uqj jeiaug jeiqKq iskyj
wfhdaOHd nKavdr

‘‘ඔන්න ලොකු ඩොක්ටර් ස්ටාෆ් එකේ හැමෝටම මීටින් එකක් තියනවා කියලා කිව්වා’’…. උදේ දහය වෙනකොට අධ්‍යක්‍ෂ කාමරය ළඟට හැමෝම යන්න වෙයි’’

වෛද්‍ය ගුණතිලක මහතා කැඳවා තිබු විශේෂ රැස්වීමක් ඔහුගේ නිල කාමරයෙහි පැවත්වෙන බව, උදෑසනම වාට්ටුව වෙත පැමිණි අපගේ වාට්ටුව භාර ප‍්‍රධාන වෛද්‍යතුමිය පැවසීය. නමින් වෛද්‍ය අනෝමා වු ඇය වාට්ටුව භාර ප‍්‍රධාන වෛද්‍යතුමිය ලෙස සෙසු හෙද හෙදියන්ගේ ද, ඇයගේද අනෙක් වෛද්‍ය සගයින්ගේද නොමඳ පැසසුමට ලක්ව සිටි වෛද්‍යවරියකි.

වෛද්‍ය ගුණතිලක මහතා අප රෝහලෙහි අධ්‍යක්‍ෂක තනතුර දරනු ලැබු හෙයින් ඔහුගේ මෙම හදිසි රැස්වීමට රෝහලේ හෙද හෙදියන් හා සෙසු වෛද්‍යවරුන්ගේ පැමිණිම අත්‍යාවශ්‍ය විය. වාට්ටුවල සහයට හෙදියන් කිහිප දෙනෙකු හැර අනෙක් සියලූ කාර්යය මණ්ඩලය උදෑසන දහය වන විට රෝහල් අධ්‍යක්‍ෂ කාමරය අසල රැස්ව සිටියහ.

‘‘ගුඞ් මෝර්නින්ග් සියලූ දෙනාටම, හැමෝම දන්නවා ඇතිනේ මොකක්ද මේ හදිසි රැස්වීම කැඳවීමට හේතුව කියලා’’

ඒ අතරතුර එහි සිටි හෙද හෙදියන් හා වෛද්‍යවරු කිහිප දෙනෙකු විමතියට පත්ව මෙන් තම මුහුණට මුහුණ බලා ගත්තේ කාරණය කුමක්දැයි හරි හැටි වටහා ගත නොහැකි බවක් හඟවමිනි. එහෙත් සියයට අනුපහක් පමණ කාරණය, සිදුවීම කුමක්දැයි ඉතා හොඳින් දැන සිටිය හ.

හෙද විද්‍යාල පුහුණුවෙන් පසු දුෂ්කර සේවය යටතේ පිටිසර ග‍්‍රාමයක පිහිටි මූලික රෝහලක මුල්ම හෙද සේවය ඉතා හොඳින් ඉටුකළ හෙදියක ලෙසත් වසර පහක පමණ කාලයක සිට වර්තමානයේ ශී‍්‍ර ජයවර්ධනපුර ජාතික රෝහලේ ද සේවය කරන මා හට මගේ හෙද වෘත්තියෙහි අත්දුටු භයානකම කාලපරිච්ෙඡ්දයකට අවතීර්ණ වී ඇති බව හොඳින්ම වැටහි තිබුණි.

එනම් අපගේ රට තුළ පමණක් නොව, ලොව පුරාම ලැව් ගින්නක් මෙන් පැතිර යන මහා කොවිඞ් වසංගත තත්ත්වය යි. අතීතයේ විශාලා මහනුවර මෙන් අසා තිබු නමුදු කිසිදාක දැක නොතිබු විශාල මිනිස් පරිහානියක් වර්තමානයේ මුළු ලොවම අත්දකියි. කියමනකට පමණක් සීමා වී තිබු ලෝක විනාශය නම් වූ දරුණු ව්‍යසනයෙහි ආරම්භය මෙය ලෙසද මගේ සිතට දැනුණු වාර ගණන අප‍්‍රමාණය.

ගුණතිලක මහතා තම කථාව ඉදිරියට ගෙන ගියේය.

‘‘ අපේ ජාතික රෝහලෙත් මේ වෙනකොට කොවිඞ් පොසිටිව් රෝගීන්ගෙන් පිරිලා තියෙන්නේ. අපි ඇත්තටම මේ තත්ත්වය තවදුරටත් කළමණාකරණය කර ගත්තේ නැත්නම්, රෝහල් කාර්යය මණ්ඩලය විදිහට ඔබ, මම සියලූ දෙනාටම ඉතා විශාල අවධානමකට ලක් වීමට වැඩි ඉඩකඩක් තියනවා…’’

අධ්‍යක්‍ෂ ගුණතිලක මහතාගේ වදන් වල තිබු බැරූරුම් බව දවදුරටත් සංකීර්ණ වූයේ එතුමාගේ මීළඟ අනාවරණයෙනි.

‘‘ගියසතියේත් අපේ ස්ටාෆ් එකේ විසි එක් දෙනෙකුටම කොවිඞ් පොසිටිව් වෙලා තියෙනවා… ඒ අතරින් හෙද කාර්යය මණ්ඩලයේ දෙන්නෙකුම මේ වෙනකොට රෝහල් දැඩි සත්කර ඒකකයේ ප‍්‍රතිකාර ලබනවා. ඉතිං මට කියන්න අවශ්‍ය වුනේ, දැන් තියෙන තත්ත්වය බොහොම බරපතලයි. මේක ලෝක වසංගත තත්වයක්, අපි ඉතාම වගකීමෙන් වැඩ කරන්න ඕන වෙලාවක් මේක, ඒ නිසා මම මේ රෝහලේ අධ්‍යක්‍ෂවරයා විදිහට ඔබ සියලූ දෙනාගෙන් ඉල්ලන්නේ, මේ තත්වය පාලනය කරගන්න අපි හැමෝම එකට එකතු වෙමු යි කියන ඉල්ලීම, කාර්යය මණ්ඩලය මේ රෝගයට ගොදුරු වෙනවායි කියන්නේ අපේ සත්කාර ජාලයම අඩපණ වෙනවයි කියන එක. ඒ නිසා ඔබ සියලු දෙනාම රෝගීන් සම`ග සමීපව කටයුතු කිරීමේදී තමන්ගේ පෞද්ගලික සනීපාරක්ෂාව තහවුරු කර ගන්නා ලෙස කාරුණිකව මතක් කරනවා. ඒ වගේම රෝහල් අධ්‍යක්‍ෂ වරයා ලෙස රෝහල තුළින් ඔබේ ආරක්ෂාවට ලබා දිය යුතු, දිය හැකි සියලූම පහසුකම් සපයන්න මා උපරිමයෙන් උත්සාහ කරනවා.’’

පැයක පමණ රැස්වීමකින් පසු කාර්යය මණ්ඩලයේ සියලූ දෙනා තම අසුන් වලින් නැගිට්ටේ මෙතෙක් වේලා හිර කරගෙන සිටි දිගු සුසුම් දුක, බිය සමඟ මුසුව පහතට හෙළමිනි. වෛද්‍ය ගුණවර්ධනගේ කතාවෙන් පසු රෝහලේ සෙසු කාර්යය මණ්ඩලයට වෙනදාට වඩා වැඩි කාර්යයක් තම උර මතට වැටුණු බව විසිර යන සමස්ත කාර්යය මණ්ඩලයෙහිම දෑස් තුළ ගම්‍යමාන විය. කෙසේ වෙතත් වෛද්‍යතුමාගේ කතාවෙන් පසු සියලූ දෙනාට සිතන්නට මෙන්ම සිදු කිරීමට විශාල කාර්යයක් ඉතුරු විය. එනම් මේසා විශාල නොපෙනෙන භයානක සතුරෙකුට එරෙහිව සෞඛ්‍ය අංශ ලෙස විශාල සටනක නිරත විය යුතු බවත්ය.

‘‘ඇත්තටම නිමාලි දැන්නම් ටිකක් බයයි නේද?….. එන්න එන්ම තත්ත්වය බරපතල වීගෙන එනවා ලොකු ඩොක්ටර් අපිව මේ විදිහට මානසිකව ශක්තිමත් කරන එකනම් අපිට ලොකු හයියක්, නේද, නිමාලි.’’

දයානි එලෙස පවසමින් මා සමඟ අධ්‍යක්‍ෂක නිළ කාමරය අසලින් අප වාට්ටුව දෙසට වැටී ඇති ප‍්‍රධාන කොරිඩෝව දිගේ ගමන් කරන්නට විය.

දයානි සහ මම සමවයසේ මිතුරියන් වූයෙන්, බොහෝ අදහස් හා ගති පැවතුම් සෑම විටම පාහේ එක සමාන විය. එහෙයින් එක් අයෙකු අදහසක් ඉදිරිපත් කළ විට අනෙකාට එයට එක් කළ යුතුව ඇත්තේ ‘හ්ම්ම්’ යන අනුමත පදය යි.

හෙද විදුහලේ සිටම මාගේ හොඳම මිතුරිය වූ දයානි, දුෂ්කර සේවයේ දී මඟ හැරුණද, දෛවෝපගත අයුරින් ඉන් වසර කිහිපයකට පසු ජයවර්ධනපුර රෝහල තුළ එකම වාට්ටුවෙහි එක්ව සේවය කිරීමට අවස්ථාව උදා විය. එය එක් අතකින් සංසාරගත මිතුදමක ආභාෂය විය හැකි බව මගේ සිතට දැනුණු වාර අනන්තය. අප දෙදෙනාම විවාහ දිවියට එළඹෙන්නේ මීට වසර තුනකට පමණ පෙරය.

විවාහයට පසු හෙද ජීවිතය පිළිබඳ තරමක කළකිරීමකට පත් වූයේ තම ස්වාමියා හා දරුවන් සමඟ එකට එක්ව කාලය ගත කිරීමට සිදුවන්නේ ඉතා සුළු වේලාවක් වූ බැවිනි. දයානි හටද එම කරුණ පොදු විය. කෙසේ වුවත් හෙද වෘත්තීය තම දේව රාජකාරියක් ලෙස ඉටු කිරීම මා ඇතුළු සමස්ත හෙද පරපුරෙහිම වගකීම විය.

විවාහ වී වසරකින් පමණ පසු සුරතල් සිඟිත්තෙකුගේ මව් පදවිය ලබන්නට වරම් ලද මා මේ වන විට අවුරුදු දෙකක පමණ කුඩා පුතෙකුගේ මවක වූවාය. එහෙත් දිගින් දිගටම ඔහුගේ සුරතල් වැඩ දෙස බලමින් නිවසට වී නිදහසේ සිටීමට මා තෝරාගත් වෘත්තීය අනුව කිසිලෙසකින්වත් නොහැකි බව මනාව අවබෝධ වූවකි.

ඔහු සමග දක්වන ආදරය, සෙනෙහස රෝහලේ දී දක්වන්නට වූයේ වාට්ටුව තුළ සිටින අසරණ රෝගීන්ටය. වසංගත තත්ත්වය හමුවේ තම සමීපතමයින්ගෙන් තව තවත් දුරස්ව කටයුතු කිරීමට සිදු වීම තුළින්, මනසෙහි වූ ව්‍යාකූල ස්වභාවය තවදුරටත් වර්ධනය වන්නට විය. වසංගතය ආරම්භ වූ දින සිට, ඇතැම් විට දවස් දෙකකට හෝ තුනකට වතාවක් ද, ඇතැම් විට සතියකින් පමණද තම නිවැසියන් හමුවීමට නොමැති වූ අවස්ථාද බොහෝ ය. විවේකයක් ලැබුණු වහාම ඇතැම් දිනවල නිවසට යන්නේ කුඩා පුතුගේ දඟකාරකම් හා හුරතලය දැක ගැනීමටත්, මවක් ලෙස සිත තුළ කැකෑරෙන මව් සෙනෙහස සමඟ සිත තුළ පවතින දැඩි කුතුහලයෙනි. එහෙත් හෙදියක ලෙස සමස්ත ජාතියක මෙහෙවර ඉටු කර තම නිවසට යන විට ඇතැම් විට පුංචි පුතු නිදියහනට ගොස් අවසන්ය. වංසගත තත්ත්වය හමුවේ පුතුගෙන් දුරස් වීමට සිදුවීම මා හට දැඩි කම්පනයක් එක් කළේය. ධාරක පේ‍්‍රමයෙහි පවතින මහා ගැඹුරු බව මා හට එවිට හොඳින්ම අවබෝධ වී යයි.

උදෑසන රැස්වීම පැවති නිසා නොදැනීම කාලයද ගෙවී ගියේය. උදෑසන එකොළහයි තිහ පමණ වී තිබිණි. දහවල් රෝගීන් බැලීමට පැමිණෙන මිනිසුන්ගේන රෝහල් ප‍්‍රධාන කොරිඩෝව පිරීයත්ම වාට්ටුව දෙසට මාත් සමඟ යමින් සිටි දයානි මා හට මඟ හැරිණි. කොවිඞ් රෝගීන් බැලීමට ඔවුන්ගේ ඥාතීන්ට ඉඩ ප‍්‍රස්තා ලබා නොදුන්නද, රොහලෙහි අනෙකුත් බාහිර අංශ වල නේවාසිකව ප‍්‍රතිකාර ලබන තම සමීපතමයින්ට දහවල් ආහාරය ලබා දීමටත්, ඔවුන්ගේ සුවදුක් බැලීමටත් රෝහලේ ප‍්‍රධාන ගේට්ටුව අසළ පැවතියේ දැඩි කලබලකාරී තත්ත්වයකි. තම දරුවා, මව, පියා, සහොදරිය සුවෙන් දැයි බැලීම ඔවුන්ගේ එකම අභිප‍්‍රාය විය. ඇතැමෙකුට එම කළබලකාරී ස්වභාවය දිස් වූයේ ගඟ අසබඩ එකිනෙකා අතර ගැටෙමින් සුළඟට පැද්දෙන මහා උණ බට ප`දුරු ගොන්නක් ලෙසිනි. තම පාස්පත රෝහල් ගේට්ටුව අසළ සිටින ආරක්ෂක නිළධාරියා වෙත දිගු කරමින් ඉතා ඉක්මනින් රෝහල තුළට ප‍්‍රවිෂ්ඨ වීමට දරන උත්සාහය තුළින් එහි ඇති තරඟකාරී බව මනාව දිස්වේ.

සිතහෙි පැවති ව්‍යාකූල බව නිසාත්, රෝහලෙහි තදබදය එන්න එන්නම උග‍්‍ර වූ නිසාත්, ඉදිරියට යාමට තිබු අපහසු බවත් නිසා, මා කොරිඩෝවේ අයිනක තිබු කණුවක් අසල නතර වී පසෙක වූ යකඩ වැටට මදක් හේත්තු විය. දයානි ද මඟහැරුණු හෙයින්, සිත තුළ පැතිර තිබු දැඩි පීඩාකාරි තත්ත්වයත් නිසා එහි වු යකඩ වැටට වාරු දී, රෝගීන් වෙත යන තම සමීපතමයින්ට ද ඉඩ දී මදක් ඉවත බලා ගතිමි.

වසංගත තත්ත්වය තුළ රෝහලෙහි පැවති අධික කාර්යය බහුල තත්ත්වය නිසා වෙනදා මෙන් නිවසට යාමටද නොහැකි වාතාවරණයක් ගොඩ නැඟී තිබුණි. දින දෙක, තුන එක දිගට රෝගී සත්කාර සිදු කිරීමට හෙදියන් වන අපට දැන් සිදුව ඇත.

දිනක් මා නිවසට යන්නේ දින තුනක පමණ සේවා මුරයක් අවසන් කොට, රෝහලෙන් ලබා දෙනු ලබන කෙටි විවේකයටයි. සෞඛ්‍ය අංශයන්හි අවධානම පිළිබඳ සළකා රෝහල වෙතින් වෑන් රථ සේවාවක්ද ලබා දී තිබුණි. නිතර රෝගීන් සමඟ ගැටීමට සිදුවීම නිසාත්, සමාජයට ලබා දිය යුතු ආරක්ෂාව නිසාත් රෝහල් අධ්‍යක්‍ෂතුමා විසින් එම සේවාව ලබා දී තිබුණි.

වෑන් රියෙහි සිටි සෙසු හෙද හෙදියන්ට සමුදී ‘‘බරාස්….’’ ගා එහි දොර ඇර බිමට බැස්සා පමණි. නැවත එය වැසීමට ද මා හට කල්පනාවක් නොවුයෙන්, වෑන් රිය තුළ සිටි අයෙකු නැවත එම දොර ‘‘බරාස්’’ ඩස්’ හ`ඩින් වසා දැමීය.

මගේ අවට තිබු ගස් කොළන් පවා බොඳ වී පෙනුණි. නොදැනීම ඇස් වසාගත් කඳුළු කැට එම විපරිතය සිදු කළ බව මා හට හැඟී ගියේ ය. වෑන් රථයෙහි දොර වසන හ`ඩ ඇසි ගෙයි දොරකඩට පැමිණි පි‍්‍රයන්තත්, ඔහු වඩාගෙන සිටි අපගේ පුතුත් දැකීම මා හට සතුට ඉහවහා යන්නක් විය. එක් වරම පි‍්‍රයන්තගේ දෑත් අතුරින් මිදී බිමට පැන මා වෙත එක පිම්මට දුවගෙන ඒමට සැරසෙන මගේ පුතු දෙස මා ඉතා කුතුහලයකින් පසු විය.

දෑස් තෙමෙමින් නැඟුණු කඳුළු කැට කම්මුල් දිග රූරා යාමටත් මත්තෙන් පුතු පිටිපස ලූහුබැඳ ආ පි‍්‍රයන්ත මා වෙත දිව ආ පුංචි පුතු වළක්වා ගත්තේ ය.

‘‘අම්මා ඉස්පිරිතාලේ ඉදන් ආවා විතරනේ පුතේ…..
අපි අම්මා නාල පිරිසිදු වෙලා එනකන් ඉමු’’ යි

කියමින් ඔහු පුතු නැවත වඩාගත්තේ ය.
මගේ සැමියා වන පි‍්‍රයන්ත සේවය කළේ පෞද්ගලික ආයතනයකය. එහි කළමණාකරුවෙකු ලෙස සේවය කරන ඔහු වසංගතය හමුවේ සියලූම කාර්යයාලීය වැඩ සිදු කරනු ලැබුවේ මාර්ගගත ක‍්‍රමවේදයටය. එම නිසා පි‍්‍රයන්තට වැඩි කාලයක් නිවස තුළම ගත කිරීමට හැකියාව ලැබිණි. පුංචි පුතුගේ ආරක්ෂාවටත්, තනිකමටත්, පි‍්‍රයන්තගේ රැ`දි සීටීම මා හට මහත් අස්වැසිල්ලක් විය. පි‍්‍රයන්තගේ මවද මේ දිනවල අපගේ නිවසේ රැඳි සිටීම නිසා, පුතුගේ කැවීම්, පෙවීම් ආදි සියලූ රාජකාරි ඇය වෙත පැවරී තිබුණි. එයද මට මහත් සහනදායි කරුණක් විය. මවකගේ සෙනෙහස අවශ්‍යම කාලයේ තමා තම පුතු සමඟ නොවීමේ සාංකවෙන් තරමකට හෝ මා මුදවාලීමට, පි‍්‍රයන්තත්, මගේම මව වැනි වූ ඔහුගේ මවත් සමත් විය.

‘‘නිමාලි, ගෙයි පිටිපස්සෙන් එන්න, සබන්, ඔයාගේ තුවාය, එහෙමත් ඒ පැත්තෙ ගිහින් තියලයි තියෙන්නේ., නාගෙනම එන්නකො, අම්මා තේ එකක් හදලා තියයි. එතකොට මගේ පුතාට පුළුවන්නේ අම්මා ළඟට දුවගෙන යන්න, නේද මගේ පුතේ.’’යි

කියමින් පි‍්‍රයන්ත පුතු සමඟ ගේ තුළට ගියහ.

ගෙයි පුටුපසින් ටැංකිය දෙසට යන විට ඇතුළින් ඇසෙන පුතුගේ හුරතල් කට හඩට මම කන් යොමු කළේ හරි හැටි වචන හැසිරවීමට තබා උච්චාරණය පවා අපහසු තම පුතු, පි‍්‍රයන්තගෙන් විමසූ දෙයින් මගේ නෙතට පෙර ඉනු කඳුළු කැට කම්මුල් තෙත් කරමින් පහළටම රූරා වැටෙන්නට විය.
‘‘ තා…..ත්තේ, අම්…මා ඇයි මා….ත් එක්ක හිනා වෙන්……නෙ නැත්තේ,
එයා ඇයි මූණ වහ…..ගෙන ඉන්නේ……
එයා ……. මාත් එක්…ක තරහ වෙලා…….ද?

අසීරුවෙන් වචන ගැට ගසමින් පුංචි පුතු ප‍්‍රියන්තගෙන් විමසූ දෙය , මා හට අදහා ගත නොහැකි කම්පනයක් සිතට එක් කළේය. වෙනදාට තම පුතු සියතින් වඩාගෙන නොමද සිනහවෙන් තුරුළු කරගන්නා මව, අද ඔහුට සිනහව නොදුන්නේ ඔහුගේම ආරක්ෂාවට බව තේරැම් කරවීමට මා තුළ කිසිදු චිත්ත ශක්තියක් ඒ මොහොතේ නොවීය. පුතු සමඟ පමණක් නොව තම ස්වාමියා සමඟ ද වෙනදා මෙන් සමීපව සිටීමට නොහැකි වීම මා හට දැඩි කම්පනයක් ගෙන දීය. ගෙයි පිටුපස වූ ටැංකියේ බැම්ම මතට හේත්තු වූ මම එහි ජලය දෙස බලමින් ඇසෙන් වැටෙන කදුළු බි`දු ඒ ජලය මත පා කරමින් මගේ සිතද එම ජලය මෙන් නිසසල කර ගැනීමට දැරූ ප‍්‍රයත්න අපමණය. කදුළු බිදු වැටී එක් වරම සසල වන ටැංකියේ මතු පිට වූ ජල ධාරාව , කුඩා සිද්ධියකින් වුව සසල වන මගේම මනස පිළිබ`ද මා හටම සිහිපත් කරවීය.


ශක්තිමත් මනසකින් යුතු හෙදියක් වුවද, බිරි`දකගේ හා මවකගේ සිතිවිලි තුළට මුල් බැසගත් විට, විටෙක කළු ගලක් වූ සිත ද අයිස් කැටයක් මෙන් දියවී යයි.

‘‘ නිමාලි…… නිමාලි…….නිමාලි’’.
මා ගැස්සී වටපිට බැලීය. දයානි මගේ අතින් අල්ලාගෙන සිටියාය.

‘‘ මොකද නිමාලි මේ., ඇස් දෙකේ කදුළුත් පුරවාගෙන………..
පුතාවත් මතක් වුනාද?

දයානි එසේ විමසන විට පියවි සිහියට එළැඹි මා නැවතී සිට ඇතිතේ ළමා වාට්ටුව ඉදිරිපිටය. කොරිඩෝව දිගේ වාටුටුව දෙසට යමින් සිටි මා එහි නතර වූයේ කුමක් නිසාද බවවත් දැන් සිතාගත නොහැකි විය.

‘‘ පුතා දැන් මොනවා කරනවා ඇති ද දයානි…. මට මතක් වුනා අන්තිමට මම ඩියුටි ඔෆ් වෙලා ගෙර ගිය දවස, එදා පුතා මං ගාවට දුවගෙන ආවේ මට එයාව වඩාගෙන තුරුල් කරගන්න කියන්න… ඒත් මම මගේ පුතාව තුුරුළට ගන්නවා කියන්නේ මං විසින්ම මගේ පුතාව මගෙන් ඈත් කරගන්නවා වගේ වැඩක්’’ යැයි මගේ මුවින් පිට වූයේ හැ`ඞූ ක`දුළිනි.

දයානි සිය දරුවෙකු සනසන පරිද්දෙන් මගේ හිස අත ගෑවාය.

‘‘ දුක් වෙන්න එපා නිමාලි, මේ දුෂ්කර කාලෙ හැමදාම තියෙන්නේ නෑනෙ……. පුතා ළඟ ප‍්‍රියන්තත්, ප‍්‍රියන්තගේ අම්මයි දෙන්නම ඉන්නවානේ.අනික ඔයා නැති පාළුව පුතාට දැනෙන්න ඉඩ තියන්නේ නෑ ඒ දෙන්නා. …. මේ ටික කාලෙ අපි ඉවසලා ඉමු නිමාලි. මේ වසංගතේ ඉවර වුනහම අපි හැමෝටම පුළුවන්නේ අපේ ළමයි එක්ක, පවුලෙ අය එක්ක හැමදාම හිනාවෙලා සතුටින්, ආදරයෙන් ඉන්න……’’
නිමාලි එලෙස මගේ හිත සනසමින් වාට්ටුව දෙසට ගියාය.

වාට්ටුවට ගොස් වාට්ටුවෙහි පසෙක තැම්පත් කර තිබූ බුදු පිළිමය අසළට ගිය මා, දෑත් එකතුු කර ගනිමින් දෑස් ද තදින් පියා ගත්තේ සිත තුළ නැඟුණු දැඩි ප‍්‍රාර්ථනාවක් සිදු කරන අදහසිනි.

‘‘ මේ වසංගතය නිසා මේ ලෝකේ ජීවත් වෙන කීදෙනෙක් තමන්ගේ අම්මා ,තාත්තා, දරුවෝ, සහෝදර සහෝදරියෝ තවත් සමහර අයට තමන්ගේ ස්වාමි පුරුෂයා, භාර්යාව අහිමි වෙලා ඇත්ද?… හැම කෙනෙක්ගෙම මූහුණුවල තිබුණු හිනාව මේ වෛරසයට බියෙන් මුව වැස්මකට හිර වෙලා ගිහින්…’’

මගේ සිතෙහි නැඟුුණු දැඩි පීඩනය බුදු හිමියන් පාමුල මුදා හරින බවක් මට දැනුණි. අවසානයේ මගේ ප‍්‍රාර්ථනාව වූයේ,

‘‘ මේ ලොවටම පීඩා ගෙන දෙන, මේ මහා භයානක වසංගත තත්ත්වය ඉතා ඉක්මනින් මෙලොවින් තුරන් වී ගොස්, වෙනදා මෙන් සියලූ දෙනා සමඟ එක්ව සතුටින්, ආදරයෙන් සිටිය හැකි, සියලූ දෙනාගේ මුවග රැදුණු සිනහව නැවත දැකිය හැකි, රෝග බයෙන් තොර නිදහස් වටපිටාවක් උදාවේවා’’ යි යන්නයි.

තවත් මොහොතක් නිසොල්මන්ව සිටි මා, නෙතට නැඟි ක`දුළු පිසදමා දිරියෙන් නැගී සිටියේ, හෙදියක් ලෙස තම මත වූ වගකීම්, යුතුකම් මනාව ඉටු කරමින්, ඉක්මනින්ම මේ වසංගතය පරාජය කොට ජය ලබන අදිටන ද සමඟිනි.

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp