fois;la
iÑ;%d lreKd;s,l

කොවිඩ් නයින්ටීන් වෛරසය නිසා රට වසා  දමන බවට රජයෙන් නිවේදනයක් නිකුත් කළ වේලාවේ සේපාලි සිටියේ  කාර්යාලයේ ය. වහාම  ඉඳුවරට දුරකථන ඇමතුමක් ලබාගත් ඇය

” ආපහු කවදා  මුණගැහෙන්න වෙයිද  දන්නේ  නැහැ ඉඳුවර..” පැවසුවේ  දුක්මුසු හඬිනි.

” අද  හාෆ් ඩේ දාලා අපි මුණගැදහමු ද?”

” අනේ..හා”

” එහෙනම් ලියොන් කැෆේ එකට එන්න. ඔෆිස් එකෙන් පිටත් වෙනකොට මට කෝල් එකක් දාන්න..”

” හරි .. ඉඳුවර බායි.”

දුරකථන සංවාදයෙන් පැයක පමණ කාලයට පසු

කාර්යාලයෙන් පිටත් වීමට සේපාලි පිඹුරුපත් ඇන්දා ය.

කාර්යාලයෙන් පිටත්ව යන්නට පෙර තම රුව හොදින් විමසා බැලූ ඇය දුරකථන ඇමතුමක් ගත්තාය.

” ඉඳුවර.. ඔන්න මම ඔෆිස් එකෙන් එළියට  එනවා..”

” හරි.. ලියොන් කැෆේ එකට යන්න. මම එතනට එන්නම්..”

සේපාලි කාර්යාලයෙන් එළියට බැස වටපිට බැලුවාය. සුපුරුදු ත්‍රීවිල් රියැදුරන් අතරින් සිටියේ එක් කෙනෙකු පමණි.

” ෂිහ්.. හරි චීත්තෙ තමයි ඉන්නේ අද .. පියල්.. මොනා කරන්නද?” මෙසේ සිතමින්ම සේපාලි ඔහුට අත වැනුවාය. අතවනන පමාවට ත්‍රීවිලරය පණ ගැන්වූ පියල් කුරුල්ලෙක් සේ පියඹා ආවේ සැනෙකිනි.

වහාම  ත්‍රීවිලරයට ගොඩවුනු සේපාලි

” ලියොන් කැෆේ එක ළඟට..”

” ළඟටද? එතනටද? මිස්..”

” අනේ දෙයියනේ මේ මිනිහට තියන ප්‍රශ්න..ළඟට හරි එතනට හරි මොකෝ ” සේපාලි හිත යටින් පුපුරන්න ට වූවාය . . ඒත් ඒ කිසි හැඟීමක් මුහුණෙන් නොපෙන්වූ ඇය ” ළඟට.. ” යි කිව්වා ය.

” රට වහන්නේ කී දවසකට ද දන්නේ නැහැ නේද මිස්..”

” අනේ මන්දා..” සේපාලි පිළිතුරු දුන්නේ හැබෑවටම අවිනිශ්චිත හැඟීමෙනි.

” තවත් මොන හරස් ප්‍රශ්න අහයිද මන්දා? ” යි සිතින් දෙස් දෙවොල් තබමින් සිටින අතරතුර සේපාලිගේ ජංගම දුරකථන නාද විය. ජංගම දුරකථනය දෙස බැලූ සේපාලි අංකය හඳුනාගත්තාය.

” හලෝ .. අම්මේ.. ඔව් ඔව් අම්මේ  අද  මම ඔෆිස් එකෙන් කලින් එන්නම් අම්මා.. හරි.. තෙරුවන් සරණයි.”

” අම්ම නේද මිස්? “

” හ්ම්”

පියල් ත්‍රීවිලරය ලියොන් කැෆේ එක ළඟ නැවත්තුවේය.

ත්‍රීවිලරයෙන් බැසගත් සේපාලි රුපියල් සියයේ නෝට්ටුව දික් කළාය.

” මිස් කවුරුහරි මුණගැහෙන්නද  මෙතනට ආවේ?”

එවර නම් සේපාලිගේ  මුහුණ රතුවී පුපුරන්න ආසන්නව තිබිනි.

” ඔව් පියල් හයර් එක හරි නේද?”

” ඔව් මිස්..”

තවත් එක වචනයක් හෝ කියා පියල් තමාගෙන් බැනුම් අසාගන්නට පෙර ඇය ඉක්මන් ගමනින් කැෆේ එක දෙසට පියමන් කළාය. ඒ වනවිටත් ඉඳුවරගේ මෝටර් රථය ලියොන් කැෆේ ඉදිරිපස නතර කර තිබිනි. සේපාලි ඉඳුවර හමුව කතාකරන තුරුම පියල් බලාගෙන සිටියේය. පියල් ත්‍රීවිලරය පණ ගන්වා යන හඬට හැරී බැලූ සේපාලී

“අපෝ පුදුම චීත්තයක්..” කියමින් සිනාසුනාය.

ඇයි? “

” ඉඳුවර එයා හරියට ඕපාදූප හොයනවා. එකයි එපා එකයි හැමදෙයක්ම..”

” එහෙම පිරිමිත් ඉන්නවා.. එයාලා එක්ස් එක්ස් ජානයට ළඟ අය..”

ඉඳුවර සිනා සෙමින් පැවසුවේය.

” අනේ නෑ ඉඳුවර හැම ගෑණු ළමයෙක්ම ඕපේ හොයන්නෙත් නෑනේ..”

” හ්ම්. .”

දෙදෙනා කැෆේ එකට ගොඩවී  ආහාර ඇනවුම්  කර රිසිසේ දොඩමලු වූහ. වෙනදාට වඩා සෙනඟ අඩු නිසා ඔවුන්ගේ කතා කිරීමේ නිදහස වෙනදාට වඩා වැඩිවුණේ නිරායාසයෙනි . හෝරාවක් පමණ හිතේ හැටියට කතාබහ කල දෙදෙනා වෙන්ව යන්නට මත්තෙන් ඇසිය යුතු වැදගත්ම කාරණාව සේපාලි ඇසුවාය.

” අපි කවදද මැරි කරන්නේ ඉඳුවර? අපේ අම්මලගෙන් හරිම වදේ.. ඔයා අපේ ගෙදර ඇවිත් කියනකම් කියන්න එපා කිව්වනේ.. නැත්නම් මම මම මෙලහකටත් කියලා මට කෙනෙක් ඉන්නබව

 ” තව ටික දවසක් ඉන්නකෝ සේපාලි.. මට අපේ ගදර ගැටලු ටිකක් තියනවා. ඒ ටික ලිහාගත්තම අපිට පාඩුවේ සතුටින් ඉන්න පුළුවන්.”

” ඒක ලොකු කාලයක් වෙන එකක් නැහැ නේද ඉඳුවර?”

” මම පුළුවන් ඉක්මනට ඒ ප්‍රශ්න විසදගන්නම්කෝ “

දෙදෙනා එකම පෙදෙසක නොවන නිසා කැෆේ එක ගාවින්ම සමුගත් සේපාලි සහ ඉඳුවර සිය නිවෙස් බලා පිටත් වූහ.

ඉඳුවර මෝටර් රථය පණගන්වා ගෙන පිටව යන හඩ ඇසී එදෙස හැරී බැලූ සේපාලි ඉන්පසු පය ඉක්මන් කරමින් බස් නැවතුම කරා පියමැන්නාය.නගර සීමාවේ පිහිටි නිවසක් වූ නිසා සේපාලිට නිවසට යාමට අඩ  හෝරාවකට අඩු කාලයක් ගතවුනි.අම්මා දොරකඩට වී බලාසිටිනු දුටුවිට සේපලිට දුකක් ඇති නොවුවාම නොවේ.

“ඒත් ඉතින් අම්මා මට ආදරෙයි කියලා අම්මලට දැන්ම ඉඳුවර ගැන කියලත් බෑනේ.. ඒක  කිව්ව ගමන් අනිවාර්යයෙන්ම ඉදුවරට අපේ ගෙදර එන්න වෙනවා. එයා කියන විදියට එයාට ලිහාගන්න තියන ගැටලු ලිහා ගන්නේ නැතුව මෙහෙ එන්න බෑනේ “

තම සිතට ආ වරදකාරී සිතුවිල්ල තමාම සාධාරණීකරණය කරමින් ඇය පඩිපෙල නැංගාය.

” අද බස් අඩුද පුතේ ?”

” නෑ අම්මා සෙනඟ නම් ටිකක් වැඩි වගේ දැනුනා “

අම්මාට සේපාලි කවදත් පුතා ය. කුඩා කාලයේදී නම්

” මම පුතා නෙමේ දුව ” කියමින් හඬාවැටෙන ඈ කාලයත් සමඟ කරුණු කාරණා හරිහැටි තේරුම්  ගත්තාය.

මෙලෙස පටන්ගත් දීර්ඝ නිවාඩු කාලයේ සේපාලි යූ ටියුබ් නාලි ක වල පිහිටෙන් විවිධ ආහාර වර්ග සෑදුවාය.

අම්මා , තාත්තා, නන්ගී සහ මල්ලී ඒවායේ ගුණ මෙන්ම අගුණද  කියමින් ඇයට නිවැරදිව එම ආහාර සැකසීමට අත්වැලක් වූහමේ කාලය ඇතුලත ඉදුවරගේ කටහඩ ඇසීමට නොහැකි නිසා  තොරතුරු හුවමාරු කරගන්නා ලද්දේ කෙටි පණිවිඩ මඟිනි. නංගී  සහ මල්ලීගෙන්  සිය ප්‍රේමය වසන්  කිරීමට ජංගම දුරකථනයට මුරපදයක් යෙදුවාය .

කාලයත් සමඟ සූම් පන්ති ආරම්භ වීම නිසා සමහර අවස්ථාවල  ජංගම දුරකථනය නංගී ට හෝ මල්ලී ට දෙන්නට සිදුවිනිඑකම වේලාවේ පන්ති පැවැත්වෙන වේලාවල් වල දෙදෙනාගෙන් කෙනෙකු පරිගණකය භාවිතා කල අතර අනෙකා ජංගම දුරකථනය භාවිතා කළේය.  සෑමවිටම එකවර පන්ති පැවැත්වෙන කල් තියා දැනගන්නා සේපාලි ඒ වෙලාව අතරතුර කෙටි පණිවිඩ නොඑවන ලෙස  ඉඳුවරට දැන්වූවාය. මේ සියලු උත්සාහයන් වතුරේ දියකරමින් නොසිතූ මොහොත නන්ගීට සූම් පන්තිය ට සහභාගීවීමට ජංගම දුරකථනය අවශ්‍ය බව  පැවසූ නිසා එය ලබාදීමට සිදුවන නිසා ඊටපෙර  සේපාලි  කෙටි පණිවිඩයක්  යවන්න  උත්සාහ කරද්දී නංගි එය උදුරා ගත්තාය. ඈ හිතින් නැගණියට දෙස් තැබුවාය.

” මහ වාතයක්  මේ නංගි නම්.. උදුරගෙන ගියානේ.චිo.. කියාගන්නත් බැරි වුනා. අනේ උඩ දෙයියනේ මට අනුකම්පා කරන්න. මේ වෙලාවේ ඉදුවරගෙන් කිසිම පණිවිඩයක් ලැබෙන්න එපා.. ලැබුනොත්  නංගි හනුමා වගේ  ගෙදරම ගිනි තියයි ..”

ඒ හෝරා දෙකෙන් පළමු

පළමු හෝරාවත් තවත් අඩ හෝරාවකුත්  නික්ම ගොස්

තිබිනි. හෝරාෛත් තෛත් අු දහෝරාෛකුත් නික්ම දගොස් තිබිනි.

” අක්කේ අක්කේ..” නංගි ගේ  හඬ කෙරෙහි පූර්ණ

අවධානයෙන්  සිටි සේපාලි නංගි  කාමරයට ගියේ විදුලි වේගයෙනි.

” “මගේ වස්තුව ඔයාට නින්ද ගියාද? ” කියලා පණිවිඩයක් ආවා.

” විනාශයි දැන් මොකද කරන්නේ ?” සිතමින්ම

” කාට හරි වැරදිලා වෙන්න ඇති නංගී ” පැවසුවාය.

ඒ සමඟම ලැබුනු ඊළඟ කෙටි පණිවිඩය නිසා නංගීට සියල්ල සක්සුදක්සේ පැහැදිලි විනි.

” ඔයාට කොල්ලෙක් ඉන්නවද අක්කේ.”

“අනේ මේ මළසමයං .. ඔය විකාර අම්මලට එහෙම කියනව නෙමේ හොදද?” යි නංගීට තරවටු කර කාමරයෙන්  යන්නට හැරෙත්ම අම්මා දුටු සේපාලිට සිය කකුල් පණ නැතිව යන බවක් දැනුනි. අහිංසක මුව පොව්වෙකු මෙන් අම්මා දිහා බලා සිනාසී කාමරයෙන් පිටතට යන්නට සැරසෙද්දී අම්මා කටහඬ අවදි කළාය.

” මොකක්ද ලොකු පුතේ නංගී කිව්වේ “

“ අ..මුකුත් නෑ අම්මේ.. කවුරු හරි වැරදිලා එවපු පණිවිඩයක් වෙන්න ඇති නේ.”

” අක්කේ මේ තව පණිවිඩයක් .සේපාලි ..පැටියෝ මොකද ඔයා සද්දයක් නැත්තේ “

” දැන් නම් විනාශයි නංගිට කට වහගෙන ඉන්න බෑනේ.. දැන් ඉතින් මම මොනවද අම්මට කියන්නේ ?”

සේපාලි යටි සිත හා කතා කරන අතරතුර අම්මා ඇදේ උඩු සිතට කතා කළාය. සසල වූ සිත නිසා අම්මා ඇසූ දෙය දසේපාලිට හරි හැටි ඇසුනේ  නැත.

” මොකක්ද අම්මා..”

“රස්සාවක් කරන ඔයාට අපි තහංචි දාලා නෑනේ ලොකු පුතේ.. අපිටත් කියලා කෙනෙක් තෝරගත්තට කමක් නෑ. ඔයාට කවුරුවත්  නැත්නම් අපි හරි හොයලා දෙන්න හැදුවේ ඒකයි”

අම්මා මේ දැනුදු බනින්නේ නැති බව ඉර හඳ තරමටම විශ්වාස  වුවත් ඉඳුවර ගැන පැවසීමට ඇති බාධකය ඉන් ඉවත් වන්නේද නැත. කුමක් කරම් දෝ යි  දසේපාලිට හිතා ගත ද නොහැකි විය.

” නෑ අම්මා.. තාම කියන්න තරම් දෙයකුත් අපි අතර නෑ.. “

” පුතේ  .. ඔය වගේ දෙයක් අ යන්නේ  ඉදලා අපට කිව්වනම් තමා හොද . අපිටත් ලොකු පුතාට හොදක් කරන්නනේ  ඕන”

” හ්ම්..” සේපාලි මවගේ කතාවට පිළිවදන්  දුන්නාය.

” පුතේ කව්ද ඔය ළමයා.. කොහෙද ඉන්නේ? “

” අම්දම එයාගේ නම ඉඳුවර. ඉන්නේ නම් පේරාදෙණියේ “

” අම්මා තාත්තා?”

” අම්මා නම් ගුරුවරියක් තාත්තා බැංකු ලිපි රුදෛක් “

” පවුලේ තව කව්ද ඉන්නේ? “

” අක්කයි නංගි යි මල්ලියි”

” ඒ ළමයට මේ ලොක් ඩවුන් එකෙන් පස්සේ එන්න කියන්න එන්න කියන්න. අකමැති වෙන්න කාරණයක් නැහැනේ..”

” හ්ම්..” හිනාවෙන්න උත්සහ කලද සේපාලි සිටියේ ගිනි ගොඩකය. ඉඳුවර  හදිසියේ පැමිණෙන්නේ නැති බව සේපාලි හොදින් දැන  සිටියාය.රාත්‍රියේ සිදුවූ සියල්ල පිළිබද කෙටි පණිවිඩයක් සේපාලි ඉඳුවරට යැව්වාය.

පහුවදා උදේම සේපාලි ජංගම දුරකථනය පරික්ෂා කරේ “සමහරවිට ඉඳුවර පණිවිඩයක් එවල ඇති ” යි සිතමිනි. නමුත් එසේ කිසිම කෙටි පණිවිඩයක් ලැබුනේ නැති නිසා  ඇය කුමක් වී දැයි සිතමින් පසුවූවාය . ගෙදරට අවශ්‍ය කළමනා ගෙන්වා ගැනීමට අවශ්‍ය බව පැවසූ අම්මා

“ලොකු පුතේ ක්‍රමයක් තියේද “විමසුවාය. එකම  තැනකින් අවශ්‍ය සියලු දේවල් ඇනවුම් ගෙවීම් සිදු කල පසු ත්‍රීවිලරයකින්ම ඒවා නිවසට ගෙනත් දෙන ආයතනයක් හරහා සියල්ල සිදු කිරීමට අඩ හෝරාවක් ගතවියගතවූ ඊලග අඩ හෝරාවේදී ඇනවුම් කල සියල්ල දොරකඩටම ගෙනැවිත් තිබිනි.

” ඉන්න අම්මේ මම ත්‍රීවිල් එකට සල්ලි දෙන්නම් ..” මුව ආවරණය පැලදගත් සේපාලි ත්‍රීවිලරය අසලට යනවිට අම්මාද ඈ පසුපසින් පැමිණි බව සේපාලි දුටුවේ නැත.

” කීයද?”

ඇගේ  කටහඩ හදුනාගත් ත්‍රීවිල්  රියැදුරු

” මිස්.. මේ මිස්ලගේ ගෙදරද? “

” ඔව්.. “

” මිස් මුණගැහුන එක හොදයි මට පණිවිඩයක් තියෙනවා  කියන්න..”

” ඒ මොකක්ද?”

” මිස් අර එදා කැෆේ එකේ මුණගැහුණු මහත්තයා බැදපු කෙනෙක් “

“කොහොමද එහෙම කියන්නේ? “

” ඊයේ හවස ඒ මහත්තයාගේ නෝනා එක්කම දැක්කා. නෝනට බබෙක් හම්බ වෙන්න.මම ඉස්පිරිතාලේ ගාවට හයර් එකක් ගියා. එතකොටයි දැක්කේ.”

” එ .. එයා බැදලා නැහැ .වෙන කවුරුහරි වෙන්න ඇති..”

” අනේ නෝනා ..ඕන් මම මගේ යුතුකම කළා. හොයල බලන එක නෝනගේ වැඩක් “

ත්‍රීවිලරය ගිය පසු සේපලිගේ දෙනෙතින් කදුළු රූරා වැටුනි.

” ලොකු පුතේ..” අම්මාගේ හඬට කදුළු පිසදාගත් සේපාලි කිසිත් නොවූ ලෙස බදු මලු දෙක අතට ගත්තාය. අම්මාද ඈ පසුපස ගියා විනා කිසිදෙයක් ඇසුවේ නැත. සේපාලි කාමරයට වැදී බොහෝ කල්පනා කළාය.

” එයාගේ ප්‍රශ්න මොනවද කියලවත් මට කියලා නැහැනේ..මම අහලත් නැහැනේ.. ඇත්තටම එයා බැදපු කෙනෙක්වත් ද? නෑ එහෙම කපටි පෙනුමක්  නෑ. අර චීත්තයා මට බොරු කියන්න ඇති. ඒත් ඉතින් චීත්තයා මට දබොරු කියන්නේ  ඇයි? අනේ මන්දා ” ඒ ෆෝ  කොළයක් සහ පැන්සලක් අතට ගත් සේපාලි ලස්සන මල් පොකුරක් ඇන්දාය. අනතුරුව  පැස්ටල් වලින් ගැලපෙන පාට යොදමින් වර්ණ ගැන්වූවාය.

දුරකතනයට කෙටි පණිවිඩයක් ලැබුණු බව දැනුනු  නිසා ඉක්මනින්ම එය බලන්නට සිතුනත් ” පස්සේ බලනවා ” යි සිතමින් චිත්‍රයේ අඩුපාඩු සැකසුවා ය. එවිට ජංගම දුරකථනය නාද වන්නට විය. වහා එය කාගෙන්දැයි බැලූ සේපාලි නැවතත් එය තැබුවාය. මෙලෙස කීප සැරයක්ම වූ අතර ඊළග  වතාවේ දුරකථන ඇමතුම ලබාගත් ඇය  ” කියන්න ” පැවසුවේ  හැඟීමක් නැති අයුරිනි.

“ඇයි සේපාලි?”

” ඇයි කියලා අහන්න ඕන මම නේද ඉඳුවර?”

” මෙච්චර බොරු කරලත් බබා වගේ කතා කරන හැටි ” සේපාලි යටි හිතින් තරහින් පිපුරුවාය.

” ඊයේ මගේ ෆෝන් එක එකපාරටම වැඩකරන්නේ නැතුව ගියා..”

” ඔව් නෝනට බබා හම්බවෙන්න ඉන්නකොට නෙ..”

” මො.. මොකක්..”

” හරි මම කිව්වේ බොරුද?”

” නෑ ටිකක් ඇත්ත..”

” ටිකක් නෙමේ ඔක්කොම  ඇත්ත.ඇත්තම දේ නම් මම ඔයාට හොදටම රැවටිලා. “

” එහෙම නෑ සේපාලි”

” මට හිතන්න තිබ්බා. ඇයි ද කොල්ලෙක් කෙල්ලෙක්ගෙ ගෙදරට එන්න බයවෙන්නේ.. හොද රස්සාවක්  නැත්නම් බයයි. ඒත් ඔයා කරන්නේ හොද රස්සාවක්. ඒ වුනත්  ඔයා එන්න බෑ කිව්වේ.. පවුලේ ප්‍රශ්න කියලනේ.. දැන් මට තේරෙනවා . පවුලේ ප්‍රශ්න නෙමේ..පවුලගේ ප්‍රශ්න.. “

” සේපාලි මට පොඩ්ඩක් කතා කරන්න දෙන්න”

” කියන්න තියෙන දෙයක් කෙටියෙන්  කියන්න.මට බොරු අහන්න වෙලාවක්  නැහැ..”

” සේපාලි මම බබෙක් හම්බවෙන්න  ඉන්න අම්මා  කෙනෙක් කාර් එකෙන් ඉස්පිරිතාලේ ගෙනිච්ච බව ඇත්ත..හැබැයි එයා මගේ නෝනා නෙමේ මගේම අක්ක. අක්කගේ මහත්තයා එයාව අතෑරියේ එයාට බබෙක් ලැබෙන්න බව දැන දැනමයි. එක තමා මටත් තිබුන ලොකුම ප්‍රශ්නය.පහුගිය කාලේ පුරා මම අයියට තේරුම් කරන්න උත්සාහ කරා. කසාද බැදපු අක්කා ගෙදර ඇවිත් බරක් වෙලා ඉන්න පවුලකට  තමන්ගේ දුව දෙන්න ඔයාගේ දෙමව්පියෝ ලැමත් වෙන්නේ නැහැ සේපාලි.

අන්න ඒකයි  මම මේ ප්‍රශ්න විසදගන්න ගොඩක් උත්සාහ කලේ . අනික ඔයා මාව බැදලා අපේ ගෙදරට ඇවිත් හිත රිද්දගන්නවට මම කැමති නෑ. කොච්චර හොද වුනත් හැමෝම එක අදහස් තියෙන අය නෙමේනේ. ඉතින් ගැටලු ඇති වෙනවාමයි.මම බැංකු පොතක වෙනම සල්ලි එකතු කරනවා. මුලින්ම ඔයාටයි මටයි කුලී ගෙදරකට ගිහින් පස්සේ අපේම ගෙදරක් හදාගන්න “

“මොනවම වුනත් අපේ අම්මයි තාත්තයි අක්කව ප්‍රශ්නයක් කරගන්නේ නැහැ.අපි බැදලා වෙන ගෙදරකට ගිහින් පවුලේ අය ගැනත් බලන්න පුළුවන් නේ.. ඔයා කියනදේ  ඇත්තක්නම් ලබන සෙනසුරාදා  පැය කීපයකට රට අරිනකොට  අපේ ගෙදරට ඇවිත් මගේ අම්මා තාත්තාට කතා කරන්න. එතකම් අපි පාඩුවේ ඉමු.”

” ඇයි සේපාලි ඔයාට මාව විශ්වාස නැද්ද?”

” ගොඩක් තිබ්බා . ඒත් දැන්  බයයි”

ඉන්පසු ඉඳුවර එවන කෙටි පණිවිඩ වලට ඉතා කෙටියෙන් පිළිතුරු යැවූ සේපාලි විවිධ මාතෘකා ඔස්සේ චිත්‍ර අදිමින් ඒවා පාට කරමින් කාලය ගත කළාය. සේපාලි පැවසූ  දින ඉඳුවර සේපාලිගේ නිවසට පැමිණියේ කාන්තාවක් සමඟය.

ඉස්තෝප්පුවේ  සිටි අම්මා

” කවුද? ” කියමින් කල්පනා කළාය.

” ආන්ටී මම ඉඳුවර.සේපාලි මම ගැන තමා කිව්වේ ..මේ මගේ  අම්මා..”

ලෙන්ගතු සිනාවකින් ඔවුන් පිළිගත් අම්මා ඔවුන්ට නිවස තුලට පැමිණෙන ලෙස ආරාධනා කළාය ..

” මේ වෙලාවේ නම් එහෙ මෙහෙ යන්න හොද නැහැ. ඒත් පුතා යන්නම ඕන කියපු නිසා ආවේ.”

” ලොකු පුතේ..”

මෙතෙක් වේලා සියල්ල සෙරක මෙන් සැඟව සියල්ල බලාගෙන මෙන්ම අසාගෙන සිටි සේපාලි තරමක ලැජ්ජාවකින් ඔවුන් ඉදිරියට පැමිණියාය. තේ පැන් සංග්‍රහය අතරතුර සේපාලි ගේ  දෙමාපියන් ඉඳුවරගේ අම්මා සමඟ කතාබස් කළෝයසිය වැඩිමහල් දියණිය මුහුණ පෑ කරදරය ද පැවසූ ඉඳුවරගේ අම්මා  “ඕවා හංගලා ගැහැණු ළමයි පවුල් වලට එකතු කරගන්න නරකයිනේ ” පැවසුවාය.

” ඇත්තම කියන එක කොච්චර හොදද ? අපිත් කැමති ඒ වගේ අය එක්ක නෑ කම් පවත්වන්න. ” සේපාලිගේ අම්මා පැවසුවාය.

සේපාලි සමඟ එළිමහනේ තිබූ ලී බංකුවේ වාඩිවුණු ඉඳුවර

” දැන්වත් මාව විශ්වාස ද” ඇසුවේය.

” ඔව් හැමදාම පායන  අන්න අර ඉර තරම්” කියමින් සේපාලි ඉඳුවරගේ  මුහුණ දෙස බලමින් සිනාසුනාය.

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp