ksfrdaOdorh
ksfïId uÿIdKs

ජීවිතයේ ඇති අනිත්‍යතාවය කාටත් පොදුය.පවතින සියල්ල ක්ෂණකයෙන් වියැකීයයි. මා මරණයට බිය නොවෙමි.නමුත් මට කිරීමට තවත් බොහෝ දේ ඇත.මාගේ මව පියා වෙනුවෙන් ඉටුකිරීමට ඇති යුතුකම් පැහැරහැර ජීවිතයේ අතරමග මා පළා යන්නේ කෙසේද? ජීවිතයේ මහ ගිරි දඔ එක්ව තරණය කිරීමට දෑත් පටලවා ගත් මාගේ සුපෙම්වතිය අතරමග තනි කිරීමට මට නොහැකිය. මා දැන් කුමක් කළ යුතුද? කුරා කුහුඔුවෙකුටවත් වරදක් කර නොමැති මාහට මෙතරම් දරුණු වෛරසයක් වැළදුණේ කෙසේද? මා යළි සුව අතට හැරේවිද?

අවුල් වූ නූල් පන්දුවක් මෙන් එක මත එක පැටලුණු ගැටලු රාශියකට පිළිතුරු සොයමින් තම මනස හා සටන් වදින හසින්ත නුහුරු නුපුරුදු හොටෙල් කාමරයේ ඇති සුව පහසු සයනය මත ඉතා අපහසුවෙන් වැතිරී නිදි නොලබමින් ඒ මේ අත පෙරළෙන්නට විය.  නිසල වූ මුහුදු තීරය හා ඒ අවට ඇති පොල් ගස් අදුරු සෙවණැලි මවමින් පාලු දූපතක තමා වටකර ඇති බහු රූ කෝලම් මෙන් විසුලු පාන සේයාවක් ඔහුට දිස්විය.

කාර්යබහුලත්වයෙන් පිරි ජීවිතයේ තරගෙක දුවනා දිනුමක නැවතී රිසිසේ බඩගා යාමට ඔහුට ලැබුණු අවස්ථාව ගැන ඔහු කිසිවිටක සතුටට පත් නොවීය.තරු පන්තියේ සුපිරි හෝටලයක් හා නිරන්තරයෙන් නෙත ගැටෙන ඔහු කාලය ගත කිරීමට ප්‍රිය කරන මුහුදු වෙරළ ඔහුගේ සිතට ඉමහත් බරක් හා නොසන්සුන්තාවයක් ගෙන දුන්නේය.

 මා මෙහි පැමිණ අදට දින තුනකි.තවත් දින සතක් මා මෙහි ගතකළ යුතුය……………………………

මීට දින කිහිපයකට පෙර මට ඇතිවූ උණ හා සෙම්ප්‍රතිශ්‍යාව නිසා කාර්යාලයෙන් සිදු කරන ලද ඇන්ටිජන් පරීක්ෂණයෙන් කොරෝනා වෛරසය මා හට ආසාදනය වී ඇති බව  දැනගන්නට ලැබුණි.මා වඩාත් බිය වූයේ මගේ ලබැදියන් මා නිසා රෝගී වෙයි යන බියෙන් මිස මා රෝගී වූ නිසා නොවේ. එනිසා හනි හනිකයෙන් කාර්යාලය විසින් නිරෝධායනයට සූදානම් කරන ලද පෞද්ගලික රෝහල් ජාලයක අනුබද්ධිත හෝටලයක පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යාමට මම සිතා ගත්තෙමි.එදිනම හවස් යාමයේ ගිලන් රථයක නැගී මා මෙහි ආයෙමි.කිසිදු විශේෂ රෝගාබාධයක් පෙනෙන්නට නොවූයෙන් විනෝද චාරිකාවක් යන තුටු පහටු ලීලාවක් මවා ගනිමින් මා නිවසින්  පිටවූයේ  මව පියාගේ හැකිලුණු මුහුණු වලට සුලු හෝ අස්වැසිල්ලක් ලබාදෙන අටියෙනි. ගිලන් රථයට නැගගත්ම කුරුලු පියාපතක සැහැල්ලුවක් මා හට දැනෙන්නට විය. මව පියා කොරෝනා අවදානමෙන් තරමක් හෝ මුදවා ගැනීමට  මාගේ නික්මයාම සමත් වෙතැයි මම සිතුවෙමි.

මාගේ දුරකථනය නාද විය.

ක්‍රීං……….ක්‍රීං……………………..ක්‍රීං………………………ක්‍රීං………………………

ඒ ඇයයි.මා ලබන සතුට සිනහව පමණක් නොව වේදනා දුක් සුසුම්ද මා සමග බෙදා ගන්නී  මගේ සිතැගියාවන් හා හදවත හොදින්ම හදුනන්නී මගේ පෙම්වතී නිශාදි

මම ඇමතුම ගතිමි.

“හලෝ කියන්න”

“ඔයා පිටත් වුනාද? දැන් කොහෙද?” ඇය විමසුවාය.

‘තාම මග, මං ගිහින් කෝල් එකක් දෙන්නම්’

‘හරි පරිස්සමෙන් ගිහින් එන්න ,ඔයා එනකං මං බලන් ඉන්නවා.යේසු පිහිටයි! බුදු සරණයි! ‘ඇය පැවසුවාය.

දුරකථනය විසන්ධි කළ මට ඇයව බොහෝ සේ සිහිපත් විය.උණ හා සෙම්ප්‍රතිශ්‍යාවෙන් පීඩිතව මා නිවසේ සිටි දින දෙකේදී ඇය මා බැලීමට පැමිණීමට කොතෙක් වීරිය කළාදයත් අවසන ඈ මා හා අමනාප විය.කාර්යාලයෙන් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන සෑම විටම මා හට පොසිටිව් බව පවසමින් මා කොතෙක් ඇය රවටා ඇද්ද? ඒ සෑම විටම ඇය හදවතින් විදි වේදනාව මෙවර මම හැබැහින් අත්දකින ලදී.අවසන් වරට සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ෂණයෙන් මම පොසිටිව් බව දැනගත් වහාම මාගේ අත ඇදී ගියේ කලිසම් සාක්කුව දෙසටය.එහි වූ ජංගම දුරකථනය අතට  ගත් මම මාගේ පෙම්වතිය වන නිශාදි හට ඇමතුමක් ලබා ගත්තෙමි.

“මැණික මම පොසිටිව් වුනා.”

“බොරු නේද කියන්නේ ? අනේ මේ ඔයාට බෑ මාව අන්දන්න” ඇය සිනාසෙමින් පැවසුවාය.

“නෑ නෑ ඇත්ත මං දැන් ගෙදර යනවා “

“මං ඔයාට දෙන්න දෙහි කොළ වගෙකුයි දෙඵම් කොළ වගෙකුයි කඩලා තියෙන්නේ දුම් අල්ලන්න.ඔයා අපේ ගේ හරියට ආවම කියන්න මං පාරට එන්නම්”.කිසිවක් නොවුනා සේ ඈ පැවසුවාය.

“පිස්සුද මං ඔතන නවත්තන්නේ නෑ එන්න එපා පාරට මං කෙළින්ම ගෙදර යනවා “යැයි පවසමින් මම දුරකථනය විසන්ධි කළෙමි.

මෝටර් සයිකලයට නැගගත් මම ඊ ගසක වේගයෙන් නිවස බලා යාමට පිටත් විය.නිශාදී මල්ලක්ද අතැතිව මා එනතුරු පාර බලා සිටිනවා මම දුටුවෙමි.නොසන්සුන් වූ මගේ මනස ඇය වෙතට ගොස් සන්සුන් කර ගැනීමට මට සිතුනද ඇයව දැක්කා නොදැක්කා සේ මා ගමන් කළේ ඇයට ඇති අසීමිත ආදරය නිසාවෙනි. ඒ නිමේෂයේ මාගේ එකම ප්‍රාර්ථනය වූයේ හතුරෙකුටවත් මෙවන් වෛරසයක් හැදෙන්න එපා කියාය. මම නිවසට ගොස් කාමරයේ දොර වසා ගතිමි.මග හැරුණු ඇමතුම් දහයක් ඒ ටිකට, දුරකථනය අත්ලට ගත්ම නැවත දුරකථනය නාද විය.

“හලෝ කෝ ඔයා ගෙදර ගියාද?”

“ඔව් නිශාදි ,මේ දැන් ආවා විතරයි “

“වීඩියෝ කෝල් එකක් ගන්න ඩේටා ඔන් කරනවා, මට බලන්න ඹ්නේ මේ දැන්ම” නිශාදි පැවසුවාය.

ඇද මත වැටී හුන් මම ඩේටා ඔන් කර ගත්තෙමි.මා හ‌ට වීඩියෝ ඇමතුමක් ලබා ගත් ඇය කිසිවක් නොකියාම මා දෙස ‌‌බොහෝ වේලා බලා සිටින්නට ඇති.මාත් ඇයගේ වටකුරු විශාල දෙනෙත් දෙස නෙතු අයා බලා සිටින්නට පටන් ගතිමි.වචනයකින් විස්තර කළ නොහැකි වූ ශෝකයකින් ඇගේ අභ්‍යන්තරය දැවෙන බව කදුලු පිරී දිළිසෙන ඇගේ නෙත් වලින් මම කියවා වටහා ගතිමි.ටික වේලාවකින් මගේ සුන්දර පෙම්වතියගේ මුහුණ පුරා කදුඵ ගංගා ගලා යනු මම දුටිමි.

“ඒ  ඒ ඔන්න අඩන්න ඔට්ටු නෑ හොදේ, අඩන්න මොනාද දැන් වුනේ, මං මේ හොදට ඉන්නේ “මම ඇය අස්වසාලූයෙමි.

“ඔයා අමාරුවෙන් ඇත්තේ මං බයවෙයි කියලා කියන්නේ නෑ “

“පිස්සුද අනේ, එහෙම මුකුත් නෑ “

“පොඩිම පොඩි අමාරුවක් තිබ්බත් මට කියන්න  හරිද , තව ඉක්මන්ට සනීප වෙලා මාව බලන්න එන්න  ,කාලා බීලා සතුටින් ඉන්න ඔිනේ, කිසිදෙයක් ගැන ඔිනෑවට වැඩියෙන් හිතන්න බැ හොදද පොරොන්දු වෙන්න.”

‘හරි මං පොරොන්දු වෙනවා ‘

“මං ඔයාට හැම වෙලේම කෝල් කරන්නම්.බය වෙන්න එපා අපිට නපුරක් කරදරයක් වෙන්නේ නෑ අපි පව් වැඩ කරලා නෑ එහෙම වෙන්න, “ඇය එසේ කීවේ ඉතාමත් බැරෑරුම් ලෙසය.

මා මෙහි පැමිණීමට පෙර ඈ මගෙන් පොරොන්දු කරවාගත් දේ බොහෝයි.මෙලෙස බොහෝ දේ සිතමින් සිටින අතරතුර මා නින්දට වැටී ගොස්ය.උදෑසන හිරු කිරණ මාගේ මුහුණ සිඹිත්ම එකවරම මා නින්දෙන් අවදි විය.

සුපුරුදු පරිදි සුභ උදෑසනක් යැයි පතා  නිශාදිට කෙටි පණිවිඩයක් යැවූ මම මුහුණ සෝදා දුම් අල්ලා යළිත් ඇදට වැටුණි. වෛද්‍යවරයා හා හෙදියක් පැමිණ රෝග ලක්ෂණ පිරික්සා ඖෂධ කිහිපයක් නොකඩවා ගැනීමට උපදෙස් ලබා දී නික්ම ගියහ.නිවැසියන් සහ මාගේ හිත මිතුරන්ගෙන් මට නොකඩවා දුරකථන ඇමතුම් ලැබුණු අතර ඔවුන් මාගේ සුවදුක් විමසීය. දිනපතා ඇමතුම් පහකට වඩා ගන්නා නිශාදි විටෙක වෛද්‍යවරියක මෙන් මාගෙන් රෝග ලක්ෂණ විමසමින් මා දෙස දුරකථනය ඔස්සේ ඉතා තියුණු ලෙස බැල්ම හෙළමින් හැසිරෙනුයේ කුඩා දරුවෙකු පිටුපස සිටින මවක පරිද්දෙනි.මා නැවත පැමිණෙන විට ඇය මා හා බොහෝ දේ කීමට හා කිරීමට බලා සිටින බව නිරන්තරයෙන් ම මා හට පවසයි.මා රෝගී වීම ඇයට දරා ගැනීමට අපහසු වුවද ඇය එඩිතර ලීලාවක් මා ඉදිරියේ මවාපානා හැඩක් මට පෙනේ.කෑවද බිව්වද? බෙහෙත් ගත්තද ?දුම් ඇල්ලුවද ?ඩොක්ටර් මොනාද කිව්වේ? දැන් කොහොමද? වෙනසක් තියනවද? රස දැනෙනවද? ගෙදරින් කතා කළාද නිම නොවන ඇගේ සුපුරුදු ප්‍රශ්න පත්‍රය දැන්නම් මා හට වදයක් මෙන් දැනේ.නමුදු ඒ සෑම වදනක ම ඇත්තේ ඇය මට දක්වන ආලය බව මම පසුව හදුනා ගතිමි.මාහට වීඩියෝ ඇමතුම් ගන්නා සෑම විටම විවිධ විහිඵ තහඵ කරමින් මා හිනැස්සීමට ඇය ගන්නා උත්සහයට නම් මා අකමැති නොවීය.ඇතැම් ඇමතුම් පැය දෙක තුනකට පමණ දීර්ඝ කාලයක් ඇදී ගියේ ඇගේ රසබර කතාවන් මගේ කාන්සිය නිවීමට දිව්‍යමය ඔසුවක් වූ නිසාය. අන්තර්ජාලය පීරමින් කොවිඩ් වෛරසය පිළිබදව තොරතුරු සොයා පිළිපැදිය යුතු සෞඛ්‍ය පුරුදු හා මාර්ගෝපදේශන විශාල ප්‍රමාණයක් ඇය මට එවා තිබුණි.

කා බී ඇදක් මත ගෙවා දමන කාලය පාලුවේ තනිකමේ මා ගිල්වා තැබීය. මා නිවසින් එනවිට රැගෙන ආ මහරහතුන් වැඩි මග ඔස්සේ ග්‍රන්ථයද පිටුවක් දෙකක් කියවන විට මම ඉතා ඉක්මනින් වෙහෙසට පත් වුණෙමි. එය අතහැර දැමූ මම නිරතුරුව පෙනෙන මුහුද දෙස බලා සිටීමට පටන් ගත්තෙමි. බාහිර බලපෑම් නිසා මුහුද විටෙක නිසසල වන අයුරුද ,තවත් වරෙක රුදුරු වෙස්ගෙන කැළඹෙන අයුරුද මම දුටුවෙමි. හිරුගේ කටෝර රශ්මියෙන් පීඩිත වන සයුරු රළ හවස් යාමයේ ඈත සයුරේම ගිලීයන ආකාරය ,රාත්‍රියේදී සයුරට එළිය දෙන සද තරු, පොද වැහි සිට තද වැහි දක්වා  සාගරයට වසින අයුරු මම දුටුවෙමි.මිනිස් ජීවිතයත් සාගරය බදු යැයි මට බොහෝ වර සිතුණි.

 

**********

 

හෝටලයේ ගතකළ පස්වන රාත්‍රියේදී මා හට තදබල පපුවේ කැක්කුමක් ඇතිවිය. ජීවිතාසාව මා කෙරෙන් පැන යන සේයාවක්  මට ඉතා තදින් දැනුණි. මම බියවීමි. ඇදේ එහා මෙහා පෙරළී මුඵ රාත්‍රියම ගෙවා දැමූ මම පාන්දර පහට පමණ එය වෛද්‍යවරයාට දන්වන ලදී. එවෙලේම ඖෂධ කිහිපයක් ලැබුණු අතර මම තද නින්දකට වැටුණි.මා අවදි වූයේ පසුදා දවල් දොළහට පමණය. මාගෙන් ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් නොමැති වීමෙන් බියට පත් නිශාදි දිගින් දිගටම මා හට ඇමතුම්  ගන්නා විට මා තිගැස්සී අවදි වුණෙමි.

( ඇඩූ කදුළින් යුතුව) “ඇයි අනේ කෝල් ආන්සර් කරන්නේ නැත්තේ ? මං කොච්චර බය වුනාද දන්නවද? ඇයි ඔයා මට මෙහෙම කරන්නේ “

“කළබල වෙන්න එපා මට ඊයේ රෑ පොඩි පපුවේ අමාරුවක් ආවා “

“ඔයා මට කිව්වේ වත් නෑනේ “

“ඒ වෙලාවේ කියන්න මතක් වුනේ නෑ අනේ “

“දැන් කොහොමද ?”

“දැන් හොදයි, බය වෙන්න එපා “

“අනේ! මට මේ වෙලාවේ ඔයා ලගින් ඉන්න තිබ්බ නම්”

 “කරන්න බැරි දේවල් නොකියා ඉන්නවා ,අනික මම මේ හොදට ඉන්නේ මට මොකටද මුරකාරයෝ?” මම කීවෙමි.

ඇය මා වෙනුවෙන් නිතරම දෙවියන් යදියි.අද දින මා වෙනුවෙන් විශේෂ නිරාහාර යැදුමක් සිදුකරන බව ඇය මට දැන්වීය.

“බඩගින්නේ ඉන්න එපා, ඔිවා කරන්න ගිහින් අසනීපයක් වුනොත් “

“පිස්සුද අනේ එහෙම වෙන්නේ නෑ ඔයාට කිසිම අමාරුවක් නැතිව හොදවෙලා එන එක තමා මගේ එකම බලාපොරොත්තුව, මං ඒ වෙනුවෙන් මට කරන්න පුලුවන් හැමදේම කරනවා.ඒ නිසා මුකුත්ම කියන්න එපා හරිද “

‘අයියේ………………………’

‘හ්ම්………………….’

‘මට බයයි’ ඇය ඉතා බැගෑපත් ලීලාවකින් කියා සිටියාය.

මගේ හදවත ඉරිතලා ගියේය. මටත් එලෙසින්ම බයක්, දුකක් දැනෙන නමුත් මම එකහෙළා ඇයට ඒ බව නොකිව්වෙමි.පිරිමි හිත් වල ඇති තද ගතිය එඩිතර ගතියෙන් යුක්තවම මම සිටියෙමි. දවල් ආහාරය ගෙන ඖෂධ ගත් මම මුහුද දෙස බලා ‌බොහෝ දේ කල්පනා කරන්නට වීමි.හිතවතෙක් , ලබැදියෙක් ලගින් නැති මට මේ මොහොතේ සිතන්නට දෙයක් හෝ ඉතිරි කර ඇත්තේ මා ඉදිරියේ ඇති මේ මුහුදු තීරය පමණයි. එහි සොදුරු බව පළමු වරට මම මේ මොහොතේ අත්විදිමි. රැල්ල එනතුරු මග බලා සිටින වැල්ල, මා එනතුරු නොඉවසිල්ලෙන් බලා සිටින මගේ පෙම්වතිය බදු යැයි මට සිතිණි.රැල්ල වැල්ල සිඹිනා තරම් ඉක්මනින් මට ඔබ වෙත පැමිණීමට නොහැකි වුවද මම කෙසේ හෝ සුවවී සයුරු රළ ආදරයෙන් වෙරළ සිප ගන්නා පරිද්දෙන් ඔබ වෙත ඉතා ඉක්මනින් පැමිණෙන බව මම මගේ හදවතට පොරොන්දු වුනෙමි.

මම මාගේ සිතෙහි ඇතිව තිබූ පරාජිත සිතිවිලි වල දමා ප්‍රාර්ථනාවේ මිණි පහන මගේ හදවතේ දල්වාගතිමි. අරටු හයිය රූස්ස ගස් කෙතරම් පීඩිත වැහි, නියං කාලයන් පසුකර වසන්තය එනතුරු බලා හිදිනවාද ? මම අරටු හයිය රූස්ස ගසක් විමි.මම ඉටා ගතිමි.අරමුණක් ඇති සිතිවිලි වල ප්‍රබලතාවය මම අත්දකිමි.

 

**********

 

දින දහය ගෙවී ගියේය. මම සුවපත් වුනෙමි. නිවසේ  තවත් සිව් දිනක් නිරෝධායනය වීමට මා හට උපදෙස් ලැබුණි. මා නිවසට පැමිණි පසු කෑමට වඩාත් ප්‍රිය කරන විවිධ ආහාර නිශාදි මා හට එවීය. කාලය ගෙවීගියහ.

ඉවසීමෙන් බලාවුන් දුෂ්කර කාලයට ආයු‌බෝවන් කියා සමුදුන් අපි කලකට පසුව යළිදු මුණ ගැසිණි. ඈත තියාම මා දුටු නිශාදි වේගයෙන් දුවවිත් මා තදකර බදා ගත්තේය. කලකින් දුටු ඇගේ සිනහවෙන් මමද බොහෝ සේ සතුටට පත් වුණෙමි.

 

කෙතරම් දුෂ්කර වුවත් කාලය

ජයගත හැක ආලයයි තාලය

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp