ගෞරිගේ සිහිනය
තරුශි කාවින්ද්‍යා

“අම්මේ… අම්මේ…”

“මන් පොත ලිව්වා මරු අම්මේ මේ වතාවේ නම් නියමෙට අදහස් ටික ලියවුනා. කියවල බලන්නකෝ කොහොමද කියල”

“අනේ මරුනේ  මගේ දෝණිගේ මාස ගානක මහන්සිය එහෙනම් අපතේ  ගියේ නැ කොහොම හරි පොතක් ලිව්වනේ”

“රන්සිහින” අපිට මේ පොත මිනිස්සුන්ගේ අතට යවන ක්‍රමයක් තිබ්බනම් නේද පුතේ”.

“බලමුකෝ අම්මේ පොතක් පබ්ලිෂ් කරන එක එහෙම ලේසියෙන් කරන්න බෑනේ”

මම ලේඛිකාවක වෙනු දැකීම මවගේ පියාගේ මෙන්ම මගේද කුඩා කල පටන් තිබූ එකම සිහිනය විය.කුඩා කාලයේදී මවගේ කවි, කතන්දර ඇසීම මා වඩාත් ප්‍රිය කරන්නකි. පසුකාලීන මගේම නිර්මාණයක් කිරීමට මා වඩාත් ප්‍රිය කර ද එය ඉතාමත් අසීරු මෙන්ම බැරෑරුම් කාර්යයක් විය

කුඩා කාලයේ සිටම මා විවිධ ක්‍රම මගින් නිර්මාණ ඉදිරිපත් කිරීමට උත්සාහ ගන්නා ලදී එහි ප්‍රතිඵලයක් ලෙස ළමා පත්තරවල රචනා පිටුවේ දෙතුන් පාරක්ම මාගේ රචනා පළ කොට තිබුණි.මෙලෙස ක්‍රමයෙන් ලේඛිකාවකින් වීමේ ආසාව මාත් සමඟම වර්ධනය විය. පාසල් මට්ටමින් මා විවිධ ලිපි ලිවීමේ තරග වලින්ද ජයග්‍රහණය කර තිබේ

දිනක් අප පාසලේ සාහිත්‍ය දිනයට සමගාමීව පැවැත්වූ  උත්සවයකට ප්‍රවීණ ලේඛකයෙක් වන ලක්සද පුවත්පතේ ප්‍රධාන කතෘ නන්දසිරි මහතා ද සහභාගී වී සිටිනු දැකීම මාගේ සිතෙහි සතුට වැඩි කරන්නට හේතු විය. එතුමාගේ දේශනය ආරම්භ කිරීමත් සමඟ මා ඉතා උනන්දුවෙන් එයට සවන් දුනෙමි.දේශනය අවසානයේ එතුමා සඳහන් කලේ සාහිත්‍ය දිනය තේමා කර ගනිමින් කෙටි නිර්මාණ කිහිපයක් මේ මොහොතේ ඉදිරිපත් කරන ලෙසත් එම නිර්මාණ අතුරින් කිහිපයක් මේ මස පත්තරයේ පළ කරන බවත්ය. ලක්සඳ වැනි ජනප්‍රිය ප්‍රසිද්ධ පුවත්පතක අපගේ නිර්මාණ පළවන බව ඇසීමම සතුටට කරුණකි. යුහුසුළුව ක්‍රියාත්මක වූ මා ඇතුළු මාගේ මිතුරන් දෙදෙනා නිර්මාණ තුනක් එදින ඉදිරිපත් කළේය.

මගේ නිර්මාණය තේමාව වූයේ “අභාවයට යන හෙළයේ සාහිත්‍යයේ නැවත නඟා සිටුවමු” යන්නයි. මේ නිර්මාණය පිළිබඳ නන්දසිරි මහතා වැඩසටහන අවසන් කරන විටදී බොහෝ ප්‍රශංසාත්මකව කතා කළේය.

“මේක ගොඩක් හොඳ නිර්මාණයක් පුතේ ඔයාට හොඳ දුර ගමනක් යන්න පුළුවන්. හැබැයි පුතේ නිර්මාණයක් කරනකොට සිද්ධියක් දිහා විවිධ කෝණ වලින් බලන්න පුරුදු වෙන්න එතකොට සාර්ථක නිර්මාණයක් ඔයාට ඉදිරිපත්කරන්න පුළුවන්”

ඔහුගේ උපදෙස් මා පිළිගත්තේ ඉතාමත් සතුටින් හා ආඩම්බරයෙන් පාසල් දැරියක ලෙස මෙවන් ප්‍රවීණ ලේඛකයෙක්ගෙන් ප්‍රශංසා ලැබීම මා ලැබූ මහඟු භාග්‍යයක් විය.

“සර් මම වැරදි හදල තව සාහිත්‍ය නිර්මාණ කරල එවන්නද සර්ට බලල එවන්න පුළුවන්ද?”

“හරි පුතේ ඔයා එවන්නකෝ මට පුළුවන් වෙලාවට මම බලන්නම්කො” ඔහු කීවේ මගේ සිත තුළ ලේඛකාවක වීමට තිබූ උත්සාහය දැක දිරිමත් කරන්නක් මෙන්ය.

එදින ගෙදර දිව ගිය මා සාහිත්‍යයේ වටිනාකම සම්බන්ධයෙන් ලිපියක් ලිවීමට පටන් ගත්තේ පිස්සුවෙන් මෙනි

“මොකද ළමයා මේ කෑම කන්නැත්තේ පුදුම හදිසියානේ මේ ළමයට අද තියෙන්නේ කියමින් මවද මාඅසලින් ඉඳගත්තේය.”

“අම්මේ මේ අහන්නකො අද අර ලක්සද පත්තරේ ප්‍රධාන කතෘ නන්දසිරි සර් අපේ ඉස්කෝලෙට ආවනේ”

“ආ අර නවකතා නිසිදෑස් ලියන නදසිරි මහත්තය නේද ඔය”

 “ඔව් ඔව් අම්මා කියවල තියෙද සර්ගේ ලිපි”

“ඔව් මං කියවල තියෙනො ගොඩක් කාලීන වැදගත් ලිපි තමයි එතුම ලියන්නේ”

“ඉතින් ඉතින්”

“සර් ඇවිත් අපිට සාහිත්‍ය නිර්මාණ කිහිපයක් ඉදිරිපත් කරන්න කිව්වා ඊට පස්සේ වැඩසටහන අන්තිමේ මගේ ලිපිය ගැන බොහොම ප්‍රශංසනාත්මකව සර් කතා කළානේ.”

“අනේ හොඳයි නේ දෝණි. ඉතින් මොකක්ද ඔයා දැන් ඔය කරන්නේ.”

“සර් කිව්වා මට තව ලිපි ලියල එවන්න කියලා. මං මේ තව ලිපියක් ලියනෝ.”

“හරි එහෙනම් ඔයා ඔක ලියන්නකො  මං කෑම එක අරන් එන්නම්”. යැයි අම්මා පැවසුවේ මගේ වඩේ තවත් දිරිමත් කරන්නාක් මෙනි.

ටික දිනකින් පිළිතුරු ලිපියක් වෙනුවට ලැබුණේ වඩාත් ආශ්චර්යමත් දෙයකි. මගේ ලිපිය පත්තරේ මුල් පිටු අතර පළ වී තිබුණි. මේ මාගේ සිත අමන්දානන්දයට පත් කරන සිදුවීමක් විය මා සාමාන්‍ය පෙළ විශිෂ්ට ලෙස සමත් වූ දිනයේ සිත තුළ ඇති වූ අසීමිත සතුටට සමාන සතුටක් අද මා තුළ ඇති වූනෙමි.

පසුදින පාසලට ගිය විටද මිතුරන්ගේ සුබ පැතුම් වලින්ද ඉවරයක් නැති විය.

“ගෞරි උඹ ලකී කෙල්ලෙක් බන් ලක්සද එකේ මුල් පිටුවේ උඹේ තව ලිපියක් ඊයේ පලවෙලා තිබුණා නේද” මා වෙලඳගත් මදුරි සුව පැතුම් එක් කළේය.

මෙලෙස දින සති ගෙවී යාමත් සමග මා උසස් පෙළ විභාගයටද සාර්ථක මුහුණ දුන් අතර දින කිහිපයකට පසු ජංගම දුරකථනයට පැමිණි  ඇමතුමක් මා වඩාත් පුදුමයට පත් කළේය.

“ආයුබෝවන් ! මේ කතා කරන්නේ ගෞරි සේනානායකද”

“ඔව්”

“අපි ලක්සද පුවත්පතෙන් කතා කරන්නේ”

“ඔහු මිස් කියන්න”

“අපේ ආයතනය තීරණය කරලා තියෙනවා මිස්ව  අපේ ආයතෙනෙට බදව ගන්න මිස් කැමතිද?”

“ඔහු මම කැමතියි”.මා එකවරම පිළිතුරු ලබා ලබාදුනිමි.මට මේ මොහොතේ කිව යුත්තේ කුමක්දැයි සිතාගත නොහැකි විය. මා ප්‍රීතියෙන් උඩපැන්නේය.

“අම්මේ …තාත්තේ…මෙහෙ එන්නකෝ”

“මොකද? මොකද? ළමයෝ මේ හදිස්සිය”

“අම්මේ මම පුංචි ලේඛිකාවක් වෙන්නයි යන්නේ”.

“මොකක් පුංචි ලේඛිකාවක් තාත්තා සිනා සෙනෙමින් ඇසුවේය.”

“ලක්සඳ පුවත්පත් ආයතනයෙන් කතා කරේ  එයාලා මට පත්තරේ ලේඛිකාවක් විදියට කටයුතු කරන්න එන්නලු.”

“මොකක්” මවට හා පියාටද මෙය අදහා ගැනීමට නොහැකි ආරංචියක් විය.

“ඉතින් ඔයා යනවද දැන්”

“ඔව් අම්මෙ මං යනො මන් කොහොම හරි මගේම නවකතාව පබ්ලිශ් කරලම තමා නවතින්නේ”

“මගේ දුවට තුණුරුවන්ගේම පිහිටයි!” අම්මා හා තාත්තා කිව්වේය.

ලක්සඳ පත්තරේ වැඩට යාමත් සමඟ දිනපතා මගේ නමින් සාහිත්‍ය ලිපි මෙන්ම කෙටිකතා, නිසදැස් ,කවිද පළ විය. මගේ සාහිත්‍ය නිර්මාණවලට ප්‍රිය කරන ඇතමුන් මා හට ඇමතුම් ලබා දී කතාකරන සුබපතන අවස්ථාද බොහෝ ය.  දැන් ගෞරී සේනානායක යනු බොහෝ දෙනෙකු අදුරන පුංචි ලේඛිකාවක ගමන් මගේ මුල් පියවර තබා  අවසන්‍ ය.

එළඹෙන සැප්තැම්බරයේ සාහිත්‍ය මාසයට සමගාමීව මා මගේ මුල්ම නවකතා වන “රන් සිහින” නවකතාව දොරටවැඩීමට නියමිතය මෙය මාගේ මෙන්න මාගේ මවගේත් පියාගේත් මා කුඩා කළ පටන් තිබූ එකම සිහිනය විය. මෙම නවකතාව මගේ ලේඛිකාවක් වන ගමන් මගේ හැරුව්ම් ලක්ෂය වනු නොවනුමානය.

READ THE
NEXT STORY > >