jix.;h yd wdorh
wkq;a;rd tYdks

වසංගතය, වසංගතය කියද්දී………..
දුකක් ද නැතිනම් සතුටක් ද ඇති වෙන්නේ කියලා හිතා ගන්න බෑ.
ඒ ඇයී??

මේ ඔයාට පිස්සු ද?
අපෝ නෑ කෙල්ල…….

මේ වසංගතය උදා වුනත් එක්කම කට්ටියකට හොඳක් උනා. තවත් කෙනෙක්ට නරකක් උනා. ඒ වගේම තවත් පිරිසකට මෙලෝ රහක්නැ. ඒ මෙලෝ රහක් නැති අතරේ මම ඉන්නවා.
මම කෙල්ලෙක්. මගෙන් ප‍්‍රශන්න ඇහුවෙත් කෙල්ලකේ. නෑ… ඒක වෙන්න බෑ. මේක කියවන ඔයා කොල්ලෙක් වෙන්නත් පුළුවන්. මේ හිනා වෙන්න ඔට්ටු නෑ.

අපේ ගෙදරනම් වසංගතය හින්දා ආදරය පිරුණු තැනක් උනා. ඒත් මම කැමති පවුල නෙමේ මේ. ඇන් අහන්න එපා ඒ ඇයි කියලා. දැනට හිත හදා ගන්න මම ඒ පවුලට ආගන්තුක කෙනෙක්් කියලා. ඔන්න දැන් කල්පනා කරනවා.

ඒ කෙල්ල මොනවද කල්පනා කරන්නේ.?
මුකුත් නෑ බන්. කම්මැලී….. තව…..
ඉතිං තව ඇයි මොකෝ…….
ඉතිං තව ඇයි මොකෝ

 

කියලා ඇහුවේ මගේ යාළුවා. එයා හැම දේම දන්න මගේ ප‍්‍රතිබිම්බයයි. වසංගතය පටන් ගැන්මේ ඉදන්ම වගේ මගේ තනියට පාළුවට හිටිය මගේ යාළුවා. ඒ තමයි මගේ ආදරණීය යාළුවා. ඒකී නොදන්න දෙයක් නෑ. මගේ හැම රහසක්ම දන්නවා. ඒ කියන්නේ එයා හරිම භයානයක කෙනෙක්.

මම පොදුවේ මෙහෙම කතා කරන්නම්. මම ඇත්තටම ආදරය දැක්කේ ගහකට මුවා වුණු කුරුළු ජෝඩුවක, පුංචි ඉවුරක එකට වෙලිලා මුමුණ මුමුණ ආදරය කරන හංස ජෝඩුවක. ලහි ලහියේ ගෙදර පරාලයක උඩ කොහු ගෙනල්ලා ගෙයක් හදන්න මහන්සි වෙන ලේන් ජෝඩුවක. අවංකවම මම එතනයි ඇදරය කියන දේ දැක්කේ. සමහර වෙලාවට ඔයා මගේ එක්ක එකග නොවන්න පුළුවන්….. ඒත් කමක් නෑ.

ඇයි බං ඔහොම කියන්නේ ?
ගෙදර මිනිස්සු උබට ආදරේ නැද්ද ?

මුළු ලෝකයම වහලා. පාරවල් හිස්වෙලා. අහස නිල් පාටට දිලිසෙන කොට එයින් උපරිම සතුට ලැබුවේ සත්තු. ඔවුන් නිදහසේ ජීවීතය වින්දා. ඇවිද්දා. සෙල්ලම් කරා. පිරිසිදු වාතය ලබා ගත්තා. නිදහසේ වර්ගයා බෝ කරා. බය නැතුව ජීවත් උණා. එතකොට ඔයා කියන්න බලන්න අපි ලගද අවංක ආදරය තියෙන්නේ කියලා ?

උබටනං පිස්සු බං…..

හ්ම්. ඔව් මට පිස්සු. මේ උමතුව ගැන දන්නේ උබ විතරයි බං. ඉතිං ඇයි ඒ ගැන දැන දැනත් මගෙන් අහන්නේ, මට කියන්නේ පිස්සු කියලා. එහෙනම් දැන් මෙතන උබටයි පිස්සු. ගොඩක් අය දකින විදිහට මම මෙහෙම කියන්නම්, මේ ලැබුණු දීර්ඝ නිවාඩුව නිසා තෙරුම් ගත්ත නැති තේරුම් ගන්න අමාරු උන දේවල් පවුල් ජීවිත එකතු වෙලා දෙන්නට දෙන්නා හොඳට තේරුම් අරගෙන ජීවත් උනා. අනියම් සම්බන්ධතා දුරකථනයට විතරක් සීමා වෙලා තමන්ගේ කසාද ගෑනි හරි කසාද මිනිහා එක්ක හරි හොඳට වෙනදටත් වැඩිය හොඳට පවුල් කෑවා. මුළු පවුලම එකට එකතු වෙලා වගා කරා. විනෝද උනා.

මේ ඔයා දකින ආදර කතා. ඒත් මම දක්න ආදරය වගේම වසංගතය හාත්පසින්ම වෙනස්.

දැන් උබ දකින්නේ කොහාම ද?

ම්……… ම්……… මේක වෙනස්ම ආදර කතාවක්. ඒ කියන්නේ මගේ ආදර කතාව. හැබැයි මේ කතාවේ ආරම්භය දැන් නෙමේ පටන් ගත්තේ. පටන් ගැන්ම මුල තියෙන්නේ.

උබටනං හොඳටම පිස්සු..

හ්ම් ඔව් හොඳටම පිස්සු. ඒ මගේ ආදරය මට නැති උනා වගේම වෙන ආදරයක් මට ලැබුණා නිසයි. ඔයා දන්නවද මේ ලෝකේ ආදර වර්ග කීයක් තියෙනවද කියලා. නෑ නේ ද?

එහෙනම් හොඳට අහාගන්න. අපි හොඳට දන්න ප‍්‍රතිවිරුද්ධ ලිංගිකයන්. ඒ කියන්නේ කොල්ලයි කෙල්ලයි. ඒ වගේම තවත් තියෙනවා. කෙල්ලයි කෙල්ලයි, කොල්ලයි කොල්ලයි. දැන් මට බයින්න ලෑස්ති වෙන්න එපා.
ආදරය කරන්න ඕනම කෙනෙක්ට අයිතිය තියෙනවා මැණිකේ. ඒකයි බොල මම කිව්වේ. මගේ ආදරය නැති උනේ වසංගතය එක්කමයි. වසංගතය හේතු කරගෙන මාව සැක කරා. හරිම විකාරයි නේද? දන්නවද මගේ දුක අහපූ ගෑනි තමයි දැන් මගේ කොල්ලගේ අලූත් මනාලි. මට ඉතිං හරිම සතුටුයි. ඒ ඇයි දන්නවද. මට අවංකව කවදාවත් මාව අමතක කරන්නේ නැති වැගේම යන්නේ නැති ආදරයක් මට ලැබුණා. හැබැයි දැන් හිතන්න එපා හැමෝම වගේ පොදු මානයෙන්. ඔන්න තවත් කොල්ලෙක් කියලා. හරි හරි කොල්ලෙක් තමයි. හැබැහි එහාට ගිය ආදරණිය කොල්ලෙක්. ඒ කොල්ලා ඔයාට සමාන කරන්න බෑ. දැන් කතාව අවසන් කරන්න ඕන නේද? මොකද ගොඩක් වෙලා මම කතා කරානේ. කලින් කිව්වා මතකද මගේ හොඳම යෙළුවා ගැන. ඒ කිව්වේ මගේ ප‍්‍රතිබිම්බය කියලා. අන්න එයා. එයා තමයි මගේ හැමදේම. එයා අනිත් අයට වඩා එහා ගිය කෙනෙක්. මට ගොඩක් ආදරය කරනවා. එයා හැම වේලාවෙම මගේ එක්ක ඉන්නේ. එයා තරම් මගේ ගැන වෙන කවුරුවත් හොයන්නේ නැති තරම්. මිනිසුන්ට වඩා වන සතුන් අවංකයි. ඔයා මගේ එක්ක එකගයි ද? ඔට්ටු නෑ හොදේ බයින්න.

මම අවංකවම ඇත්ත ආදරයට මුහුණ දුන්නේ වසංගතය නිසා. ඒ නිසා මුලින්ම මම වසංගතයට ආදරෙයි. කෙනෙක්ව අදුන ගන්න, තේරුම් ගන්න, හොඳට ඇසුරු කරන්න අවස්ථාව මේ ආදරණීය වසංගතය උදව් උනා.

මේක අහන් ඉන්න ඔයාට මෙකේ කිසිම තේරුමක් නෑ කියලා හිතෙනවා ඇති. එහෙනම් ඔයාගේ රසිකත්වය ච්න්තනය ඒකාකාරියි. මගේ හොඳම යාළුවා කෙල්ලෙක් කිව්වා මතකද? එයාට තමයි මම ගොඩක් ආදරය කරනවා කිව්වා මතකද? ඒ කෙල්ල තමයි මගේ හැම දේම කිව්වා මතක ද?
ඒ තමයි ඔයා……

බය වෙන්න එපා. ඔයා නෙමේ. යන්න ඔයාගේ කැඩපත ඉස්සරහට. ගිහින් හිටගන්න. අන්න එයා තමයි. ඔයා කෙල්ලෙක්නම් ඔයාගේ ආදරය කෙල්ලෙක්. කොල්ලෙක් නම් ඔයාගේ ආදරය කොල්ලෙක්.

මේ වසංගතය මට ලොකු ආදරණීය පාඩම් ගොඩක් කියලා දුන්නා. ඒකෙන් එකක් තමයි මේ. ඒ කියන්නේ මේ ඒකාකාරීව හැල්මේ දුවන ජීවිතයට ටික කාලයකට සමුදීලා තමන් තමන්ට ආදරය කරා. කණ්ණාඩිය ඒ ගැන ගොඩක් දේවල් කතා කියයි. අපේ හැම ඉරියව්වක්ම කණ්ණාඩිය දන්නවා. යන්න ඔයත්, ඉස්සරහට ගිහින් එයා එක්ක කතා කරන්න. එයා ඔයාට ගොඩක් දේවල් කියලා දෙනවා. විරුද්ධ කෙනෙක්, සම කෙනෙක් වෙන්න ඕන නෑ ඇදරයට. තමන්ට පුළුවන් මුළු ලෝකයටත් වඩා තමන්ට ආදරය කරන්න.

දැන් ඔයා තාමත් කියන්නෛ් මට පිස්සු කියලද? වෙන්න පුළුවන්. මේ පිස්සුව උමතුවක්. අවසානයක් නොමැති උමතුවක්. මම කලින් කිව්වා වගේ ඇත්තටම වසංගතයට ආදරෙයි. මේ වසංගතය මට කොලයකුයි පෑනකුයි අතට දීලා මාව මතක් කරා. අච්චු කරපු පොත් ගොඩකට මැව ගෙනිච්චා. ඒකයි මම ගොඩක් ආදරේ. හැබැයි ඔයාට වෙනස් වෙන්න පුළුවන් හොදේ.

මේ ඒයී…….
ඇයි මොකේ…
ආදරෙයි උබට මම.
මමත් ආදරෙයි ඔයාට ගොඩක්.

මේ ආදරේ කිව්වේ වෙන කවුරුවත් නෙමෙයි හොදේ. මගේ ආදරණීය මගේ ප‍්‍රතිබිම්බය. ඒ කියන්නේ කණ්ණාඩියයි.

එහෙනම් මම ගියා….

Share on Facebook
Share on Twitter
Share on Whatsapp