Tïkshkaia
fidkd,s rKisxy

ඒක හරිම කාර්‍යබහුල රැයක්. සුදු කෝට් ඇදගත්ත අය හැමතැනම දුවනවා. ෆයිල් හැමතැනම විසිරිලා. ලැබ් එක ඇතුලෙ එකම කාලගෝට්ටියක්. සුදු පාට ෆ්ලොරසන්ට් ලයිට් එලිය වැටිලා ඩොක්ටර් ඩේවිඩ්ගෙ තඹ පාට කොණ්ඩෙ වගේම රැවුලත් දිලිසෙනවා.

“බෑ…බෑ…හෙදර් ඔයා කියන විදියට කරන්න බෑ…දැනටමත් මිනිස්සු ප්‍රමාණය වැඩියි මේ ලෝකෙ. අපිට එච්චර ප්‍රමාණයක් මේ වෙලාවෙ පාලනය කරගන්න බෑ…අනික එයාලගෙ සර්කිට් ඔක්කොම පරණයි, දැන් හදන්නත් බෑ වියදම වැඩි. ගොඩක් අයගෙ බ්‍රේන් සර්කිට් දැන් ආයෙ හදන්න බෑ. මෙහෙමම කෝවිඩ් වසංගතෙන් මැරුණා කියලා එයාලව අයින් කරලා අලුත් අය දාමු.”

ඩොක්ටර් ඩේවිඩ් එහෙම කිව්වෙ එයාගෙ සහයිකාව වුන හෙදර්ට.

“ඒත් ඩොක්ටර්…මෙහෙම කරන එකෙන් මිනිස්සුන්ට සැක හිතෙයිද? මතකනෙ 1918 spanish influenza කියලා අපි ඕකම කරා. ඒ වෙලාවෙත් ඒ ගැන සැක කරපු මිනිස්සු කීයකගෙ අපි සර්කිට්ස් අලුතෙන්ම දැම්මද? අපෝ ඒක හරිම කරදරයක් වුනා.”

“හෙදර්…හෙදර්…මේ පාර එහෙම වෙන්නෙ නෑ බය වෙන්නෙපා. අපේ කට්ටිය හොද සූදානමකින් ඉන්නෙ. සේරම හරි”

ඩොක්ටර් ඩේවිඩ් එහෙම කිව්වෙ තමන්ගෙ තරුණ සහයිකාවගෙ නිල් පාට ඇස් දෙක දිහා බලාගෙන හිනා වෙන ගමන්.

ඒ හැමදේම අතරේ ලැබ් එකේ එක කොනක පාණ්ඩු පාට තරුණයෙක් නියපොතු හපන ගමන් තමන්ගෙ ලැප් ටොප් එක දිහා බලාගෙන ඉන්නවා. පරිඝණක තිරයේ ලස්සන ගෑණු ලමයෙක්ගෙ රූපයක්. ඇලීශියා, ලෝකෙ ඉන්න හුරුබුහුටිම කෙල්ල. මයිකල් හිතුවෙම එහෙම. ටික වෙලාවක් තිරය දිහා බලන් හිටපු මයිකල් කලබලෙන්ම වගේ අත් ඔරලෝසුව දිහා බැලුවා. තව එච්චර වෙලාවක් නෑ. මයිකල්ට අණ ලැබිලා තිබුනේ ඇලීශියා අයින් කරන්න. ඇලීශියා ගොඩක් පරණ මනුස්සයෙක්. ඒත් මයිකල්ගෙ නම් හිත තාම ඇලීශියාගේ දුඹුරු පාට ඇස් දෙක ලග නතර වෙලා. පපුව ලගට වැටිලා තිබුන ක්‍රේල් කොණ්ඩෙ කලු පාටයි. හැමදේකටම වඩා ලස්සන උනේ ඇලීශියාගේ හිනාව. හරියට ඉරක් වගේ උණුහුමයි.

ඔම්නියන් කෙනෙක් වෙන එක ලේසි නෑ. මිනිස්සු හරියට පාලනය කරන්න ඕනෙ. හරියට වෙලාවට එයාලගෙ සර්කිට් අලුත් කරන්න ඕන. ඒකත් එයාලට මුකුත්ම වෙනසක් දැනෙන්නෙ නැති වෙන්න. ඇත්තටම ඔම්නියන්ස්ලා හැම ගෙදරකම මිනිස්සු එක්කම ජීවත් වෙනවා. ඔම්නියන්ස්ලා එයාල ඉන්නව කියන මතකෙ විතරක් මිනිස්සුන්ට නෑ. එයාලා ඔම්නියන්ස්ලා දකිනවා ඒත් ඒ ක්ශණිකවම ඒ මතක අලුත්වැඩියා වෙනවා. ඉතිං ඒක නිසා ගොඩක් වෙලාවට මිනිස්සු හිතන්නෙ ඒක නිකං හිතේ ඇති වුන මායාවක් කියලා. සමහර මිනිස්සු නම් හරිම අමාරුයි එහෙම වෙනස් කරන්න එයාලගෙ බ්‍රේන් සර්කිට් හරි පරණයි කොච්චර රීසෙට් කරත් වැඩක් නෑ. ඉතිං එහෙම අය හම්බවුනාම එයාලා “මානසික රෝගීන්” කියලා වෙන් කරනවා. එතකොට එයාලා දකින දේවල් අනිත් මිනිස්සු ලොකුවට කල්පනා කරන්නෙ නෑ.

ඔම්නියන්ස්ලාගෙ හැම දෙයක්ම වෙන්නෙ මිනිස්සුන්ගෙ අතින්. කෑම බීම, යන්ත්‍ර සූත්‍ර, පොත් පත් මේ හැමදේම හදන්නෙ මිනිස්සු. ඒත් එයාලා හිතන්නෙ ඒ හැමදේම කරන්නෙ එයාලගෙ වුවමනාවට කියලා.

විනෝදෙට වගේ ඔම්නියන්ස්ලා කරන්නෙ මිනිස්සුන්ගෙ ජීවත කතා ලියන එක. එහෙම ලියලා එයාල ඒව මිනිස් මොලේ සේව් කරනවා. ඉතිං එයාලට ලස්සන ලව් ස්ටෝරි එකක් ඕනෙ වෙලාවට එයාල කැමති විදියට ඒක ලියලා ඒක ලයිව් රස විදිනවා. එක එක ඔම්නියන්ස්ලාට එක එක රසවින්දනයන් තියෙනවා ඉතිං. හැබැයි එහෙම මිනිස්සු හසුරවන්න නම් අනිවාර්යයෙන්ම හැම ඔම්නියන් කෙනෙකුටම ලයිසන් එකක් තියෙන්න ඕන. ලයිසන් එකක් නැතුව මිනිස්සු හසුරුවන ඔම්නියන්ස්ලා නැතුව නෙවෙයි. එහෙම අය අල්ලන්න ඔම්නියන් රහස් ඔත්තු සේවය උදේ දවල් නැතුව මහන්සි වෙනවා. ඔම්නියන්ස්ලාගෙ එකම ප්‍රධාන නීතිය තමයි සියදිවි නසා ගැනීමට මිනිස්සු නොපෙළඹවීම. ඒක තමයි ලොකුම අපරාධය විදියට සැලකෙන්නෙ. කිසිම ඔම්නියන් කෙනෙකුට බෑ මනුස්සයෙක් සියදිවි නසාගන්න තැනට එයාලව රීසෙට් කරන්න. ඒක සම්පූර්ණයෙන්ම අපරාධයක් විදියට තමයි සලකන්නෙ.

“මයිකල්, තාම මෙතනද? ඔයාට අද වැඩක් තියෙනවා නේද? ඔයා දැන් භාරව ඉන්න මනුස්සය අයින් කරලා අලුත් එක්කෙනාගෙ වැඩ භාර ගන්න ඕන උදේට. දැන් යන්න ඉක්මනට තව නාස්ති කරන්න වෙලාවක් නෑ අපිට.”

ඩොක්ටර් ඩේවිඩ්ගෙ සද්දෙට මයිකල් උඩ ගිහින් නැගිට්ටුනා.

“ඔකේ ඩොක්ටර්” මයිකල් එහෙම කියන ගමන්ම නැගිට්ටෙ ගෙදර යන්න.

වෙනද ඇලීශියාගෙ මූණ බලන්න ඉවසිල්ලක් නැතුව ගෙදර දුවන මයිකල් අද ගෙදර ගියේ ඕනෙවට එපාවට වගේ. මනුස්සයෙක්ට ආදරේ කරන පලවෙනි ඔම්නියන් මම වෙන්නැති මයිකල් එහෙම හිතුවා. ඇලීශියා මයිකල්ට හම්බවෙනකොට ඇලීශියා භාරව හිටියෙ වෙන කෙනෙක්. එයාට නම් හොදටම පිස්සු. ඒ පිස්සා 44 පාරක් ඇලීශියා සියදිවි නසාගන්න තැනට රීසෙට් කරලා තිබුනා. ඉතිං ඇලීශියා ආයෙ ගොඩ ගන්න මයිකල්ට හරියට මහන්සි වෙන්න වුනා. ඇලීශියාගේ හිටපු පෙම්වතා භාරව හිටපු ඔම්නියන් එක්ක ලොකු ප්‍රශ්නයක් ඇති කරගත්තා ඇලීශියාගේ කලින් ඔම්නියන්. එයාගෙන් පලිගන්න හිතාගෙන තමයි ඇලීශියා සියදිවි හානි කරගන්න තැනට රීසෙට් කරලා තිබුනේ. කොහොම වුනත් ඔම්නියන් ඔත්තු සේවය ඉක්මන් වෙලා ඇලීශියා බේරගෙන මයිකල්ට භාර දුන්නා. එදා ඉදන් අද වෙනකන්ම හරියටම අවුරුදු 10ක් දැන් මයිකල් ඇලීශියා එක්ක එකම ගෙදර ජීවත් වෙනවා. ඒත් ඇලීශියා මයිකල් කෙනෙක් ගැන දන්නෙවත් නෑ. එයා හිතං ඉන්නෙ එයා නිදහසේ තනියම ජීවත් වෙන ලේඛිකාවක් කියලා.

වෙනදා වගේම ඇලීශියා තේ එකකුත් හදලා මේසෙ උඩ තියලා තිබුනා. මේ විදියට තේ එක හදලා තියන්න මයිකල් ඇලීශියා පුරුදු කරේ මුල් කාලෙ එකම එක පාරක් විතරයි. ඒත් ඇලීශියා ඒක දිගටම කරන්න පුරුදු වුනා. ඒක හරිම පුදුම බැදීමක්. සමහර වෙලාවට එයාට මයිකල්ව දැනෙනවද කියලත් මයිකල්ට හිතුනා. මොකද සමහර දවස් වලට ඇලීශියා මයිකල් ආස කෑම හැදුවා නිකන්ම එයාටම හිතිලා. සමහර දවස් වලට එයා මයිකල් එනකන් පාර බලාගෙන හිටියා.

ඒත් අද ඒ හැමදේකම අවසානය. මයිකල්ට අලුත් මනුස්සයෙක් භාර ගන්න වෙලා හෙට උදේම.

ඇලීශියා ජනෙල් පඩිය උඩ වාඩිවෙලා බර කල්පනාවක. මයිකල් ටිකක් වෙලා ඇලීශියා දිහා බලාගෙන හිටියා. ඒ මයිකල්ගෙ ජීවිතේ තීරණාත්මකම තප්පරය. මයිකල් තීරණයක් ගත්තා.

“ඔව් මම ඇලීශියාට ඇත්ත කියනවා. නීතියෙන් එහෙම මනුස්සයෙක්ට ඇත්ත කියන එක තහනම් වුනත් කරන්න දෙයක් නෑ. ඇලීශියාට ආදරෙයි නොකියා එයාට යන්න දෙන්න මට බෑ.”

මයිකල් තමන්ටම එහෙම කියාගත්තා.

“ඇලීශියා” මයිකල් ඇලීශියාට කතා කරා.

“ඔයා කවුද? කොහොමද මේ ගෙදරට ආවෙ” ඇලීශියා බයෙන් ඇහුවා.

“ප්ලීස් බයවෙන්නෙපා, මගේ නම මයිකල්. මම අවුරුදු 10ක් දැන් ඔයත් එක්ක ඉන්නෙ. මම ඔයාට හැමදේම කියන්නම් ඇලීශියා.”

මයිකල් පැය ගානක් තිස්සෙම ඇලීශියාට හැමදේම විස්තර කරා. එයාව මුලින්ම දැකපු දවස. එයාව හදපු විදිය. එයා ගැන දැනුන ආදරේ ඒ හැමදේම වචනයක් ගානෙම මයිකල් ඇලීශියාට කිව්වා.

” එතකොට මේ හැමදේම බොරුවක්ද? මාත් බොරුවක්ද? මමත් නිකංම මැශින් එකක් විතරයි ද? හෙට වෙනකොට මම කියලා කෙනෙක් නැති වෙනවද එතකොට” ඇලීශියා ඇහුවෙ දුකෙන් ඇස්වල කදුලු පුරවගෙන

“මගේ ආදරේ බොරුවක් නෙවෙයි ඇලීශියා ඒක ඇත්තක්.” මයිකල්ට තවත් දරාගන්න බැරි වුනා ඒ වේදනාව. මයිකල් ඇලීශියා තුරුල් කරගත්තා. ඇලීශියාගේ සිනිදු කෙහෙරැල් ආදරෙන් සිපගත්තා. ඒ එක්කම ඇලීශියාගේ බෙල්ල පිටිපස්සෙ තිබුන පුංචි බොත්තම මයිකල් තද කරා. ඇලීශියාගේ දුඹුරු ඇස්වල කාන්තිය මයිකල්ගෙ ඇස් ඉස්සරහම නැති වෙලා ගියා. ඇලීශියාගේ අප්‍රාණික සිරුර අත් දෙක උඩ තියාගෙනම මයිකල් කෑ ගහලා ඇඩුවා. තවත් දරාගන්න ශක්තියක් මයිකල්ට ඉතුරු වෙලා තිබුනෙ නෑ. මයිකල් හිමීට ඇලීශියා ඉදගෙන හිටපු ජනෙල් පඩියට නැග්ග. තට්ටු පහක් පහලින් පාරෙ යන වාහන මයිකල්ට හොදට පේනවා.

මයිකල් හයියෙන් ඇස් පියාගත්තා. සීතල හුලගක් එක්ක මයිකල් පහලට පියාඹනව වගේ දැනුනා.

“මගේ ඇලීශියා” ඒ මයිකල්ගෙ අන්තිම වචන ටික.

 

– මයිකල්ගෙ මරණයෙන් විනාඩි 10කට පසු –

 

“මේ මොන පිස්සුවක් ද? මනුස්සයෙක්ට ආදරේ කරලා සියදිවි නසාගන්න විදියට ඔම්නියන් කෙනෙක් රීසෙට් කරේ මොකාද?”

රිචඩ් මිලර් ලොක්කගෙ කටේ සද්දෙට හැමෝම බය වුනා. රහස් ඔත්තු සේවයේ ලොක්කට බය නැති කිසිම කෙනෙක් ඒ කාමරේ හිටියෙ නෑ.

“මොන ලැජ්ජාවක්ද ඒ? අපි ඔම්නියන්ස්ලා හැදුවෙ අපේ වැඩ ලේසි කරගෙන මිනිස්සු ටික බලාගන්න.” දැන් ඉතිං මේ මගුල කරපු ඩේමියන් හොයන්න එපායෙ ඔක්කොම වැඩ නතර කරලා. අපි මේ වසංගතේ වැඩ වලට හිර වෙලා ඉද්දි අපේම උන් පිස්සු නටනවනෙ.”

“හරි දැන් මේ වැඩේ කරලා පැනලා ගියපු ඩේමියන් ඉක්මණට හොයාගෙන අරන් එන්න තවත් ඔම්නියන්ස්ලා කඩලා බිදලා දාන්න දෙන්නෙ නැතුව. අපිට ඔම්නියන්ස්ලා අඩුවකුත් තියෙනවනෙ. එයාලගෙ සර්කිට් දැන් එන්න එන්නම හොයාගන්න අමාරු වෙනවා. මිනිස්සුන්ගෙ වගේ නෙවෙයිනෙ ඔම්නියන් සර්කිට් ඉතිං දන්නවනෙ ඒව හරි සංකීර්ණයි”.

එහෙම කියන ගමන් ඩේමියන් ඔත්තු සේවයෙ ලොක්කා ලොකු හුස්මක් හෙලුවෙ දකුණු අතින් තමන්ගෙ නළල පිරිමදින ගමන්.

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp