jix.;h yd wdorh
uOqIsld fiõjkaÈ

යන මග තැන තැන බෙහෙත් සාප්පු ගානේ  සිල්ලර බඩු කඩ ගානේ යාර පනහා හැට වෙන්න පෝලින් ගැහිලා ඉන්න මිනිසසුන්ගේ මූනවල් දිහා ඕනෑවට එපාවට බැලුවත් ඒ හැම මූණකම ලියවිලා තිබුනෙ ජීවිතේ බර සාරේට ඔලුව මත්තෙ කඩන් වැඩිලා ඒ බරට යට වෙලා මැරෙන්න ඔන්න මෙන්න පන අදින ගතියක්.. නිල නිවාසෙ ඉදන් කුරුණෑගල මහ ඉසසිරිතාලෙට තම විසෙල් වර්ගයේ මෝටර් රථය පදවන ගමන් පාර දෙපැත්තෙ පෝලින් වල උන්නු මිනිසසු දිහා බලන් ගමන් ඩොක්ටර් විසල් තේනුවර කල්පනා කලේ තව ටික දවසකින්ම මේ නගරය විසාලා මහා නුවරක් වෙයිම කියලයි..

රෝ බිය, දුර්භීක්ෂය, අමනුෂ්‍ය බලපෑම…

විසාලා නුවර ඇති වූ ඒ මගා තුන්  බියෙන් රෝ බිය දැනටම මේ මහා නගරයේ මිනිසුන් අතර පැතිර ගියේ කොහෙන් කොහොම ආවාදැයි නොදත් පුංචි වෛරසයක් මිනිස්සු එකා දෙන්නා ගිල ගනිමින් තැන තැන මැරී වැටෙන මිනිසුන් පිළිබද දවස ගානේ ගෙනා පුවත් නිසාවෙනුයි..පුරා අවුරුද්දකටත් වඩා කාලයක් මුලුල්ලේ පැවතුන මේ වසංගත තත්වය නිසා මිනිස්සු ගෙවල් වලටම කොටු උනේ කාගෙන් කොහොම බෝ  වෙයිදැයි නොදැත් මේ වෛරසයෙන් ආරක්ෂා වීමට ක්‍රමයක් නොතිබුන හෙයිනි.. අත්‍යවශ්‍යම කටයුත්තකට හැර මිනිසුන් එළියට පහළියට නොබැස්සේ කුස ගින්නේ මියදෙන්නට නොහැකි නිසායි…

ඒ කෙසේ හෝ වේවා වෛද්‍යවරුන්ට නම් මේ කාල වකවානුව බොහෝ සේ වැඩ අධික කාලයක් වුනේ රෝගී වන මිනිසුන්ගෙන් කිහිප දෙනෙක් හෝ බේරා ගැනීම සදහා රෝගය පාලනය කිරීමටත් මෙම වසංගතය සදහා ස්තීර ප්‍රතිකර්මයක් සොයා ගැනීමටත් දිවා රෑ වෙහෙස වී කටයුතු කිරීමට සිදු වුුනු නිසයි…ඩොක්ටර් විසල් තේනුවර කුරුණෑගල නගරයේ ආණ්ඩුවේ මහ ඉස්පිරිතාලෙ සේවයට ආවේ වෛද්‍යවරයෙකු සලස තම පළමු පත්වීම රැගෙනයි. ඒ සමගම පැතිරුණු වසංගතය නිසා ගිනිගත්හේන උන්නු ඔහුගේ දෙමාපියනුත් එකම සහෝදරයාත් වගේම තමන්ගේ ආදරය උනු ශ්වේතවත් ඇස් දෙකට නොදැක තනි පංගලමෙ කුරුණෑගල නගරයට වෙලා නමුත් ඉතා   කාර්‍යබහුලව අවුරුද්දක්ම ගෙවා දාන්න ඔහුට සිද්ධ වුනා.

රෝහලට පැමිණි විසල් තම වැඩ මුරය ආරම්භ කිරීම සදහා වෛද්‍ය විවේකාගාරයේ සිට සෞඛ්‍ය ආරක්ශිත ඇදුම් කට්ටලය ඇද ගනිමින් සිටිනා විට වෛද්‍ය රුවන් වාට්ටුවේ තම වැඩ මුරය නිමා කරමින් වෛද්‍ය විවේකාගාරයට පැමිණියා…

“මොකද රුවා තත්වේ..” විසල් ආරක්ෂිත ඇදුම් කට්ටලය අදින ගමන්ම රුවන්ගෙන් ඇසුවේ නව වසංගත වෛරසය ආසාදිත වූවන් සිටින තම වාට්ටුව ගැනයි..

“එන්න එන්නම වැඩේ දරුණුයි විසල්… සර්ත් අද වාට්ටුවේ.. අදත් දෙන්නෙක් ඩෙත්.. දවල් ගෑණු ළම‍යෙක් අරන් ආවා ඒ ළමයට සැරින් සැරේට අමාරු වෙනවා ටිකක් ඇහැ ගහගෙනම ඉදපන්”

රුවන් කෙටියෙන් විසල්ට වාට්ටුවේ සියලු රෝගින් ගැන දැනුවත් කරේ විසල්ගේ පහසුවටයි..

දවස ගානේ වාට්ටුවෙන් මරණයක් සිදු වීම දැන් නිරන්දතර කන වැටෙන්නකි.. සෞඛ්‍ය ආරක්ෂිත ඇදුමින් සැරුසුනු විසල් වාට්ටුවට ඇතුලත් උනේ තම සේවා වැඩ මුරය ආරම්භ කරමින් වාට්ටුවේ අනෙක් වෛද්‍යවරුන්ට හා හෙදියන්ට සහය දැක්වීමටයි…

තමන්ගේ ඉහළ වෛද්‍යවරයාත් තවත් වෛද්‍යවරුන් හා හෙදියන් කිහිප දෙනෙකුත් ආරක්ෂිත ඇදුමින් සැරසී එක් ඇදක් වට කර සිටිනු දැකීමෙන් විසල් ඒ දෙසට ගියා…

“මේ දැන් ටිකකට කලින් ගෙනාව පේෂන්ට මේ දරුවට වැඩිය වයසක් නෑ ඒත් සැරින් සැරේට හුස්ම ගන්න අමාරු වෙනවා ඔක්සිජන් ලෙවල් එකත් හැම වෙලාවෙම් චෙක් කරන්න හිටපු ගමන් ඒක අඩු වෙන්න බලන්වා මෙයා ගැන අවධානෙන් ඉන්න”

එසේ පවසා විසල්ට එම ලෙඩා බාර දුන් වෛද්‍ය වරයා වෙනත් රෝගියෙකු වෙත ගියා..

“හොදයි සර්” වෛද්‍යවරයා යනකන් සිටි විසල් රෝගියාගේ වෛද්‍ය වාර්තා පිරික්සා බැලුවා..

ඉන්දුනී අනුත්තරා දුණුසිංහ වයස අවුරුදු විසි තුනයි..

විටින් විට රෝගය උත්සන්න වෙමින් පහළ බසිමින් සිටි ඉන්දුනී සති දෙකක පමණ කාලයක් තුලදී දවසින් දවස විසල්ගේ දැඩි අදීක්ෂනය යටතේ සුව අතට හැරුනා..

“ඔන්න ඉන්දුව අද අපි වෙනත් වාට්ටුවකට මාරු කරනවා.. එතකොට ඉන්දුට තව දවස් පහ හයකින් ගෙදර යන්න පුලුවන්…”

“ඒ කියන්නෙ මට දැන්  හොදයිද ඩොක්ටර්..”

“හොදයි කියන්නේ බොහෝ දුරට හොදයි ඉන්දු”

“ඒ වාට්ටුවටත් ඩොක්ටර් එනවද…”

“නෑ නෑ මන් නම් ඒ වාට්ටුවට එන්නෙ නෑ ඉන්දු…වෙන ඩොක්ටර්ස්ලා නම් ඉන්නවා”

විසල් සිනහා වෙමින් ඉන්දුට පිළිතුරු බැන්දෙ මේ සති දෙකකටත් වැඩි කාලය තුල ඔවුන් දෙදෙනා එතරම්ම සමීප වී සිටි නිසයි..

“ඩොක්ටර් එන්නේ නැත්තන් මන් ඒ වාට්ටුවට ගිහින් මොනවා කරන්නද.. මන් මේකෙම ඉන්නම්…”

“ඇයි ඉන්දුට ගෙදර යන්න ඕනෙ නැද්ද..”

“යන්නත් ඕනෙ හැබැයි ගියත් මන් ආයේ එනවා….”

“අම්මෝ ඉන්දු.. අයේ නම් මේ වසංගතය හදන් මේ පැත්තට එන්න හිතන්නවත් එපා… පේනවනේ ලෙඩ්ඩුත් දුක් විදිනවා ඩොක්ටර්ස්ලත් දුක් විදිනවා… ඕනෙ නම් ඉතින් ඉන්දු මාව බලලා යන්න එන්නකෝ…”

විසල්ගේ කතාව අවසානයේ දෙදෙනාම සිනහ වුනේද එකවිටයි…

මේ දෙස බලා සිටි රුවන් විසල් වෛද්‍ය විවේකාගාරයට එන තෙක් බලා සිටියේ ඔහුට විහිලුවක් කිරීම සිතා ගෙනයි..

“විසල් මොකද වසංගතය  අස්සේ සැබෑ ආදරයත් හොයා ගත්තද…”

“රුවන් ඔය කියන්නෙ ඉන්දුනී ගැන වෙන්න ඇති…” මද හසරැල්ලක් සිනහවට නගා ගනිමින් විසල් රුවන් ගෙන් පෙරලා ඇසුවා…

“අහ් .. ඔය කියනකොටම තේරුණේ… වරදක් නෑ වරදක් නෑ කෙල්ලත් හරි ලස්සනයි උගත් කෙල්ලෙකුත් වගේ…”

“මටත් තේරුණා ඉන්දුනී මන් ගැන උනන්දුයි කියලා.. ඒත් කෙල්ල ලස්සන උනාට කෙල්ල මන් සමාන පාටද කියලවත් දැකලා තියෙනවා කියලද.. වාට්ටුවට යන්නෙම මේ ලෝගුව පටලවන්නෙ.. උඹ කියන්නෙ මගෙ ඇස් දෙක දැකලා කට හඩ අහලා කෙල්ලෙක් මට සැබෑ ආදරය පුදයි කියලද…”

“ඒකත් ඇත්ත”

“ඇරත් මන් එනකන් ගමේ කෙනෙක්  බලන් ඉන්නවා රුවන්.. ඉන්දුට හොස්පිටල් එකෙන්  ගිහින් දවසක් දෙකක් යනකොට එයාට කරුණාවෙන් සලකපු එක ඩොක්ටර් කෙනෙක් හිටියා කියලා විතරක් මාව මතක ති‍යෙයි…”

“හ්ම්ම්… හැබැයි කොල්ලෝ ඉන්දූනී උඹ ගැන දිගටම බලාපොරොත්තු තියා ගත්තොත් නම් ලොකු ප්‍රශ්‍නයක් වෙයි.. ආදරයත් ලෝක වසංගතයක් ඒ නිසා පරිස්සමෙන්.. මාත් යනවා වාට්ටුවට..”

විසල්ගේ පිටට තට්ටුවක් දමා රුවන් එතැනින් පිට වුනේ විසල්ටද සිතන්න බොහෝ දෑ ඉතිරි කරමිනුයි.

මේ කාලය තුල ඉන්දුනී කෙරෙහි තමන්ටද ආකර්ෂණයක් ඇති වුු බවත් ඉන්දුනී තමන්ද ගැන උනන්දු බවත් නොසගවාම පෙන්වූ බවත් තමන්ද ඒවාට අනුබල දුන් බවත් විසල් සිහිපත් කලේ වරදකාරී හැගීමෙනි… ශ්‍වේතාට හැගීමකින් හෝ වරදක් කිරීමට විසල්ට වුවමනාවක් නොවුනද සිදු වූ දේවල් සියල්ල නොසිතාම සිදු වූ බව විසල් සිහිපත් කලා.. තමන් කෙතරම් කාර්‍යබහුල දවස් ගෙව්වත් තමන් කෙරෙහි උරන නොවී තමන් වෙනුවෙන්ම පේවී සිටින ශ්වේතා ගැන විසල් මතක් කරේ ගෞරවයකින්.. ඉන්දුනී සුව වී නිවසට යන විට තමන් ගැන හැගීමක් හෝ බලාපොරොත්තුවක් ඇය තුල ඇති නොවේවායි විසල් ප්‍රර්ථනා කලේ නොදැනුවත්ව උනත් තමන් අතින් ශ්වේතාට වුනා යැයි සිතමිනුයි..

ඉන්දුනී රෝහලෙන් පිටවී සතියකට ආසන්න කාලයක් වන තුරුම ඇයගෙන් කිසිදු තොරතුරක් හෝ ඇමතුමක් නොලැබුනෙන් විසල් සිතුවේ ඇය ඔහුව එක් වෛද්‍යවරයකු ලෙස සිතා අමතක කර දමා ඇති බවකි..

එහෙත් ඉන්දුනී රෝහලින් පිටවී අටවන දින හවස් වරුවේ විසල් තම නිල නිවසේ විවේකීව සිටි හැන්දෑවේ BMW වර්ගසේ අති නවීන මෝටර් රථයක් පැමිණ නිල නිවස මිදුලේ නැවැත් වූවේ විසල් වගේම රුවුනුත් පුදුමයට පත් කරමින්..

ඉන්දුනීත් ඇගේ පියාත් ඇගේ මවත් රථයෙන් බැස සිනහා මුවින් එදා පැමිණියේ විසල්ගේ ජීවිතය උඩු යටිකුරු කරන ගමනකි…

“තාත්තා මේ තමයි මන් කියපු ඩොක්ටර් විසල්.. ඩොක්ටර් විසල් මේ තමයි මගෙ අම්මයි තාත්තයි.. ඔන්න මන් කියපු විදියටම ඔයාව බලන්න ආවා..”

ඉන්දුනී බොහොම සතුටින් කියවගන ගියේ පුංචි කිරිල්ලියක් වගේ..

කැළඹුුනු සිතින් වුවත් ඉන්දුගේ දෙමාපියන් පිළිගත් විසල් ඔවුන්ද සමග ආ ගිය තොරතුරු වගේම ඉන්දුගේ අසනීපය ගැනත් කතා කරා…

“ඉන්දු සනීප වුනාට තව සතියක් දෙකක්වත් මහන්සි  වෙන්න නොදී පරිස්සමෙන් බලා ගන්න අංකල්..”

“අපිත් මේ පුතාට කියන්න ආවේ ඒකම තමයි…

නේද නෝනා.. “ඉන්දුගේ පියා සිනහවකින්ම පැවසුවා

“ඒ කිව්වෙ අංකල්”

“ඉන්දුනී කිව්වා පුතාගෙයි අපේ දුවගෙයි  අතර සම්බන්ධයක් ති‍යෙනවා කියලා.. අපිත් පුතා ගැන හොයලා බැලුවා.. අපේ නම් අකමැත්තක් නෑ පුතාලගේ අම්මලා තාත්තලා ඉන්න තැනක් කිව්වොත් අපිට එයාලත් එක්ක මේ ගැන ගිහින් කතා කරන්න පුලුවන්..

විසල්ගේ ඔලුව තුල අකුණක් පුපුරා ගිය සෙයක් දැනුනෙන් ඔහු අසරණව රුවන් දෙස බැලුවා.. මන් උබට ඕක තමයි කිව්වේ වගේ බැල්මකින් රුවන් විසල් දෙස බලා සිටියා මිස කිසිවක් පැවසුවේ නෑ.

 “අංකල් මෙහෙම ආපු එක මට ලොකු සතුටක්..ඒත් අංකල් මට ඉන්දු එක්ක ටිකක් මේ ගැන කතා කරන්න ඕනෙ.. කතා කරලා මන් අංකල්ලට පණිවිඩයක් දෙන්නම්”

“ඔව් තාත්ති..අපි යනවට වඩා විසල්ම එයාලගෙ  ගෙදරට කියන එක හොදයිනෙ..”

“හරි පුතා.. එහෙනම් ඉක්මනින් විස්තරයක් දෙන්නකො අපි එහෙනම් ගිහින් එන්නම්…”

විසල් අසරණව ඉන්දුගේ පියා වෙත සිනා සුනේ ප්‍රශ්‍න රැසක ආරම්භය මෙසේ දිග ඇරුණු නිසයි..

එතැන් සිට ඉන්දුගේ කෙටි පණිවිඩ වලින් බලන් සිටිද්දී විසල්ගේ දුරකතනය පිරී ගියේ ආදරණීය හුරතල් ආමන්ත්‍රණ හා කතා වලිනි.. විසල් කර්‍ර්‍යබහුල බව දැන සිටියත් පිළිතුරු නොඑන බව දැන සිටියත් ඉන්දු විසල් වෙත කෙටි පණිවිඩ එව්වාය ය..

වසර ගනනක බැදීමක් වුවත් ශ්‍වේතා විසල් ඇමතුවේ උවමනාවකදී පමණි ඇය විසල් ඇමතුම් දෙන තුරුම බලාසිටිසේ ඔහුට කරදරයක් නොවීමට සිතායි.. එහෙත් ශ්වේතාගේ ඒ නිදහසට වඩා ඉන්දුගේ කෙටි පණිවිඩ සදහා විසල්ගේ සිත බැදුණි..

ශ්වේතා ගැන ඉන්දුට පැවසීමට නොහැකි අසරණකමක් විසල් වෙත ඇති වුනෙන් විසල් දෙනෙනෙ දින ශ්වේතා පිළිබද ඉන්දුට පැවසීම කල් දැම්මේ තත්වය තවත් නරක අතට හරවමින්…

මේ අතර විසල් නොදන්නා යමක් සිදු වෙමින් පැවතුණේ මේ තුන්කොන් ප්‍රේමයේ අවසානය ලගා කරමිනුයි..

ඉන්දුසේ පියා ගිනිගත්හේනට ගියේ විසල්ගේ දෙමාපියන් මුණ ගැසීමට සිතා ගෙනයි මග අසමින් විසල්ගේ නිවසට ගිය ඉන්දුසේ පියා විසල් හා ඉන්දු පිළිබද සියල්ල හෙළි කලේ ඉක්මණින් ඔවුන්ගේ විවාහය සිදු කරමු යැයි යෝජනා ද කරමිනි..

නමුත්, කාටත් රහසේ විසල්ගේ දෙනෙතට ඉන්දුනීට පෙර පෙම් කෙරූ ශ්වේතා මේ කතා බහ අසා සිටිසේ දෙනෙතේ කදුළු ඔහේ ගලා යද්දීයි…

 

—————————————————-

 

පහුවදාම විසල්ට ගමට එන්නට සිද්ධ වුනේ හීනෙකින්වත් නොසිතූ ලෙස සිදු වූ ශ්‍වේතාගේ මරණයට සහභාගී වීමටයි..

ඉන්දුගේ පියාගේ බස් ඇසූ ශ්‍වේතාගෙ තීරණය වී තිබුනේ තම ජීවිතය නැති කර ගැනීමයි.. ඇය මහා ඇල්ලෙන් පහළට පැන තම ජීවිත ගමන නවතා තිබුනේ හරි පරිස්සමට හදවතේ තබා පරිසසසම් කළ ආදරය තමන්ටත් නොදන්වාම වෙනකෙකුගෙ වූ පණිවුඩය දරාගත නොහැකි වූ වේදනාවක් ගෙන දුන් නිසයි..

විසල් ගමට ආවත් කිසිවකු ඔහු හා කතා නොකලේ ශ්වේතාට අත් වූ ඉරණමේ ප්‍රධාන වැරදිකරු ඔහු වූ නිසයි… ශ්‍වේතාගේ මරණයත් සමග ඉන්දුද ශ්‍වේතා හා විසල් පිළිබද දැන ගත්තෙන් ඇය ශෝකී වූයේ නොදැනුවත්වම ලස්සන ආදරයක් මැද තමන්ද තුන්වැන්නෙක් වී ජීවිතයක් නැති කරා නොවේදෝයි සිතමිණි..

ශ්‍වේතාගෙ මරණය අභියස හිද කදුලු සැලූ විසල් ශ්‍වේතාගෙ නිවසින් පිටවී නතර වූසේ පියදස්සී හිමි සමීපසේයි.. ජීවකයෙක් වී රෝගින් දහස් ගනන් සුවපත් කරමියි සිතූ විසල් අතින් තමන් වෙත ආදරය සෙනෙහස පෑ ගැහැණිය වෙත මරණය රැගෙන ආවේ වසංගතය නිසා සොයා ආ ආදරයෙන් නොවේ තමන්ගේම සිතුවිලි දමනය කර ගැනීමට තිබූ නොහැකියාවෙන් බව පියදස්සි හිමියන් තේරුම් කර දුන්නේ විසල්ගේ නෙත් කදුලටම පෙගෙද්දීයී..

ඊටත් වසරකට පසු එළඹි නවම් මස පුර පසළොස්වක පොහෝ දිනදී  ගිනිගත්හේනේ අමිතෝද නමින් වෛද්‍ය විසල් තේනුවර බෞද්ධ බුද්ධ පුතෙකු ලෙස ශාසනය ඇතුළත් වුනේ නොනිමුන සිත නිවා ගනිමින් නිවන් මග ගමන් කිරීමේ අදිටනිනි..

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp