අමාරු දවසුත් ඉක්මනට ගෙවිලා යනවා
අමාශා වීරසිංහ
“මිහිරි… ලස්සනයි”
අන්තිමේට මම නගරෙට ආවා. දන්නවද මම ආසම වාහන වල සද්දෙට කියලා. ගොඩක් මිනිස්සුන්ට ඒක ඝෝෂාවක්ලු, හැබැයි මට නම් මේ ලොකේ තියෙන ලස්සනම හඩ ඒක කිව්වොත් විශ්වාස කරනවද? පිස්සුවක් නේද? මං දන්නවා මට පිස්සු ඒකනෙ කට්ටිය කියන විදියට ලස්සන ගහ කොළ වලින් වට උන ගම අත හැරලා මම නගරෙට ආවේ. මම ඉපදුනේ ගමක. චුටි කාලේ ඉදන් හැදුනේ වැඩුනේ ගමේ නිසාම මට ඒ ලස්සන ඇස් වල හුරු වෙන්න ඇති. ඉදලා හිටලා ගම මැදින් යන වාහන කියන්නෙ මගේ හිනේ උනා… ඔව් වෙන ලමයි වාහන එද්දි පාරෙන් අයින් උනත් මම පුරුදු උනේ පාරට දුවන්න. එහෙම දුවපු මට අම්මා කිව්වෙ දුවන්න එපා කියලා නෙමෙයි.
“ඔයාට ඒ වාහනයක නැගලා රවුමක් යන්න ඕනද මගේ දරුවෝ”
“ඔව්නේ පුතාට ආසයිනේ”
“හ්ම්ම්…. එහෙනම් මගේ පුතාට වෙනවා ගොඩක් හයියෙන් දුවන්න ඔයාට පුලුවන්ද එච්චර හයියෙන් දුවන්න ඔයා වැටෙයි තුවාල වෙයි මේ චුටි අත පය කැඩෙයි අම්මයි අප්පච්චියි ඔයා එක්ක දැන් හිටියත් කාලේ ගෙවෙද්දි අපිවත් ඔයාට නැති වෙයි ඉතින් මගේ දරුවෝ පුලුවන්ද තනියෙන් ඔයාට දුවන්න”
“මට පුලුවන්…. අම්මි, අප්පච්චි කිව්වනේ පුතා එක්ක හැමදාම ඉන්නො කියලා අනේ මාව දලා යන්න එපා”
“දලා යන්නෙ නැහැ… අම්මයි අප්පච්චි හැමදාම ඔයත් එක්ක ඉන්නවා”
එදා අම්මා මට පොරොන්දු වුනා මම දුවලා ඉවර වෙනකම් මාත් එක්ක ඉන්නවා කියලා. එයා ඒ පොරොන්දුව රැක්කා මගේ අම්මයි අප්පච්චියි මගේ හිනේ වෙනුවෙන් මාත් එක්කම ජීවත් උනා. ඇස් දාර අගට එකතු උන කදුලු කම්මුල් දිගේ පෙරිලා යන්න දුන්න මම එහාට්ට මෙහාට්ට යන වාහන වල සද්දෙට කන්දුන්නෙ ගොඩක් සතුටින්. පරේ යන මිනිස්සු මම දිහා බලනවා ඇති ඇයි ඉතින් අඩ අඩ හිනාවෙනවනේ.
හැමදාම එන අයිස්ක්රීම් කඩේකට ආව මම මගේ ආසම වැනිලා අයිස්ක්රීම් එක අරගත්තා. ඒකත් එතනිදිම කලා මම ඇවිදගෙන ගියේ මගේ ජීවිතේ මම ගොඩක්ම සතුටු උන එක දවසකට…. ඒ මගේ මහන්සියෙන් මම ගත්ත මගේ ජීප් එක ගාවට. මුලින්ම ජීප් එකේ නැගලා ගමට ගිය මාව පිලිගන්න අම්මයි අප්පච්චි පාර බලාගෙන හිටියා කියලා දන්නව නම් සත්තයි ඊට වඩා කලින් මම ගෙදර යනවා.
නගරේ ජීවිතේ හිතපු තරම් ලේසි උනේ නැහැ. අම්මගේ වචන වල හයිටම මම මගේ හිනේ පස්සෙන් දිව්වා මිසක් මුලින්ම මම වැටුන තප්පරේම මට හැරෙන්න හිතුනා. O/L යන්තම් පාස් වෙලා A/L වලට art කරලා එකෙනුත් C3 තියාගෙන නගරෙට ආව මට ලැබුනේ ලිපිකරු ජොබ් එකක්. එතනින් ලැබෙන පඩිය මදි නිසා මම අවුරුදු දෙකක් ඇතුලත ජොබ් 20ට වඩා මාරු කරා… දන්නවද මට අන්තිමේට ලැබුනේ ජොබ් එක මම හීනෙකින්වත් හිතුවේ නැති විකාරයක් කියලා. ඔව් ඒක තමයි, මගේ ඇග විකුණන්නයි මට සිද්ද උනේ. නැහැ මේ පාර වැටෙන්නත් කලින් මම එතනින් පැන්නා මට බැහැ ඒක කරන්න. පන්දර ස්ටැන්ඩ් එකට ආව මම අපේ ගමට යන බස් එකට නැග්ගෙ මං ගැනම දැනුන කල කිරිමෙන්. උදේ වෙනකම් බස් එක ඇද්දුවෙ නැහැ. වතුර බෝතලක් ගන්න කඩේට ගිය වේලවෙ ආව ටිකට් විකුණන මනුස්සයා මට කිව්වෙ දවසෙ පලවෙනි ටිකට් එක ගන්න කියලා.
“සොරි මාමේ මම මෙච්චර කාලේකට ටිකට් අරගෙන නැහැ… මගේ luck එකේ ලොකුත් නැති පොඩි නැති හිලක් තියෙනවා ඉතින් ඔයාගේ දවසත් අවුල් යයි මම නිසා”
“කමක් නැහැ දරුවෝ මේක ගන්න කතාවක් තියෙනවනේ අමාරු දවසුත් ඉක්මනට ගෙවිලා යනවා කියලා….”
“දෙන්නකො එහෙනම් ඔයා කියන නිසාම ඔන්න මම ගත්තා ඔයාගේ අමාරු දවසුත් ඉක්මනට ගෙවිලා යයි මාමේ යන්නම්”
එදා ඒ ටිකට් එක හරියට හීනයක් වගේ. වැල් වටාරම් ඔනේ නැහැනේ ඒකේ දිනුම මට ඇදුනා. වැරදිලා හරි එදා රැ මම මගේ හෘද සාක්ෂියට පිටු පලා මගේ ඇග අර මනුස්සයාට විකුණුවා නම් එහෙනම් අද මං කියලා මනුස්සයෙක් නැති වෙන්න තිබුනා.
“ඔයා මෙතනද මං හිතුවා අයිස්ක්රීම් එකක් කන්න එන්න ඇති කියලා… යමුද හෙට තමයි ඔයාගේ හිනේ හැබැ වෙන දවස… ඔයා මෙතන අයිස්ක්රීම් කනවා නැද්දයි මාමායි ඔයා එනකම් අතන ගෙදරට වෙලා බැන බැන ඉන්නවා අනේ අනේ මේ පොඩි ලමයනම්”
“දෙයක් කියන්නද…”
“මොකද්ද?”
“මං අදටත් දන්නෙ නැහැ ඔයාට මගේ ආදරේ දැනෙනවද කියලා ඒත් මං මීට කලින් මේ තරම් කාටවත් ආදරේ කරලා නැහැ… මට කිසිම දෙයක් නැති කාලේ මාත් එක්ක හිටිය මගේ අම්මා අප්පච්චිගෙන් පස්සෙ එකම කෙනා ඔයා… මට මේක කියන්න ඕන උනා මට සමාවෙන්න…. මං ඔයාට ආදරෙයි….”
“එන්න”
එයා මාව බදා ගත්තා ඒ කියන්න එයත් මට ආ….
“සමහර දේවල් තියෙනවා කොච්චර ඕන උනත් අපිට ලැබෙන්නෙ නැති. ඔයාගේ ගමන ඔයා යන්න ඕන ඒ ගමනට මං වගේ නිකමෙක් කියන්නෙ බාදවක්… අපි හැමදාම හොදම යාලුවෝ තේරුනාද ම්ම්ම්…”
දවසක් ගම මැදින් ගිය වාහනයක් පස්සෙ දිව්ව මම එදත් ඇදගෙන වැටුනා. එදා මගේ දිහාවට දික් උන වයසට වඩා මෝරපු ඒ අත දිගේ බලාගෙන ගියාම මම දැක්කෙ මං දිහා බලන් ඉන්න හිනාවකින් මූණ වහගත්ත රූපයක්.
“තනියෙන් දුවද්දි වැටෙනවා ඊලග පාර ඔයා ඒ වාහනේ තරමට දුවන්න හදන්න එපා ඔයාගේ වේගෙන් දුවන්න එතකොට කවදා හරි ඔයාට පුලුවන් වෙයි අර ඈතට නොපෙනි යන වාහනේ අල්ල ගන්න තේරුනාද පොඩි ලමයෝ”
“ලස්සනයි”
“මොකද්ද?”
“ඔයාගේ හිනාව”
“හහ්හා!…. ඔයා තමයි පලවෙනියා මගේ හිනාව ලස්සනයි කිව්ව. දැන් ඉතින් නැකිටින්න”
“ඔයාට ස්තුතියි… මගේ යාලුවෙක් වෙනවද? ලොකු ලමයෝ”
“මාව හම්බවුනෙත් අද එහෙම එක පාර යාලුවෝ වෙන්න පුලුවන්ද?”
“අම්මටයි අප්පච්චිටයි පස්සෙ මට අත දුන්න එකම කෙනා ඔයා ඒකයි ම….”
“අද ඉදන් ඔයා තමයි මගේ හොදම යාලුවා… ඔයාගෙත් හොදම යාලුවා මාව කරගන්නවා නේද? පොඩි ලමයෝ”
එදත් එයා මාව බදාගත්තෙ මගේ මූණට එයාගේ වගේ ලස්සන ලොකු හිනාවක් දිලා. මම මුලින්ම නගරෙට එන දවසේ එයාගේ ඇස් ලොවි ගෙඩි වගේ රතු වෙලා තිබුනා. ඒ එයාට නින්දෙ ගියේ නැති නිසාලු හැබැයි මම දන්නවා එයා රැ එලි වෙනකම් ඇඩුවා කියලා… ආච්චි අම්මා මට කිව්වා. හැබැයි එයා මුල්ම දවසෙ වගේම ලස්සනට හිනා වෙලා මට අත වැනුවා. “පරිස්සමින් ගිහින්” ඒ තොල් හෙල උන විදිය මට අදටත් මතකයි.
එයාගේ ආච්චි අම්මා නැති උන දවසේ මට බැරි උනා එයා ලගින් ඉන්න. මේ ලොකේ මට වගේ අම්මයි අප්පච්චි එයාට හිටියේ නැහැ. පවුල කියන බැදිම ඇතුලේ අච්චි අම්මා විතරයි එයාට හිටියේ. එදා එයා ලගට යන්න බැරි උනත් කාලෙකට පස්සෙ එයා මාව හොයන් ආවා. අපි දෙන්නම එකතු වෙලා ජොබ් කරා. අන්තිම ජොබ් එක මට හම්බවුනේ අහම්බෙන් අදටත් ඒක මගේ හිතේ වැලලුන රහසක් මං මැරෙන දවසක් වෙනකම් ඒක රහසක් වෙයි. මාව තුරුල් කරන් ඉන්න ඔයාටත් ඒක රහසක් වෙයි මගේ ලොකු ලමයෝ…