wdorKSh l;djla
È,aYdks fokshj;a;

#එකකට  එකක් ඇලිලා තිබුණ ඇහිපිහාටු බොහොම අමාරුවෙන් ඇරගෙන,

යන්තමින් හිරු කිරණ  එබෙන ජනේලෙන් එළිය ඇහැට හුරු කර ගත්තා,

“වෙලාව 6ට විතර ඇති” මං මටම මුමුණගෙන ආයෙත් ඇස් පියාගෙන ඇඳේ එහෙ මෙහෙ අතපත ගෑවේ මගේ එකම ආරක්ෂකයා, එකම සරණ, එකම පිහිට, එකම පාළු මකන්නා කොහෙද කියලා හොයාගන්න.

අතපත ගානකොටම  කොට්ටේ ළඟින්ම එයාව අල්ල ගත්තා,,

වෙන කවුරුත් නෙවෙයි ඒ මගේ ෆෝන් එක,

මෙයත්  නොහිටින්න අද මට දැනෙන පාළුව කාන්සිය විඩාව කියල නිම කරගන්න බෑ,

ටක් ටක් ගාලා ෆෝන් එක අන්ලොක් කරපු මං ඉක්මනට ගියේ

Call History එකට,, එතනත් නෑ,

Normal messages වලට,, එතනත් නෑ,

Data on කළා විගහට ගියා

Wtsapp Messages වලට,, එතනත් නෑ,

වෙන මොකුත්  නෙවෙයි,, එයාගෙන් තොරතුරක්,,

 

±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±

“හ්ම්ම්ම් තාම ඉවරයක් නැතුව ඇති”

මන් මටම කියාගෙන

ගත්තා එයාට call එකක්,,

Love of Life ❤ screen එකේ Call එක Dialing,,

Line Busy,,

මට  පුදුම තරම් කේන්ති

එයා ඊයෙ හවස 5ට විතර විනාඩියකට විතර කතා කරලා “ පස්සෙ ගන්නම් මැණික මේ දවස් ටික ගැන ඔයා දන්නවනේ.. කන්නවත් නිදහසක් නෑ”  කියලා Call එක Cut කලේ  “ඔයා කවද්ද එන්නෙ කියලා මං අහනකොටම”  ඒක ඇහෙන්නත් නැතුව ඇති.. ඉතිං මේ වෙනකල් එක මැසේජ් එකක් නෑ.. 

 

±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±

“නෝනා තේ  එක බොන්න” මගේ දුකට සැපට ඔක්කොටම ඉන්න එකම බෙහෙත ලීලා කරුණාවෙන් මට කිව්වේ මගේ හැඟීම් තේරුම් අරන් වගේ.

“හ්ම්ම් ලීලා ඔහොම තියන්න”

අනේ නෝනා  ඊයෙත් ඇල් වෙලා විසික්කා, ඊට පස්සේ රෑට කන කල්ම කිසිම කෑමක් බීමක් නෑ ඔහොම ඉඳලා හොඳද??

“මහත්තයා ආවම මමයි බැනුම් අහන්නේ නෝනගේ හැටි දැක්කම”

“එන්න තියා ගන්න Call එකටවත් Answer කරන්නෙ නෑ ලීලා”

“ මහත්තයා ගොඩක් වැඩ ඇති මගේ නෝනා නැත්නම් මෙහෙම කරන කෙනෙක් නෙවෙයි නේ..”

“හ්ම්ම්”  කියන්න දෙයක් නැති කමට මං කිව්වා.

“හැමදාම හවසට දුවගෙන ආපු මහත්තයානේ නෝනා මේ”

“ එක අතකට අපි ගැනත් හිතලා වෙන්නැති ලීලා එයා නොඑන්නේ”

“ ඒ ඇයි නෝනා”

“නෑ ඉතින් ආවොත් මේ  වසංගතේ ගෙටම වෙලා ඉන්න අපි දෙන්නටත් බෝ වුණොත් එයාගෙ ඇඟේ තිබිලා”

“එක අතකට ඒකත් ඇත්ත නෝනේ”

කියාගෙන ලීලා යන්න ගියා,,

 මන් ආයෙම අතීතෙට ගියා,,

 

±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±

එයා චානුක,,

මට තාම මතකයි එයා ඉස්සර දුවගෙන ඇවිත් හති දදා බස් එකේ එල්ලෙන හැටි,,

ඔව් මේක අපේ බස් ලව් එකක්,,

එයා කැම්පස් යනවා 3rd year

මන් A/L වලට ක්ලාස් යනවා

ඔහොම ඔහොම හැමදාම එකම බස් එකේ එල්ලිලා ගිහින් තමා දෙන්න යාලු  උනේ,,

කොහොම හරි එයා  Doctor කෙනෙක් වුණා,, 

ඊට පස්සේ අපේ ගෙවල් වලිනුත් කැමැත්ත ඇතුව දෙන්න කසාද බැන්දා,

ඒ යාලුවෙලා ඉන්න කාලේ ගත කරපු සොඳුරු කාලේ ආයේ එන්නේ නෑ කියලා දැන ගත්තෙ 

මෙයාගේ රස්සාවත් එක්ක,,

මොකද හැමවෙලේම Busy,,

මන් A/L පාස් උනත් චානුක කැමැත්තක් දැක්කුවේ නෑ මං රස්සාවක් කරනවට,,

“ඔයා ගෙදර ඉඳන් මගේ පැටවු බලා ගන්න”

ඕක තමා රස්සාවකට යන්න  අහන හැම තත්පරේම එයා කිව්වේ,,

ළමයි බලන්න තියා ළමයෙක් හදා ගන්නවත් නිදහස් period එකක නෙවෙයි අපි කසාද බැන්දෙ,,

හරියටම Covid පලවෙනි රැල්ල එන්න ඔන්න මෙන්න තියලා ,,

එයා පුළුවන් හැම වෙලේම මන් වෙනුවෙන් කාලේ ගත කළා,,

ඒත් මේ කොවිඩ් කියන ලෙඩේ එන්න කලින් ,,

එයා වැඩ කරපු Hospital  එකේ Covid වාට්ටුවට එයාව දැම්මට පස්සේ හැමදාම ගෙදර ආපු එයා සතියකට වරක්

එන්න පටන් ගත්තෙ ,,

ඊටත් පස්සේ මාසෙකට සැරයයි,,

ඒ ඇවිල්ලත් Hospital එකෙන් හදිසි කෝල් එකක් ආපු ගමන්  එයා දිව්වා,,

“එක ජීවිතක් හරි ජීවත් කරන එක මහා ලොකු පිනක් නේ බවක්”

මන් යන්න එපා කියලා කුණු කුණු ගාන හැමවෙලේම එයා කිව්වේ එක,,

මට ඕන වුණේ ඒ උණුහුම උපරිම විඳින්න ,,

ඉදලා ඉදලා ආවම එයා එක උපරිම හුරතල් වෙන්න,,

තුරුලටම වෙලා ඉන්න ,,

එයා ආවාම ඉස්සර හවසට මන් කලේම කාමරේට ඇදගෙන ගිහින් ඒ  උණුහුමේ ඉන්න එක,,

මන් ඒකට ගොඩක් ආස කළ කෙනෙක්,,

ඒත් මේ Covid situation එකත් එක්ක එයා යමරෙට වැඩ ,,

ලෙඩ්ඩු ගැන සෑහෙන්න හිතපු Doctor  කෙනෙක්,,

වෙලාවකට මටත් වඩා ද කියලා හිතෙනවා

 

±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±

“නෝනා 8 ටත් කිට්ටුයි තාම තේක බීලත් නෑ” ලීලා කතා කරනකොට යි මට පියවි සිහියට ආවෙ 

“ආහ්හ් කමක් නෑ ලීලා දැන් ඕක අහක් කරන්න  මහත්තයත් අරහෙ නොකා නොබී වැඩ ඇති නේ”

“ අනේ අනේ නෝනා ඔහොම ඉඳලා ලෙඩක් හැදෙයි”

“ අනේ මන්දා ලීලා එතකොට වත් මගේ ළඟින් ඉඳන් මහත්තයා මාව බලා ගනීනෙ”

“මහත්තයා කැමැත්තෙන් ඉන්නවා නෙවෙයිනේ අපේ  නෝනේ වැඩ ගොඩ ගැහිලා ඇති”

“හ්ම්ම් ලීලා  මේ තේ එක අරන් යන්න දැන් බොන්න බෑ”

“මන් නෝනේ ආස නිසා උදේට ආප්ප හැදුවා හොඳ නෝනා වගේ නැගිටලා කාලා ඉන්න නෝනා”

“හා මන් එන්නම් ලීලා” කියද්දිම මගේ Phone එක Ring උනා,

“අම්මෝ ඇති යන්තම්”  මට කියවුනා

“ මහත්තයානේ හිනාවෙන් කියතහැකි”  කියලා කියාගෙන ලීලාත්  හිනාවේගනම තේ එක අරන් කාමරෙන් ගියා ,,

දඩබඩ ගාලා ඇඳේ ඉඳ ගත්තේ කොට්ටෙත් බදාගෙන කෝල් එක ගන්න..

 

±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±

“හලොව් මගෙ කෙල්ල” …

“අනේ යන්න ඔයාගේ කොල්ලො  මෙහෙ නෑ”

“ අනේ ඉතින්”

“ අනේ ඉතින් කියන්නේ කොච්චර වෙලාවකට පස්සේ ද කටහඬ  ඇහුනෙ”

“අනේ රත්තරන් Busy නෙ මැණික්”

“ඔයාගේ කටේ ඕකනේ තියෙන්නේ”

“එන්නකෝ ඔය මුණ චුට්ටක් බලන්න Wtspp එකට”,

කියලා එයා  ගත්තා වීඩියෝ කෝල් එකක්..

“ අපෝ මොකෝ ඔය අයියේ”

“ ඒක තමා බබා අපේ රස්සාව මේ ඇඳුම ගලවනකොට අපේ අත පය තැම්බිලා ” ,,

 එයා යන්තමට ඇස් විතරක් පේන නිල් පාට  කොවිඩ් කබායක් ඇගේ දැවටගෙන එයා කතා කළේ,,

“මට ඔයාගෙ ඇස් දෙක විතරයි යන්තමින් පේන්නේ අයියේ ” මන් දුකින් කිව්වා

“මට නම් ඔයාගෙ ඔක්කොම පේනවා ” දුහුල් රෑ ඇදුමින් වැහුන මගේ ඇඟ දැකලා එයා

කිව්වා,,

“ආවොත් දෙනවා ” මං

“එන්න ඕන සුදු මැණික ආසයි බදාගෙන නිදා ගන්න පැය ගනන් තුරුල් වෙලා , ඔයා එක්ක

කියවන්න , කොහේ හරි නිදහසේ ඇවිදින්න , ඒත් මේ ජීවිත බේර ගන්නනෙ මැණික මේ

සටන් කරන්නේ “

“අනේ අයියේ මට කන්න බෑ නින්ද යන්නේ නෑ ,ඔයාව ඕන අයියේ මට , තනී පාලු ඉක්මනට

එන්න “

“එන්නම් පැටියා එන්නම් ලබන සතියෙ, පරිස්සමෙන් ඉන්න එලියට නොයා හොදද ?? ඕන

කර දේවල් online ගෙන්න ගන්න බෙහෙත් එහෙම ඕනෙනම් මට මැසේජ් එකක් දාල තියන්න

මන් එවන්නම් “

කියනකොටම ඩොක්ටර් ඉක්මනට එන්න Emergency case එකක් කියලා නර්ස් කෙනෙක් කෑ ගහනවා ඇහුනා ,,

මට සමුදීමක්වත් නැතුව ඒ පැත්තෙන් Call එක Cut උනා,,

“බුදුසරණයි රත්තරන් පරිස්සමෙන් ඉන්න ” මන් වෙනදට එයාට සමු දෙන විදියට ම සමු

දුන්නා,,

 

#############################

ඔහොම දවස් ගානක් එකම දින චර්‍යාෙට දින ගත උනා ,,

එයා එක්ක කතා කරන්න තිබ්බ විනාඩි ගාන තත්පර වලට සීමා උනා ,,

සමහර දින වලට තත්පරත් නෑ ,,

පාලුව කාන්සිය මගේ හිතේ දෝර ගැලුවා ,,

දවසක් උදේ 9 ට විතර ,,

“ලීලා අම්මෙ “

“ඕ අපෙ නෝනෙ ” සුපුරුදු ලෙන්ගතුකමින් කතා කරන්න හටියෙ මෙ විසල් ගෙදර එයා

විතරයි ,,

අපේ අම්මලත් හිටියෙ නුවර ,,

Phone එකෙන් සැප දුක අහනවා ඇරෙන්න යන්න විදියක් තිබ්බෙ නෑ ,,

“කවදද දෝණි එන්නෙ මේ පැත්තෙ”

“දිනයක් නෑ අම්මෙ චානුකට පුදුම තරම් වැඩ කන්නවත් නිදහසක් නෑ “

” අනේ මන්ද පඩියක් ලැබුනට මොකද ඒ දරුවගෙ රස්සාවනම් අලුත බැදපු ජෝඩුවකට නම් ගැලපෙන රස්සාවක් නෙවෙයි ” අම්ම කියනවා

“එහෙම කියන්න එපා අම්මි , මෙයා විතරක් නෙවෙයි නෙ ඕක කරන්නෙ ,අනික ඕක

කොච්චර පිනක්ද “

“අනේ මන්ද දරුවෝ මට තේරෙන්නෙ නෑ “

” මේ ප්‍රශ්න ඉවර උනාම එන්නම්කො අම්මි ඇවිල්ලා යන්න “කියලා කෝම හරි මන් ප්‍රශ්න

මඟ අරිනවා

 

$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$

” ලීලා අම්මෙ අද ටික වෙලාවකට ඇඳිරි නීති අයින් කරනවනෙ , මන් පොඩි වැඩ වගේකට එලියට

 ගිහින් එන්නම් “

“මාත් එන්නම් නෝනේ “

“එපා ලීලා අම්ම ඉන්න ,මේ දවස් වල අත්‍යවශ්‍යයම කාරණාවකට ඇරුනම ගෙයින් එලියට

යන්න බෑනෙ කට්ටියටම ඒ නිසා ලීලා අම්ම උයන්න මන් එනකල් “

“අනේ නෝනෙ තනියම යැව්ව කියලා දැන ගත්තොත් මහත්තයා බනීවි “

“ඔයා නොකියා ඉන්නකො ලීලම්මෙ මහත්තයාට , අනිද්දට මහත්තයාගේ උපන්දිනේ ,

ගොඩක් වෙලාවට එයා ඒවි ,බෑන්ක් එකට යන්නත් ඕනෙ ,එයාට පොඩි මොනා හරි

ගන්නත් ඕනෙ ගෙදර බඩු ටික නම් ඔන්ලයින් ගෙන්න ගන්න පුලුවන් “

“අනේ නෝනෙ මහන්සි වෙන්න එපා “

“අනේ ලීලම්මෙ ඒක මහන්සි යක් නෙවෙයි ඉඳල ඉඳලාමනෙ එයා ගෙදර එන්නෙ , හොදට

මොනා හරි උයලා දෙන්න ඕනෙනෙ “

“පරිස්සම්න් නෝනේ කරන දෙයක්”

“හරි හරි ඔයා බය නැතුව ඉන්නකො” කියපු මම ඉක්මනට ලක ලෑස්ති වෙලා කාර් එකෙන්ම

ගියා ටව්න් එක පැත්තට..

 

##########################

මට අවශ්‍ය සියලුම පහසුකම් අතට පයට දීලා එයා විතරක් මගෙ ලඟින් නෑනෙ කියලා හිත

හිත බොද වෙන ඇස් පිහ පිහම කාර් එක පැද්දා , එක අතකට සතුටු වෙන්නෙ එයා රෝගී

හිත් සුවපත් කරන නිසා ,,

අවශ්‍ය  ලිස්ට් එකම අරන් ,බැංකුවටත් ගිහින් එයාට ලස්සන පොඩි තෑග්ගක් අරන්

ගොඩක් කඩවල් වහල නිසා පොඩි කඩේ කින් එළවළු පලතුරු ත් අරන් පරිස්සමෙන් ගෙදර ආවා ..

ඇවිත් මන් එලියෙන් බඩු ටිකත් තියලා එලියෙන්ම නාගත්තා ඇදුමත් හෝඳලා දාලා ගෙට

ගොඩ උනේ බඩු ටිකත් මන්ම අස් කරලා අත පය හෝද ගන්නවා කියලා හිතාගෙන ,,

ඊට වඩා මන් ලීලාම්මා ගැන හිතුවා මේ වෙලාවෙ මන් ලඟ ඉන්න එකම කෙනා එයා මට

මොනා උනත් එයා කෙලින ඉන්නෝන මොකද අනිත් අය එන්න කලින් මොන දේටත් ඉන්නෙ එයා ,,

“ලීලම්මෙ බඩු ඔක්කොම අස් කලා මට බත් වෙනුවට කසාය ටිකක් ගේන්න “

“මන් ගෙනාව නෝනෙ “

“ලීලා අතේ තියන්ද හිටියෙ කසාය එක ??” හිනා වෙවීම මන් ඇහුවා

“නෑ නෝන එලියට ගියාම මන් තැම්බුවා ආවම රත් කොරල දෙන්න කියලා ” අනෙ ඒ ලෙන්ගතුකම ,,

“හරි ලීලා මට මහන්සී මට දැන් කන්න බෑ නිදා ගන්නවා මට 5 ට විතර කූද්දන්න මහත්තයා

ට කෝල් එකක් ගන්න ඕනෙ අනිද්දට එන්වද අහන්න “

අහිංසක හිනාවක් දාන ගම්න් ලීලම්ම ඔලුව හොලවන් කෝප්පත් අරන් යන්න ගියා ,,

හෙමින් හෙමින් තරප්පු පෙළ නඟින ගමන් චානුකට මැසේජ් එකක් දැම්මා

“Mnikh cl me 😘”

රිප්ලයි බලන් ඉදලම මට නින්ද ගිහින් ..ඒ බව දන්නෙ 5 ට ලීලම්මා නැගිට්ටුවම ..

ම්ම්ම්හ් තාම මැසේජ් එකක්වත් නෑ Phone එක බලාන ඉන්න ගමන් මන් හිතුවා..

අනේ එක වෙලාවකට මට පිස්සු වගෙ එපා වෙනවා ,,

“නෝනෙ රෑට මොනාද ඕන “

“මුකුත්ම එපා මට කන්න බෑ ලීලම්මෙ “

“අනේ නෝනෙ ඒම කොහොමද දවල්ට කෑවෙත් නෑ “

“එහෙනම් ලීලට පහසු දෙයක් හදන්න”වදෙන් බේරෙන්න බැරි තැන මන් කිව්වා

“අනේ මන්ද  නෝනෙ ” හූල්ලමින් එයා පහළට බැහැල ගියා

ආයෙම නින්ද ගිහින් කියලා දන්නෙ Phone එක Ring වෙනකොට

අනේ ඉතින් උඹලට අපිම ගන්නෝන ඒ වරුනිගෙ කටහඬ

මට හාඳම යාලුවෙකුට කියලා ඉන්නෙ ඉස්කෝලේ කාලෙ ෆිට් වෙච්ච මේකි විතරයි ,මන්

හැමදේම බෙදා ගන්නෙ එයා එක්ක ,,

“අනේ කෙල්ල ” මං

“අනේ ගන්න බැරි උනා බිසී උනා කිය කිය බොරු කියන්න එපා බන් , අපිට උඹලට වඩා වැඩ තියනවනම් මේ පොඩි එකා එක්ක ” ඒකි නෝක්කාඩුවට කියගෙන ගියා

“අපොයි ඉතින් ” කියන්න දෙයක් නෑ මට මන් ඒ අස්සෙත් චානුක ගැන කල්පනාව

“ආහ්  උඹල ඉතින් අලුත බැදපු ජෝඩු නෙ ළමයි බමයි නෑනෙ අපිට වඩා වැඩ ඇති තමා “හක්

හක් ගගා හිනාවෙන ගමන් වරුනි කිව්වා

අනේ මොන වැඩද බන් චානුක මාසෙකට කිට්ටුයි ගෙදර නෑ මේ අනිද්දා උපන්දිනේ එදාටවත්

එයි කියලා බන් බැලුවෙ

“අපෝ එහෙමද බන් ” ??

“ඔව් බන්” , ඊට පස්සෙ කොවිඩ් විස්තර කතා කරලා ති‍යනකොට විනාඩි 45 ක් විතර පහු

වෙලා ..

“එක අතකට උඹගෙ ඉවසීම Great බන් හැමෝටම බැහැ ඔහොම කැප වෙන්න ආදරෙ

වෙනුවෙන් , චානුක නිසා උඹ මාර ඉවසීමක් ඉවසන්නෙ “

“මොනා කරන්නද බන් ඒක එයාගෙ රස්සාව”

“රස්සාව නෙවෙයි බන් ඒක එයාගෙ කැපවීම එයාටත් දමල ගහලා එන්න පුලුවන් නෙ, එයත් එයාගෙ ආදරේ ගැනවත් නොහිතා බලපන් ජීවිත කීයක් රකිනවද කියලා ” වරුනි අන්තිමට කිව්වෙ එහෙම//////////

“නෝනෙ කාල ඉමු මන් ඉදිආප්පයි කිරිහොදි හදලා සැරට සම්බලයක් කෙටුවා නෝනෙට කන්නැහිකි”

“හරි මන් එන්නම් ලීලම්මෙ”

මේ මනුස්ස‍යත් පවු මන් වෙනුවෙන් කැප වෙනව තනියම කියෝගෙන මන් පල්ලෙහට බැස්සේ ෆෝන් එකත් අතේ තියන් එයාගෙන් මැසේජ් එකක් හරි බලපොරොත්තු වෙන්…

 

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

ඒකත් බලපොරොත්තු වක් විතරයි කියලා තේරුනේ පහුවදා උදේ 7ට විතර නැගිට්ටම

මන් යවන  good morning ,good night මැසේජ් ,

මන් යවන  Love මැසෙජ් ,

මන් ගන්න  Call ඇරුනම එයාගෙන්

ඒවට  Rply නම් නෑ ,,

එතකොට ම ෆෝන් එක රින්ග් උනා

දෙවියනේ එයා ,,

“මැණික” අම්මෝහ් ඒ කටහඩ

“අනේ කතා කරන්නෙපා මන් තරහයි”

“අනේ වස්තුව මාව දැම්මනෙ  ETU එකට ඒකෙ නිකමටවත් Phone use බෑ, මොකද ෆෝන් එක අල්ලන එක අපිටමයි හොද නැත්තෙ , ඒක රූම් ලොකර් එකේ දාල එනවා , කෑම බීම ගත්තත් ඒවත් පරිස්සමෙන් ,මොකද අපි කොවිඩ් පේශන්ල එක්කම නේ මූ වෙන්නේ බබා, ඉතින් ෆෝන් එක අල්ලන්න පැය හතරක ෆ්‍රී වෙලාවක් දෙනවා චුට්ටක් බ්‍රේක් එකකට ඒ වෙලාවට උනත් කතා කලොත් යන්නෝන, ඉතින්… ඉතින්…කොහොමද මගෙ සුදුනෝනා ම්ම් සුදු වෙලාද මහත් වෙලාද ආහ් ?? ” එයා අහනවා

“දැන්ද සුදු නෝනව මතක් උනේ ආහ්” මන් මැසිවිලි නගනවා

“නෑ නෑ මගෙ සුදු බංඩි ගෙඩියව මතක් වෙන්වා කොහෙද මේ වැඩ එක්ක එන්නෙ රත්තරන් වෙලාවක ට පියඹලා එන්න හිතෙනවා ඉන්න තැනට ” එයා

“ඔව් ඔව් ඒකනෙ මැසෙජ් එකටවත් රිප්ලයි නැත්තෙ”

“අනේ මන් කිව්වෙ වස්තු ඒකනෙ අපේ රාජකාරිය”

“හරි හරි දැන් හෙට එන්නෝනෙ ඔන්න බෑ කියන්න බෑ”

“අනේ මැණික මාව තව සති දෙකකට ඩියුටි දික් කලා සමාවෙන්න මැණික”

“අනේ අයියේ මන් බලන් ඉන්නවෙනෙ”

“මන් දන්නවා පැටියා ඒත් මොනා කරන්නද??”

“මන් ස’ට කියලා බලන්නම් හදිස්සියක් කියලා පේශන්ලා එන්න එන්නම වැඩි නිසා ඊයේ මීටින්ග් එකේදි කී වෙ පණ”

එයාගෙත් හඩ බිදිලා කියලා මට තේරුනෙ කතාවෙන් …

“ම්ම්හ් … කමක් නෑ ඩොකෙක් බැද ගත්ත නිසානේ ඔක්කොම”

“ඉතින් වෙන එකෙක් බැද ගන්න තිබ්බනෙ” එයා හිනා වෙවි කිව්ව

“ඉතින් බදින්න දුන්නද මට පස්සෙන් ආවෙ ඇඹලයා වගේ පැණි හල හල, වෙන එකෙක් බැන්දොත් මරනව කිව්වෙ”

“ඔව් දැන් ලග හිටියනම් මන් උඹ හපලා මරන්නේ මෝඩි”

තව පැයක් විතර කතාවකට පස්සෙ මන්ම සමු දුන්නෙ ඒ ඇස් දෙකට නිවනක් ඕන නිසා …

“කමක් නෑ මහත්තයා ඔයා එහෙනම් එන්නකො ටූ වීක්ස් වලින් මන් බලන් ඉන්නම් දුමින් උනත්” මන් කිව්වා

“මේ පාර මගෙ බර්ත් ඩේ එකට මන් ඔයා ලග නෑ ඊලග පාර එකට ඔයාට තෑග්ගකුත් එක්කම දෙන්නම්කො මේ පාර ආවම”

“දැනටම දීලද මන්ද, මට පීරියඩ් පරක්කුයි දැන් දවස් තුනක් විතර”

“හා ඒ කියන්නෙ මන් තාත්තෙක්”

“හෝව් හෝව් ඒවා කියන්න බෑ තාම චෙක් කලේ නෑනෙ තව දවස් තුනක් විතර බලනෝ”

“ඔන්න බලන්න අපේ පැටියා අනිවාර්යෙන්ම ඇවිත් ඇති අපි ගාවට” එයා මාරම සතුටින් කියෙව්වා

“අයියේ චුට්ටක් දොයියන්න මන් තියන්නම් පුලුවන් වෙච්ච ගමන් ආයේ ගන්න, ගොඩක් ආදරෙයි මැණික උම්මා”

“මාත් ගොඩක් ආදරෙයි මගෙ මැණික උම්මා ,, කෝ බන්ඩි ගෙඩිය එයාටත් උම්මා පැටියෝ අම්මි එක්ක පරිස්සමෙන් ඉන්න තාත්ති එනකල් ” තාම එහෙම දෙයක් නැති උනත් එයා ආසාවෙන් එහෙම කිව්වා ,,

“දන්නවද මගෙ කෙල්ල මන් ආසම ඔයාගෙ මේ ඉවසීමට”

“ඒ මොකද” මන් ඇහුවෙ කුතුහලයෙන්

“නෑ මට ඔයා වෙනුවෙන් අපේ ආදරේ වෙනුවෙන් වෙන් කරන්න ලොකු කාලයක් නෑ හම්බවෙන චූටි කාලෙදි උනත් මගෙ ඔලුව නොකා මාව තෙරුම් අරන් ඉන්නවනේ” එයා කිව්වේ හැගීම්බරව

“ඔයා කරන්නෙ අපි හැමෝම වෙනුවෙන් සේවයක් නෙ මහ්ත්තයා ,, මගෙ ඉවසීම ජීවිත කීයක් බේරන්වද” මං

“හ්ම්ම් ඔව් පණ්ඩිත ආච්චියේ” තව චුට්ටක් මට වහෙන් ඔරෝ කතා කිය කිය මාව අව්ස්සලා එයා ෆෝන් එක තිබ්බා, පාලු හිතුනත් මට සතුටු හිතුනා ගොඩක් වෙලා කතා කරපු නිසා …

 

$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$

ඔහොම්ම එයාගෙන් දවසටම එක මැසෙජ් එකක් එක කෝල් එකකින් සෑහිලා දවස් දෙක තුනක් යනකොට මට පොඩි ඇගේ අමාරු කම් දැනෙන්න ගත්තා කොත්තමල්ලි බීවත් අඩුවක් උනේ නෑ …

“නෝනෙ ඔය කැස්ස හෙම්බිරිස්සාව දැන් දවස් කීයක්ද?? බේතක් ගමු”

“බලමු ලීලම්මෙ”

“බලමු කියන්නේ නෝනෙ ඔන්න අද නොගියොත් මන් මහත්තයාට කියනවා”

“හරි හරි හවසට”

ඔහොම කිය කිය මන් ලීලගෙ වදේටම දවසටම එක බත් කටක් කාල මොනා හරි බීලා ශේප් උනා …

ම්ම්හ්හ් හතරවෙනි දවස

කැස්ස එන්න එන්නම වැඩී

චානුකට කෝල් ගත්තා මන් ඒත් එයා ආන්ස්වර් කලේ නෑ , කෑමත් කිසිම ප්‍රියක් නෑ මෙන්සසුත් පොඩ්ඩක් පරක්කු නිසා ගෙදර තිබ්බ ප්‍රෙග්නන්සි ස්ට්‍රිප් එකකින් නිකමට චෙක් කලා ,,

“අනෙ මගෙ දෙවියනේ මට බබෙක්! තිබුන අමාරුව කොහෙන් ගියාද නෑ ඉක්මනට චානුකට කියන්නෝන, “

අපේ ගෙදර අයට කොටින්ම ලීලම්මටත් කලින්ම මට ඕන උනේ අපෙ කිරි කැටියා ගැන එයාගෙ තාත්තිට කියන්න, මොකද එයා තමා ගොඩක් ආසවෙන් හිටියේ.

ෆෝන් එක රින්ග්ස් ගියා එත් නෝ ආන්ස්වර් …

 “ම්ම්හ්…අනේ” මන් මටම කියාගෙන ආයෙම ඇල උනා

“නෝනෙ මේ කසාය ටික බීල ඉන්න නෝනෙ හවසට යනකල් බේත් ගන්න”

ලීලගෙ වදේ නිසාම ඒක එක හුස්මට බීලා ඇල උනාට නින්ද ගියෙම නෑ එක දිගටම කැස්ස, හයියෙන් හුස්ම වැටෙන්න ගත්ත ,

හයියෙන් කහිනත් බෑ මට මතක් උනේ බන්ඩිය ලීලටවත් මේක නොකියන්න වග බලා ගත්තේ චානුකට මුලින්ම කියන්නෝන නිසා,,

“ලීලම්මෙ මට ටිකක් අමාරුයි හුස්ම ගන්න කලබල නොවී අර ලෑන්ඩ් ෆෝන් එක ගාව තියෙන පොතේ මහත්තයාගේ ඉස්පිරිතාලේ නොම්බරේට අරන් මහත්ත්‍යා ගෙ නම කියල E.T.U එකට කෝල් එක දාන්න කියල මගෙ විස්තරේ කියන්න ලීලම්මෙ”

“අනේ මගෙ නෝනෙ ඉන්න මන් එනකල් කෝල් එක අරන්” කිය කියා අඩ අඩාම පල්ලේහාට දිව්වා…

ඇම්බියුලන්ස් එකේ සද්දේ …

මාව දා ගන්නවා මුලු ඇගම ඉටිරෙදි වලින් වහ ගත්තු කට්ටියක් ලීලම්මටත් ගෙදරින් එලියට යන්නෙපා කිව්ව ,, මට ඒ ටික මතකයි,,

ඊට පස්සේ මට  කෘතීම ස්වසනේ දුන්නා ,,

ඉස්පිරිතාලෙදි මාව ට්‍රොලියකින් දාලා වේගයෙන් තල්ලු කරන් ගියා නර්ස් කෙනෙකුත් දුවන් ආවා ,,

“අයින් වෙන්න මේ අපේ E.T.U ඩොක්ටර් චානුකගේ නෝනා ඉක්මනටම රැපීඩ් ඇන්ටිජන් එකට දාන්න” නර්ස් කෙනෙක් කෑ ගහනව මට මතකයි

“චානුකට එන්න කියන්න මට එයාව බලන්න ඕනෙ මේ එයාගෙ හොස්ට්පිටල් එක නේද??”

“ඔව් මැඩම් මේ ස’ ඉන්න හොස්ට්පිට්ල්

එක තමා ඩොක්ටර්  Emergency case එහෙක ඉන්නෙ ඩොක්ටර් තමා මේ සේරෝම ඇරෙන්ජ් කලේ , මැඩම් බය වෙන්න එපා අපි ඉන්නවනෙ ස’ ඉක්මනට එයි,, ” ඒ නර්ස් හරිම කරුණාවෙන් මගෙ ඔලුව අතගාන ගමන් කිව්වා,,

ඇන්ටිජන් එකෙන් පස්සේ ආයෙම වෙන්ටිලේජ් මැශින් එක ගැහුවා මට හොදටම අමාරුයි මට තේරෙනවා, නර්ස්ලා කඩි මුඩියේ එහෙ මෙහෙ දුවනවා මැශින් එක දිහා බල බලා,,

ලීලා දැන් අම්මට කියල ඇති, අනේ අද කොච්චර සතුටු දවසක්ද මෙහෙම සමරන්න තිබ්බ දවසක්ද?? මගෙ පැටියා ද?? එයාට මොනවා වෙයිද??

ඇස් අග්ගිස්සෙන් කදුලු බේරෙන්න ගත්තා,,

එතකොට ම මන් දැක්කෙ  I.C.U එකේ දොර කඩන්න වගේ ඇරගෙන මන් දිහාවට දුවන් එන චානුකව. ඉන්දවෙන්න ගියා මට එයාව දැක්කම.ඒත් හෙලවෙන්නවත් බෑ. එහෙන් මෙහෙන් ගහපු වයර් ගොඩට.

ආපු ගමන් මාව බදා ගත්ත චානුක, අඩන්න ගත්තෙ හරකෙක් වගේ.

“අනේ සුදු මැණික,,

මට ඔයාව බලාගන්න බැරි උනා ? ,,

මට සමාවෙන්න රත්තරන් ?,,

ඔයාට කොහොමද මෙහෙම උනේ? ,,

ගෙදරම නේද හිටියේ ?,,

අනෙ මගෙ පැටියා මොකෝ වස්තුව?,, “

එක එක අදෝනා කිය කියා ඉන්න එයාව මේල් නර්ස් කෙනෙක් චුට්ටක් සනසන්න ගත්තෙ මාව මහන්සි කරන්න එපා කියන ගමන්.

එතකොටම නර්ස් කෙනෙක් ඇවිත් කිව්වා,,,

“ස’ මැඩම් කොවිඩ් පොසිටිව්”

“මගෙ දෙවියනේ මගෙ පණට මොකද උනේ”

ආයෙම එයා සංවේදී උනා

කියන්න දහසක් දේවල් තිබ්බත් කතා කරගන්නවත් පණක් නෑ නැගිටලා එයාව තුරුලු කර ගන්න ඕනේ.ඒත් මට ඇගට පණක් නෑ මැශින් ගහලා හැමතැනම …

මන් අත යන්තමින් ටිකක් උස්සලා සන් කලේ චානුකට මගේ ගාවට එන්න කියලා.

එයා මන් දිහා බලන්ම ඩොක්ටර් ලා නර්ස්ලා එක්ක ලොකු කතාවක අඩ අඩාම…

එයා ලගට ආවා,,

අමාරුවෙන් මන් ඒ අත අල්ල ගත්තා,,

මගේ ආදරේ මගේ ලෝකෙම මේ කොච්චර දවසකට පස්සෙද මටම දුකයි. ඒ අත එහෙම්ම අරන් මන් මගෙ බංඩිය උඩින් තියලා එයාට ආරංචිය කියන්න උත්සාහ කලා ,,

ඒක තේරුම් ගත්ත එයා..

“හෑ සුදු මැණික ඔයා අම්මෙක් මන් තාත්තෙක් අනේ ඇත්තමද??”

කදුලු හල හලාම මගේ අත් දෙකම ඉම්බා.

මේකත් කොච්චර සතුටක්ද? මන් කල්පනා කලා.

ඒත් මට ලගින් ලගින් ඇහුන සද්ද ටිකෙන් ටික දුරට යන්න ගත්තා.

කට්ටිය වට වෙනවා බොද වෙච්ච කදුලු අත‍රින් යන්තමට පෙනුනා.

මගෙ ආදරේ, මගෙ පැටියගෙ තාත්තා මට හුස්ම දෙන්න සෑහෙන්න මහන්සි වෙන විත්තිය පියවීගෙන යන ඇස් අතරින් මට පෙනුනා.

එයා,,

කතා කරන්න මගෙ මැණික, ඇස් අරින්න සුදු මැණික, ඔයාට මාව පේනවද කිය කියා කෑ ගහනවා  ඈතින් පෙනුනා.

ඒත් මට තවත් හුස්ම අල්ලන් ඉන්න අමාරු විත්තිය මට හිතුනා.

මන් අතෑරියා, ඔව් මන් අමාරුවෙන් අල්ලන් හිටපු හුස්ම ටික අතෑරියා. චානුක, අපේ පැටියා, අම්ම, තාත්තා, ලීලම්ම මේ හැමෝම මොහොතකට මට පෙනුනා.

 

_____________________________

“ආහා එන්න එන්න අපි යමු මල් කඩන්න දැන් ඔයා ඉන්නේ අපි එක්ක”ලස්සනට ඇද ගත්තු සුරංගනාවියෝ වගයක් මට අඩ ගැහුවා.

“අනේ චානුක, මට එයාව ඕනෙ” මං කිව්වා

“අදින් පස්සෙ ඔයා ඉන්නෙ මේ සුරංගනා ලෝකෙ, අපි එක්ක”

“ඒ කියන්නේ මන්?”

“ඔව්, ඔයා මනුස්ස ලෝකෙන් අයින් උනා..”

“අනේ මේ වසංගතේ මගේ ආදරේ මගෙන් අයින් කලා.”

චානුක කුහක සැමියෙක්ද?

එහෙම හිතුනත් එයා කුහක ඩොක්ටර් කෙනෙක් නෙවෙයි. මගේ ජීවිතේ නැති උනාට එයා ජීවිත දහස් ගානක් බේරුවා, එහෙම හිතලා මන් සුරංගනාවියන් එක්කම එකතු උනා.

 

ප.ලි – වසංගතය නිසා තමන්ගේ ආදරය අහිමි ක‍ර ගත්ත වුන් කොපමණ ඇත්ද අපි අතර තවමත් නිහඩව සේවය කරමින්?

 

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp