හීන එන්නේ තෑගි එක්ක
රදීනා සංජීව
සේරාට මේ අවුරුද්ද පටන් ගනිද්දි හීනයක් තිබුනා ගිය පාර miss උන netball tournament එක දිනන්න.සේරා හීනෙ ලගටම ඇවිල්ලා..අන්තිම සතියටත් ඇවිල්ලා…සේරාගේ diary එක කියවන්න හම්බුනා..හීනෙට මොකද උනේ කියලත් දැක්කා…දැන් අහන්නෙපා uni එකේ nursing degree එකක් කරන සේරාගේ personal diary එකක් ඔයා අරන් කියෙව්වේ කොහොමද කියලා..මම කොහොමහරි හොයන් කියෙව්වා ඉතින්….
2025/09/09 – මහන්සි!
අද වගේ දවස් මට කොයි වගේද දැනෙන්නේ කියන එක ගැන පොඩි controversial ගතියක් තියෙනවා..
මට මැරෙන්න තරම් මහන්සියක් එපා වීමක් දැනුනත් මම ටිකක් සතුටුයි මම අද phone එක ගත්තේ නෑ…productive හිටියා..specially තනියම පාඩුවේ හිටියා කියලා..
උදේ 5.18 ට නැගිටලා ලෑස්ති වෙලා clinical ගිය වෙලේ ඉදන් මම රෑ 8.30 වෙනකන්ම වාඩි වෙන්න ඇත්තේ පැයකටත් අඩු කාලයක් වෙන්න ඇති.ward එකේ හිටගෙන දවසෙම මගේ උපරිමය වැඩ කලා..මම කොහොමටත් ice ගහන කෙනෙක් නෙමෙයි..මට යාන්තම් කොන්ද රිදීගෙන එනවා දැනුනා..හවස practice එක ඉවර වෙද්දි හරි ඉතින්……
උදේ matron office sign කරලා ward එක පැත්තට යද්දි වැහි ගතියට තිබ්බේ..අමුතු සනීප හුලගක් මගේ පැත්තට ඇවිදන් යද්දි ආවා..මට තත්පර කීපේකට මම හැමතිස්සෙම ඔලුවෙ දාන් ඉන්න බර නැති උනා වගේ දැනුනා..(පුලුවන් උන වෙලාවක මගේ ඔලුවේ බර ගැන කියන්නම්)
මගේ හිතට හරි මදි..ward එකේ අපිට ඉගෙනගන්න කියලා assign කරපු part එක කවුරුවත් අපිට ඉගැන්නුවේ නැහැ..මම මතක් කලත් ඒක හරි ගියෙත් නැහැ..
හවස මම ඉවර උන ගමන් මගේ cap එකත් hostel යන යාලුවෙක්ගේ ඇගේ ගහලා දිව්වා පාර දිගේ..දැන් නම් යටි පතුල් දෙක පව් කියලා හිතෙනවා..
මගේ sexy කොට සායත් දාගෙන යද්දි අද match එකක් කියලා දැක්කා..අපේ last practice match එක..මට ඕනේ උනා හරියටම මේක කරන්න..මම miss team talk එක දෙන වෙලේ එකින් එක මගෙන් වෙන්න ඕනේ දේ මතක් කලා..
මගේ හිතේ බයක් තියෙනවා..කැළණිය match එක අපි දිනයිද???මම දන්නවා ඒක අනිවාර්යෙන් අමාරු වෙයි..මම ගිය සැරේ වගේ මගේ game එක ගහන්නේ නැතුව එලියට එන්න මම කැමති නෑ..අවුරුද්දක මහන්සියක් මට අපතේ දාගන්න ඕනේ නෑ..ඔහොම වෙලාවකට හිතෙද්දි..මගේ අනිත් inner voice එක කිව්වා දිනන එක, පරදින එක කවුරුවත් ගනන් ගන්නේ නෑ දවස් කීපයක් ගියාම..ඒක නිස අනවශ්‍ය pressure එකක් ඔලුවේ හලාගන්නේ නැතුව ගිහින් ඔයාගේ maximum කරන්න…team එකට spirit එකක් වෙන්න…අන්තිම second එක වෙනකන් team එකට කතා කරන්න..appreciate කරන්න..cheer up කරන්න..ඔයාගේ උපරිමෙන් fight කරන්න..එලියේ අය ඔයාට හිනා උනත් ඔයා fail වෙනවා කියලා දැක්කත් මට ඔය කිසිම දෙයක් කමක් නෑ..මම මගේ උපරිමේම කරන්න ඕනේ…කියල මම මටම කිව්වා…
අද match එකේ මම ඒ දේවල් ගොඩක් හරියට කලා..හැබැයි එක pass එකක් නම් ඒක වැරදියට වෙන්න යන pass එකක් කියලවත් දැනුනේ නැහැ..අවුල් ගියා හිතාගන්න බැරි විදියට..හරියට මගේ ජීවිතෙත් වගේ…ඉතින් එහෙම ඒවා වෙනවා තමයි..ඒවට වෙන්න දීලා ඉන්න කියලා මම වැටෙන්නේ නැතුව play කලා ඒකට මට miss ගෙන් බැනුමකුත් ලැබුනත්..
Practice ඉවර වෙලා නම් මට අන්තිම පන ටික තමා ඉතුරු වෙලා තිබුනේ..කොන්ද අල්ලන් යන තත්වෙට ආවා..මම වෙනදට හිස් bus එකක් බලලා නැග්ගත් අද නම් hard luck..මගේ knees කැඩිලා යයි කියලා මම හිතුවේ. චුට්ටක් ඇඩෙන්න වගෙත් ආවා රිදෙන රිදිල්ලට..හැබැයි මම proud මම උදේ ඉදන් හිටගෙන ward එකේ එහාට මෙහාට දුව දුව වැඩ කලත් මම අද tired නැතුව play කල එක ගැන මට සතුටුයි..
මම bus එකේ එන ගමන් අම්මට call එකක් අරන් මගේ දුක කිව්වා..මට ඉන්නේ ඇත්තටම අම්මා විතරයි කියලා මට තනි වෙද්දි හිතෙනවා..කොහොම උනත් මාව අනිත් හැමෝටම අමතක වෙයි මගේ අම්මට ඇරෙන්න කියලා මට හිතෙනවා…..
මේ ටිකේ වතුර බොන එක අඩු උනා ඒත් හිතලා පුලුවන් තරම් බිව්වා කෑවා..match එක නිසාම..
මම ඉගෙන ගන්නේ නැති එක තමා ප්‍රශ්නේ..ඒ කියන්නේ මට ඒක කරන්න ඕනේ..ඒත් මම ඒක කරන්නේ නෑ…මම ඒකට හරිම demotivated…මම practical දේවල් ආසයි…මට කොලයක් බලන් දේවල් මතක තියාගන්න වැඩේ..තේරුම් ගන්න වැඩේ ටිකක් අමාරුයි..ඉගෙනගන්න ආසයි ඒත් ඒක පුදුම අමාරුයි..දැන් පොඩි part time එකක් කරන නිසා තව වෙලාව නෑ..දැන් ඇවිල්ලා රෙදි සෝදලා, වනලා හෙට bags ලෑස්ති කරද්දි මට කොහොමත් අමාරු..
බලමුකො ඉතින් දවසින් දවස මම ගෙවෙන්න දෙනවා..මේ ටිකේම clinical, match, practice, exam කියන්නේ මම low key pressure එකක තමා ඉන්නේ…ඒකත් එක්ක මගේ හිතේ තියෙන බරයි සේරම එක්ක මම දවසට යන්න දෙන්න අරිනවා…
දැන් 9.26 යි දැන් නවත්තන්න වෙනවා..රෙදි හෝදලා ඉතුරු ටික කරන්න දෙන්න ඕනේ නිසා…
2025/09/10 – Ice bath
ඇයි මම interval එකේ වාඩි වෙන්න එද්දි පැය බාගයක්ම ගිහින් ඉවර!! අද උදේ ශනුකි මගෙන් ඇහුවම ඔයාට clinical එක්ක practice යන්න එපා වෙන්නෙ නැද්ද කියලා මම කිව්වේ practice නම් යන්න එපා වෙන්නේ නෑ…clinical තමා එපා වෙන්නේ කියලා..
උදේ ඉදන් මම පිස්සෙක් වගේ කෑවා..මගේ නරක පුරුද්දක් තියෙනවා මම අකැමැති විදියට දවස් ගෙවෙද්දි මම ඒ stress එක cover කරන්නේ කෑම ගිලලා..not good but can’t help myself..
අද ward එකේ shape එකේ වැඩ ටික කරන් හිටියා..morphine දුන්නා..දේවල් ටිකක් ඉගෙනගත්තා..not bad..
මම interval එකටත් අලි පැටියා වගේ කෑම එකක් උස්සන් එද්දි මගෙන් එක aunty කෙනෙක් ඇහුවා මට මානසික doctor කෙනෙක් හම්බවෙන්න පුලුවන් ද ඒ කොහොමද කියලා..එයාගෙ මූන තරමක් අවුල් පාටක් තිබ්බා..කොන්ඩේ tinted සහ අවුල් වෙලා වගේ තිබුනේ…
මම වෙලාවට මේ hospital එකේ mental counselling ගැන දැනන් හිටියා යාලුවෙක්ගෙන්..මම කිව්වා එයාට යන්න ඕනේ විදිය…
“Opd එකට යන්න ..එතනින් ඔයාව අදාල තැනට යොමු කරයි”
මගේ හිත ලාවට රිදුනා..එයාගෙ හිතේ බරක් ඇති…මට මතක් උනා මම මීට මාස කීපෙකට කලින් මගේ දෙවෙනි break up එක නිසා ඔය විදියට අසරණ උන විදිය..මගේ ඒ කාලේ හිතේ දුවපු දේවල්..
“මම හැමදාම මෙහෙම හිස් වෙවී ඉදියිද?
මම මීටත් වඩා ලෙඩ වෙයිද?
මට කවුරුත් නෑ
මට දැනෙන දේ වෙන කාටවත් දැනෙන්නේ නෑ…”
මට මතක් උනා මගේ මතක..
දැන්නම් මම ගොඩාක් හොදින්..
මට හැමදවසෙම මගේ ex ව මතක් වෙනවා..මට එයාව මතකෙට එන්නේ මම හරි නරක කෙනෙක් වගේ මට සලකපු මාව කමකට නෑ කියල සලකපු කෙනෙක් වගේ…තරහක් නම් එන්නෙම නෑ…(grateful)..ඉදලා හිටලා ආදරේ හිතෙනවා..ඒත් මම දන්නවා..මට ඒ ඒ මිනිස්සුන්ගේ නරකක් මතක් වෙන්නෙ නැත්තේ මට එහෙම නරක වෙන්නේ කොහොමද කියලා තේරුමක් නැති නිසා කියලා……
අද ward එකේදි ආච්චියෙක් එයාට චූ බරයි කියලා bed pan එක ඉල්ලුවා..ඒ කිව්ව විදියට තේරුනා පොඩ්ඩක් urgent කියලා..minor staff නෑ..busy වගේ..අපිට bedpan ගෙනියන්නත් ලාවට මිස්ලා එපා වගේ එකක් කියනවා..මම නම් ඕවායේ හරි වැරද්දක් දන්නේ නෑ…අපිට procedure එක නම් උගන්නනවා…මට ආච්චිව අමාරුවෙන් තියන්න බෑ අනේ..මම එයාට උදව් කරලා මමම minor staff එක normally කරන වැඩේ කලා..මට මගේ හදවත ලොකු එක ගැන ගොඩක් වෙලාවට සතුටුයි…මට වෙන කෙනෙක් ගැන අනුකම්පාවෙන් අමාරු දේවල් කරන්න තරම් හිතෙන එකට මම කැමතියි..
අද හවස් බාගේ නම් මට හිත හොද නැහැ..ඒකට හේතුව කෙනෙක් කිව්ව දෙයක් ගැන මම වැඩිපුර හිතුව එක..මගේ team mate කෙනෙක්..
මම ගැන මගේ හිතේම තියෙන doubt එකක් වෙන්නත් පුලුවන් මට overthink කරන්න හේතුව…
මම ටිකක් මගේ emotions එලියට පෙන්නන කෙනෙක්..මම ලියනවා facebook එකේ..ඒ ලියද්දි මම ඇත්තටම පොඩ්ඩක් හිතනවා මට close නැති අය මාව judge කරනවා ඇති කියලා…
මට කෙනෙක් අඩුපාඩුවක් හරි offensive දෙයක් කිව්වොත් හිතට අවුල් යන එක පොඩ්ඩක් වැඩි…ඒක නම් මම හදාගන්න try කරන ඒත් හරියන්නෙම නැති weakness එකක්…
මම කල්පනා කරන්නේ මම ඉන්න විදිය අනිත් අයට ආස නැති වෙන තරම් අවුල්ද කියලා…අද ටිකක් හිතන වැඩි දවසක් වෙන්න ඇති…
මම මේ ලියන්නේ bus එකේ හිටන් ඉදන් අනේ…මගෙ දණහිස් මාර විදියට රිදෙනවා ..මම කොල්ලෙක් වගේ seat එකකට හේත්තුව දාන් එන්නේ..හරි නෑත් වගේ..ඒත් මේ වෙලාවේ මට බැහ්…මට රිදෙනවා ඕවා හිතන්න බැහ්!!
අද මගේ uni netball life එකේ අන්තිම ice bath එක..මට ඇත්තටම දුකයි..අනේ මන්දා හැමදේම ඉවර වෙන කාලයක් එනවනේ..මම මේ සැරේ මහන්සි උන විදියට මට අපිට match එකේදි result ආවේ නැතොත් කියලා හිතුනා අනේ…එහෙම වෙන්න පුලුවන් කියලා මම දන්නවා..
මගේ දෙවෙනි affair එක මම පුදුම තරම් pure intentions තියාගෙන හිතේ මාරම ආදරයක් තියාගෙන කරපු එකක්..මම affair එක පටන් ගත්ත දවසේ ටිකක් confuse වෙලත් වගේ ඉස්සෙලම කලේ බුදුහාමුදුරුවොන්ට මල් තියලා වැදලා මගේ bf ට මම නිසා කිසිම pressure එකක් එන්න එපා..එයාගේ හැමදේම හරි යන්න කියලා…
අන්තිමට මට result එක විදියට හම්බුනේ depression pills, මාස 3 ක් intense mental pain එකක්..සහ කවදා ඉවර වෙයිද දන්නේ නැති ලොකු බරක්..විසදගන්න දන්නේ නැති අවුලක්..මේකෙන් පස්සේ මට ඕනේ දෙයක් හිතුවේ නැති විදියට වැරදෙන්න පුලුවන් කියන negative thought එක මගේ ඔලුවෙන් යන්නේ නැහැ..
බලමු ..දවස් ගෙවෙන්න දෙන්න අරිමු..
මම මීට වඩා මගේ goals වලට මහන්සි වෙන්න ඕනේ..ඇයි මම ඒක කරන්නේ නැත්තේ කියලා මට හිතෙනවා…මට තිබ්බා මීට වඩා dedicate වෙන්න…මම ආසම හීනේට මීට වඩා වැඩ කරන්න…..
දෙවෙනි bus එක miss උනානේ…හිටන් ඉන්නවා uber motor එනකන්..රෑ 8.15 වෙලාව..අනේ දැන්නම් ඇත්තටම ඇති…ඒ මනුස්සයත් හෙන දුරක ඉදන් rides යන්නේ එන්නේ මේ මහ රෑ මාව kidnap කරන්නද මන්දා..
අදට ඉවර කරන්නම් ලියලා..සේරාට හිතට හොදයි..ලිව්වානෙහ් හිත කියන දේවල්…
2025/09/11 – මරණය
අද නම් මතක ගොඩක් ගොඩ ගැහුන දවසක් කියන්න පුලුවන්..
උදේ alarm එක වැදුනට ඉතින් ඇහැරුනේ නෑ මම..නිදි කුම්බරයා වගේ හිටියා…හැබැයි ඇදෙන් බිමට පනින්න උනා 7.17 වෙද්දි දනුක call කලා 7 වෙද්දි data collection යන්න ඕනේ කියලා research එකට..මන් හිතුවේ 8.30 කියලා..ඇදගෙන පහලට ගියා ඉතින්..දනුකගේ bike එකේ පිටිපස්සෙන් වාඩි වෙලා එහෙ මෙහෙ බල බල යන එක මට නිදහසක් වගේ දැනුනා….
මට අද කරන්න තිබුනේ අපේ research එකට අදාලව ප්‍රශ්න අහන්න මිනිස්සුන්ගෙන්. හනෙ පනත් ගියා එක දිගට අහලා අහලා..හැබැයි එක එක මනුස්සයා හිතන විදියේ වෙනස්කම් කොච්චරද..ගොඩක් අය තරුණ අයට මරණය පිලිගන්න අමාරුයි කියලා හිතද්දි, එක්කෙනෙක් කිව්වා නෑ කාටඋනත් මරණය එකයි කියලා..මිනිස්සුන්ට තම තමන්ගේ experience අනුව දේවල් පේන්නේ එක එක විදියට..මිනිස්සු ඉතින් ගලපන් වෙන්න ඇති එකට ජීවත් වෙලා ඉන්නේ….
සමහරුන්ට තමන්ගේ ආගම කියන එක ජීවිතේ අවසාන කාලෙට වැදගත්කමක් නෑලු..සමහරු අවසන් කැමති පත්‍රෙ දැක්කේ ජරා වැඩක් වගේ ….
විවිධාකාර විදියටනෙහ් හිතන්නේ මටත් හිතෙනවා මන් වගේ හිතන කෙනෙක් තවත් නෑ කියලා….complex වැඩී….
ලස්සනම දේ අපි දනුක අදුරන ගෙවල් දෙකකට ගියා. හරි අහින්සක ඒත් ප්‍රශ්න තියෙන මිනිස්සු..එයාලා දනුකට හරි ආදරේ අනේ…අපිට තැඹිලි දීලා..හරි ආදරෙන් කුලුපගව කතා කලේ …මට දනුකට ආදරෙත් හිතුනා එයා හරිම හොදට ඒ මිනිස්සුන්ට කතා කරලා සෙට් වෙලා තිබ්බා…මට බැරිම දෙයක් මිනිස්සුන්ට ලං වෙන එක..මට තේරෙන්නේ නෑ අප්පා ඔය වැඩේ…හී ගාගෙන විරිත්තන් ඉන්න තමා මම දන්නේ…ඉදලා හිටලා forward personality එලියට ආපු වෙලාවල සෙට් වුනු මනුස්සයො කීප දෙනෙක් ඇරෙන්න මම මිනිස්සුන්ව අදුරන්නේ නැහැ…bad bad serah!
දනුක මාර විදියට research එකට මහන්සි වෙන්නේ එයා තමා leader…සේරම බර කරට අරන් plan කරන නිසා අනිත් අය shape එකේ වැඩ කරන් යනවා වගේ දැනෙනවා..දනුක තමා batch top ඉතින් පුදුමෙකුත් නෑ එච්චර මහන්සි වෙන එක ඉගෙනගන්න එකට..මම එහෙම netball, කරන අනිත් අටමගල් බදාගෙන ඉන්න නිසා research එක ගැන මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ වගේ හිතෙනවා.පුලුවන් උපරිම ඉඩ ලැබෙන හැම මොහොතෙම ඒක ගැන තේරුම් ගන්න බලනවා මම…degree එකක් කරලත් research ගැන දන්නේ නැති වෙන්න මට ලැජ්ජයි වගේ හිතුනා…දනුකට පොඩ්ඩක් මල පනින එක තමා ප්‍රශ්නෙකට තියෙන්නේ..කෑගහගත්ත ගමන්…
අද එතනින් එහාට special දෙයක් උනේ නෑ මට දවසේ…ටිකක් දුක හිතිලා තිබ්බේ යාලුවෙක් ගැන..එයා හොද යාලුවෙක් මගේ ඒත් මම එයා එක්ක කතා කරන එක නැවැත්තුවා ආයේ එයා කතා කලොත් එයා කරන වැරදි වැඩක් ගැන කියන්න ඕනේ නිසා..හොදින් කිව්වට තේරුම් ගන්නේ නැති නිසා..එයා ට ඒත් මම කතා කරන්නේ නැති එක ගානක් නෑ කියල තේරෙනවා ඒක නිසා මට එයාගෙ දකින වැරැද්ද හදන්න වෙන එකක් නැති වෙයි..ඒක හදන්නම ඕනේ එකක් නිසයි මම කතා කරන එක නැවැත්තුවේ…මම වෙනුවෙන් හරිම ලගින් හිටපු කෙනෙක්..ඒත් වෙන්න තියෙන දේ වෙනවනෙහ්..මෙන්න මෙහෙම ඉන්නවා..එයාගේ චූටි nephew ට අද කෑම දෙන දවස නිසා එයා සතුටින් ඉන්නවා දැක්කා..මට ඒක දැක්කමයි අපි දෙන්නා කතා කරන්නේ නැති එක ගැන කල්පනා උනේ…
එහෙනම් අදට ඉවර කරලා ලැබිච්ච පොඩි නිදහසේ ඉතුරු වැඩ ටික කරන්න යන්න ඕනේ…