wdorh yd jix.;h
pdrekS fyar;a

“ලබන සතියෙ අපි මීට් වෙමු එහෙනම් හරිද? ඔන්න ආයෙ  බැ බැ කියන්න එපා”

“දැන් දවස් කීයක්ද අනේ දකින්නෙවත් නැතුව.එපා වෙනවා මට විතරයි මේ ඔක්කොම මඟුල්. අනිත් කොල්ලොන්ට කිසි ප්‍රශ්නයක් නෑ”

දුලක්ෂන තරහෙන්, වේගයෙන් වේගයෙන් කතා කළා.

“අනේ හරි අප්පා ඉතින්. මේ ගෙදරින් ෂේප් වෙලා මම එන්න ඕනිනෙ.”

නිලංකා බැරෑරුම් හඬකින් කතා කලේ සුසුමක්ද ඉහළට අදිමින්.

“අනේ හැමදාම ෂේප් ගගා මොනවද අනේ මේක .අනික අපි පොඩි ළමයි නෙවෙයිනෙ.

ඔයාලගෙ ගෙදරින් කිසියදෙක් තේරුම් ගන්නෙ නෑ”

දුලක්ෂන පෙරට වඩා තරහෙන් කියගෙන කියගෙන ගියා.

“හරි රත්තරං ඉතින් පොඩ්ඩක් කියන දේ තේරුම් ගන්නකෝ.”

ආයාචනාත්මකව නිලංකා  දුලක්ෂනට කිව්වා.

“අනේ මොන රේද්දක්ද මේක . මට විතරයි මේ ඔක්කොම.තමුසෙගෙ බය තමයි ඔක්කොටම මුල. මේ වයස හරියට තියෙද්දිත් හම්බවෙලා කතා කරන්න එන්න බයේ ඉන්නේ මොකද අනේ?”

දුලක්ෂන නිලංකාට බැන වැදුනා.

“අනේ තමුසෙ කියන දෙයක් තෙරුම් ගන්නේ නැත්තන් තියනවා ෆෝන් එක .”

නිලංකා  තරහ පාලනය කරගන්න බැරුව විසන්දි  කළා.

ඇඳට වැදුන නිලංකා  දිග කල්පනාවකට වැටුනා. ඔහු කියන්නෙ ඇත්තක් කියල  නිලංකා හොඳටම දන්නවා.

ඒත් තමන්ට කරන්න දේකුත් නෑ කියල ඇය හොඳටම දන්නවා.

කම්මුල් දිගේ පහළට රූරා ගිය කදුළු කොට්ටෙටම වැටුනා.

ට්‍රිං ට්‍රිං …..

ට්‍රිං ට්‍රිං ….

දුරකතනය දෙපාරක්ම නාද වුනාට පස්සේ නිලංකා  ඇමතුම විසන්දි කළා.

ට්‍රිං ට්‍රිං

“මැණික “

“ම්ම්ම්ම්ම්ම්”

“අනෙ සොරි රත්තරං.”

“ඇයි සොරි කියන්නෙ?”

“අනේ මැනික මට දුක හිතුනා ඉතින්.”

“ඔය මූණ දකින්නෙ නැතුව කොච්චර කල්ද දැන්?”

“හ්ම්ම්ම්ම්ම්. සොරි කියන්න ඕනි නෑ. මගේනේ වැරැද්ද”

“නෑනෑ රත්තරං. මන් දන්නවා ඔයාට එන්න විදිහක් නෑ කියල ගෙදරින්.

“මාව පොඩ්ඩක්වත් තේරුම් ගන්නෙ නෑ ඔයා අයියේ .ඔයා හිතන්නෙ මට දුක දැනෙන්නෙ නෑ කියල.”

“හරි පන මට සමාවදෙන්නකො ඉතිම්. ලබන සතියෙ අපි හම්බ වෙනවනෙ එතකොට මේ ඔක්කොම හරි.”

“හ්ම්ම්ම්ම්ම්ම් ඔව් එහෙම වෙයි”

“මම තියන්නම් අයියෙ එහෙනම්. පොඩි වැඩ ටිකක් තියනවා කරන්න”

“හරි පන.ආදරෙයි මන් රත්තරං”

එලෙස කියමින් දුලක්ෂන ෆෝන් එක කට්  කළා. දුක හිතුන නිසා තමන් තරහ ගත්තා වැඩී කියල ඔහු කල්පනා කළා.

