සරසවි සිහිනය
අචිනි නෙත්සරණි
“මයුමී”
“ඕ මේ එනෝ”
“ලැස්තිද කෙල්ල ඔයා”
“ඔව් මේ මං අයියට කතා කරන්න හැදුවේ”
“එයා එනව නේද ආවම කතා කරන්න බැරිද”
“බෑනේ ඒ කටහඩ අහන්නේ නතුව මට ඉන්න බෑ දුලා”
“හරි හරි එහෙනම් කතා කරලා එන්නකෝ මං එලියෙන් ඉන්නම්”
“හරී මට විනාඩි 5ක් දෙන්න සුදූ”
“අනේ මේ ඔය බටර් තියාගෙන ඉක්මනට එන්න”
ඇය නමින් මයුමි කල්පනා මේ ඇයගේ උපාධි ප්‍රදන උත්සවය දවසයි..ඇයගේ ජිවිතේ ඇයට විශේෂ අය ඉන්නේ 3න් දෙනයි..එක්කෙනෙක් එයාගේ අත්තම්මා..අනිත් කෙනා දුලා..ඒ වගේම මේ ජිවිතේ එයාගේ හෙවනැල්ලක් වගේ හිටිය එයාගෙම පෙම්වතා ඔහු නමින් අකාශ් සතරසිංහ විය.
“ට්‍රීං ට්‍රීං ට්‍රීං”
“හෙලෝ මැණික”
“හෙලෝ අයියේ”
“මැණික ලෑස්තිවෙලා ඉවරද”
“ඔව් මගේ අයියේ”
“මැණික ඔයා අඩනවද”
“හ්ම්”
“මොකද ලමයෝ අද වගේ හොද දවසක ඔහොම අඩන්නේ”
“නෑ මේ සතුටු කදුලු අයියේ”
“සතුටට වත් ඔය ඇහැට කදුලු එනවට මං කැමති නෑ කියලා ඔයා දන්නවා නේද? “
“හ්ම්..මට මේ හැමදේම ලැබුනේ ඔයලා නිසයි අයියේ මගේ අත්තම්මා දුලා ඔයා නොහිටින්න මං අද කොහේ ඉදිද”
“හරි හරි මැණික දැන් ඕවා හිතන්න එපා..කෙල්ලගේ මූණ රතුවෙලා ඇති දැන් මට බලන්න ඕනේ ඔයාව”
“අනේ පිස්සා මං මෙච්චර සීරියස් දෙයක් කියනවා එයාට විහිලු..මං තියනවා දැන් දුලා එයි නැත්තං”
“හරි මැණික මාත් එනවා තව ටිකකින්”
“හා අයියේ පරිස්සමින් එන්න බුදුසරණයි ඔයාට”
“ඔයත් පරිස්සමින් මැණික”
මයුමි දුරකතනය විසන්දි කර අසල ඇති කණ්ණාඩියෙන් ඇගේ රුව දෙස බලන්නට විය..
“මං අද මෙතන ඉන්නේ මගේ අත්තමා නිසා” ඇය අසල ඇති මවගේ සහ පියාගේ පින්තූරය අතට ගෙන එය අතගාන්නට විය..
“අම්මා අප්පච්චී ඔයාලා මං දිහා බලාගෙන නේද ඉන්නේ පේනවද අද ඔයාලගේ දෝණි ජීවිතේ දින්නා” ඇය අඩමින් සිටියි ඇයගේ අත්තම්මා පැමිණේ..
“දෝණි”
“අත්තම්මා”
“මොකද මැණිකේ මේ ඇස් වල කදුලු”
“මට අම්මයි අප්පච්චි මතක් උනා අත්තම්මේ”
“අනේ මැණිකේ උන් දෙන්නම අපිව දාලා ගියේ අපේ කරුමෙට උඹගේ තාත්තා එදා ලොරියකට යට නොවුනම් අද උඹේ අම්මත් ඉන්නවා තාත්තත් ඉන්නවා මැණිකේ උඹගේ අනාගතේ හදන්න කියලා හිතං අම්මා මේ රටින් යන්න ගියේ අන්තිමට අපේ කරුමෙට ඒකිටත් මේ ලෝකෙන්ම යන්න උනා”
“හ්ම් මට මතකයි අත්තම්මේ ඒ මූසල දවස”
අතීතෙට..⌚⌚⌚
“අම්මා යන්න එපා ඔයා මට බෑ ඔයා නැතුව ඉන්න”
“අහන්නකෝ මගේ දුවේ මං ඔයා වෙනුවෙන් මේ හැමදේම කරන්නේ මට දහයක් නෑනේ ඔයා විතරනේ ඉන්නේ අප්පච්චිත් අපිව දාලා ගියානේ දූ ඔයාට හොද අනාගතයක් හදන එක එයාගෙත් බලාපොරොත්තුව ඉතිං මං මේ ගමන යන්නම ඕනේ දූ අප්පච්චි වෙනුවෙන්”
“අනේ අම්මා..මට බෑ ඔයා නැතුව ඉන්න”
“මගේ දූ මෙහෙ එන්නකෝ ම්මේ අහන්නකෝ මං හැමදාටම යන ගමනක් නෙවෙයිනේ මේක ඉක්මණින් එනවනේ දූ දන්නවනේ මේ හැමදේම කරන්නේ දුවගේ අනාගතේ නිසා කියලා මගේ හොද දූ වගේ අත්තම්මව බලාගෙන ඉන්න..මං ඉක්මණින් එන්නම්..”
ඇගේ මව සමුදී පිටව යනතෙක් අඩමින් බලාසිටි මයුමී ඇයගේ මිත්තනියව රැගෙන එතනින් පිටව ගියේ ඒ පුංචි හිතට දරන්න බැරි තරම් දුකක් හිතේ පුරවගෙනයි.ඒ මයුමි ඇයගේ මව දුටු අවසන් අවස්ථාවයි..නැවත ඇයට මව දකින්නටවත් වාසනවක් තිබුනේ නැත.දින කිහිපයක් ගතවෙද්දි මයුමිගේ දුක තුනී වී ඇත ඇය නිතර තම මවට අමතයි..ඇය ගියේ යුද්ධ කාලයේ නිසා නිව්ස් බලන හැම විටම මයුමිට සිහි වන්නේ තම මවයි
එකවරම ප්රවෘත්ති දුටු මයුමි හට කතා කරගත නොහැකි විය..හදිස්සියේ ඇති වූ පිපිරුමක් නිසාවෙන් බොහෝ පුද්ගලයන් ජීවිතක්ෂයට පත් වී ඇති බවත් ඒ අතර අප රටේ අය සිටිබවත් විස්තර තවදුරටත් බැලීමේදී ඒ මිය ගිය අය අතර මව සිටින බව ඇය දැන ගනී..මයුමී බිම පෙරලෙමින් විලාප තියන්නට විය ඇයගේ හඩ ඇසී අත්තම්මා පැමිණේ
“මොකද මැණිකේ මේ”
“අනේ අත්තම්මේ”
“නාඩා කියන්නකෝ මොකද උනේ”
“අනේ මගේ අම්මා”
“නැවත හඩන්නට විය”
“ඇයි දරුවෝ මාව බය නොකර කියන්නකෝ මොකද උනේ කියලා “
“අනේ එයා අපිව දාලා ගියා”
“මොක්කද අනේ මගේ දරුවා”
අත්තම්ම සිහිසුන් විය..
“අනේ අත්තම්මේ නැගිටින්නකෝ..මට දැන් ඔයා විතරයි ඉන්නේ මාව දාලා යන්න එපා නැගිටින්නකෝ” මයුමි කුස්සියට දිව ගොස් වතුර එකක් ගෙන මිත්තනියගේ මුහුණට ඉසින්නට විය..
අත්තම්මා සෙමෙන් දෑස් හැර බලයි..මයුමි අත්තම්මාව බදාගෙන හඩන්නට විය..
“අනේ අත්තම්මේ ඔයා නම් මාව දාලා යන්න එපා..”
“අනේ මගේ මැණිකේ මේක අපේ කරුමේ අහිංසකයෝ දෙන්නාට මොක්කද මේ උන අපරාදේ”
මොවුන්ගේ මේ ශබ්දය ඇසී මයුමිගේ නැන්දා පැමිණේ
“මොකද අම්මේ මේ සද්දේ”
“අනේ මගේ දුවේ අපේ කෙල්ල අපිව දාලා ගියා”
“දෙයියනේ”
නිවස එකම සොහොන් බිමක් සේ මයුමිට දැනෙන්නට විය ඇයට වයස 16 ලැබූවා පමණි..
“දෙවියනේ දැන් කොහොමද මං මේ අහිංසක කෙල්ලව බලාගන්නේ මේ නාකි මං කොහොමද මගේ මේ කෙල්ලට උගන්නන්නේ”
“අනේ අත්තම්මේ මගේ අම්මා මට හිටියේ එයා විතරනේ අන්තිමට එයත් මාව දාලා ගියා”
“මං කොහොමද මැණිකේ එයාලා නැති අඩුව පුරවන්නේ”
“ඇයි අම්මා ඔහොම කියන්නේ මං ආදරේ නැද්ද මගේ කෙල්ලට..මගේ මල්ලිගේ එකම දරුවට මට සලකන්න බැරිද”
“මෙහෙ වරෙන් මගේ කෙල්ලේ උඹ හොදට ඉගෙන ගනින්”
මෙසේ කිහිප දිනක් ගත විය..මයුමි පාසල් වැඩකටයිතු හොදින් කරමින් අත්තම්මාවද බලාගෙන සිටියි..මැයගේ නැන්දා මුල් කාලයේ බොරුවට මැයට සලකන බව පවසා ඇයට පාසලෙන් ලැබුන මුදල් පවා ලබාගන්නට විය දිනක් එය අත්තම්මාගේ අතටම එය අසු විය..
“නිලා”
“ඇයි අම්මා”
“කෝ දෝණිට මෙච්චර කල් ඉස්කෝලෙන් දුන්න සල්ලී”
“මොන සල්ලිද අම්මා..මං දන්නේ නෑ කෙල්ලට පොත් අරන් දුන්නෙත් සිරිල්ගෙ සල්ලිවලින්”
“ඇයි බං උඹ බොරු කියලා අර අහිංසකීගේ සල්ලි ගසා කන්නේ අම්මා අප්පා නැතුව හැදෙන එකී බං ඒ මොනා උනත් ඒකිගේ වාසනාවට ඉස්කෝලේ මහත්තයා ඒකිට ආදරෙයි ඒකයි ඔය සල්ලි දෙන්න යෝජනා කරන් තියෙන්නේ”
“අනේ මේ අම්මේ අම්මට ලොකු මේකි විතරනේ මගේ උන් දෙන්නා ගැන නිකමටවත් බලනවද අම්මා”
“උන් ගැන මං මොකද බං බැලුවේ නැත්තේ උඹ ලෙඩ වෙලා හිටි දවස් වල මායි පොඩි එකියි තමා උන් දෙන්නව බලාගත්තේ..උඹට කෙලෙහෙ ගුණයක් නෑ දීපං හොද හිතිං අර කෙල්ලගෙ සල්ලි ටික”
“මොන සල්ලියක් ගැනැද අම්මා මේ කියවන්නේ මට නම් තේරෙන්නේ නෑ”
“මේ ලියුමක් මට එවලා තියෙන්නේ උඹට සල්ලි බාර දුන්නා කියලා..තවත් මට බොරු නොකර දීපං ඒ සල්ලී”
“ආ ගන්න තියාගන්න..මේවා මේ මං ගත්තේ මට කරගන්න නෙවෙයි ඒකිටම දෙන්න තමා..ආයේ නම් මං මේ ගෙදර පස් පාගන්නේ නෑ මං යනවා යන්න”
“පලයං ඉතිං උඹ වගේ දරුවෝ මට එපා කොහොමත් උඹ මගේ කොල්ලා ඉන්න කාලේ ඉදන් උගේ සල්ලී හූරන් කෑවා..අන්තිමට ඌ නැති උනාට පස්සේ අර ගෑනිගෙන් සල්ලී ගත්තා දැන් මේ අහිංසකීට හම්බෙන ගානත් ගන්නද යන්නේ”
“ඔව් ඉතිං අම්මටත් කොහොමත් ලොකු මල්ලිවනේ”
“උඹ ඕනේ එකක් හිතාගනිං”
මයුමිගේ නැන්දා නැවත කිසිම දිනක එම නිවසට පැමිණියේ නැත..මයුමිගේ වාසනාවට ඇයට හිටි ඇයගේ හොදම මිතුරිය ඇයට සෑම දේකදිම උදව් කරයි..
“දුලා..”
“ඇයි මයූ”
“අපේ නැන්දා තමා ඉස්කෝලෙන් දෙන සල්ලි අරන් තියෙන්නේ”
“අනේ එහෙමද”
“ඔව් හලෝ අත්තම්මා බැනලා එලවගෙන සල්ලි ටිකත් අරන්”
“හොද වැඩේ මයූ මොන තරම් පව් වැඩක්ද එයා කලේ එයා හොදටම දන්නවානේ ඔයාට වෙන පිහිටක් නෑ කියලා”
“හ්ම් ඒක තමයි මයූ අත්තම්මා පව් මට එයාව සතුටු කරන්න නම් හොද තැනකට එන්නම් වෙනවා”
“ඔයාට ඒ දේ පුලුවන් මයූ මං ඉන්නවනේ ඔයත් එක්ක”
“මං දන්නවා දුලා ඔයා ඉන්නවා කියලා මාත් එක්ක ඔයාට පිං මට මේ කරන උදව් වලට”
“එහෙම තමයි හොද යාලුවෝ..මට ඔයා ගණං ටික ගොඩදාලා දීපු එකම ඇති මයූ මායි හරි නම් ඔයට පිං දෙන්න ඕනේ”
“හරි හරි දැන් අපි කමු”
මෙසේ පාසලේ සිටින විට මයුමිට වඩා අවුරුද්දක් වැඩිමල් කොල්ලෙක් නිතර මයුමි හට බැල්ම හෙලයි..එය මයුමි දැන සිටියත් ඇය එය නොදැනුනා සේ සිටියි.
“මේ මයුමී”
“මොකද”
“මං මේ කියන්නමයි හිටියේ දැන් ටික දවසක් ඉදන් අර ආර්ට් ක්ලාස් එකේ ආකාශ් අයියා ඔයා දිහා බලනවා මං දැක්කා ඔයාට හිතෙන්නේ නැද්ද එයා පස්සෙන් එනවා කියලා”
“මටත් ඕක තේරුනා දුලා ඒත් මං ගනං ගත්තේ නෑ මට ඕවට පැටලෙන්න බෑ දුලා”
“හ්ම් ඔයා හරි මයූ අපි කොහොම හරි ඕලෙවල් හොද රිසාල්ට් එකක් දාන්න ඕනේ එතකොට තමයි අපිට ඒලෙවල් වලට හොද ස්කෝලෙකට යන්න පුලුවන් වෙන්නේ”
“හ්ම් ඔව් දුලා අපි ඒදේ කොහොම හරි කරමු”
“අනිවරෙන් මනූ මං ඒ දේ කරනවාමයි”
මේ අතර ආකාශ් මයුමී දෙස බලාගෙන සිටියි මෙතනට ආකාශ්ගේ යහලුවෙක් පැමිණේ
“ආකාශ් අදත් උඹ අනිමිස ලෝචන පූජාව කරනවද මයුමි දිහා බලාගෙන”
“ආ නෑ බං එයාගෙ පුදුම අහිංසක පාටක් තියෙන්නෙ තිමිර”
“ඉතිං උඹගේ කල්පනාව හැමදාම ඔහොම ඒකි දිහා බලන් ඉන්නද? “
“නෑ බං එයාට තියෙන ප්‍රශ්න උඹ නොදන්නවා නෙවෙයිනේ එහෙම කෙල්ලෙක්ට බලපෑමක් කරන එක පව් බං”
“ඒක කොහොමද බං බලපෑමක් වෙන්නේ උඹමේ හොද ස්කෝලෙකට යන්න පුලුවන් වෙලත් ඒ නොගිහින් මෙහෙට වෙලා ඉන්නේ ඒකිට ආදරේ නිසානේ බං ඒක කියන එක කොහොමද බලපෑමක් වෙන්නේ..අනික ඒකි ඉන්නේ තව ටික දවසයි ඕලෙවල් කරලා ඉවර උන ගමන් යයි වෙන එකක්ට උඹට හුලං තමා එතකොට”
“නෑ බං එහෙම වෙන් නෑ”
“උඹ කොහොමද එහෙම කියන්නේ”
“මට දැනෙනවා බං එයත් මට කැමති කියලා ඒත් එයා ඒක හංගන්න හදනවා”
“අනේ මංදා බං උඹට මොකක් වෙලාද කියලා වරෙන් යන්න පංතියට”
“උඹ පලයං මං එන්නම්”
ආකාශ් මයුමි දෙසම බලා සිටින විට මයුමි හට අමුත්තක් දැනෙ..
“මොකද මේ ආකාශ් අයිය මෙහෙම බලන් ඉන්නේ මටත් එයා දිහාම බලන්න හිතෙනවා..එයා මේ මොකක්ද මට කරන්න යන්නේ”
“මයූ”
“ආ කොහෙද අතරමං උනේ”
“නෑ දුලා කොහෙවත් නෑ”
දුලා ආකාශ්ව දකී
“ආ දැන්නේ තේරුනේ මෙයා අතරමං වෙලා තියෙන්නේ ආකාශ් අයියගේ ඇස් අස්සේ”
“අනේ මේ ඉන්න නිකං”
“හරි හරි මං ඉන්නම්කෝ
ආකාශ් මයුමි දෙස බලා සිතන්නට විය.
“මං දන්නවා මැණික ඔය හිත මං ලග නතර වෙලා කියලා..මටත් හිතාගන්න බෑ මගේ මේ හිත කොහොමද ඔයා ලග නතර උනේ කියලා මං පොරොන්දු වෙනවා මගේ මේ ආදරේ ඔයාගේ හීන වලට බාධාවක් වෙන්න දෙන්නේ නෑ කියලා මං ඈතිං ඉදං ඔයාට ආදරේ කරන්නම් ඔයා මගේම වෙනකං”
ආකාශ් එතනිං පිටව යයි.
මයුමි නැවත් බලන විට ආකාශ් එතන නැත
“කොහෙට ගියේ ඒ පාර ඇයි මං ආකාශ් අයියව දකින්න කැමති..මට හිතාගන්න බෑ මේක”
පාසල් අවසන් වී මයුමි නිවසට යනවිට ඇයගේ අත්තම්මා දර කපා පලා මිටි බැද ඇති ආකාරය දකී
“අත්තම්මා ඇයි මේ”
ආ මං මේ දර මිටි ටිකක් බැන්දා කඩේට දාන්න කියලා මේවා නිකං දිරලා යන එකේ මේකෙන් වැඩක් ගන්න එක “හොදයිනේ”
“අනේ අත්තම්මා මං නිසා ගොඩක් දුක් විදිනවා මට සමාවෙන්න”
“නෑ මැනිකේ මේවා මට පුරුදුයි..නාඩා ඉන්න මගේ දෝනි”
“එත් මට දුකයිනේ”
පසු දින උදේම අවදි උන මයුමි උදෑසන ආහාරද සකසා දර මිටි ටිකද බැද පාසල් යාමට සූදානම් විය..ඇයගේ මිත්තනිය මේ වෙනතෙක්ම ඇහැරී නැති නිසා ඇය මිත්තනියව බැලීමට කාමරය වෙත යයි..
“අත්තම්මා”
“දෝණී”
“මොකද අත්තම්මට අසනීපයක්ද?”
“ආනේ මැණිකේ ඔයා ලෑස්ති උනාද දැන් වෙලාව කීයද මට හොදටම නින්ද ගියානේ එක පාරට ඔලුවෙ කැක්කුමක් ආවා පාන්දර නැගිටපු වෙලේ ඒක නිසා ආයෙත් ඔලුවට තෙල් ටිකක් දාගෙන නිදාගත්තා”
“අනේ අත්තම්මේ මොකද උනේ ඇයි මට කතා නොකලේ කෝ බලන්න”
“මයුමි මිත්තනියගේ ඇගට අත තියා බලයි.”
“ඇගත් රස්නෙද මන්දා අත්තම්මේ”
“නෑ මැනිකේ මං නිදාගෙන හිටි නිසා වෙන්න ඇති..මේක ඇරෙයි ටිකකින්..දැන් ඔයා ඉස්කෝලේ යන්නකෝ පරක්කු වෙයි..දර ටික කඩේට දාන්නත් එපැයි..”
“මං යන්නේ නෑ මට බෑ මං අද ගෙදර ඉන්නවා මට හිතෙන්නේ අත්තම්මා අසනීපෙන් ඉන්න්නේ කියලා..”
“නෑ නෑ දැන් මුකුත් නෑ දෝණි හොද ලමයා වගේ යන්නකෝ..”
මයුමි දර මිටි බෑග් එකද රැගෙන පිටත් වෙයි..ඇයට යන අතරමගදී දුලාව මුණගැසෙයි
“ගුඩ්මෝර්නින් කෙල්ල”
“ගුඩ්මෝර්නින් දුලා”
“අද දර ගෙනියනවද? “
“ඔව් දුලා ඔයා ඔහොම ඉන්න මං මේ ටික කඩේට දීලා එන්නම්..”
“යමු මාත් එන්නම් දෙන්නකෝ මටත් ඔකෙන් ටිකක්”
“එපා දුලා මං ගන්නම් මේක”
ඇය දර මිටි බෑග් එකද රැගෙන කඩේ වෙත යයි..ඇය කඩේට දර මිටි දමා ඉන් ලැබෙන මුදලින් ගෙදරට අවශ්‍ය පහේ රැගෙන යයි..
“හේමරත්න මාමේ..%
“ආ මයුමි දුව”
“ආ මාමේ මේ දර මිටි ටික ගන්න”
“හරි දුව ඔහොම තියන්න”
“හා මාමේ මං හවසට එන්නම් එහෙනම්”
“හරි දුව”
“යමු දුලා..”
මොවුන් දෙදෙනා පාසලට යන දෙස ආකාශ් බලාගෙන සිට ඔවුන් පසු පසින් යයි..
“ඔයා පව් නංගී මට දරාගන්න බෑ ඔයා ඔහොම කරද්දී ඒත් තාම මට ඔයාව මගේ කරගන්න බෑනේ මට ඔයා වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ දැන් නම්..ඒත් මං මොනාද කරන්නේ ඔයා ගොඩක් දක්ෂයි මං දන්නවා ඔයා තැනකට එනවා කියලා මං දුරින් ඉදන් ඒ වෙනුවෙන් මට පුලුවන් දේ කරනවා..”ඔහු තම සාක්කුවට අතදා එහි ඇති රුපියල් 500 නෝට්ටුවක් ගෙන කඩේ වෙත යයි
“මාමේ”
“ආ ආකාශ් පුතා..”
“මාමේ මට පොඩි උදව්වක් කරනවද”
“මොකක්ද පුතා ඔයාට නොකරන උදව්වක් නෑනේ මේ මාමා”
“මාමට පුලුවන්ද මේ සල්ලි මාමා දෙන විදිහට මයුමි නංගිට දෙන්න”
“ඒ මොකද ඒ”
“එයාට දැනගන්න තියන්න එපා හැබැයි..අපේ ගෙදර අයටත් කියන්න එපා..”
“ඒත් පුතා.”
“අනේ මාමේ ඔයාට පිං සිද්දවෙයි මයුමි නංගිට උදව් කරන්න වෙන විදිහක් මට නෑ මාමේ මං හැමදාම මාමට 500ක් ගෙනත් දෙන්නම් මාමා ඒක එයාට ඉගෙන ගන්න පොත් එහෙම ගන්න කියලා දෙන්න.”
“මේ මොකද මේ මගේ කොල්ලට මයුමිට හිත ගිහින්වත්ද?”
“අයියෝ ඉතිං එහෙම දෙයක් නෑ මට ඒ නංගිට උදව් කරන්න හිතුනා වෙන ක්‍රමයක් නෑ ඒකයි මට ඉතිං උදව්වට ඉන්නේ ඔයා විතරයිනේ මාමේ ඔයා තමා මේකට හරියනම කෙනා මේක දෙන්න හොදේ”
“හරි හරි මං හොයාගන්නම්කෝ මේ හොරේ”
“එහෙම එකක් නෑ ඉතිං මං යනවා එහෙනම්”
“හරි පුතා..”
මේ අතර තිමිර පැමිණේ
“ආකාශ් උඹ තාම මෙතනද අද මයුමි නංගිව බලන්නේ නැද්ද?”
“මං එයාව දැක්කා බං මං මේ පොඩ්ඩක් කඩේට ගියා මාමව ටිකක් හම්බෙන්න”
“ඒ මොකෝ ඒ”
“යමංකෝ යනගමං කියන්නම්”
“හරි යමං”
ආකාශ් තම්න් මයුමිට උදව් කරන ආකාරය පිළිබඳ විස්තරය තිමිර හට පැහැදිලි කරයි.
“මාමා උඹලගේ ගෙදරට කිව්වොත්”
“නෑ බං මාමා එහෙම නෑ..එයා මගේ යාලුවෙක් වගේ හැබැයි සැකයක් නම් හිතුනා පස්සේ ශේප් එකේ විස්තරේ කියනවා..”
“අනේ මංදා බං”
“මට එයාට උදව් කරන්න ඕනේ බං ඔයිට වඩා ගානක් දෙන්න ඕනේ මට ඒත් බං එහෙම උනොත් එයා ගන්නේ නෑ මං ඒක දන්නවා..”
“හ්ම් ඒක හරි.”
“මට ඕනේ එයා හොදට ඉගෙන ගන්නයි..ඉස්සර නම් අම්මා හරි හිටියා දැන් එයාට අත්තම්මා විතරනේ බං ඉන්නේ එයාට බෑනේ බං මෙයාගේ හැමදේම කරන්න මට බය මෙයා ඉගෙන ගන්න එක අතාරියි කියලා ඒකයි මං මෙහෙම හරි දෙයක් කරන්න හිතුවේ..”
“මයුමි නං වාසනාවන්ත කෙල්ලෙක් බං”
“ඔව් බං එයා ගොඩක් වාසනාවන්තයි”
“නැතං ඉතිං උඹ වගේ එකෙක් ලැබෙයිද ඒකිට”
“හ්ම් මට එයාව ලැබුනත් නොලැබුනත් මට එයා තැනකට එන එක තමා වැදගත් බං”
“අන්න අන්න බොරුව දැම්මා..උඹ ඒකිට ඔච්චර ආදරේ කරලා ඒකිව කාට හරි දෙන්නද හදන්නේ”
“බලමු බං ඉස්සරහට එනදේකට මූණ දෙනවා..”
“මේවා දැනගත්තොත් නම් ඒකිත් උබට ලව් කරයි”
“හ්ම් බලමුකො බං”
මයුමි පන්තියට වී කල්පනා කරමින් සිටියි..ඇය අසලට දුලා පැමිණෙන වගක්වත්
“ඒයි මොනාද ඔච්චර කල්පනා කරන්නේ”
“අහ් ඔයා ආවද?”
“ඔව් මං එද්දි ඔයා බර කල්පනාවක මොකො අවුල”
“අද අත්තමට එච්චර සනීප මදි වගේ දුලා මට බයයි ඇගත් ටිකක් රස්නෙට වගේ තිබුනා”
“එහෙමද එහෙනම් හවස බෙහෙත් ගන්න එක්කං යමු අපි”
“ඒක තමා මාත් බැලුවේ දුලා”
“හ්ම් දැන් හිතන්න එපා අපි හවස එක්කං යමු”
“හ්ම්”
මේ අතර ආකාශ් සහ තිමිරද පාසලට පැමිණේ
“අන්න ඉන්නවා මයුමි නංගී”
“අද කෙල්ලගේ මූණ නම් එච්චර හරී නෑ වගේ බං මොකක් හරි අවුලක්ද දන්නේ නෑ”
“හ්ම් ඒක නම් එහෙම තමා වෙනදට ඉතින් සිරික්කිය දාගෙනමනේ ඉන්නේ”
“ඒකනේ බං කොහොමද දැනගන්නේ”
“යමංකෝ පන්තියට”
“උඹ පලයං”
“මෙහෙ වරෙන් යන්න”
පාසල් ඇරී මයුමි සහ දුලා දෙදෙනා පිටව යයි..ආකාශ් සහ තිමිරද ඔවුන් පසු පස යයි..මේ වෙනතුරු ආකාශ් මයුමි සමග වචනයක්වත් කතා කර නැත..
“ඒ බං උඹ අහපංකෝ ඉතිං මයුමිගෙන්”
“බෑ බං මං තාම එයා එක්ක වචනයක්වත් කතා කරලා නෑනේ”
“එයා බලං ඉන්නේ උඹ කතා කරනකංද දන්නේ නෑ”
“හ්ම් බලමුකෝ බං.එයා දුකින් ඉන්නවා මට බලං ඉන්න බෑ බං ඉක්මණට එයාව මගේ ලගට ගන්න හිතෙනවා..”
“එහෙනම් ගනිං ඉතිං”
“ඒක කියන තරම් ලේසි නෑ බං”
“හ්ම් ඒක හරි”
දුලා සහ මයුමි මයුමිගේ නිවස බලා පිටත් වෙයි.ඔවුන් යන විට මයුමිගේ අත්තම්මා වෙව්ලමින් ඇදට වී සිටියි..එය දුටු මයුමි අත්තම්මා ලගට දිව යයි..
“අත්තම්මා..”
“දු.”
“මොකද මේ උනේ අනේ ඔයා හොදටම රස්නෙයිනේ”
“වෙව්ලනවත් එක්කනේ”
“ම..ට..අ..මා..රු..යි”
“අනේ ඉන්න අත්තම්මේ අපි යමු බෙහෙත් ගන්න”
“ඔයා අත්තම්මව ලෑස්ති කරන්න මයු මං ගිහින් වීල් එකක් කතා කරන් එන්නම්..”
“හරි දුලා”
දුලා වහාම ගොස් වීල් එකක් රැගෙන ආවේ මයුමි මිත්තනියන්ව සූදානම් කරන අවස්ථාවෙදියි
“කෝ හරිද මයු”
“හරි දුලා යමු”
“ඔවුන් දෙදෙනා මිත්තනියව වාරුකරගෙන ඉතා අමාරුවෙන් වීල් එක්කට නගගවයි..”
“අනේ මාමේ ඉක්මණට යමූ”
“හරී දූ”
“ඔයා බය වෙන්න එපා අත්තම්මේ මං ඔයාට මුකුත් වෙන්න දෙන්නේ නෑ.”.
“දෝ..ණී”
“දැන් කතා කරන්න එපා අත්තම්මේ”
“ම..ට…බ..ය..මං..ගැ..න..නෙ..වෙ..යි දූ..”
“හරි හරි අත්තම්මා බය නොවි ඉන්නකෝ”
වාහනය විත් නතර උනේ ඉස්පිරිතාලේ ලගයි..
“මාමේ අපි එනකං ඉන්න හොදේ”
“හරි දරුවෝ”
පසුදා උදා විය මයුමි පාසල් නොයා මිත්තනියව බැලීමට යයි.මයුමි පාසලට එනතෙක් බලන් සිටියද ඇය නොපැමිණේ ඔහු කඩේට ගොස් මාමා හට මුදල් දී පාරට වී බලා සිටියි
“ඒ බං”
“මොකෝ”
“මේ මයුමි නංගි තාම නෑනේ”
“පොඩ්ඩක් හිටපං ඉතිං”
“නෑ බං එයා මෙච්චර පරක්කු වෙන්නේ නෑ..එයාට මොකක් හරි ප්‍රශ්නයක්ද දන් නෑ..”
“හ්ම් කොහොමද අපි ඒක දැනගන්නේ..”
“යමංකෝ ස්කූල් එකට මයුමිගෙ යාලුවා දන්නවා ඇති එයාගෙන් අහමු”
“හරි යමං එහෙනම්”
මොවුන් යන විට දුලා පන්තියේ මිදුලට වී සිටියි ආකශ් ඇය ලගට ගොස් කතා කරයි
“නංගි”
“ආ ආකාශ් අයියා”
“කෝ නංගි මයුමි නංගි”
“අනේ අයියේ එයාට පොඩි කරදරයක් උනා ඊයේ”
“ඇ.යි ඇයී මොකද උනේ”
ආකශ් කලබල විය
“උඹ පොඩ්ක් හිටපංකෝ නංගිට කියන්න දීලා”
මයුමිගේ අත්තම පිළිබඳ විස්තරය දුලාග්ව්න් ආකාශ් සහ තිමිර දැනගන්නට විය.
“හ්ම් එහෙමද නංගි මහ ඉස්පිරිතාලේ නේද”
“ඔව් අයියේ “
“හරි නංගි තැන්ක් යූ යමං බං”
“කොහද බං මේ යන්නේ”
“හොස්පිටල් එකට”
“උඹට පිස්සුද දැන් යන්න පුලුවන්ද ස්කූල් එකෙන්”
“උඹට බැරි නම් හිටපං මං යනවා”
“හරි හරි ඉදපං ඉතින් උඹ දන්නවනේ මං උඹ එක්ක අපායට හරි එනවා කියලා”
ආකාශ් සහ තිමිර තාප්පෙන් පැන නිවසට යයි…ආකාශ්ගේ මව මිදුල අතුගාමින් සිටියි
“පුතා මොකද මේ ගිය ගමන්ම”
“නෑ අම්මා මේ යාලුවෙක් හොස්පිටල් එකේලූ මට මගෙදි ආරංචි උනේ මං මේ බලන්න යන්න කියලා තිමිර එහෙනම් උඹ ඉක්මනට ලෑස්ති වෙලා වරෙන්”
“හරි බං”
“ගොඩක් අමාරුද පුතා”
“දන්නේ නෑ අම්මා ගිහින් තමා බලන්න වෙන්නේ මං ගිහින් බලලා එන්නද ?”
“හරි පුතා පරිස්සමින්”
“හරී අම්මා”
තිමිර සහ ආකාශ් රෝහාල වෙත යයි.
“ඒ බං දැන් පරක්කුයි නේද ?
“ඔව් බං දැන් මයුමි නංගි එනවා ඇති.”.
මේ අතර මයුමි අත්තම්මව බලා ඒමට සැරසෙයි
“එහෙනම් අත්තම්මේ මං ගිහින් එන්නම්”
“අනේ මගේ දෝනිට මං නිසා ඉස්කෝලේ යන්නත් නෑ”
“ඒකට කමක් නෑ අත්තම්මේ මට ඉන්නේ අත්තම්මා විතරයි මං එන්නේ නැතුව කවුරු එන්නද මං එහෙනම් යන්නම් අත්තම්මේ දවල්ට එන්නත් එපැයි..”
“ආයේ එන්න ඕනේ නෑ දරුවෝ මං මෙහෙන් දෙන දෙයක් කන්නම්”
“එහෙම බෑනේ..මං එනවා.එහෙනම් මං ගිහින් එන්නම් අත්තම්මේ.”
“හරි මගේ දරුවෝ බුදුසරණයි.”
මයුමි එන විටම ආකාශ් සහ තිමිර පැමිණේ
“මයුමි නංගි..”
“ආකාශ් අයියේ ඔයා මොකද මෙහෙ කරන්නේ”
“මං මේ ඔයාගෙ අත්තමව බලන්න ආවේ”
“අයිය කොහොමද දන්නේ අත්තම්ම අසනීපෙන් කියල”
“මට දුලා නංගි කිව්වේ..දැන් කොහොමද නංගි අත්තම්මට”
“දැන් නම් හොදයි අයියේ..මං ආයේ හවසටත් එන්න ඕනේ මං යන්නද?”
“දැන් ලෙඩ්ඩු බලන වෙලාව ඉවරනේ බං අපිත් යමු හවසට එමු”
“ඔව් තිමිර නංගි ඔයා එන්න ඕනේ නෑ අපි එන්නම් හවසට මොකද රෑ වෙලා ඔයා ගෙදර යන එක එච්චර හොද මදි”
“අනේ අයියේ මට මගේ අත්තමව බලන්න ඕනේ”
“හරි ලමයෝ ආයෙත් හෙට උදේම එනවනේ”
“හ්ම් මං එහෙනම් යන්නම් අයියේ”
“ඉන්න ඉතින් අපි එක්කම යමු.”
“හරි අයියේ.”
සවස් කාලයේදී ආකාශ් සහ තිමිර අත්තම්මා බැලීමට යයි..
“අත්තම්මේ”
“කවුද”
“හේමරත්න මුදලාලිගේ අක්කගෙ පුතා”
“ආනේ ඔය දරුව ඇයි මෙහෙ ආවේ?”
“අත්තම්මව බලන්න ආවේ..අනික මේ රෑ මයුමි නංගි එන එක හරි නෑනේ අත්තම්මේ”
“ඔව් දරුවෝ ඒක තමයි මං කෙල්ලට කිව්වේ එන්න එපා කියලා”
“ඒක නිසා තමයි අත්තම්මේ අපි ආවේ”
“ඒත් මේ ලමයි මොකට කරදර උනද”
“මේක මොන කරදරයක්ද අත්තම්මේ”
“ඒ උනාට මගේ හිතට හරි නෑ”
හරි හරි දැන් අත්තම්මා ඕව ගැන හිතන්නේ නැතුව මේ කෑම එක කාලා ඉන්න..
තිමිර සහ ආකාශ් මිත්තණිය ලගට වී සිට ඇයට ඇප උපස්ථාන කරයි.
“දරුවෝ දැන් රැත් වෙලානේ ඔය ලමයි ගෙදර යන්න අම්මලා හොයයි”
“හරි අත්තම්මේ අපි ගිහින් එන්නම්”
“හරි දරුවනේ පරිස්සමින් යන්න බුදුසරණයි”
“බුදුසරනයි අත්තමේ.”
මයුමි ඇදට වී කල්පනා කරමින් සිටියි..අනේ අත්තමේ මාව දාලා යන්න එපා මේ ලොකේ මට දැන් මගේ කියලා ඉන්නේ මගේ අත්තම්මා විතරයි..ඔයත් නැති උනොත් මටත් ඉදලා වැඩක් නෑ..මයුමි අඩමින්ම නින්දට යයි..
පසු දෑ උදෑසන මයුමි අවදි වී උයාගෙන බත් එකක් බැදගෙන අත්තම්මා බලන්නට යාමට සැරසෙයි..ඒ අතරේ දුලා නිවසට පැමිණේ..
“මයූ”
“ඕ දුලා එන්න ගෙට”
“ආ කෙල්ල උයලා වගේ”
“ඔව් දුලා…මොකද මේ පාට ඇදුමින් අද කෙල්ල ඉස්කෝලේ යන්නේ නැද්ද?”
“නෑ මයූ මං ආවේ ඔයා එක්ක අත්තම්මා බලන්න යන්න..”
“අනේ ඔයා ස්කෝලේ වැඩ පාඩු කරගන්න එපා දුලා මං නිසා විභාගෙත් ලගටම ඇවිත්නේ”
“එහෙම වෙන් නෑ අනික මගේ හොදම යාලුවට කරදරයක් උනාම මට ගානක් නැතුව ඉන්න පුලුවන්ද,මං දන්නවා ඔයාට යන්න කෙනෙක් නෑ කියලා..”
“හ්ම් ඔයාට පිං දුලා”
“හරි හරි මේ ඔයා ලැස්ති වෙන්න මං මේ ටික බෑග් එකට දාලා ගන්නම්”
“හරි දුලා..”
මයුමි සහ දුලා රෝහල වෙත යාමට සැරසෙයි.මේ අතර ආකාශ් සහ තිමිර මයුමි යන මගට වී බලා සිටියි.
“ඒ ආකාශ් අපි මෙහෙම ස්කොලේ කට් කරලා අම්මලට අහු උනොත් මොකද බං කරන්නේ?”
“නෑ බං එහෙම වෙන්නේ නෑ”
“උඹ කියන එකක් තමයි..අහපංකෝ අපි අදත් යනවද අත්තම්මව බලන්න.”
“ඔවු බං අද ගිහින් බලමු”
“අත්තම්මට සැක හිතෙයිද?”
“මොනාට සැක හිතන්නද බං?”
“නෑ ආකාශ් ඔහොම උඹ දිගටම මයුමි ගැන වද වෙනවා කියලා දැනගත්තොත් අවුලක් වෙයි”
“හරි බං ඒක ඒ වෙලාවට බලමු.”
මෙසේ දින ගත වී අත්තම්මා සුවපත් විය.මයුමි ඇයගේ ඉගෙනීම් කටයුතු හොදින් කරගෙන සාමාන්‍ය පෙළ විභාගය හොදින් සමත් විය.ඇය A සාමාර්ථ 9ක් සමගින් තම හීනයට යන්නට පළමු අඩි තාලම තියන්නට විය.මේ අතර ආකාශ් ඔහුගේ කැමැත්ත පිළිබඳව මයුමිට පැවසීය නමුත් මෙතක් ඇයට ඉගෙනීමට අවශ්‍ය වූ මුදල් ඔහුගේ මාමා ලවා දීමට ඔහු අමතක කලේ නැත.නමුත් එය ඇයට නොකියා සිටීමට ඔහු කටයුතු කළේය.මෙසේ දින ගත වී ඇයව ඇගයීම සදහා උත්සවයක් පාසලෙන් සංවිධානය කර ඇත.
“නංගි”
“ආකාශ් අයියා”
“ඔයා මං කියපු දේට මොකද කියන්නේ “
“මං ඒ ගැන හිතලා බැලුවා අයියේ මං අයියට කැමති “
“ඇත්තමද නංගි”
“ඔව් අයියේ”
මෙසේ ඇයගේ උසස් පෙළ පන්ති ආරම්භ වීමෙන් පසු ඇයගේ ආදර අන්දරයද ඇරඹීණි.ඇය හොදින් පාඩම් කර උසස් පෙළද කරන්නට විය.මේ අතරතුරේ දී ඇයගේ මිත්තණිය ඇයගේ මේම අධ්‍යාපන කටයුතු වලට මුදල් සෙවීමට නැවත කඩයප්පම් සකසා කඩ වලට දැමීමට පටන් ගත්තාය.මයුමිද තමන්ගේ පාඩම් වැඩ කරන අතර තුර ඇයගේම ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.එය්ට ආකාශ් තමන්ගේ මුදල් යොදා ඇත.මේ කාලයේදී ආකාශ් තම දෙමාපියන්ගෙන් කැමැත්ත ලබාගෙන ඇත.දෙදෙනාම ඉගෙන ගන්නා අතර තුර තම ව්‍යාපාරයද සාර්ථක ලෙස කරගෙන ඉදිරියට පැමිණ ඇත.දැන් ඇයගේ දුක් මදක් නිම වී ඇත.ඇයගේ ම්ත්ත්නියද දැන් සුවසේ සිටි.
“දෝණි “
“අත්තමේ”
“දැන් ඔයා අර දරුව එක්ක ව්‍යාපාරය හොදින් කරහෙන යනවා නේද? “
“ඔව් අත්තම්මේ”
“මේ ටිකේ උසස් පෙළ විභාගය නේද ? ව්‍යාපාර වැඩ එක්ක පුළුවන්ද දරුවො පාඩම් කරන්න?”
“ඔව් අත්තමේ..මට පුළුවන් මං කොහොම හරි දෙකම හොදට කරනවා”
“මගෙ දෝණි ඒ විභාගෙත් හොදට පාස් වෙලා කැම්පස් යන්න ඕනේ ඒක තමයි මගේ එකම හීනේ”
“මං අත්තම්මට පොරොන්දු වෙනවා මං ඒ සරසවි හීනෙට යනවමයි”.
මෙසේ දින ගත වී උසස් පෙළ ප්‍රතිඵල පැමිණ ඇත.මෙය මුලන්ම මයුමිට පවසන්නේ ආකාශ් ය.
“මයූ”
“අයියේ”
“එහෙනම් අපි බලමු නේද රිසාල්ට්”
“හා අයියේ”
මයුමි තම දෑස වසගෙන අත්තම්මට තුරුල් වී ඇත.ආකාශ් තමන්ගෙව් පරිගණකයේ ඇයගේ විභාග අංකය සටහන් කරන්නට විය ඇයට ඒ සාමාර්ථ තුනකි ඇය අඩන්නට විය අත්තමා බිය විය්
“අනේ ඇයි දෝණි මේ?”
“ඇය නොනවත්වා හඩන්නට විය.”
“අනේ දරුවො ඔයාවත් කියන්නකෝ ඇයි මේ?”
“අත්තම්මේ ඔයාගෙ දෝණි විභාගේ ඉහළින්ම පාස් වෙලා එයාට හොද රෑන්ක් එකක් තියනවා එයට කැම්පස් යන්න පුළුවන් එයා අත්තමගේ හීනේ හැබෑ කලා..”
“අනෙ මගේ දෝණිට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි”
“මට සතුටුයි අත්තම්මේ”
මයුමි අත්තමා බදාගෙන අඩන්නට විය.
“එහෙනම් නංගි ඔයා ඒක කලා මට ඔයා ගැන මාර ආඩම්බරයි.ඔයාව තෝරගත්ත එක තමයි මගේ ජීවිතේ මං ගත්ත හොදම තීරණය.”
“මාත් අයියේ..”
මෙසේ කාලය ගත විය ඇයගේ ආදරය සමගම ඇයගේ උපාධියද සැබෑවන්නට කාලය එළැබී ඇත.
වර්තමානයට
මයුමි තම දෙමාපියන් නැති වූ මොහොතේ සිට ඇය මෙසේ ආ ගමන් මග සිහි කරන්නට විය මෙසේ සිටි ඇය පියවි සිහියට ආවේ මිත්තණියගේ කටහඬටය..
“දෝණි”
“ආ අත්තම්මේ”
“කොහෙද දරුවෝ එක පාරට සිහිය ගියේ මං මේ කතා කරා කරා ඇහුනෙ නෑනේ”
“අනේ සොරි අත්තම්මේ මට මං මෙතනට ආපු විදිහ මතක් උනා මට දුකම හිතුනේ අම්මා මාව දාලා යන්නම ගිය දවසෙ, මට බයම හිතුනෙ අත්තම්මා ලෙඩ උන දවස්,ආයේ ආකාශ් අයියා මගෙ ජීවිතේට ආපු හැටි,අපි අපේ හීන වලට ආපු හැටි මට මතක් උනා අත්තම්මේ අද මම මගේම වාහනේක යන්නෙ මගෙ උපාධිය ගන්න තාම මට ඒක හීනයක් වගේ අත්තම්මේ”
“ඒක ඇත්ත දරුවෝ ඒ දේවල් දැන් ආයේ මතක් කරන්න ගියොත් පරක්කු වෙනවා නේද ?ඒ නිසා දැන් අපි යමු.”
“හරි අත්තම්මේ යමු.”
උපාධි ප්රාදානෝත්සවය නිමා වී සියලු දෙනාම මයුමි වෙත සුබපත්න්නට විය.මේ අතර ඇයට නපුරු කම් කල නැන්දා ඇය ලගට පැමිණ සමාව ඇයද සිටියාය ඇය තම නැන්දාට සමාව දී එතනින් පිට විය.
“මයුමි”
“ආකාශ් අයියේ”
“මට ඔයා ගැන හරිම සතුටුයි මැණික”
ඔහු එක වරම බිමට නැවී ඇයගේ දෙසට මුද්දක් දිගු කළේය.මයුමිට එය අදහා ගත නොහැකි විය
“අයියේ”
“ඔව් මැණික මං ඔයාට ආදරේ කලේ ඔයාව දැක්ක දවසේ ඉදලා ඒ දවස ඉදන් අද වෙනකන් මේ තැනට එනකං මං පුදුම ඉවසීමකින් බලන් හිටියේ මට ඕනේ උනේ ඔයාගෙ සරසවි ගීනේ හැබෑවක් වෙනවා දකින්න ඉතින් අද ඒ දවස ආවා මං හිතුවේ නෑ ඒ දවස වෙද්දි මට ඔයා ලගින් ඉන්නපුලුවන් වෙයි කියලා ඒත් මං පිංකරා ඒ දවස මෙහෙම ඔයා ලග ඉදන් ඔයාගෙ වෙලා දකින්න.ඉතිං මැණික ඔයාට පුලුවන්ද සදහටම මගෙ වෙන්න..”
“පුලුවන් මගේ අයියේ මේ හිනේ මගෙ විතරක් නෙවෙයි අපි හැමෝගෙම ඔයාගෙ,අත්තමගේ දුලාගේ අපි හැමෝගෙම හිනේ මේ ඔය තුන් දෙනා මගේ ජිවිතේ හිටියෙ නැත්තන් මං අද මෙතන නැ ඔයාලා හැමෝටම පින්”
“ඇති ඇති අනේ ඔය කොල්ලගේ කකුල රිදෙනවා ඕකට හා කියන්න”
“අනේ දුලා ඔයා නම්”
“ඉතිං මං වැරදිද අත්තම්මේ”
“නෑ දුව හරි “
“හරී මං කැමති..”
මෙසේ ඇය තම අත දිගු කර ආකාශ්ගේ යෝජනාව අනුමත කළාය.ඇයගේ සරසවි සිහිනය ඉටු වෙනවා සමගම ඇයගේ මංගල සිහිනයටටද සීනු හැඩවිය.