jix.;fha wdorhla
;s,dka iqukfialr

“තම්බි  ද  කොහෙදො, ඔහොම වෙච්ච එකම තමා හොඳ”

“ මොකාට එන්න  හදනවද දන්නෑ ඒ පාර”

“ අනේ මන්දා  අනේ, අයි  එස්  කාරියක්ද දන්නෙත් නෑ”

 

මේ කොළඹ මධ්‍යයේ පිහිටි  ජාත්‍යන්තර මට්ටමේ අලෙවිකරණ සහ  තාක්ෂණ ආයතනයක කොළඹ හතේ තරුණියක් සහ තරුණයන් දෙදෙනෙක් අතර සංවාදයක්. ඔවුන් මෙම සංවාදයේ නිරතවන්නේ ඔවුන් ඉදිරියේ වූ මැක් බුක් පරිගණකයේ තිරය දෙස බලමිනි. ඔවුන්ගේ මුහුණේ උද්යෝගය, අවිනිශ්චිතාව, කුතුහලය වැනි හැඟීම් රාශියක සංකලනයක් විය. එය හරිහැටි පැහැදිලි නැත.

මා එම ආයතනයේ ග්‍රැෆික්   ඩිසයිනර්වරයෙකි. උසස් පෙළින් පසු දෙවසරක් නිවෙස් ගත ව ගෙවූ කාලයට තිත තබා මා මේ රැකියාවට පැමිණියේ අඩු අත්දැකීම් වලින් වැඩි වැඩ ප්‍රමාණයක් සිදු කර දීමේ පොරොන්දුව ඇතිවයි. අඩු පඩියට  මා දිනපතා පිටිපන සිට කොළඹ ගාටන්නට වුණෙමි.  පැන්ඩමික් කාලේ සියයට පනහක් සේවා ස්ථානයට කැඳවා  සහ ඉතිරි අඩ  නිවසේ සිට කටයුතු කර ද, මා සෑම සතියේම අයත්වන්නේ  වැඩට එන සියයට පනහට වීම පුදුම සහගත  සූත්‍රයක ප්‍රතිඵලයකි.

මැක් බුක්  එකෙන් බලමින් සිටින්නේ කුමන වර්ගයේ සිනමාවක් දැයි ැන ගැනීමට මදක් ප්‍රමාද වී  කාර්යාලයට පැමිණි මා ද එකතු විය .එය සී සී ටී වී  ෆුටේජ් එකකි.සී සී ටී වී සිනමාව  මේ වන විට ලොව විකල්ප ධාරාවේ සිනමා භාවිතාවක් බවට පත්ව ඇති බව මට හැඟිණි. ඒ තුළින් දකින්නේ මිනිසුන්ගේ සැබෑ, අවංක සමාජ ජීවිතයයි. සැබැවින්ම යථාර්ථවාදී විකල්ප සිනමාවක් ලෙස හැඳින්වීම දෝෂ සහගත  නොවෙනු ඇතැයි මගේ හැගීමයි.

ෆර්දාවක් වැනි යමක් පැළඳ සිටින  මැදිවියේ ගැහැණියක් ඒ මේ අත උමතුවෙන් දිවයයි. ඇය නිසැකවම මුස්ලිම් විය යුතුය. උමතුවෙන් හැසිරෙන  ඇය ගෙවල්, කඩවල් වල  වසා ඇති  දොරවල් වලට තඩි බාමින් විලාප නගන ආකාරයක් දිස්වෙයි. විටෙක මහපාරේ මැද  ඇය වාඩිවී දෙවියන් අයදි. පටාචාරාවක් නොවුනත් ඇයගේ වේදනාව ඊට නොදෙවෙනි විය නොහැක. ඇය කුමක් හෝ බරපතළ අසරණ බවකින් සිටින්නියකි.මෙය දුටු විගස මට ඇති  වූ හැඟීම එයයි. තවකෙකුට  මෙය නිකම්ම  නිකන් අන්තවාදී මුස්ලිම් කාන්තාවකි.

 

“  ඇයි ඒ?”

 

“ පේන්නේ නැද්ද බං.. මේ සිංහල ගෙවල්, සිංහල කඩවල් තියෙන්නේ”

 

“  හම්මට..මාර ඉවක් නේ..”

 

ඔහු පේන බැලුවේය. මා අවඥාසහගත සිනහවකින් එයට ප්‍රතිචාර දැක්වූහ.ජාතිවාදී, ආගම්වාදී  කබ අපේ ඇස් කොච්චර වසාගෙන ඇද්ද යන්න මට ඒ මොහොතේ ප්‍රත්‍යක්ෂ විය. ඒ කබ  පිරිසිදු කිරීමට රටකට සමාජයකට ඉදිරියට යාමට ඉතාම වැදගත්ය.කුමක් හෝ හේතුවකින්  පැන්ඩමික් කාලයේ වීදියේ අසරණ වූ  මෙම ගැහැණිය ගැන  රහස් පරීක්ෂකයෙකු යැයි සිතා හරක් පරීක්ෂණ නිගමනයක්  ඉදිරිපත් කළ මගේ සගයා  ගැන කණගාටුව මුසු  සුසුමක් හෙලා පසෙකට වූවෙමි.

කොවිඩ් පැන්ඩමික් එක මිනිස් ජන ජීවිතයට පහර පිට පහර එල්ල කරමින් සිටී.  ඒ වගේම ශ්‍රී ලංකා රාජ්‍යය ලොව  තවත් බංකොලොත් රාජ්‍යයක්  බවට කෙමින් කෙමින් පත්වෙමින් සිටී. ඉතිං මේ විකාර සහගත යුගයක මිනිස් ජීවිත කෙතරම් වූ අර්බුදයට පත්ව ඇත්ද? මිනිස්සුන්ට පෙර සේ නිදහස් සමාජ ජීවිතයක් නැත. ඉතා සීමිත අවකාශයක  ආර්ථික අවශ්‍යතාවන් ද  ඉතා අසීරුවෙන් සපුරාගනිමින් මානව වටිනාකම් හා මානව හැඟීම් වල ඇති සුන්දරත්වය සහ සංවේදී බැඳීම් මට සමහර ජීවිතය අසීරුවෙන් ගලා යයි.  එවැනි ආදරණීය මානව වටිනාකමක් ද අහිමි වූ කළ මිනිසුන් මෙසේ උම්මත්තක ලෙස හැසිරෙනවා විය හැක.

මා උදෑසන කොළඹ එන විට මුලු කොළඹම පාලුය. සාමාන්‍යයෙන් කොළඹට උදෑසන 7  කියන්නේ ජනාකීර්ණ වෙමින් පවතින වෙලාවක්  මුවත් කොවිඩ් වසංගතය නිසා  ජනතාව ඔවුන් විසින්ම  ස්වයංව, නිවෙස්ගත වීමට තීරණය කළ ඇත්තේ රජය වැඩි වෙන කොවිඩ් රැල්ලට  නිසි සමාජ වාරණ, සීමා නොපනවන  නිසාවෙනි,   ස්වයං විනයක් නැති මිනිසුන්ගේ හැසිරීම ද මේ සියලු දේට  තවත් හේතුවකි. කෙසේ වෙතත්  මා දෛනිකව කොළඹ යමි.

මුස්ලිම්  කාන්තාවගේ සිදු වීම  මා සත්‍ය වශයෙන්ම අත්දුටුවෙමි. ඇය ඒ උමතුවෙන් හැසිරෙන්නේ හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පීඩා විඳි  තම සිව්හැවිරිදි පුතාගේ  ජීවිතය වෙනුවෙනි.  ඇය ඉතාම පීඩිත පාන්තික කාන්තාවකි. ඇය ජීවත්වන්නේ “ජයසමගි” නම් වූ මුඩුක්කු ප්‍රදේශයේ බව මට පසුව දැනගන්නට ලැබිණි. ඇය වෘත්තීය ලෙස  කළේ ඒ ප්‍රදේශයේ  සිටින කුඩා දරුවන්ට අකුරු කියා දීමය. ඒ සඳහා ඇයට සුළු මුදලක්, කෑම පැකට් එකක් වැනි සුළු දෙයක්  ලැබිණි. විටෙක එවැනි දේත්  ඇය බලාපොරොත්තු නොවන්නේ ඒ දරුවන් ද දුප්පත්, අසරණ වල්වැදුණු  උන් වන නිසාවෙනි. එවැනි මහා ආදරණීය හදවතක් තිබූ ඇයට ජයසමඟියේ වෙසෙන සියල්ල  ආදරය සහ ගෞරව කළහ.

කොවිඩ් පැන්ඩමික් එකත් සමඟ ඇතිවූ සමාජ, ආර්ථික සංස්කෘතික අවකාශයන් හි දෙදරීම පහළ පාන්තික මිනිසුන්ට ඕනවටත් වඩා දැනෙන්නට ඇත. මේ එක්දරු මුස්ලිම් මවගේ කතාවද පැන්ඩමික් එකෙන් සිදු වූ සමාජීය කඩාවැටීමේ ඛේදවාචකය මනාව පෙන්වා දෙන්නකි. අඩුම තම දරුවාට ඇති වූ බරපතළ මට්ටමේ හුස්ම ගැනීමේ අපහසුතාවක් නිසා  ඔහුව යම් ප්‍රතිකාර කරන ස්ථානයකට රැගෙන යාමට උදව් අයදිමින් ජයසමගියෙ ගෙයක් ගෙයක් ගානේ යන්නට  වුනත් ඒ  ගෙවල්වලින් ප්‍රතිචාරයක් නොවීය.

 

“ අනේ ශයිමන් මල්ලි…කවුරුත් නැද්ද… අනේ මගේ දරුවා හුෂ්ම ගන්නෙ නෑ”

 

ඇය නිවසක් හැර නිවසක් වෙත ගියේ දරුවා ද අතැතිවය.තමා ආදරය දැක්වූ මිනිසුන්, තමා ගෞරවය කළ මිනිසුන් කිසි කෙනෙක් නැත. විටෙක ඇය තමාගෙන් ඉගෙන ගන්නා දරුවන් සිටින නිවෙස් වෙතට ගොස්

 

“ ශෆීනා…දුවා… මම ටීච කතා කරනවා.  අනේ දොර අරිනවා දුවා. මට පොඩි කරදර. අනේ  දුවා…”

 

කිසි විටෙක කිසිම නිවසකින් ඇයට පිළිතුරක් නොලැබුණි. ඇය ඉගැන්වූ දරුවන්ගේ නිවෙස්  වලින් වුවද ඇයට ලැබුණේ නිහඬ ප්‍රතිචාරයකි. කෝවිඩ් වැළඳී අමාරු වී ඇතැයි නිගමනය කළ ඔවුන් මෙසේ හැසිරෙනවා විය හැකිය. ආදරණීය මානුෂීය  හිතැතියක් වූ මේ අසරණ එක්දරු මවට කිසිම කෙනෙකුගේ ආදරයක් නොමැති ය. ඇය තම රෝගී දරුවා රැගෙන  ප්‍රධාන පාරට පිවිසියා ය. පාන්දර ජාමයේ කිසිම හැල හොල්මනක් නැති වීදියේ දරුවාද රැගෙන ඈ ඒ මේ අතර දිවගියා ය. ඇය අතුරු මාර්ග වල ද දරුවා රැගෙන ගෙවල් සහ කඩවල් වල දොරගුලු වලට  තට්ටු දමමින් කෑගසමින් පටාචාරාවක මෙන්  හැසිරුණා ය. ඇය තම දරුවාව පසෙකින් තබා වීදි දිගේ දෙවියන් යදිමින් මොර දෙන්නට වූවාය. ඇයට උදව්වට කිසිම අයෙකු නැත. ඇය උම්මත්තක අසිහියෙනි.

ගාලුපාර දිගේ උමතුවෙන් හැසිරෙන  ඇයව දුටු මා, ඇය වෙත ගොස් ඇයව සංසුන්කර ඇයගේ තතු විමසීමට තැත් කළෙමි. ඇය මුකුත් නොපවසා හඬමින් ඇයගේ දරුවා වෙත මා රැගෙන ගියා ය. සෙම් සොටු පෙරාගෙන අවසිහියෙන් සිටි සිව් හැවිරිදි දරුවෙකි. ඇයගේ මවට අනුව මෙම දරුවාට වීස් එකය.  මා දෙවරක් නොසිතා දරුවා සහ මව හැකි ලෙස ස්කුටියේ තබාගෙන රෝහල වෙත රැගෙන ගියේ ඒ මොහොතේ කළ යුතු හොඳම දෙය එය බවට මා විශ්වාස කළ නිසාවෙනි.

ඇය හා වාචික සංවාදයක් නොවූ හ.  ඇයගේ නමවත් මා නොදනී. “ ජයසමගියේ මිස් ” ලෙස ජාති, ආගම් ලේබල් නැතිව ඒ දුප්පත් මිනිස්සු ඇයව හඳුන්වනු ලබති. ඒ විස්තර මා දැනගත්තේ රෝහල අසල වූ කම්කරුවෙකුගෙනි. ඒ මොහොතේ ඇයට අවශ්‍ය වූයේ මනුෂ්‍ය ජීවියා වන මාගේ උපකාරයෙන් ඇයගේ දරුවාව රෝහලකට රැගෙන යාමය.

ජයසමඟියේ මිස් නම් වූ තම්බි ගැහැණියගේ සිදුවීම එයයි. ඇයගේ එම ජීවිත මොහොතේ මඩක මා ද ජීවමාන සාක්ෂිකරුවෙකු වීම අහම්බයක් වුවත් එම අහම්බය ඇගේ සහ ඇගේ දරුවාගේ ජීවිතයේ ඉතාම සුවිශේෂී දෙයක් වනු ඇත. එම ජීවන මොහොතේ ඉතිරි අඩ සී.සී.ටී.වී සිනමා පටයක් බවට පත්වී  පොදු සමාජයේ විචාරයන්ට භාජනය වෙමින් ඔහේ සයිබර්  අවකාශයේ ගලා යමින් ඇත.  ඉන් එක් විචාරයක් මාගේ සේවා ස්ථානයේ දී මට අසන්නට  ලැබුණි. ඉතිරි විචාරයන් ද මීට වඩා නොවෙනස් යැයි සිතිය නොහැක. මන්ද, පොදු සමාජයේ ලයින් එක බොහෝ විට එය වන නිසාවෙනි.  වසංගත තත්ත්වයක් තුළ ආදරය, සෙනෙහස වැනි මානුෂීය ගුණාංගයන් ගේ සෝදාපාලුව මින් පෙර සොම්බි සිනමාපට හෝ වෙනත් පැන්ඩමික් අවස්ථා පදනම් කරගෙන නිර්මාණය කරන ලද නිර්මාණවල අප දැක ඇත. එවැනි සැබෑ සිදුවීම් මේ වසංගත කාලයෙහි අප මානව සමාජය තුළ කී දාහක් නම් සැබෑ ලෙසම අත් විඳින්න  ඇත්ද?

වසංගතයක් තුළ වුවද ආදරයට කළ හැකි දේ බොහෝය. සමාජයට  ආදරය අවශ්‍ය වන්නේ මෙවැනි අවස්ථාවල ය.

මේ දේවල් ගැන මනෝපාරක් ගහගෙන හිටිය මා අසලට පැමිණි මගේ මිත්‍රයා

 

“මේ උඹ පී සී ආර්  එකක් කරං  වරෙන්”

 

“ඇයි, ඒ මොකටද?”

 

“ දැං උඹ අර මුස්ලිම් ගෑනි, ළමයයි බයික් එකේ තියාගෙන ගියා නේ. කවුද දන්නේ උන්ට කොවිඩ් ද කියලා”

 

ඒ. අයි  තාක්ෂණය ආශ්‍රයෙන් නිර්මාණය කරමින් සිටින මානව මනස විනිශ්චය කරන උපාංගයේ නිර්මාණකරු වන රසාංග මා වෙත පැමිණ කිවු දේ මා විශ්මයටත්  තිගැස්සීමටත්  පත් කළේය. ඒ තිගැස්ම මා තුල පසුතැවිල්ලක්, ඒ පසුතැවිල්ල මා තුළ ලැජ්ජාවක්, ඒ ලැජ්ජාව මා තුළ තරහවක්  වක්‍රාකාරව  මාරුවෙන් මාරුවට ඇති කරවමිනි.

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp