කාමර සගයා
හරිත දේශාන්
මට අමුතුම හැගීමක් ඇත, රෑට මා දෙස කවුරුන් හෝ බලා සිටිනවා වැනි හැගීමක් මා නින්දට ගිය විට කවුරුන් හෝ බලා සිටිනවා යැයි මට නිතර මෙම නවාතැනට පැමනි පසු සිතේ. ඇතැම් විට මා ඹ්නෑවට වඩා සිතනවාද විය හැකිය. නමුත් පුදුමයට කාරණය නම් මෙම හැගීම් මට ඇති වන්නේ නින්දට ගිය විට පමණි.
මා පෙර රැකියාවෙහි අස්වීමේ ලිපිය දුන් පසු තවත් කාලයක් එතැනටම වී සිටීම මට නිවට කමක් මෙන් සිතිනි. නමුත් බොහෝ කාලයක් නිවසට වී සිටිමට තරම් මා පොහොසතෙකු නොවේ. දැන් මා නුවරඑළියෙ සන්චාරක හොටලයක ගිනුම්කරුවෙකු ලෙස සේවය කරයි. ගමින් බොහෝ ඈත උවත් ලද අවස්ථාව මා අත් නොහලේ පෙර කී කාරනාව නිසාවෙනි. අනෙක් අතට තනිකඩයෙකු වූ මා හට ගමින් ඈත රස්සාව බාධාවක් ද නොවීය.
මෙම හොටලය කාමර 150 කින් පමන සමන්විත තරු පහේ එකකි. ස
සේවකයන් සදහා වෙනම කාමර තිබෙන මුත් සන්චාරකයන්ට සපයන කාමරයක් මට ලබා දීමට කළමනාකාර තුමා කාරුණික විය(සමහර විට එම කාමර සියල්ලෙම සෙවකයන් සිටියාද විය හැක) ඹහු පෙන්නුමින් සෑම මැනෙජර්වරයෙකු සේම තරමක් ලොකු බඩක් හා තරමක් තට්ටය පෑදුනු වයස අවුරැදු 45 පමන සිතිය හැකි දිගු නහයක් ඇති කපටි පෙනුමෙන් යුත්තේ ය.
කාමර අංක 105 මාගේ කාමරය විය. කාමරේ ඇති දුවිලි තට්ටුවෙන් හා මකුළුදැල් වලින් හා අත්හැර දැමු කාමර වලටම ආවෙනික වු පුස් ගදින් මෙහි මකුළුවන් හා මීයන් හැර අන් කිසිදු ජිවියෙකු මතක ඇති කාලෙක සිට නොමැති බව නම් පැහැදිලිය. කාමරයෙහි ඇද මත ජෙනරෙටරයක් මෙන් ගර්ර්ර් හඩක් නගමින් කලු බලලෙකු නිදා උන්නෙ ය.කාමරය තුළ ඇදන් දෙකක් තිබු අතර ඒවා සුදු රෙදි වලින් කල උඩු වියන් සහිත පැරණි කාලයේ වලව්වල තිබූ ඒ වා විය. කාමරය අස් කර මානුසස්ස වාසයට සුදුසු කිරීමට මට පැය දෙක තුනක් ගත විය.
* * *
සෑම දිනම සවස පහට වැඩ නිම වී මා කෙලින්ම එන්නෙ ඇදට වැටෙන්නෙ කොයි වෙලේද කියා ය. (මා මෙසේ කියන විට ඇතැම් විට ඔබ අසයි මට ඒ හැටි මහන්සි වන්නට මම කරන ඇග වෙහෙසන වැඩ මොනවදෝ කියා නමුත් කය වෙහෙසීම තරම්ම මනස වෙහෙස වීමද පහසු නොවේ, මා අසා ඇති අන්දමට අප නිපදවන ශක්තියෙන් 25% පමන අපගේ මොලයට අවශ්‍ය වෙයි) තේ කොප්පයක් බොමින් දුර ඈතින් පෙනෙන මිදුම් පටලය දෙස බලා හිදින මා නින්දට යාමට පෙර නවකතා පොතක් කියවීම මාගේ සිරිතයි. නමුත් සියල්ල සිදු කොට ලයිට් ඹිෆ් කොට නින්දට ගිය විට පෙර කී අමුතු හැගීම් මා හට ඇති වෙයි. එනම් කවුරුන් හෝ මා දෙස බලා ඉන්නනවා වගේ.
* *. *
මාගේ කාමර සගයා ගැන නම් මා හට ඇත්තෙ තරමක් ප්‍රසන්න නොවන හැගීමකි. අවාසනාවකට මෙන් කතාකරාට කතා නොකරන තාලයෙ උද්දච්ඡ මනුස්සයෙක්. අඩුම ගානේ මිනිහා කාමරෙ අස් කරන්නට උදව් කළාට මට ස්තූති කලේවත් හෝ මා සමග වචනයක් දෙකක් කතා කලේවත් නැති වීම ගැන මා පසු වූයේ සිත් වෙදනාවෙනි. නමුත් මා ඹහුට එය නොපෙන්වීම මෙන් ඹහු සමග තවදුරටත් කතාවට නොගියේ ය.ඹහු මා වූයේ නම් මෙම පාලු කාමරය තුල මා වැනි කාමර සගයෙකු සිටිම ගැන අනේක වාරයක් ස්තුති වනු නොඅනුමානය.මිනිහා කොතරම් ආත්මාර්ථකාමී ද යත් මට නොමැතිව තනිව තේ කොප්පයක් පවා බිවේ අඩු ම ගානේ මා තේ බොනවාදැයි පවා නොඅසමිනි. මිනිසුන් විවිධාකාර ය.
බොහෝ විට රෑට මට නින්ද නොයයි එවිට මා කාමරයෙහි බැලකනයෙහි ඇති හාන්සි පුටුවට වි පැද්දෙමින් ඇතැම් විටක ටූටූ (සුරතල් බලලා) සුරතල් කරමින් කාලය ගත කරයි. අවුරුද්දේ මෙම කාලයට සීතල තරමක් වැඩිය. නමුත් හාන්සි පුටුවේ බැල්කනියට වී සිටින මට සීතල නොදැන්නේ මන්දැයි මටම පුදුම ය. ඇතැම් විට මා මෙහි කාලගුණයට හුරුවී සිටීම නිසා විය හැකිය.
නමුත් මම රෑ යාමේ මා එසේ ඇහැරෙන විට සද්ද නොකර සිටීම මාගේ සිරිතය. මා එසේ කරන්නේ මාගේ කාමර සගයාගේ නින්දට බාධා කිරීමට නොකැමැත්ත නිසා හා මා අවදියෙන් සිටින බව ඹහු දැනගන්නවාට මා හට ඇති නොකැමැත නිසා විය හැකිය.
* . *. *
වෙලාව රාත්‍රී 1 පමන වන්නට ඇතැයි සිතෙයි මා වෙත නින්ද තවම ළගා වී නොමැත. ඔරලෝසුවෙ තප්පර කටුවෙ ටික් ටික් හඩ තවම මට ඇසෙයි, පොද වැස්සේ හඩ ද වැස්සත් සමග ඇති වන සුළගින් බැල්කනියෙහි ඇති හාන්සි පුටුව පැද්දෙන හඩ ද මට පැහැදිලිව ඇසෙයි. මා ඇදේ අනෙක් පැත්තට හැරි නිදන්නට උත්සාහ ගතිමි. එවිටම බලලා බෙරිහන් දීමට පටන් ගැනිමෙන් මට ඌගේ මෑනියන් සිහි විය.
බැල්කනියෙ හාන්සි පුටුවට වී ටූටු ද සුරතල් කොට මා නැවත ඇදට පැමිනෙන විටත් මාගෙ කාමර සගයා ඇදෙ ඒ මේ අත පෙරලෙමින් සිටියේය.අපගෙ ඇදන් තිබුනේ එකිනෙකට සමාන්තරව යි. මා සිටි ඇද දෙසට හැරී ඹහු ඇස් හැරි විට අප දෙදෙනාගෙ දෑස් එකිනෙකට හමු වන ආකාරයට ය.
* . *. *
එදා ඉරිදා දිනයකි, නුවරඑළියෙ ඉන්නවනම් අඩියක් ගහන්න ඹ්නෙම දවසක් හොදයි. සති අන්තයේ දවසක් වූ බැවින් එදා මට වැඩ තිබුනෙ එක දක්වා පමණි. දොලහ පමන වන විට වැඩ හමාර කල මා, මා මිත්‍ර ජයෙද සමග පොඩි සතුටු සාමිචියක් සිදු කිරීමට සැලසුම් කලේක ය. අමුවෙන්ම කිව්වොත් අඩියක් ගහන්න.දැන් ගෙවෙන්නේ මෙහි මාගේ තුන් වන මාසයයි, එම කාලය තුළ දී අන් කවරෙකු ටත් වඩා ජයෙ මා සිත් ගත්තේ ය.
මට සති අන්තයේ වෙලාසනින්ම වැඩ ඉවර වුණත් ජයයෙට එසේ නැත. ඔහු සුපරික්ෂක වරයෙකු ලෙස සේවය කල බැවින් සති අන්තයේ ද වැඩ පැවරිණි. එහෙයින් සැන්දෑ කාලයේ බකාඩි බොතලයක් ද සමග මාගේ කාමරයට පැමිණිමට අප දෙදෙනාම එකග විය.
* . *. *
මා මිතුරා පැමිනෙන විට වෙලාව රාත්‍රී දහය පමන විය. හෝටල් පරිපාලනයට බැන වදිමින් එදා සැන්දෑ වෙහි පටන් ගත් වැස්සට තෙත් බරිත වී බකාඩ් බොතලය ද තුරුලු කරගෙන ඹහු පැමිණි යෙ වූ පොරොන්දුව කඩ කිරීමට නොහැකි බව පවසමිනි.
රාත්‍රී එක පමන වන විට ( බාගදා ඊට වැඩි වන්නට පුලුවන් නමුත් ඊට අඩු නැත., වෙරි මතෙ සිටි බැවින් මට එය මගේ මතකයේ හරියටම නැත.) බෝතලයෙන් බාගයක් පමණ අවසන් ය. දෙදෙනෙකුට බකාඩ් බෝතලයක් ඕනෑවටත් වැඩි බව අප දෙදෙනාටම තේරුම් ගියේ එදින ය. අප ට වෙලාව ගැන වගේ වගක් නොවී ය. ආරම්භ යෙ දී පටන් ගත් හොටල් කාර්ය මණ්ඩලයෙ එකිනෙකා ගැන ඹ්පා දුප (කළමනාකාර තුමාගෙ අනියම් සබදතාවන් ගැන, ඹහුගේ සිත දිනාගැනිමට අප ගැන කේලාම් කියන HR ගෑනී ගැන) වල සිට අපගේ සංවාදය මේ වන විට සමාජ දෙශපාලනය තෙක් දුර ගොස් තිබුණේ අප නොදැනුවත්වම ය.
තව පැයක් පමන වන විට බෝතලය ටික ටික ඉවර වනවාත් සමගම අප අතර නිහඩතාවය වැඩි වූයේ දැන් අපට හොදටම වැඩි බව හගවමිනි. ජයෙ කුකුල් මස් කටුවක් සූප්පු කරමින් නිදි කිරමින් සිටියේය.
මේ කාමරෙ පරන පාටයි, මා නිහඩතාවය බිදිමින් කිව්වේ කියන්නට දෙයක් නොමැති කමටයි. මෙය තරමක් පරන බව ඇත්තයි නමුත් කාමරය පාවිච්චියට නොගත්තේ ඇයිද යන්න මා ආදා පටන් ම කිසිවෙකුගෙන් මා අසා දැන ගැනීමට සිටි දෙයකි. ජයෙ මා නොඇසූ කන් සිටියේය. මට කලින් කවුද මෙකෙ හිටියෙ. තමුසෙට එක දැනගන්න ම ඕනෙ ද? එහෙනම් මන් කියන්නම්. ජයේ කිව්වෙ තව ශොට් එකක් දා ගන්නා ගමන් ය.
තමුසෙට කලින් මෙකෙ හිටියේ පොඩි කොල්ලෙක් බොස් ඌව ගත්තෙ ඇකොඋන්ටි බලන්න, කොහොම උනත් ඌට වෙච්ච දෙ ගැන නම් මට කිසිම දුකක් නෑ. ඇයි මොකෝ උනේ කොල්ලට. නෑ අයිසෙ තමන්ගේ ජීවිතයට වටිනාකමක් දෙන්නැති එකෙක් ඉදලා වැඩක් තියෙනවද, මිනිහ එල්ලිල මලා. මලා ! කෙල්ලෙක්ගෙ හුට පටයක් කියල තමයි කියන්නේ. මිනිහ මැරෙන්න කලින් උගෙ කෙල්ලට අවුල් මැසෙජ් වගයක් දාල තියනවා. කෙල්ල මන් අදුරන ගමෙ එකියක්. ඒකි මට කොල් එකක් දුන්නා. දුන්න ගමන් මන් කාමරෙට ගියා. කාමරෙ දොර වහල තිබුනා. මම කාමරේ දොරටු උඩින් තියෙන කවුළුවෙන් එබිලා බැලුවා. මන් එදා දැක්ක දේ නම් මට ජිවිතෙට අමතක වෙන එකක් නෑ. මිනිහා හරියටම එල්ලිලා හිටියේ අර ඇදෙ ෆැන් එකේ බෙල්ල එක පැත්තකට නැමිලා තිබුනා මම හිතන්නේ කැඩිලා, තව දිවත් ඇදිලා. ඊට කලින් මන් එල්ලිලා මැරිච්ච එකෙක් දැකලා තිබුනා නෑ.
* . *. *
දැන් මට සියල්ල පැහැදිලි ය. ජයේ මාමා කාමරයට ආ සැටිත් මා ඹසවා ගත් හැටිත් මට මතකය. ඒ සියල්ල නරක සිහිනයක් බවත් මට මතකය. මා දැන් මෙම දකින්නේත් සිහිනයක් ද, මාගෙ උගුරේ කිසියම් තද යමක් සිරවී ඇති බවක් මට දැනෙ. මම මගෙ බෙල්ල අත ගෑවෙමි, ගැඹුරට කිදා බැසුනු පාරක් මාගේ බෙල්ල වටෙන් ම ඇත. මා කෑ ගසන්නට උත්සාහ කල නමුත් කිසිදු හඩක් පිට නොවී ය. නමුත් මා දිගටම හැකි තාක් වෙර යොදා කට හැර කෑ ගසන්නට උත්සාහ කලෙමි.
* . *. *
ඉන් පසු සිදු වූ දේ අප දෙදෙනාටම ජිවිත කාලයටම අමතක නොවේ. ඒ වනවිට පොද වැස්ස ධාරානිපාත වැස්සක් බවට පත්ව තිබුනි. හූ යන හඩක් සුලගත් සමගම පැතිර ගියේය, එය කොතරම් ත්‍රීවුර වීද යත් බකාඩි බෝතලය විදුරු කටු ගොඩක් බවට පත් විය. එය අප දුටුවේ අකුනුවල ආලෝකයෙන් කාමරය ක්ෂනයකට එළිය වූ විටය. ඒත් සමගම කාමරයෙහි විදුලිය නැති විය. විනාඩි පහළොවක් පමන එසේ ගත වන්නට ඇතැයි සිතමු. නැවත කාමරය ආලොකමත් ඌ පසු අප අතර දිගු නිහැඩියාවක් වූයේ සිදු වුයේ කුමක් ද යන්න අප තෙරුම් ගැනීමට උත්සාහ දරන්නාක් මෙනි.
* . *. *
පෙර සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් පසු මෙම කාමරය අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් වසා තිබූ බවත් කිසිවෙකු එහි නවාතැන් නොගත් බවටත් මා ජයෙගෙන් පසුව අසා දැන ගත්තෙමි. තමා වෙරි වූ පසු කියන්නේ කරන්නේ මොනවාදැයි තමා නොදන්නා බවත් මාගේ කාමරයෙහි ඉතිහාස කතාව කීම තමා කල මෝඩ කමක් බවත් කියමින් ඹහු ඉන් පසු දස වතාවක් පමන මගෙන් සමාව අයැදියෙ ය. හොල්මන් අවතාර විස්වාසය නොකෙරුවත් මාගේ සිතෙහි තිගැස්ම මාසයක් පමන වන තෙක් තිබුනේ ය. නමුත් පුදුමයට මෙන් ඉන් පසු කෙදිනකවත් මට මා දිහා කවුරුන් හෝ බලා සිටිනවා යන සිතිවිල්ල ඇති වූයේ නැත. දැන් මා මෙහි සෙවයේ නිරත වී අවුරුද්දක් පමණය. මට දැන්පෙම්වතියක්ද සිටි ඇය සමග රාත්‍රියේ දුරකථන සන්වාදයේ යෙදි සිටින මට නොදැනුවත්වම ළදරුවෙකු මෙන් නින්ද යයි.
ඇතැම් විට එදා වූ සිදුවීම වෙරිමරගාතයේ සිටි අප දුටු දශ්ටි මායාවක් විය හැකිය. කාමරය ගැන කතාව ජයේ එදා මා බය කිරිමේ අදහසින් කිවාද විය හැකිය. ඒ මොක උනත් මට දැන් කම් නැත.