mekafvñla vhßfhka ojila
isisl,d fyar;a

ඔන්න එකෝමත් එක හොඳටම  අව්ව පායලා තිබ්බ දවසකට හැන්දෑ වීගෙන එනවා ගෑල්ලමයෙක් බස්සෙකට නැග්ගා ගෙදර යන්න. හරිම තෙහෙට්ටුයි. ඉතින් දෙකේ සීට්ටෙකක  අයිනේ, ජනේලෙට බර වෙලා, මාස්කුවෙන් මුණ වැහුණයින් කට ඇරුණක් මොකෝ හිතාන හොඳ නින්දක් දාගෙන ගියේ සහරා පුලෑස් මක්ක ගැයුවත් මයෙ මොකෝ මට නිදිමතයි මානසිකත්වෙන්.

නිදිකුමාර වැහීගෙන එද්දී කවුද මංදා හිමීට මෙන්න එහා පැත්තේ සීට් එකේ, කිසි ප්‍රස්නයක් නෑ හොදට ඉඩ තියලා වාඩි වුණා ගෑල්ලමයට දැනුණා. කවුරු උණාම මයෙ මොකෝ මට වදේ නොවී කියලා හිතානම ඇස්වත් නොඇරම ආයෙත් දොයි. ඔව්, ගෑල්ලමයා සැපට දොයි. සෑහෙන දුරක් ඇවිත් මෙන්න මෙයාට ඇහැරුණා වතුර තිබහ වෙලා.

කූල් එකක් රුපියල් පනායී කියාන විකිණුව බෝතලේ කූල් නැතිවෙලා ඒ වෙනකොටත්, ඒත් පියන ඇරලා උඩ බලානම හුගක් බීගෙන් බීගෙන ගියා. ඇස් දෙකත් අමාරුවෙන් ඇරලා නිදි මරගාතෙම වටපිටාවේ බැලුවෙ දැං කොහෙද ඉන්නෙ හොයාගන්න කියලා. වම බලා දකුණ බලද්දි මේං පිරිමි ළමයෙක් බලාන ඉන්නව හීනි කරගත්තු ඇස් දෙකෙන් හිනා වේගෙන කවුද දන්නෙ විරිත්තනව වත් ද කියල, මොකෝ කට පේන එකක් යැ, මාස්ක් එකෙන් වැහිලා. ඉතින් ගෑල්ලමයා වම බලාගෙනම යන්න තීරණේ කරා බෙල්ල කැඩුණත් කමක් නෑ හිතාන. ඇස් ඇරගෙනත් සෑහෙන දුරක් ආවා. ගෑල්ලමයට හිතේ බරක් නෑ. අපාසුවෙන් යන්න වුණේ නෑ සමහරක් දවස් වල වගේ. ඇනට් වුන්නෑ මේ කොල්ලා.

ඉතින් ඕම ඕම සෑහෙන දුරක් ගියාම ඕං ඇහෙනව දකුණෙන් හඩක්.

“ශටර් එක පොඩ්ඩක් අරින්න පුලුවන්ද?”

ම්ම්ම් හොද ප්‍රශ්නයක්, ගෑල්ලමයා ශටර් එක ඇරියා.

 

“ආදරෙම ද මංදා,

හොරැහින් මමත් වින්දා,

ඒ ඇස් හීනි හින්දා,

නොදොඩා ම හොර ගල් ඇහින්දා…!”

 

ඕම ගියාම තවත් දුර පිරිමි ළමයා මේම අහනව.

“කොහෙද මේ යන්නෙ”

“ගෙදර යනවා..”

ගෑල්ලමයා කියනවා. ඕම ඕම එකේකෙව්ව මැද හිස්තැන් ගොඩක් පිරැණු දෙබස් අතර ඇහෙනවා. හොදම දේ මේක, ඔන්න පිරිමි ළමයා අහනවා,

“මොකද කරන්නේ?”

“කැම්පස් එකේ”

ඔන්න ඊළගට හැමෝම හැමදාම අහන ප්‍රස්නෙ.

“ජපුරද කැළණිද?”

ගෑල්ලමයා කියනවා,

“නෑ කොළඹ”

“ආහ්, මං බ්ලාබ්ලාබ්ලා එකේ…”

පිරිමි ළමයා ප්‍රයිවට් කැම්පස්සෙකක නමක් කියනවා. ඒත් එක්කම එයා කියපි,

“ඔයාල ඉතින් අපි එක්ක තරායිනෙ නේහ්?” කියලා.

ගෑල්ලමයට හිතාගන්න බෑ, ඇයි යකෝ, අපි මොකටද බොලා එක්ක තරා. ගෑල්ලමයගෙ හිත කියනවා. ඒත් එක්කම වචනෙට එද්දි සැර බාල වෙලා, එයා අහපි,

“අනේ නෑ, කවුද කියන්නේ, අපි මොකටද තරා වෙන්නේ, අනික ඔයාම හිතාගෙන ඔයාම කියනවා මිසක් මං ඒම දෙයක් කිව්වෙ නෑනෙ හලෝ” කියල.

“නෑ ඉතින් ඔයාලා අපිත් එක්ක අගේන්ස්ට් එකට හැමදාම පිකටින්ග් නේ…” ඒ පිරිමිලමයගෙ උත්තරේ.

ගෑල්ලමයට හිතින් හිනා මයේ හිතේ. අනේ මූ කියලත් හිතෙන්නැති මයෙ හිතේ. ගෑල්ලමයා වම බලාගතවනම. ඉතින් ආයේ දිග හිස්තැනක්. පිරිමි ළමයට ආයේ ප්‍රස්නයක්. කැම්පස්වල කෙල්ලො හරි අමුතුයි. ගෑල්ලමයා දකුණ බලලා හිනාවෙලා, වම බලානම යන්ව, නෑ මං මේ කිව්වේ එලියට බැස්සාම ෆ්‍රෙන්ඩ්ලි නෑනෙ. ඒ පිරිමි ළමයා කිව්වේ එහෙම.

“ආහ්, ඔයාලගෙ කැම්පස් එකේ ගෑල්ලමයිනුත් ඒමද?”

“නෑ මං කිව්වේ ගවමන්ට් කැම්පස්වල”

“ම්ම්ම්ම්ම් අනේ මංදා , මං  නං හැමදාම මේම, කැම්පස් ආවයින් වෙනසක් උන්නෑ…”

මේම කතා ගොඩාරියක් තිබුණා…ඉතින් මං මේ ටික හිතේ කොටා ගත්තා ලියන්නමයි කියලා. ඕං ලිව්වා… ඒත් මට තේරෙන්නෑ …ඇයි ඕයි ඒම…??? ඇයි ඒම…???”

“පලයන් යන්න හිතවත,

ඔබ නොවේ,

ඒ හැගුම් පමණක් මට ඇතී…”

එදා මහ රෑ බස් එකෙන් බැහැල ගෙදර ආව මට ඉවසුමක් තිබ්බෙ නෑ මේ ටික අකුරු කර ගන්නකං.

 

“තව පැය විසිහතරකට

බලා සැනසෙන්න,

හිතෙන් හිනැහෙන්න,

හේතුවක් මැවුණ එක

ඉස්තරම්,,,,

අඩව්, වට්ටම මදිව

නටයි ලබ් ඩබ් හඩට

හිත

කස්තිරම්…”

 

වෙහෙරක් තරම් බෙදාගත්ත බත් එක හුස්මට කාලා ඇදට වැටුනේ ජංගමයත් අතට අරගෙන. ඔව් මේක කොටාගෙන කොටාගෙන ගියා. කවදාවත් ම නොළියවෙන ගණයේ වචන තොගයක් එක්ක, දැට් මීන්ස් හීං හුරතල් තාලෙට වචන ගැළපිළා තිබ්බාම මට ම හිනා. දෙවියනේ මේ මම ම ද? හිතමින් ම දෙපාරක් තුම් පාරක් ඒ ක්ෂුද්‍ර ලියවිල්ල ලියෙව්වේ හීන් හිනාවකුත් කට කොනේ තියගෙන. ඒත් දන්නවද? හැමදා ම මහ රෑට පුරුද්දට එන කදුළු නවතන්න කොහොමටවත් ඔය පුංචි ඇබවලට බෑ. කදුළු ගැළුවාවේ, ඉතින් හිත හිනාවේ.

 

“ජීවිතයේ රහ වෙන්න

 ලුණු ටිකක් මදි ලු

 ඉතින් සොඳුර,

 කවියක්ම වැටෙන්න ම

 කඳුළු…”

 

 මං  කතාව  පටං ගන්නම් මෙතැනින්.

 එතකොට මං පොඩි, දැනට වඩා අවුරුද්දක් විතර පොඩි…

 තව  අවුරුදු කීයක් ගියත් ඉතින් මම පොඩි මොනව කරන්නද?  කර්මේ…..

හිත හිස් කරගන්න දඟලලා, දඟලලා, කියන්න පුළුවන් හැම නැලවිල්ලම මම ම මටම කියාගෙන නැළවිලා හිත හදා ගන්න ඔන්න මෙන්න වෙද්දි මහ හෙණයක් පාත් වුණේ අන්න ඒ කාලේ. තවමත් කොල්ලෙක්ගේ ආදරේ ගැන  තඹ දොයිතුවකට සීරියස් ගන්නැති, ඔහේ පාවෙන්න ආතල් කෝටියකට මුල්වුණේ අන්න ඒ කාලේ.  මට පැණි මොකටද මා උපන්නේ මී පැණි  අරංනේ කියාන මං මටම චොකලට් අරන් දෙන්න හේතු දුන්නෙ ඒ කාලේ.

මිස්ටර් ඕපියම්,  කොහේදෝ ඉඳන් කඩා පාත්වෙච්ච කාලේ. ඉතින් අනංගයා මටම තියලා විදලා ආ මේං පරිපූර්ණ පෙම්වතා ඔබටයි කියලා පිදුවත්,වට් ද හෙල් ක්‍යුපිඩ් මස්සිනේ බොට පිස්සුද අහන්න තරම්, එක මනුස්සයෙක් මට මතක් කර කර හිනාවෙන්න කතන්දරයක් දුන්න  කාලේ.

අම්මෝ ඒක නම් හීනයක්.

“ ඔයාට මං ගැන  ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් එන්න, නැත්තම් ඕන්නෑ, ටටා බායි”  කියන්න තරම් වාව්

මනුස්සයෙක් තමා ඕපියම්.

මොකද මං වාව් කියන්නේ දන්නවද, අයි ලව් දැට් ඇටිට්‍යුඩ්, අන්න එතනයි කෙලවුණේ. ආදරේ ලඟ නෙවෙයි ඔහොම ලොකුකම් ළඟයි මගේ හිත දියවුණේ.

 

“තුම්මංහංදිවල පාලුවටයි යක්කු

 පෙරේත තට්ටුවටමද බං අරක්කු

 ඔබ නාඩන් මැණිකෙ ඩිංගයි පරක්කු

 මහ ගල් නොපෙරළෙද තිබ්බට ලී මුක්කු…”

 

 ඉතින් ගල් සක්ක ගහන්න බැරි වෙච්ච මට මගේ ආඩම්බරකාර ඕපියම්ට ටටා බායි කියන්න වුණා.

 මට එපා!  අඹ ඇඹුල්.

 එතකොටම ඇඬෙනවා

 හිත අවුල්.

 ඒත් මට එපා! අඹ ඇඹුල්.

අන්න එදා එතනදි බං මං පටංගත්තා එයාට නෙවෙයි එයා ආදරේ කරන හැම දේටම ආදරේ කරන්න. ආදරේ කියලා දෙයක් නෑ කෑම තමයි හොයන්නේනෙ, කන්නෝනෙ.

“ඊයේ රෑ මන් ඔයාව හීනෙන් දැක්කා. වෙන කව-මදාටවත් වඩා හරි ලස්සනට. මට ඕනෙ වුණේ අපේ කතාවට ආයෙ පණ දෙන්න නෙවේ, ටිකක් වෙලා කතා කරන්න. ඒත් ඔයාට ඕනෙ වුණා ආයෙමත් අලුතෙන් පටන් ගන්න. අපට වචන දෙක තුනක්වත් කතා කරන්න නම් වුන් නෑ නේද? ඉතින් මං තීරණය කරල ඉවරයි, ඒ හිත මරලා දාන්න. හීනෙන් වුණත් මං ඒ දේ කළා. ඒත් ආයෙ ආයෙත් ඔයා ඇවිදින් හොල්මං කළා… මේ මෝඩ හිත ඕනෙවටත් වඩා කවි ලිව්වා..ඉතින් වරදක් උනාද? නෑ…ඔයා දුන්නු පද ගැළපුවාම මට එයාව සෙට් වුණා.”

ආයෙම දවසක ඩයරිය පෙරළද්දි මං ඔහොම එකක් ලියල තිබ්බා දැක්කා. ඔව් ඇත්ත, අවසාන වාක්‍යය හැර මං ඒ තරමට ම මාවම රවට්ටගත්තා.

ඔව්,

 

“මම ඔබව සොයන තාක් කල්

අබිරහස් තව තියෙන තාක් කල්

නොදැන නොහදුනනා තාක් කල්

ප්‍රේමයට පවතින්න පුලුවන්…!

දැනගත්ත දා පටන්, ඒ තප්පරෙන්

අරුමයක් නැති හෙයින්

හැරයන්න පුලුවන්

අබිරහස් තව මැවෙන තාක් කල්

ඉවසන්න පුළුවන්…”

 

ඉතින් මිස්ටර් ඕපියම්, ඔයා දුරින් ඉන්න. ඔයා ඕපන් වැඩී, මටම හොයාගන්න ඉඩක් දෙන්නෙ ම නැති තරමට ඔයා ඕපන් වැඩී.

ඉතින් මං හිත හදාගත්තා. හිනාවෙන් හිත තවාගත්තා. ආදරේ සෝපහාසයක් වෙන තරමට ම හිත නිවාගත්තා. ඒත් මං දන් නෑ මට තේරෙන් නෑ, ගෙවළෙයෙක් වගේ ඔයා අරක්ගෙන කියලා දැනෙන්නත් හුග කාලයක් ගියා. අදටත්, තවමත්, ඔව් මේ දැනුත් මොකද්දෝ දෝංකාරයක් එක්ක මං හිනාවෙනවා. මිනිස්සු මට පිස්සු කියල හිතනවා ඇති.

වට් ටු ඩූ ඕපියම්. ඔව්, එදා රෑ පංසලෙත්, උඹට ගව් ගනන් දුර තව තැන්වලත් උඹ ම මැවි මැවි තව තවත් හිත හොරාගත්තා…ආයෙ හැරිලා බැලුවම, නෑ උඹ නෙවෙයි ඒ වෙන කෙනෙක්.

 

“පෝදා තමයි, හද ආවත් පුරාවට

පුහුදුන් අපේ හිත් යන්වා මුලාවට

වැලි මලුවටත් වැඩලා සද කණාවට

ආයත් හැරී බැලුවේ හරි වෙලාවට..”

ඉතින්, මේ හැමදෙයක් ම විහිළු!

“හිත හිරවෙලා හීනයක් ළග

බැමි බිදුණාම එන සුරා සුව

හරි ඉස්තරම්…

නෑ වැඩක් නෑ

ඕනෑම නෑ

හිත හදාගත් තැන්වලත්

මල් පිපෙණා තරම්…”

 

Share on Facebook
Share on Twitter
Share on Whatsapp