wkaOldrfha ߧ f¾Ld
iq,laIs fka;%d ngqúg

”ඇතැමෙක්ට ඇත්තේ  ”වසංගත ආදරයකි ”, එනම් සිරුරට වැළදුනු ව්‍යාධියක් මෙන් තමාව අඩපණ කරමින් උදාසීන කරනා වර්ගයේය. ශරීරයේ ප්‍රතිශක්තීකරණයට හානි කරමින් සිරුර මන්දගාමි කරන්නේ කෙසේද එලෙසම මේ වසංගත ආදරයත් අනෙකාව තම පාලනයට නතු කරගනිමින් තම අණසක යටතේ තබාගැනිමට වෙර දරයි. එය නම්  ”වසංගත ආදරය” වේ. මේ වසංගත ආදරය නිවැරදිව තෝරාබේරා ගන්නට නම් පුදගල මනස ශක්තිමත්ව තිබිය යුතුය. වසංගත ආදරයකට හසු වූ අයෙකුට තමාටත් නොදැනීම තම නිදහස හා පාලනය තමා තුළින් ගිලිහී යනු ඇත. ”  

කියා තම ෆේස්බුක් පිටුවේ ලියමින් සිටි ලියවිල්ල මදකට නතර කළ නෙහාරා සිතුවේ තමා ඇත්තටම සිටින්නේ ආදර වසංගතයක් මැද නොවේද යන්නයි,  තම මිතුරු මිතුරියන් ප්‍රේමය විදින විදවන අයුරු, ඔවුන් විවාහයන් කරා යන අයුරු, දරුමල්ලන් මෙලොවට ගෙන එන අයුරු ඇය දකින්නට පටන් ගත්තේ දැනට අවුරුදු කිහිපයක සිටය, දිවියේ බොහෝ ඉලක්කයන් සපුරාගෙන සිටින නොබෝ කලකින් තිස්තුන් වැනි වියට පා තබන්නට සිටින ඇය කඩාවැටුණු  අතීත ප්‍රේමයකින් පසු තම ආත්මය සුවපත් කරගත් අතර ඉන්පසු තවත් ආත්මීය ස්පර්ෂයකින් යුත් ප්‍රේමයක දැවටෙමින්, නමුත් අත්පත් කරගෙන මුළු දිවිය පුරාවටම ළග තබාගැනීමට නොහැකි කොටින්ම කිවතොත් ‘හැපි ෆැමිලි ලයිෆ්’ එකක් ගතකිරිමට අසමත් බැ£මකින් සමුගෙන ජිවිතයේ ඉදිරියට ඇවිදන් යන්නියක වේ.

තම පළමු බිදුණු ප්‍රේමය ගැන දුකක් නැතිවුවද එමගින් ඇති වූ ආත්ම කම්පනය නිසාවෙන්ම ඇය වෙනත් ප්‍රේමයකට අවතීර්ණ වීමට සිටියේ බියෙනි, නමුත් ඇයට ආත්මයම ස්පර්ෂ කරන ප්‍රේමයක් ලැබුනේ අහම්බයෙනි. එකී වසර කිහිපය පුරාම ඉදිරි අනාගතය, විවාහය, දරුමල්ලන් ලැබීම් ආදි වූ දෑ වලින් තොරව ද අ‍යිති කර ළÕ තබාගැනීමේ හැÕsමකින් තොරව ද ඇය ඔහු සමග  ආදරණීයය වසර කිහිපයක් ගතකළ අයුරු මතක් වන සෑම අවස්ථාවකදීම ඇගේ සිත කිසිදු කළකිරිමකින් හෝ දුකකින් ස්පර්ෂ නොවුනු හුදෙක් සුවදායී හැÕsමකින් පිරී යයි.

පසුගිය වසර කිහිපය මුළුල්ලේම තම සමීපතමයින් ජිවිතයේ සහකරුවෙකු සහකාරියක සමගින් ඉදිරියට යන හැටි නිතර දෙවේලේ දකින ඇයට එකී සංසිද්දියට ගැලපෙනම නමක් ලෙස ලියවිල්ලේ නමට තෝරාගත්  මේ ආදර වසංගත සමය යන වචනය සිතට පහළ වුයේම කෝවිඩ් වසංගතය හමුවේ නිවසට වී සිටි කාලයේ ය. ඒ කොහොම වෙතත් සමහරක් ‘වසංගත ආදර’ පන්නයේ බැදීම් දකින නෙහාරා තම සිත හා දොඩමළු වෙමින් තමාටම මතක් කර දෙන්නේ එවන් ප්‍රේමයක් යැයි කියාගන්නා ව්‍යාධියක පැටලීමට වඩා තනිවම මේ ගෙවන ජීවිතය සිය දහස් වාරයක් හොදයි යනුවෙනි.

ඉදහිට දුරකථනයෙන් දොඩමළු වන අයිතියක් කීමට බැරි නමුත් ආත්මය ස්පර්ෂ කිරීමට සමත් එකී සහකරුවා හා ඇය කලාතුරකින් එකිනෙකා ගැන සොයා බලමින්, තමන් ලද ජය පරාජයන් ගැන අත්දැකීම් හුවමාරු කරගනිමින් තනිවම තම මාර්ග වල ඉදිරියට ඇවිදන් ගියද, අනෙකාට කුටුම්භගත දිවියක් ගත කිරිමට පවතින මානසික නොහැකියාවත්,ඔහුගේ විෂ සහිත අතීත සබදතාවලින් ඔහුට ලැබුණු මානසික කම්පනයත්, එකී තුවාල කැළැල් හමුවේ සාමාන්‍ය ලෙස පවුල් ජිවිතයක් ගත කරමින් ඇපකැප වී සිටින්නට ඇති නොහැකියාවත් නිසාම ඔවුන් දෙදෙනා ඔවුනොවුන්ගෙන් ඈත් කර තැබීමට දෛවය සමත් වී ඇත. තම ස්වයං වටිනාකම් ගැන බෙහෙවින්ම සිතන අයෙකු වීම නිසාවෙන්ම එකී බැ£මෙන් නෙහාරා අකමැත්තෙන් වුවද ඉවත් වූයේ, ඇයගේ වටිනාකම ඔහු ඉදිරියේ දියවී යාමට ඉඩ නොතබන බව කියමිනි. 

ඉන්පසුව පැමිණි ලොක්ඩවුන් කාලය තුළදී ඇයට තම ජිවිතය ගැන අලුතින් හිතන්නට කාලයත් නිදහසත් ලැබුනි. එහෙයින් ආදර වසංගත සමයන් කොතෙක් දිවියට පැමිණියද, වසංගත ආදරයක් කරා නම් යන්නේ නැතැයි යනුවෙන් ඇය ඇයටම සපථ කරගෙන සිටි අතර මේ ලොක්ඩවුන් කාලය තුළ දී එකී තීරණය තව තවත් ශක්තිමත් වූයේ තමාටම තම දිවිය ගැන, තම වටිනාකම් ගැන අලුත් කෝණයකින් බලන්නට ඉඩහසර හා කාලය ලැබුණු නිසාවෙනි.

තමාට ආදරය කිරිමට මේ කාලය තුළදි ඇය වැඩි වැඩියෙන් පෙළඹුනි. තම රැකියාව සමග කාර්‍යබහුල ජීවිතයක් උරුම ඇය තමා ආස කරන නමුත් බොහෝ කලකින් කිරිමට නොහැකිවුණු පොත් කියැවීම, චිත්‍රපටි නැරඹීම, වයලීන් වාදනය වැනි දේවල් රැසක්ම මේ කාලය තුළදී  කරන්නට විය. තමාගේ සතුට සොයාගත යුත්තේ තමන්ම‍ය යන්න ඇය තුළ කලක පටන් තිබූ අදහසක් විය. ඒ අනුව ක්‍රියා කරමින් ලොක්ඩවුන් කාලය තුළදි බෙහෙවින් ප්‍රචලිත වූ ගාස්තු රහිත වෙබ්අඩවි මගින් ඇය අතිශයින්ම ප්‍රිය කෙරූ ග්‍රීක ඉතිහාසය, රෝම ශිෂ්ඨාචාරය, ප්‍රංශ සාහිත්‍ය වැනි විශයයන් ගැන හැදෑ‍රිම් කිරිමටද නෙහාරා අවස්ථාව සලසා ගත්තාය. තම කාමරයට වී රසවත් කෑමක ‍රස බලන ගමන් පොතක් කියවීමටත්, සීතල දවසක උණු තේ එකක් සමග පැරණි ගීතයක් රසව්දිමින් පැරණි මතක අතර සැරිසරන්නටත් යහමින් කාලයක් ඇය උදා කරගත්තේ ලෝක වසංගතයක් වැනි තදබල නරක දෙයක් මැද වුවද යහපත් දෙයක පහස තම දිවියට ඇතුල් කරගත හැකි බවට පෙන්වා දෙමිනි. 

මෙතරම් කාලයකට ජිවිතයට නොලැබුනු අමුතුම ආකාරයේ ප්‍රහර්ෂයකින් ඇගේ සිත පිරිණි. වැළපෙන්නට හෝ දුක් වෙන්නට නම්  අමුතුවෙන්ම දෙයක් කල්පනා කළ යුතු තරමටම ඇගේ ආත්මය තැවුල්වලින් තොර ආත්මගත සතුටකින් පිරෙමින් තිබෙනු ඇයට දැනෙන්නට විය. කිසිදු අමිහිරි මතකයක් මනසට නොඑන තරමට තම මනස වර්ණ පිරුණු ලස්සන චිත්‍රයක් මෙන් වර්ණිත වී ඇතැයි මේ කාලය තුළදි ඇයට සිතෙන්නට විය. කවුරුන් කෙසේ අර්ථකතනය කළද තමාට අනුව නම් ජිවීතය විඳීම නම් මෙය යැයි ඇයට සිතෙන්නට විය, ඒත් සමගම ඇයට තවදුරටත් තමාටම ආදරය කිරිමට ශක්තියද ලැබිණි.

ඉඳින්, ප්‍රේමය යනු මෙයම නොවේදැයි ඇය සිතන්නට විය. ජිවීතයේදී තමාට ආදරය කිරිමට නොයෙකුත් දෑ ලැබේ, නොයෙකුත් පුද්ගලයන් හමුවේ. නමුත්, මේ සියල්ලටම ප්‍රථමයෙන්, තවත් මනුෂ්‍ය ප්‍රාණියෙකුට ප්‍රේම කිරීමට කලියෙන් තමා තමාටම ආදරය කළ යුතු නොවන්නේදැයි ඇයට වැටහෙන්නට විය. ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්ත්‍යයි යනුවෙන් නන්දා මාලනිය කියයි, නමුත් ඒ සියල්ලටම කලියෙන් තමා තමන්ටම කරනා ප්‍රේමය සද එළිය සේ පාරිශුද්ධ වියයුතු නොවේදැයි සිතමින් ඇය තම අතරමැද නවතා තිබූ ලියවිල්ල නැවතත් ලියන්නට පටන් ගත්තේ එයට මෙසේ ද එකතු කරමිනි.

”තම ජීවන ගමනට සහකරුවකු සහකාරියක සොයාගනිමින් , මියෙනා තුරු එකට සිටිමින් සාර්ථක පවුල් ජිවිතයක් ගතකිරීම හෝ නොකිරීම එකිනෙකාගේ කැමැත්ත වේ. එසේ අවශ්‍යතා කොතෙකුත් තිබුනද, අනෙක් අතට ප්‍රේමය නම් ඉතා රමණීය හැගීමක් වුවද, තමාටම ආදරය කිරීමට පටන්ගැන්ම ම මේ මිහිපිට ඇති තවත් සුන්දර හැගිමක් යැයි පැවසිය නොහැක්කේ කාටද? කොතරම් අය තමා වටේ සිටියද තමාගේ සතුට ගැන දන්නේ ද තමාගේ සතුට සොයාගත යුත්තේද තමා විසින්මය. 

එබැවින් ප්‍රේමයට තවත් පාර්ශවයක් සිටිය යුතුමද? තමාට ප්‍රේම කිරිමට නොහැකි තැනැත්තෙකු තවත් අයෙකුට ප්‍රේම කිරිමට ඉගෙන ගන්නේ කෙසේද? ඉඳින්, මේ වසංගත හා ලොක්ඩවුන් සමය තුළදි මිනිසුන්ට ලැබුන වටිනාම දේ නම් තමාටම ආදරය කිරිමට තරම් කාලයක් ලැබීම යැයි ඇය අවසානයේ ලියවිල්ල තුළ සටහන් කළේ, සීමා පවුරු නැති ආදරය තුළ, උස්මිටිකම් නැති ආදරය තුළ මුල්ගල වනුයේ තමා තමාටම කරන ආදරය යැයි ද අවසාන වශයෙන් එයටම එක් කරමිනි. 

Share on Facebook
Share on Twitter
Share on Whatsapp