වෙනදා මෙන්ම සාමාන්‍ය සතියක් උනත් කාලෙකින් හමුවීමට බලාගෙන හිටපු නිලංකාටත් දුලක්ෂනටත් ඒ සතිය ඉක්මනට ගෙවෙන්නෙ නැති දිග සතියක් වුනා.

කොරෝනත් හොඳටම වැඩී කියල නිවුස් වලට හැමවෙලේම කිව්වා.

කොරෝනා නිව්ස් එකක් ටීවි එකේ යද්දිම එක පාරටම නිලංකා කාමරේ ඉදලා දුවගෙන ආවා.

“හෙට සිට මාසයක කාලයක් ඇඳිරිනීතිය පනවන බව ….”

නිලංකාට ඇසුනේ එච්චරය.

ඇය දුවගෙන කාමරයට ගියා.

“දෙයියනේ මොන පව්කාරකමක්ද මේක ” නිලංකා තරහෙන් කිව්වා.

කලින් සතියෙ දුලක්ෂනව මීට් වෙන්න යන්න  ඉඳල ගෙදරින් යන්න බැරුව ඒකත් නැති වුනා.

නිලංකා  ඉක්මනට දුලක්ෂනට ඇමතුමක් ගත්තා.

“මැණික “

“ඔයා මොකද කරන්නෙ අයියේ?”

“මන් අද හොඳටම වැඩ මැණික .හෙට නිවාඩු දාන්නත් ඕනිනෙ.”

“ම්ම්ම්ම්ම්ම්” නිලංකාගෙ හඬ අමුතු වුනා.

“ඇයි මොකෝ අවුලෙන් වගේ මැණික ?”

“නෑ මේ …”

“ඇයි මොකද්ද උනේ බය කරන්නෙ නැතුව කියන්න අනේ”

“අනේ අයියෙ දැන් නිව්ස් වලට කිව්වනෙ හෙට ඇඳිරිනීතිය කියල”

“දෙයියනේ”

දුලක්ෂන කිව්වෙ එපමණයි

“හලෝ. හලෝ”

“හලෝ අයියේ”

“ම්ම්ම්ම්ම්ම්ම්”

“ඇයි කතා නැත්තෙ රත්තරං?”

“මොනා කියන්නද අනෙ කරුමෙ තමයි.ලේසි පහසු කරුමයක් නෙවෙයි තියෙන්නෙ.”

“අනේ සොරි රත්තරං ඉතිම්”

“අනේ හරි හරි මන් තියනවා.මට වැඩ තියෙනවා”

එදත් කෝල් එක කට් කලේ දෙන්නා නෝක්කාඩුවෙන්.

ඇයි මෙහෙම වෙන්නෙ කියල නිලංකා  දිග කල්පනාවකට වැටුනා.

දුලක්ෂන තරහටම එද රෑ වෙනකන්ම වැඩ කලා.

රෑ වෙනකන්ම දුලක්ෂන ඇමතුමක් ගන්නතුරු බලාගෙන හිටපු නිලංකාට එහෙම්ම නින්ද ගියා.

පහුවදා උදේම නිලංකා  දුලක්ෂනට ඇමතුමක් ගත්තා.

“අයියේ, ගුඩ් මෝනිම්”

“ම්ම්ම්ම්ම් ගුඩ් මෝනිම්”

“තාම නිදිද රත්තරං?”

“ම්ම්ම්ම්ම් ඊයෙ රෑ වුනානෙ”

“මන් බලාගෙන හිටියා එහෙම්ම නින්ද ගියා රත්තරං”

“හැමදාම බලාගෙන ඉන්න තමයි තියෙන්නෙ අපිට ඉතින්”

“අනේ ඔන්න උදෙන්ම ආයෙත් මාත් එක්ක තරහෙන් ඔයා අයියෙ.”

“මට කාගෙවත් එක්ක තරහක් නෑ අනේ”

“මොන රේදදද අනේ තමුසෙ කියන්නෙ?” මන් එන්නෙ කොහොමද මේ කොරෝනා අස්සේ”

“පුලුවන් දවසේ ආවද තමුසේ?”

“අනේ මන් තියන්ව උදේ පාන්දරම මොන මඟුලක්ද අනේ”

හැමදාම වගෙ එදත් දෙන්න රන්ඩුවකින්ම දවස පටන්ගත්තෙ.

දවසක් දෙකක් යනකන්ම දෙන්නා කතා කලාට වැඩිය හිත හොදක් තිබ්බෙ නෑ.

සතියක් දෙකක් තුනක් මෙහම ගෙවිල ගියා.

මෙහෙම මෙහෙම මාස ගානක්ම ඇඳිරිනීති දැම්මා.

දෙයියනෙ හරියටම අවුරුද්දක් යනකන්ම කොරෝනා වැඩි වෙලා කොහෙවත්ම යන්න බැරි උනා.

නිලංකාත් දුලක්ෂනත් ටික ටික රන්ඩු වෙන්න පටන් ගත්තා. අවුරුද්දක් විතරම දෙන්න දුරස් වෙලා ඉන්න එක තමා එකම හේතුව වුනේ.

පුරුදු විදිහටම එදත් රෑ දෙන්නා රන්ඩුවකින්ම නිදාගත්තා.

හැමදාම උදේට නැගිටිද්දි නිලංකාගෙන් ගුඩ් මෝනිම් මැසෙජ් එක වරදින්නෙ නැ.

දුලක්ෂන උදේට ටිකක් කම්මැලියා.

එදා උදේ නැගිටිද්දි නිලංකාගෙන්  මොකුත්ම මැසෙජ් එකක් නෑ.

කොල්ලට ටිකක් අප්සට් ගියා.කලින් දවසෙත් ටිකක් හිත හොඳ නැතුව නිදාගත්ත නිසා තමයි දුලක්ෂනට හිතුනා.

ඉක්මනට ෆෝන් එක අරගෙන මැසේජ් එකක් දැම්ම.ටික වේලාවක් බැලුවත් රිප්ලයි එකක් නෑ.

කෝල් එකක් දාලා බලන්න ඕනි කියල කෝල් එකක්ම ගත්තා.

ට්‍රිං ට්‍රිං …

ට්‍රිං ට්‍රිං …..

කෝල් එක ආන්සවර් කලා.

” හලෝ මැණික .. ගුඩ් මෝනින්ම් රත්තරං. මොකක්ද වුනේ. මාත් එක්ක තරහද? අනේ මන් දුකට කියපුවා හිතන්න එපා රත්තරං.”

කලබල වුන දුලක්ෂන දිගටම කියවගෙන කියවගෙන  ගියා.

“හලෝ … හලෝ…”

කෙල්ලගෙන් ප්‍රතිචාරයක් නැති හින්ද කොල්ල හොඳටම බය වුනා.

” අයි …. යේ”

“අනේ රත්තරං මොකද උනේ? කතා කරන්නකො මගෙ මැනික “

“මට අමා .. රුයි”

එච්චරයි ඇහුනෙ. කෝල් එක කට් වුනා.

“දෙයියනෙ මේ මොකක්ද උනේ” දුලක්ෂනට හිතා ගන්න බැරි උනා.

ඉක්මන්ට හංසාට කෝල් එකක් ගත්තා.හංසා කියන්නෙ නිලංකගෙ  හොඳම යාලුවා.

“හලො හංසා. හලෝ … හලෝ …”

“හලෝ දුලා …

“අනේ මොකද උනේ හංසා?”

“පොඩි ප්‍රශ්නයක් දුලා”

“අනේ ඉක්මන්ට කියපන්කො මාව බය කරන්නෙ නැතුව”

“ඊයෙ රෑ නිලාට හුස්ම ගන්න අමාරු වෙලා. මෙකි කාටවත් කියලත් නෑ.”

“අයන් දෙයියනේ. අනේ මන් ඊයෙ කෙල්ලට කෑගැහුවා ටිකක් හංසා”

“අම්මලාට කෙඳිරි ගාන සද්දෙ ඇහිල. ඒ ඇවිත් බලද්දි තමා  දැකලා තියෙන්නෙ අමාරුවෙන් ඉන්නවා”

“ආන්ටිල රෑම හොස්පිටල් ගෙනියලා.මාත් ඒ වෙලේම ආවා”

“අනේ ඇයි හංසා මට කිවේ නැත්තේ? දෙයියනේ මගෙ කෙල්ල”

දුලක්ෂන ෆෝන් එක විසි කරල කෑගැහුවා. ආයෙත් දුවගෙන් ගිහින් ෆෝන් එක අහුලගත්තා.

“හංසා  හංසා.අනේ කොයි හොස්පිටල් එකේද ඉන්නෙ? මන් දැන් එනවා. මේ දැන්”

“අනේ පිස්සුද දුලා විකාර නටන්න එපා. එක පාරටම එන්න එපා. ආන්ටිල ඉන්නවා. දන්නවනෙ ඒකල්ලා කේස් එක “

“මොනා  වුනත් කකම් නෑ.මන් එනවා. මගෙ කෙල්ල බලන්නෙ නැතුව මට ඉන්නද කියන්නෙ”

“අයි සී යූ දාලා ඉන්නෙ නිලාව.ළඟට යන්න දෙන්නෙ නෑ. කොරෝනා පොසිටිව් කියලා තමයි හිතන්නෙ”

“කමක් නෑ මන් එනවා මගෙ මැනිකව බලන්න.මට කියන්න මොකක්ද හොස්පිටල් එක “

“අනේ කලබල කරන්න එපා දුලා. හරි මන් විස්තරේ කිව්වා කසුන්ට. කසුන් ඔයාව එක්කගෙන මෙහෙට එයි එයි”

“අනේ  මට එතකන් ඉන්න බෑ. මගෙ කෙල්ලට කොහොමද දැන්?”

දුලක්ෂන එක දිගටම පිස්සෙක් වගේ කියාගෙන ගියා.

හංසා කෝල් එක කට් කලා.

අනේ දෙයියනේ මගෙ කෙල්ල.

මන් මගෙ කෙල්ලව රිද්දුවා මේ ටිකේම.

අනේ මගෙ මැනිකට මොකුත්ම වෙන්න එපා.

දුලක්ෂන පිස්සුවෙන් වගේ තනියම කියවන්න ගත්තා.

එතකොටම කසුන් බයික් එකේ ඇවිත් හෝන්  කලා.

උදේ ඇහරුන විදිහටම කසුන් දුවගෙන ඇවිල්ල බයික් එකට නැග්ගා.

“යමන් යමන් ඉක්මනට” දුලක්ෂන කෑගැහුවා.

“හරි මචන් කලබල වෙන්න එපා අපි  යමු”

“උබ පිස්සෙක්ද කලබල වෙන්න එපා කියන්නෙ මගෙ කෙල්ලට මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත්”

දුලාගේ මානසිකත්වය දන්න නිසා කසුන් මොකුත් නොකියම වේගෙන් බයික් එක අරගෙන ගියා.

හොස්පිටල් එකට ගිය ගමන්ම දුලක්ෂන බැහැලා  පිස්සෙක් වගේ දිව්වා ඇතුලට.

වෝඩ් එක පුරාම ඇවිද්දා.කවුරුත් පේන්න හිටියෙ නෑ. අඩුම හංසා වත් පේන්න හිටියෙ නෑ.

ඉක්මනට හංසාට කෝල් එකක් ගත්තා.

“ඔබ ඇමතු දුරකතනය මේ මොහොතේ ….” කියද්දිම දුලක්ෂනට තරහ ගිහින් ෆෝන් එක පොලවෙ ගැහුවා.

“මිස්  මිස්”

එතනින් ගිය නර්ස් කෙනෙක්ට දුලක්ෂන කතා කළා.

“මිස් ඊයෙ රෑ හුස්ම ගන්න අමාරු වෙලා ලෙඩෙක් ගෙනාවෙ” කියලා විතරයි දුලක්ෂන කිව්වේ.

“සොරි මිස්ට. මේ දවස් කොරෝනා ලෙඩ්ඩු හොඳටම.එන එන ලෙඩා  අපිට මතක නෑ”

“ඔබතුමා  ගිහින් එන්ට්‍රස්  කවුන්ටර් එකෙන්  අහල බලන්න”

එහෙම කියල නර්ස් එතනින් ගියා.

දුලක්ෂන දුවගෙන ගියා එතනට.

“මිස් මට පුලුවන්ද ඊයෙ ඇඩ්මිට් කරපු ලෙඩෙක් ගැන දැන ගන්න”

“ඔව් මිස්ටර් නම කියන්න ලෙඩාගෙ”

“නිලංකා  …

නිලංකා  චාරිත්‍රී”

නර්ස්  එතන පොත පෙරලල  නම හොයන්න ගත්තා.

දුලක්ෂන එහෙට යනවා මෙහෙට යනවා. හොදටම කල්බල වෙලා.

එක්ස්කියුස්  මී මිස්ටර්

“මිස්ටර් දැන් විනාඩි 15 කලින් තමා අපි නිලංකගෙ බොඩි එක මෙහෙන් ගෙනියව්වෙ. කොරෝනා පොසිටිව් නිසා කාටවත් බොඩි එක බලන්න බෑ” ….

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp