය “ඔව්” හෝ “නැත” විය හැකි ය.එපමණකි.නමුදුනොවිමසා සිටීමට ද නොහැකි ය .
තරුණයා අසලට ගිය රශෝ ..
“සමාවෙන්න , මට දෙයක් දැනගන්න පුළුවන් ද? ඇසුවා ය.
“ඔව්.කියන්න ” තරුණයා හර්ඬ අවදි කළේ ය.
ම්..ඊයෙ මේ බංකුව උඩ රෝස මල් පෙ ත්තක් තියල ගියේ…ඒ…ඔයා ද?
තරුණයා කොක්හඬ ලා සිනාසෙන්නට වි ය.
“මම…රෝස මල් පෙත්තක්??… ඒ මොකට ද ? “ඔහුගේ සමච්චල්සහගත මුහුණ දෙස තවත් බලා සිටීමට නොහැකි ය.
ලැජ්ජාවටත්,කළකිරීමටත් පත් ව ව හා ඉවතට හැරුණු රශෝ ඉක්මන්ගමනි න් ආපසු යන්නට සැරසුණා ය.
“තවත් මෝඩ වැඩක්…මොකට කතා කරන්න ගියාද නොදන්න මනුස්සයෙක් එක්ක …අනික මල් පෙත්තක්නෙ ..ඕක ඔච්චර ගණන් ගන්න දෙයක් ද? කට පියන් ඉන්න රශෝ…කරුණාකරල!”
මෙසේ සිව් දිනක් ගත විය.රශෝගේ සුපුරුදු දිවියත් සමග කාර්යබහුල වෙමින් ගේ දොර වැඩපළ ද,රාජකාරී දිවිය ද එක සේ වර්ණවත් කරමින්ඈ
සතුටින් කල් ගත කරමින් සිටින්නී ය.
නිතිපතා කැමීලියා සුවඳැති බංකුවේ උණුසුම මැද කාලය ගත කිරීමට අමතක නොකළ ඈ එහි සුවදායී බවින් ප්රමෝදයට පත් ව සිටියා ය.
මෙසේ දෙමසක් ගත විය.ඒ සොඳුරු ඒ ඉරු දින සන්ධ්‍යා හෝරාවේ හිරුගේ මළානික දෑසෙහි දීප්තියෙන් කඩපිල් වීදිය දෙසට කෙටි ගමනක යෙදී සිටි රශෝගේ දෙපා එකවර ම තිගැස්සී නැවතුණි.තමා ඉදිරිපසින්වූ බංකුවට යටින් රෝස මලක් වැටී ඇති අයුරු ඇයගේ දෑසට ක්ෂණයෙන් පෙනී ගියේ හදවත තිගැස්මට පත් කරමිනි.
“මේ පාර රෝස මලක්” ඇයට ඉබේට ම කියවිණි.
මෙලෙස සිව් දිනක් පුරාවට රෝසමල් පෙත්ත බැගින් බංකුව මත සුපුරුදු පරිදි වැටී තිබුණෙන් රශෝගේ කුතුහලය දැඩි ලෙස වර්ධනය වී තිබුණි.
පසු දින රාජකාරිය අවසන් ව කැමීලියා ගස අසලට පැමිණි රශෝ රැය පහන් වන තුරු බංකුව මත කාලය ගත කිරීමට ඉටා ගත්තා ය. උණුසුම්කෝපි කෝ ප්පයක් ද අතැති ව බංකුවෙහි අසුන් ගත් ඈ,අවට පරිසරය විඳිමින් ද, ගීතයෙහි රසින් සවන් පත්වලට තටු දෙමින් ද,තීව්ර දෑසින් අවට පිරික්සන්නට වූවා ය.කිසිවකුදු නැත.රාත්‍රී එකොළහට ආසන්න වත් ම නින්දත්,නොනින්දත් අතර සිටි රශෝගේ මුහුණ මතින් සියුම් සීතලක්ඇඳී යන බව ඉවෙන් මෙන් වටහා ගත්තා ය.ඇගේ උකුල මතට එකවර වැටුණේ රෝසමල් පෙති දෙකකි.මොනවා! මුව අයාගත් ඇයට හුස්මගැනීමට ද අමතක විය.
වටපිට බැලූ ඈ කිසිවෙකුදු නොමැති බව වටහා ගත්තී එක්වරම තම දෑස් ඉහළට එසවීය.කැමීලියා ගසේ ඉහළින් ලැගුම් ගෙන සිටින වවුලෙකු තමා දෙ ස බලා සිටියි.
ඇය ක්ෂණයෙන් තැති ගත්තා ය. උගේ තියුණු දෑස් කෙළින් ම ඇගේ දෑස්මත ගැටී තිබේ.ප්රහේළිකාවකට මැදි ව ඉතා බියපත් දෑසින් රශෝ උගේ හැසිරීම දෙස බලා උන්නා ය.එක්වර ම ඌ පියඹා ගොස් තරමක් දුරින්ඇති පඳුරකට මුවා විය.
සෙමෙන් සෙමෙන් ඒ අසලට ගිය රශෝ හට පඳුර මත රැඳී ඇති තවත්රෝස මල් පෙත්තක් දැක ගත හැකි විය.එය අහුලා ගැන්මට තැත් කරද්දීම වවුලා එ තැනින් ඈතට පියා සලන්නට විය.නමුදු වැඩි දුරකටනොවේ.තමා යන මග අනුගමනය කරන ලෙස ඌ ඈට කියන්නාක්මෙනි.පඳුරෙන් පඳුරට, ගසින් ගසට පි යඹමින් යන වවුලාගේ මග අනුගමනය කරමින් රශෝ කඩපිළෙන් වඩා ඈත් ව පාළු මං පෙදෙසකට පියමැන්නා ය.
අඳුරින් වැසුණු ,මාර්ගයක් නොමැ ති සුදු ගොඩැල්ලක් පසු කරගෙන යන විට අපිළිවෙලින් අතුරන ලද කළු ගලින් සැදුණු මිටියාවතක් අසලට රශෝ සේන්දු විය.තව තවත් ඉදිරියට ඇදෙද්දී දිස් වන්නට වූයේ හරිත වර්ණ වන ලැහැබකි.
ඉතාමත් බියපත් ව සිටිය ද,රශෝගේ මුරණ්ඩු දෙපා එදෙසට ඉබේ ම ඇදෙන්නට විය. තරමක් ඇවිද යන විට තවත් දීර්ඝ තිගැස්මක්… වන ලැහැබට පි විසෙන කඩතොළු සහිත මාර්ගය පුරාවට රෝසමල් පෙති විසිරී තිබුණි.හදවතේ ලබ්ඩබ් ශබ්දය තව තවත් ,තව තවත් තීව්ර වන බව හැඟුණ ද,ඈ නොනැ වතී ගමන් කළා ය
පාද ඉදිරියට ඇදෙද්දී ඈ ඉදිරියෙන් වූයේ තනි සුදු කුඩා ගල් කැ බලි සහිත ගොඩැල්ලකි.ගොඩැල්ලට ඔබ්බෙන් කළු ගලින් නිමවන ලද සොහොනක් විය.
අන්ධකාරයේ ගිලී තිබුණ ද, සඳ එළි යේ සුළු දීප්තිමත් බවින් පවා සි යල්ල ඉතා පැහැදිළි ව පෙනෙන්නේ කෙසේ දැයි ඇයට වටහා ගැන්මට නොහැකි විය.වවුලා සොහොන් ගල මත නැවතී සිටියි.කෙමෙන්කෙමෙන් සොහොන් ගල මත ට ළඟා වූ ඇය එහි තිබූ අකුරු කියෙව්වා ය.
“දෙවියනේ!….” බියපත් ව කෑගැසූ ඇගේ හඬට වන ලැහැබ දෝංකාර දෙන්නට විය.තම මුළු සිරුර ම භයංකාර ලෙස ගැහෙන බව දැනුණෙන් ඈ මහ පොළව මතට ඇදී වැටුණා ය.සොහොන මත කොටා තිබුණේ ඇයගේ ම නමයි. ඊට ඉහළින් ඇයගේම රුව සහිත ඡායාරූපයක්!..පපුවබදා ගත් ඈ දෙකොපුල් තෙමා ගලා එ න කඳුළු බිඳු පිසිමින් භීතිය යටපත්කර ගැනීමට වෙර දැරුවා ය.
රශෝ සිරිවර්ධන
උපත – 1952
විපත – 1983
“හරියට ම අවුරුදු 22කට කලින් ! “
ඇයට කියවුණි.
ඇයගේ පෙර ජන්මයේ සැමරුම් ඵලකය දෙ ස හිස් වූ දෑසින් ඈ බලාසිටියි ! ………..
අහසින් නැගුණු විදුලි ගිගුරුම් හඬත් සමග තිගැස්මෙන් අවදි වූ රශෝ වටපිට බලන්නට වූවා ය. වටපිටාව අ ඳුරු ය. ලා අළු පැහැ හතරැස්කවු ළුවක් දකුණතින් ඇසට හසු වත් ම දී ර්ඝ වූ නිද්රාවර්ජනය ඇගේ මතකයට ගලා එන්නට විය….
මෙච්චර වෙලා මම දැක්කෙ හීනයක් ද ?
දෑස් පිසදා නැවත වටපිටාවට දෑස් යොමු කළ ඈ අසලින් තිබූ නිවී ගිය විදුලි පහන දැල්වූවා ය . ක්ෂණික ව දැල්වුණු ආලෝකයෙන් තම නිදන කාමරයේ ඇති පොත් රාක්කයත්, අනෙකුත් බඩුභාණ්ඩත් එලෙස ම ඇති බව දු ටු රශෝගේ මුවගට හීන් සිනාවක් ඇඳුණේ තමා මෙතෙක් වේලා දුටුවේ සිහි නයක් බව සැබෑවට ම පසක් වනවාත් ස මග ය.
ඔරලෝසුව දෙස බැලූ ඈ මේ ගෙවෙන්නේ පාන්දර පහේ කණිසම බව පසක් කරගත්තී ,නැවත වරක් දෑස් පියා ගත්තේ නිදි දෙව්දුවට සමු දීමට තවම වේලා සන වැඩි බව සිහියට නගමිනි.