ÿria
I¾fïka weka;ks

නිතර දෙවෙලේ ඇසෙන වියැකෙන දාහක් සිනා හඩ මැද්දේ …

අහංකාර මුවගක ඉදහිට පිපෙන හසරැල්ලකට පමණක්

දසදහස්ගනනින් උන්මන්තක වෙමි … 

 

හැබැහින් හැමවිටම  මුණගැහෙන දහස්ගනන් රූවලට වඩා…

ඉදහිට සිහිනයෙන් පැමිණ වැලදගන්නා ඒ රුවට පමණක්

සිය දහස් ගනනින්  ආදරය කරමි…

 

ගව්ගානක දුරක ඉදලත් හදවත ලගින්ම තැනක් වෙන් කරලා දෙද්දි මටම පුදුම හිතුනා එහෙමත් මිනිස්සුන්ට ආදරේ කරන්නපුලුවන් ද කියල.ඒත්, හැමදාම හැමවෙලේම ලගපාතක කවුරු හිටියත්, කවුරු එක්ක හිනාවෙලා කතාකරලා හොදටම social වෙලා ඉන්න මං මගේ හදවතට දැනුනේ physically ලග නැති කෙනෙක්.

අපි දෙන්නගේ මේ වෙනස් ආදර කතාව ගලායන්නේ වැරදි කාලවකවනුවක. 2020 ජනවාරියේදි ලාවට වගෙ අනාවැකියක් ගියේ 3 වන ලෝක යුද්ධයක් පටන් ගනී කියල. එහෙම වුනොත් 2020 දෙසැම්බරයේ දි හමුවෙන්න ඉන්න අපිට එක බැරිවෙයිදෝ කියලයිඅපි හිතන් ඉදියේ.

ඒත් ලෝක යුද්ධයකටත් සමාන හෝ වඩා වෙනස් යුද්ධයක් මුලු ලෝකෙම පැතිරෙද්දි අපිට තේරුනා අපේ නැවත හමුවීම කල් යනබව. ඒත් අපි ට දැනුනා මේ ඉවසීම මත මේ බලාහිදීම මත අපිට අපි ගැනම හොදින් තේරුම් ගන්තා කියලා. දුක හිතෙන දෙයක්වුනොත්, ඒ ගැන නොකියා හෝ කියන්න හරි එවෙලෙට වෙනකාගෙවත් නෙවේ පොඩ්ඩක් එයාගේ කටහඩ ඇහුවම හොදටම ඇතිවුනා.

මොකක් හරි මරු සිද්ධියක් වුනොත් මුලින්ම වගේම කියන්න ඉවසිල්ලක් නැති වුනේ එයාට.

“මාර seen එකක් උනානේ..

“මොකක්ද?..”

එක කියලා එයගෙන් oppinion එකක් දුන්නත් නැත්තත්, ඒක එයාට රස කර කර කියද්දි තිබ්බ අගය ත්මා වැදගත් උනේ.

 

දවස් ගණන් අවුරුදු ගණන් දකින්නෙත් නැතුව අතින්වත් අල්ලන්නැතුව ඉදලත් ඒ විදියට එයා ගැන දැනෙද්දි තෙරෘනෙත් නෑ එයාදුර නේ ඉන්නේ කියල. ඒ මගේ හදවත ඇතුලින් එයාට වෙන්වුනු තැන. නිදාගනිද්දි ඇස් පියවෙන හැටි බලං ඉන්නෙක. සමහර දවස්වලට උදේ නැගිට්ට ගමන් කොණ්ඩේ අවුල් කරං මූණ චොප්පන්වෙලා ඇස් පොඩි කරන් හරි කතා කරා. අපි කොච්චර close ද. අපිට අපේ ඇත්තම ඇත්ත පෙනුමට ආදරේ කරන්නේ. ඇත්තම පුරුදු තමන්ට පුරුදුත් වෙලා. මොන වැඩේ කරත්, වෙලාව බැලුවත්එයා හිතේ ඉන්නවා දුර හිටියත්. පොඩි පොඩි රණ්ඩු වලි දාගත්තමත් මුකුත් කතා නොකර, දෙන්නට දෙන්න ඔරොවගෙන හරි phone screen එකේ මූන දිහා බලං ඉන්නයි ඕනේ වුනේ.

 

“මගේ නිදාගැනීම ගැන මන් නං හිතන්නේ දැන් ඔයා තරම් කවුරුත් දන්නේ නෑ කියලා”

ඒ කතාව ඇත්ත.  එයා නිදිකිරින හැටි දැකීම සාමන්‍ය දෙයක්.

මං අලුතින් ඇදුමක් ගත්තොත්,special dish එකක් හැදුවොත් එයාට කියන්න මං ආස වුනා. කොහෙහරි යන්න makeup එකදාද්දි එයට boring වුනත් එයා බලං ඉන්නවට මං කැමතියි.

 

“මේ ඔයා cutex මකන්නේ  කවද්ද දැන්”

Cutex බාගෙට මැකිලා ගැලවිල තියෙනව දැක්කොත් prefect වගේ අහන එක අනිත් දේ. එයා ආස nail colour එකෙ cutex ගෑවම.

අඩන්න ඔනේ වෙලවට උරහිසක් ඕනේම උනේ නෑ. මට එයා ලඟ ඉන්නම ඕනේ නෑ එයට ආදරය කරන්න. එයා මට ඉන්නවනේකියන සිතුවිල්ලට මං හුරු වුනා වගේම මට හොදටම ඇති වුනා ඒ දේ. උණුහුමක් ලග නැතිවත් එයාගේ existence එක මට ඇතිමගේ ඔලුවේ ප්‍රශ්නයක් තිබ්බොත් නැතිවෙන්න.

හැමවෙලාවකදිම මං දකින්න ආසම කෙනාත් වෙන්නේ එයා. අදටත් එයාව දකිද්දි කටකොනින් පෙම් හිනාවක් එන්නේ මුලින්මඑයාව දැක්ක දවස තරම් දැනුත් ඒ  ආදරය එයාට තියන නිසා වෙන්නොනේ. කාටත් වඩා එයාව දැක්කම පොඩි kick එකක් එනවාවගේ ඒක.

වැඩිය call වලට කැමති නැති මං කවදාවත් එයාගේ call එකක් එද්දි  “අපෝ call කරන්නේ ඇයි” කියල හිතිලම නෑ. Screen එකේ එයාගේ නම වැටුනත් අදටත් මට ඒක kick එකක්.

කොචර වුනත් මට එයා තරම් close කෙනෙක් නෑ. මට යාලුවෝ ගොඩාක් හිටියා වුනත් හිතලා බලද්දි එයා තමයි මගේ හොදම යාලුවත් වෙන්නේ. ඒම කිව්වම එයා ඒක පිලිගත්තේ නැත්තත් කොච්චරත් මගේ හදවතට දැනෙන්නේ එහෙමනේ.

මේ විදියට අපේ ආදරය ගලද්දි හදවත ඇතුලින් හැමදාමත් ප්‍රශ්න කෙරුනේ මේ මගුල් වසංගතය ඉවර වෙලා කවද අපිට අපිවමුණගැහෙන්න ලැබෙවිද කියලයි. එත් මේ කල්‍ යෑම කවදාවත් එය ගැන තියන ආදරය වැඩි කෙරුවා මිසක් අඩු කරන්න හේතුවක්වුනේ නෑ. මං හැම රෑකම නිදාගනිද්දිත් පහුවෙනිදා අවදි වෙද්දිත් හිතේ තිබුනේ එයාව නැවත දැකීමේ අහිංසක බලාපොරොත්තුවයි.

Long distance හිතන තරම් අමාරුත් නෑ,, හිතන තරම් ලේසිත් නෑ. මං හිතන විදියට වැදගත්ම දේඑකිනෙකාව හිතින් තනිනොකරන එකයි. එයා කවදාවත් මාව තනිකරේ නෑ.

ඉතිං අවුරුදු 3කටත් කිට්ටු වෙන්න දුරින් හිදන් ආදරය කරපු අපි දෙන්නා මේ අවුරුද්දෙදි මුණගැහෙන්න බලන් ඉන්නව. ඒ දවසහරිම ලස්සන දවසක් වෙවී. මතක් වෙද්දිත් හරි ආස හිතෙන, හරිම magical දවසක් වගේ. හිර කරං හිටිය කදුලු සතුටු කඳුලුවිදියට පිටවේවි..

 

නුඹ අවදිවනතුරු  බලා සිටියෙමි..

නුඹ නැවත පැමිනෙන තුරු  බලා සිටියෙමි..

එපාවීමක් නැතිවම..

විඩාවක් සිතට දැනෙන්නේ නැතිවම..

කාලය කෙතරම් අප අභිමුව පා වුවත්..

තැවෙන්නේ නැතිව.. කදුලු කැට සලන්නේ නැතිව..

තව තවත් මග බලාසිටිමි නුඹ එනතුරු..

සීත රැයවල්…  දවන දහවල් දරා සිට..

උපේක්ෂාවෙන් දෑස් දල්වා මා මග බලමි..

නුඹ පමණක් එනතුරු..

 

නුඹව පමණක් මා පතනා නිසා ..

නුඹව පමණක් මට ඕනෑ නිසා ..

 

මෙය මගේ සත්‍ය කතාවයි.  මම ඔහුගේ පැමිණීමට සූදානම් වෙමින් සිටිමි.

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp