ke;sùu yd n,dfmdfrd;a;=j
ufkdaÊ finia;shka

ප්‍රණිත් හොස්පිටල් එකේ ඉදලා ආපු වෙලේ ඉදන් ඔෆිස් එකේ පුටුවට වෙලා බර කල්පනාවක්..ෆයිල් එකකුත් අතේ confidential(රහසිගතයි) කියලා ගහලා. ඒක ඔෆිස් එකේ මේස ලාච්චුවට දාපු ප්‍රණිත් මොහොතක් කල්පනා කරන්න උනා. 2020.02.14 හරියටම සමාධිගේ උපන්දිනය දවසෙ එයාලා විවාහා උන විදිය එයාට මතක් උනා. ලස්සනම ලස්සන සුදු ඔසරියක් ඇදලා පෝරුවේ තමන්ගේ එහා පැත්තේ ඉදපු සමාධිව මතක් උනා ප්‍රණිත්ට. කොරෝනා පළවෙනි රැල්ලට රටම වහලා ඉද්දී ඒ දෙන්නා විතරක් ගෙදරට වෙලා ඉදපු ඒ සුන්දර කාලය එයාට සිහිවෙන්න ගත්තා. කදුලු පුරෝගෙන ඒ අතීතය මතක් කරපු ප්‍රණිත්ට වෙලාව යනවා තේරුනේ නැහැ.

“සර්… වෙලාව හතයි” ඔෆිස් ඇසිස්ටන් කියනකං ප්‍රණිත් හිටියේ වෙනම ලෝකෙක. 

මම මෙච්චර හොදට ඉදලත් ඇයි ජීවිතය මගෙන් පළිගන්නෙ….

ප්‍රණිත් කවදාවත් මත්පැන් උගුරක් කටේ තියපු මිනිහෙක් නෙවෙයි. ඒත් එදා එයා හිතුවා බාර් එකට යන්න.නුපුරුදු නිසාම එයාට ඒක දරාගන්න බැරි උනා.

දන්නෙම නැතුව රෑ උනා. 

මේ අතර සමාධි ඔෆිස් එකට කෝල් කලා ප්‍රණිත් මොකද පරක්කු බලන්න. ප්‍රණිත්ගේ ෆෝන් එකත් ඕෆ්.  සමාධි හොදටම බය වුනා.එක පාරම ගෙදර ඉස්සරහ ත්‍රීවිල් එකක් නවත්තපු සද්දෙට සමාධි ඉස්සරහට දිව්වා. හිතුවා හරි ඒ ප්‍රණිත්.

“නෝනා.. මේ ඔයාගේ මහත්තයාද.??? ඩ්‍රයිවර් ඇහුවා.

ඔව්” සමාධි කිව්වා…

“මෙයා මේ අපේ රෙස්ටුරන්ට් එකේ හිටියේ. බීලා නැගිට ගන්න පණ නැහැ… හොද වෙලාවට සර්ගේ යාලුවෙක් හිටියා factory එකේ එකට වැඩ කරන. එයා තමා කිව්වේ තැන. සර්ව එක්ක යන්න නෝනා” 

“හරි ඉන්න” සමාධිව කරකවලා අත ඇරියා වගේ…

 කොහොම හරි සමාධි ප්‍රණිත්ව වත්තන් කරගෙන එක්ක ආවා ගෙදරට..

ආපු වෙලේ ඉදන් ප්‍රණිත් සමාධිට එක එක්කෙනා පාවා දීලා බනිනවා. සමාධිට හිතා ගන්න බැහැ. අන්තිමට ඒ රණ්ඩුව කෙළවර උනේ සමාධිට දුන්න පා පහරකින්.

පහුවදා නැගිටපු ප්‍රණිත් බැලුවා වට පිට. සමාධි පේන්න නැහැ..

ඒ එක්කම කෝල් එක්ක ආවා සමාධිගෙන්.

” ඇයි ප්‍රණිත්… මට මෙහෙම කලේ”

ප්‍රණිත්ට කදුලු ආවත් එයා ඒක තද කරන්

තමුසේ වගේ වේ….ක් මට ඕනෑ නැහැ. ආයේ මට පේන්න එන්න එපා. මට ඩිවොස් වෙන්න ඕනෑ තමුසෙගෙන්.

සමාධි එතනින් පස්සෙ කතා කලේ නැහැ.

ප්‍රණිත්ගෙ උවමනාව ඉශ්ඨ උනා…

එයාට ඕනෑ උනේ සමාධිව එයාගෙන් ඈත් කරවන්න. එයාට ඕනෑ උනේ සමාධි එයාගෙන් දුරස් වෙලා සතුටින් ඉන්නවා දකින්න.

සති තුනක් ගෙවිලා ගියා…

ප්‍රණිත්ගේ බාහිර පෙනුව වෙනස් වෙන්න ගත්තා. අවුරුදු  30ක කොල්ලෙක් කියලා කියන්න බැරි තරමට වෙනස් උනා.

ප්‍රනීත් කඩවසම් තරුණයෙක්. එයා මීගමුවේ ගාර්මන්ට් එකක  Accountant කෙනෙක් විදියට වැඩ කලේ. රාජකාරි වෙලාවෙත් නිතරම බීමත්ව ඉදපු නිසා ගොඩක් අයට එයාව එපා උනා. වාහනෙත් විකුණලා දාන්න උනා. සමාධි එයාට කීප වතාවක් කතා කරන්න හැදුවත් එයා ෆෝන් ආන්ස්වර් කලේ නැහැ.

එහෙම ඉද්දි තමා කොරෝනා දෙවනි රැල්ල ගාර්මන්ට් වලින් මතු වෙන්න ගත්තේ. ප්‍රණිත්ගේ assistant කෙනෙක්ට කොරෝනා කියලා PCR වලින් අහු උනා… දවස් දෙකක් ප්‍රණිත් නොදන්වා වැඩට නාපු නිසා එයාගේ හොදම යාලුවා නුවන් ගියා ප්‍රනීත්ව හොයාගෙන. එයා යනකොට එහේ දොරත් ඇරලා දාලා. එයා දැක්කේ ඇඳ උඩ හයියෙන් හුස්ම ඇඳ ඇඳ ඉන්න ප්‍රනිත්ව. එයා ටග් ගාල 1990ට කතා කලා…එයාලා ඇවිත් ප්‍රනිත්ව රාගම හොස්පිටල් එකට අරං ගියා. තත්ත්වය දරුණු නිසාම එතනින් IDH ගෙනිච්චා. 

ප්‍රනීත්ගේ රිපොර්ට් ආවා. 

ඔව්. හිතුවා හරි. එයාට කොරෝනා පොසිටිව්.

“නංගි ප්‍රණිත්ට කොරෝනලු…” සමාධිට ඒ ආරංචිය ආවේ ප්‍රණිත්ගේ අයියාගෙන්. 

සමාධි අතට අහුවෙච්ච දෙයක් අරං ත්‍රීවිල් එකක නැගලා ගියේ හොස්පිටල් එකට. සමාධි තාමත් ආදරෙයි ප්‍රණිත්ට. දැන් ඒ දෙන්න රණ්ඩු වෙලා හරියටම මාසයකට කිට්ටුයී. ඊට පස්සෙ එයා දැකලා තිබ්බේ නැහැ ප්‍රණිත්ව. සමාධිගේ ඥාති සහෝදරියක් IDH එකේ හිටපු නිසා එයා කොහොම හරි ඇතුලට ගියා. ICU එකේ ඉදපු ප්‍රණිත්ව අදුරගන්න බැරි උනා සමාධිට.එයා ඒ තරමට වෙනස් වෙලා. 

” ඇයි ප්‍රණිත් මේ” සමාධි හිතින් අහන්න ගත්තා.

පස්සේ වෝර්ඩ් එක බාර ඩොක්ටර්ගෙන් ඇහුවා…

” මැඩම් කොහොමද මගේ හස්බන්ට”

“ආ  එයාට ටිකක් ක්‍රිටිකල්”

ඩොක්ටර් කිව්වා.

“එයාට තාම වයස අඩුයිනේ මැඩම්… වයස අයට නේද ක්‍රිටිකල් වෙන්නෙ.

ආ ඔයා දන්නේ නැද්ද එයාට කැන්සර් එකක් කියලා. 

මම හිතුවේ ඔයා දන්නවා කියාලා. කොහොමත් එයාට තව වැඩි කාලයක් තිබ්බේ නැහැ. සර්ජරි එකක් කරන්නත් බැරි තත්ත්වයට පත් වෙලා තිබුනේ…

ඒ අහපු සමාධිට මතක එයාව සිහිය නැතිව වැටෙනවා විතරයි..සිහිය ආවට පස්සේ සමාධිට තේරෙන්න ගත්තා ප්‍රණිත් ඇයි වෙනස් උනේ කියලා. එයාට ඕනේ උනේ සමාධිට එයා ගැන තරහක් ඇති කරලා එයාට හොදක් කරන්න කියලා සමාධිට තේරුනා..

“සමාධි ඔයා කලබල වෙන්න එපා. ප්‍රණිත් නැති උනා…”

එයා දැන් කාලයක් තිස්සේ කැන්සර් එකක් හැදිලා ඉදලා තියෙන්නේ. ඒත් එක්ක කොරෝනා ආපු නිසා එයාට ඒක දරාගන්න බැරි වෙන්න ඇති…

සහෝදරිය කිව්වා…

සමාධිට අඩන්න වත් හිතා ගන්න වෙලාවක් නැහැ. එයාට අඩුම ගානේ මිනිය වත් බලන්න හම්බුනේ නැහැ. ගෙදර ආපු සමාධිට තමන් තනි උනා කියන එක දරා ගන්න බැහැ. අඩන්න කදුලුත් නැහැ.එයා තීරණයක් ගත්තා. මාත් යනවා ප්‍රණිත් ගිය දිහාටම.නිදි පෙති අහුරක් අරන් කටේ දා ගත්තා… ඒත් එයාට එක පාරම වමනේ ගියා…එයාට තේරුනා ඒක නිදි පෙති නිසා නෙවෙයි කියලා.

සමාධි හිතුවා හරි…ප්‍රෙග්නන්සි ටෙස්ට් එක පොසිටිව්.

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp