fldfrdakd wehs fufyu lf,a
relaYdka ch;s,l

“ඉස්සර වෙලා  හැමෝම කාලා ඉමු”

නැවුම් හිරු එළිය සිසු දරුවන් උණුසුම් කරයි.සමන් සර්ගේ ගෙදර එළියේ තාවකාලික මඩුවේ හරහට දැමු ඩෙස්,බැංකුවල පිට පාට ප්ලාස්ටික්  පිගන්ය.දහතුන් දෙනෙක් වු හය වසරේ දරුවන්ද තම දියණියන් දෙදෙනා ද එක්ක පහලොස් දෙනෙකි.

“රස්නේ පිට කඩල තම්බලා රසයි,දරුවනේ අත් සේදුවාද…?”

සර්ගේ නෝනා ගෙනා කඩල බදුන් දෙක දුම් දමමින් දරුවන්ට රසගුණ පිරි උදේ කෑම වේල වෙයි.

”මං නම් පොල් කෑලි කන් නෑ…”

“කෝ…මට දෙන්ට එහෙනම්…”

“කට දනවා…වතුර……ආහ්….”

පාසල් වසන්තය ගිලගත් කොවිඩ් වසංගතයට ළමා වියේ දගකාරයට චමත්කාරයට කිට්ටු විය හැකි වූයේ නැත

.එසේම” ගුරුවරයා උත්තම පුරුෂයෙකි” යන්න මේ වසංගතය තුළ සමන් සර් ලොවට පසක් කළේය.

අතිදුෂ්කර ගල්කොටුව ගම කොහොඹා වසංගතය සමග කබලෙන් ලිපට වැටුනි.රජයේ හෝ පුද්ගලික අංශයේ කිසිවකු රැකියා නොකළ පසුබිමක් එකම ජීවන ක්‍රමය වූ අල්ලපු නගරයේ කුලි වැඩට යාම එහෙම පිටින් ඇණහිටුනි.ගෙවතුවල ඇති අල ,බතල ටික ඌරාට ඉත්තෑවාට කෑම වෙද්දී සාගතයක් රුදුරු සලකුණු ගම වෙලා ගත්තේය.

පාසල් රටපුරා වැසි දරුවන් සොයා  ඔන්ලයින් ආවත් ගල්කොටුවේ දරුවන්ට එය සිහිනයකි.සමන් සර් හය වසරේ පංති භාර හා ඉංග්‍රීසි ගුරුතුමාය.ශිෂ්‍යත්වයෙන් පසු සිදු අධ්‍යාපනය ගුරුවරුන්ටත් මාපියන්ටත් නොවැදගත් කාලයක් සමන් සර් හය වසර අමතක කළේ නැත.ගිය මාසේ වැටුප සියලු වියදම් වලට වෙන් කරපොතෙහි වු රුපියල් දස දහසට බිරියගෙන් පන්දහසක් ගෙන ගෙවිම් පරිගණකයක් ගෙනාවේය.ලොකු දූත්  පොඩි දූත් ඒවටා රොක් වී විශ්ව දැනුම ලබන අවස්ථාව සර් සිය පංතියේ  අවට දරුවන්ටත් ලබා දුන්නේය.

“කොච්චර දෙයක්ද…..?”

“මාත් අපේ ළමයි දෙන්නම යවනවා”

”සර් නම් දෙවියෙක්”

මුලදී වැඩි සිසු පිරිසක්  “ඔන්ලයින්” කරා ආවද විවිධ හේතු මත අවසන් සිය පංතියේ දරුවන් දහතුන් දෙනාට සීමා විය.ඒද සර් සිය නෝනා සමග එක්ව උදේ, දවල් කෑම දෙන නිසාය.බිරිද  කෑම කෑම කටයුත්ත භාර ගැනීම සර්ව මහත් සවියකි.කව්පි,මුං ඇට, කඩල, කිරිබත්, කොස් එක්ක රොටි ලෙස දරුවන්ට බොහොම රසගුණ හා පිරිසිදු කෑම වේලක් ලැබුණි.ගේ දොරකඩ වතුර  බැරලයකි.අත් සේදිමට සබන් කැටයකි.වෙන වෙනම පිගන් ,වතුර කෝප්ප දරුවන්ට ගේන්නට කිවේ සර්ය.උණුවතුර නිවුණු පෝච්චිය කි.පාසලට වඩා දරුවන් අපූරු උද්යෝගයකින් මේ සියලු පිළිවෙත් කරති.ලොකු දූ සමග ගැහැණු දරුවන් විටෙක සර්ගේ නෝනාට උදව් කරති.පිරිමි දරුවන් සර් සමග පංතිය,අවට පිරිසිදු කරති.අධ්‍යාපනය මෙලෙස ප්‍රායෝගික දිවිය හා බැදිය යුතු බව සර්ගේ මතයයි.වෙනදා ගණිතයට, ඉංග්‍රීසිවලට දුර්වල දරුවෝ දැන් නිදහසේ ගැටලු අසා විමසා බලයි.

“කට්ටිය ගියාම මේ පැත්තම පාලුයිනේ”

ඒ සර්ගේ නෝනාය.

“හ්ම් …අපේ ගෙදර මේ ලෙඩත් එක්ක ඉස්කෝලයක් වුණා…”

සමන් සර් කිවේ දරුවකු දමා ගිය මුව ආවරණයක් ඩස්පින් එකට දමමිනි.

“හෙට දවල් ඇදිරිනිතිය ඉවර වුණාම ටවුමට ගිහිං මාස්ක් පැකට් දෙක තුනක් ගේන්නට ඕනි….,”සර් කියද්දී

“මාත් කියන්නට හිටියේ…,” යි නෝනා කියාය.

පාසලේ සෙසු ගුරුවරුන් වසංගතය මැද පඩි ඉල්ලීම් හා සෙසු ගැටලුවලට වර්ජනයකය.රට පුරාම එසේය.පසු ගියටිකේ රට වැසුන පසු මාපියන් ණය වි ස්මාර්ට් ෆෝන් අරන් දුන්නේ “ඔන්ලයින්” හෝ දරුවන්ට ඉගෙනීමට.මහත් අමාරුවෙන් ඩේටා කාඩ් සොයා මිලදි ගත්හ.කුලියක් මලික් නැතිව කණකර උගසට තබා කල ඒ ව්‍යායාමයද වතුරේ ගියේ ගුරු වර්ජනය සමගය.

“අහිංසක ගමේ ගොඩේ පොඩි උන් දැන් ස්මාර්ට් ෆෝන් එකට බිලි වුණා.ටික් බොක්ක කියයි,දිවි නසාගනියි.මේ හැමදේම හැමොගේම වැරදි”

ඈත බලා සමන් සර් පීඑච්  මහතාට කීවේය .

“සර් කරන මේ යහපත් දේ මේ වගේ කාෂ්ටක ගමක දරුවන්ට වටිනවා “….

පී.එච් .මහතා එසේ  කීවද තම   මිතුරන්  කීවෙ මෙලෙසිනි.

” සමන් මේ වගේ වෙලාවක අහක යන ලෙඩ දාගන්න එපා”

“ළමයි දෙන්නත් අරං  ගමට පලයන් සමන් ,මේ ලෙඩේ බෝ කර ගන්නේ නැතුව…”

“සමන් ද පුළුවන් අපේ ගුරු ගැටලු වලට සහාය දෙන්ට  oneline වර්ජනය කරලා …”

මද  අස්වැසිල්ල බිරිඳගේ මේ වදන් පමණි .

“කවුරු කොහොම කිව්වත් අපි දන්නවා නේ මේ හොඳ දෙයක් කියලා …”

දරුවන් ට සෑහෙන තරම්  සිලබස් එකත් අමතර චිත්‍ර, සංගීත ,ජීවන කුසලතා විෂයයන් ද  ආවරණය කරන ට සමන් සර් ට හැකි විය. මාසික පරීක්ෂණ පවත්වා තවදුරටත් සිසුන් දැනුමෙන් සන්නද්ධ කළ නමුත් සංචරණ සීමා  තව මසකට දිගු කිරීම නැවත දරුවන් හමුවීමද සීමා කළේය. සෞඛ්‍ය ආරක්ෂාව ගැන දරුවන් දෙමාපියන් දැනුවත් කර ගෙදර වැඩද   දී සමන් සර් රටේ සංචාරණ නීතියට හිස නැමුවේය.මාසික වැටුපෙන් පරිගණකයද මුදල් ගෙව්වද නිසි ඵලයක් සිසුන්ට ලබා දීමට නොහැකිවීම සර්ට කනගාටුවකි .සතුට දැනුම ලැබූ පාසලට වඩා වෙනස් මේ කාලය දුවලාට අපූරු අත්දැකීමක් විය .මේ නැවතීම යහළු යෙහෙළියන්ට ද පාළුවකි.ගමේ කිහිප දෙනකු කොරෝනා ආසාදිත ව නිරෝධායන ගෙනගියහ. ආශ්‍රිතයන් නිවෙස් නිරෝධායනය  වුහ. දෙතුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ආදාහනාගාරයට ගෙන ගියේය .මේ අඳුරු කාලය සැමට ඛේදනීය විය. අසල පැල්කොටේ ජීවත් වූ සියාතු ,මෙයින් ඉතා අසරණ විය .කෑම බීම නැතුව සිටි ඔහුට සමන්  සර් සැලකුවේ තම පියාට වගේය .උණු උණු කෑම ,වතුර ටික, මුව ආවරණ කොත්තමල්ලි ටික පවා සර් ගෙනිහින් දුන්නේය

“සර්ගෙ හොඳට මම කියන්නේ පේන්නැද්ද කහින හැටි ,කොරෝනා ද දන්නෑ බලාගෙන “

මුදලාලි කිව්වා සමාජයට සතුට දුක ලඟ අහක බැලීම ද නොහැකි විය නොහැකිවිය. සත්කාර කර සිය නිවසට දියනා සියලු ආරක්ෂිත ක්‍රම භාවිතා කර ආ සමන් සර් එළිය කාමරේ නිදා ගත්තේ” කෝකටත් ” කියමිනි .ඇඟ රත්වි කෙඳිරි ගෑ සියාතුට උණගැනි ගිනියම් වී ඇත .පි.එච්.අයි. මගින් ගිලන් රථය හරහා සියාතු රෝහල්ගත කලේ  සමන් සර්ගෙ දැනුවත් කිරීම මතය .පි.සි.ආර්.මගින් කොරොනා දහනමය ආසාදිතයකු ලෙස සියාතු පත්විය. 

“අපි කීවානේ කලින්ම සර්ට”

චෝදනා තමාට එල්ල වුව සියාතු රෝහලේ සුවඅතට පත් වෙමින් සිටින බව ඇසු සමන් සර්ට දැනුණේ මහා සතුටකි .

“ඔයා නැත්තං ඒ මනුස්සය අද නෑ .අපි පිට පිටගම්කාරයෝ ඒත් මෑතක ගමේම අය අසරණ වෙලාවේ ඒ මනුස්සයා කොන් කළා ……”

සිය බිරිඳගේ කතාව සත්‍ය බව සර් දනී. ටික දවසක් සිට සමන් සර්ට කොන්දේ අමාරුවක් සැදුණි තෙල් බාම් ගැවද සුව නොවු තැන රෝහලට බෙහෙත් ගැනීමට ගිය විට නතර කලේ  සාමාන්‍ය රෝගී අංශයේ ය. බිරිඳ තුන්වේල තම පන්තියේ සිසුවියකගේ මව සමග ආවාය.තවත් මවකගේ හා පන්තියේ දරුවන් සමග ගෙදරය සර් කෑම බිම සාමාන්‍ය ලෙස ගත් ගත් අතර කොන්දේ අමාරුව නම් දැඩි විය. එතරම්ම සැලකිල්ලක් ද නොවීය .රැට ගෙදර තනියට පන්තියේ නිමාලි සිසුවියගේ මව පියා ආහ.එ් පන්තියේ  දරුවන්ගේ මවුපියන් කළ උදව් සර්ගෙ නෝනටත් දුවලා දෙන්නටත් මහමෙරකි .පහයි කාල බසයේ පාන්දර සර්ගෙ නෝනා දරුවකුගේ  මවත් යන විට සර් සුපුරැදු ඇදේ නැත.අවට රෝගීන් ගෙන් විමසුවද ඔවුන් කීවේ “දන්නේ නෑ…” කියාය . “අමුතු උත්තර “නෝනා සිතින් දොස් කියමින් කොරිඩෝවේදී හමුවු හෙදියගෙන් “සමන් බණ්ඩාර” කොරිඩෝවේදී  කියා නම කීවාය.

” අයියෝ ! !එයා නැති උනානේ …”

අකුනක් ලෙස ඇසුන වදන් අමතක කර “නැ..නැ.. නර්ස් අර  කොන්දෙ අමාරුව හැදිලා ඇඩ්මිට් කරපු සමන් බංඩාර ඒ මගේ මහත්තයා …”

මදක් සැලුන හෙදිය

“ඔව් එයා  තමයි එයාට කොරොනා ..හැදිලා. රැ 12ට විතර අයිසි.යු. දැම්මා පාන්දර නැතිවුණා .හිත හදාගන්න ….”

සර්ගේ නෝනා එහෙමම කනුවක් දිගේ බිමට බරවුවාය. දෑස් නිලංකාර කළ ඒ වදන් තමාත්  දරු දෙදෙනාගේත් සදාකල් අන්ධකාරේ උදා කළා සේය. ආදාහනාගාරය මුදුනේ අළු පැහැති දුම්වලා අහස තෙක් නගියි.හිරු ගිලෙන සැන්දෑවේ සමන් සර් හැම හැරදා ඒ දුම් කවුලු දිගේ දිව්‍යලෝකය ගියාද….?

” තාත්තේ.. අනේ තාත්තේ”

” අනේ සමන්,…..”

” අනේ අපේ සර්….” ,….

බිරිද දණගසා වැඳ වැටුනාය .ලොකු දුව දකුණතින් අම්මාද අනෙක් අතින් නංගී ද අදියි.

පොඩි දුව “තාත්ති ….” කියද්දී

” අම්මේ …අනේ තාත්තේ…” කීවේ ලොකු දුවය.

“” අනේ සර්, අපේ සර්…” සර්ගේ පන්තියේ දරැවන් හා දෙමාපියන් අහසට දැත් දිගු කලහ.

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp