wld,
wYdks .=K;s,l

“10ml බිව්වම විනාඩි දහයයි”  ඒකෙත් හැටි ඉපදෙන්න මාස දහයයි මැරෙන්න විනඩි දහයයි.

අද ඉඳන් අවුරුද්දක් පස්සට ගියාම කොයි තරම් දේවල් වෙනස් ද. වහින්න ළඟයි වගේ හරියට මගේ හිත වගේ. “චූටි දූ ඇවිත් තේ බොන්න” අම්මගෙ කටහඬට තමයි මම ආයෙම මේ ලෝකෙට ආවේ.උන  දේවලුත් මේ වගේ හිතලුවක්  උනා නම් කොච්චර එකක්ද. කෑම කාමරේට යනකොට තාත්තත් ගෙදර ඇවිත් හිටියා.” පුතේ අද ක්ලාස් තියෙනවද?  මම එන ගමන් හන්දියේ කඩෙන් ඩේටා දැම්මා”

“ ඔව් තාත්තේ අද බයෝ පන්ති  නේ” “තව ටික දවසයිනේ විභාගෙට පාඩම් කරන්න පුතේ.  දැන් ඔයා ෆෝන් එකේ ඉන්නවා වැඩියි”. 

මුකුත් නොකියම කාමරයට ආවෙම මගේ හිත තිබ්බේ හරිම හැඟීමක. ඩේටා ඔන් කළ ගමන්ම ආව වට්ස්ඇප්   පණිවිඩේ  දැක්කම පිට දිගේ කරන්ට් එකක් ගියා වගේ  දැනුනා.” උඹ එවන් නැද්ද?. නැත්නම් මම මේ ටික දාන්නද?”

ඉකි ගහලා අඬන්න ඕන උනත්  මම ඔහේ බලන් හිටියා. විනාඩියක් දෙකක් ද පැයක් ද කියන්න මම දන්නෑ ඔරලෝසුවේ කටු වෙනදට වඩා හිමින් කැරකුනා සද්ද නැතුව හොරාට හොරාට.

… හොරාට හොරාට හරියට කාට හරි බයෙන් වගේ. 

 කාටද මම කියන්නේ. මේකෙ අවසානයක් නැද්ද. මේ හැමදේම මගේ වැරදි.

“ දැන් ඔයා තීරණයක් ගන්න ඕන”  මගේ මොලේ ඇතුලෙන් කවුද මන්දා කියනවබ් ඇහුනා.

මම අවසාන වතාවට ෆෝන් එක ගත්තා. හැමදේම මකලා දැම්මා.  සිම් එකත් කොමඩ් එකට දැම්මා. පැරණි සිම් එක දා ගත්තා.

දැන් හරිද ප්‍රශ්නෙ ඉවරද?  නැහැ. ඇත්තටම එහෙම කළොත් මොකද වෙන්නේ. මම කොහොමද මුණ දෙන්නේ.

මගේ  මොළේ ඇතුලේ පිපිරෙනවා වගේ  දැනුනා.මම එහෙම්මම ඇදේ දිග ඇරුනා. 10ml  උගුර කඩා ගෙන පහලට යනවා දැණුනා.

කුප්පිය බිම වැටෙන සද්දෙ,  සාලේ රූපවාහිනියේ ප්‍රවෘත්ති පටන් ගන්න සද්දෙ නිසා යටපත්  උනා.

“මේ දිනවල අවුරුදු 20 ට අඩු දරුවන්ගේ  පැමිණිලි වල සීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන බව පොලීසිය පවසනවා.මේ අතර සියදිවි නසාගැනීම් කිහිපයක් ද වාර්තා වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා පැවසුවේ. වැඩි විස්තර ප්‍රවෘත්ති විකාශය අතරතුර.”

“බලන්න ඉතින් අම්මල  තාත්තලා zoom  ක්ලාස් වලට කියලා ෆෝන් අරන් දෙනවා, ළමයි  වෙන වැඩ.”

“ අනේ මන්දා ජයේ මේවා දැක්කම බයත් හිතෙනවා. චූටි දූලගේ වයසේ වගේ ළමයිනේ කරගන්න අපරාධ. “

“චූටි දූටත් එන්න කියන්න කෑම කන්න අටත් පහුවෙලානේ” 

“චූටි දූ  චූටි දූ”

 චූටී….

අනේ ජයේ!…

පෝත් මේසේ උඩ  ෆෝන් එකෙන් බර තියලා  තිබ්බ තනිරූල් කොලේ හුළඟට හෙලවුනා. 

“අම්මේ තාත්තේ මට සමාවෙන්න”

Share on Facebook
Share on Twitter
Share on Whatsapp