(අ)හිමි සිහින
චන්දිමා ජීවන්ති
ඒ දුඹුරැ ඇස්,
සුභ පැතුම්.ඔයාට පුතෙකුයි දුවෙකුයි…පැයකට වැඩිකාලයක් තමන්ගේ අමිල වස්තුව මෙලොවට බිහිකරන්න වෙර දරපු ඒ තරුණ අම්මාට මං කිවුවා..මගේ ජීවිතයම දැන් මේ කිරි සුවදත් එක්ක.දැං මං වෛද්‍යවරියක්.ඉතින් ඒ සතුටින්ම තියටර් එකෙන් එලියට ආපු මම ඉබේම නැවතුනේ කලබලෙන් වගේ මගේ ලගට දුවන් ආපු පිරිමි රුවක් නිසා..අවුරුදු දහයක් ගියත් වියලි ගිම්හානය ගිලගනිපු කාලයේ වැලි තලාවට සැගව තිබුනු පුංචි ආදර පැලේ අංකුර තවම තියෙනවා යන්න මතක් කලේ ඒ දුඹුරු ඇස්.
එයා දුවෙක් වෙයිද, පුතෙක් වෙයිද?
(සිනාවක් පාමින්) කවුරු උනත් මොකද අපේනේ..ඔයා ආස කාටද? මට දෙන්නෙක් ඕන..කොල්ලාව ක්‍රිකට් ගහන්න යවමු කෙල්ලව ඩාන්සින් ක්ලාස් යවමු…
මේ නගරයේ උද්‍යානයක කෙලවර බංකුවකින් ඇහෙන අවුරුදු 18 ක යොවුන් වියේ පසුවන යුවලකගේ අනාගත සිහිනයක්. මම තමයි ඒ කතා නායිකාව. උසස් පෙල පටන් ගන්න විටම අහම්බෙන් මුණගැහුණ ඒ දුඹුරු ඇස් අයිතිකාරයා තමයි මුමුණමින් එහාපැත්තේ. මම කලේ ජීව විද්‍යාව, ඔහු ගණිත අංශයෙන් උසස් පෙල හැදැරුවා. මුණගැහෙන්න , කතා බහ කරන්න ඕනෑ තරම් අවස්තාව වෙලාව තිබුනා. හැමෝම අතරේ ප්‍රසිද්ධ උන ආදර කතාවක් මේක මොකද ආදරේ කරන ගමන් ඉගෙනත් ගත්තා.ඔහු තමයි ලොකුම හයිය උනේ හැමවේලාවෙම. අඩියෙන් අඩිය අපේ ආදරේ ඉස්සරහටම ගලාගෙන ගියා. ඍතු හතරක් තියෙනවා කියලා අමතකවුනු වසන්ත කාලය පමණක් මතකේ රැදුනු දලුලමින් සිටි පුංචි ආදර පැලැටියක් හිමින් හමින් කාෂ්ඨක ගිම්හානයකට ලං උනේ නොදැනීම. ඒ ලතාවට පැද්දෙන කිතුල් රෑන, කැකිරි පැලෙන සිනහව, සිහින් ඉගටිය මගේ අයිතිකාර දුඹුරැ ඇස් හෙමින් නතු කරගත්තා. මොනතරම් දේවල් ඉවසීමට හැකි උනත් මගේ ජීවියේම උන ඒ දුඹුරැ ඇස් මගෙන් එහාට යන එක දරාගන්න මං සූදානම් උනේ නෑ..මං රණ්ඩු කලා..ඒ ඇස් මගේ කරගන්න මට රණ්ඩු කරන්න සිද්ධ උනා. මල් වරුසා වැස්සවූ ආදර වචන ගල් බෝරලු වගේ රලු උනා..පිහිතුඩූ සිය දහසක් පපුව ඇතුලට කිදාබහිද්දීත් මං සටන් කලා.ඒත් අන්තිමට මං පැරදුනා..හන්තාන සිහින මල්ඵල ගැන්වූ ඔහුට යන්තම් සාමාර්ථ තුනක් තියෙන එක මාව අතාරින්න හේතුඵල උනා..අන්තිමට වෛද්‍යවරියක් වෙලා යන්න හීටීය රෝහලට ලෙඩෙක් විදියට මට සුමල් දිවාකර ….
ඒ ඔහුයි.ඇවිලෙන දුඹුරු ඇස් මතින් මා සමග එකට සිහින දුටු, නමුත් සිහින දකින අය සමගම එම සිහින මල්ඵල ගැන්විය යුතුනොවන බව මා හට පසක් කල ඔහු.ඒ දැන් මෙලාව එලිය දුටු කිරිකැටියන්ගේ පියාය.
ඔහුගේ ලෙයින් ඉපදුනු ඒ කිරි කැටියන් පලමු වරට අතට ගත්තේ මා නොවෙද?සිහින සැබෑ වනවාමය.දිනය සහ ආප සමග සිටින්නේ කවුද යන්න පමණක්. සදහනක් නොවන්නේය.
ඔන්න ක්‍රිකට් ගහන්නයි,ඩාන්සින් ක්ලාස් යවන්නයි දුවෙකුයි පුතෙකුයි දෙන්නක්ම ඉන්නවා යැයි පවසා මා එන්නට ආවෙමී.වික්ෂිප්තව මා යන දෙස බලා සිටින ඔහුගේ ඡායාව ඉදිරි පස තිබු කැඩපතින් දුටුවෙමී.