wysñ fifkyi
ksfhdañ ch,;a

ස්මාරකය පාට පාට මල් කලඹවල් වලින් පිරී තිබුනි.මා අතේ වූ සුදු රෝස මල් කලඹ නිහඩවම බිම තැබුවෙමි.මිල අධික ත්‍යාග ඈ කිසි දෙනෙක ඉල්ලා ඇවටිලි කර නොමැත. “මල්” ඈ වෙනුවෙන් යමක් දිය යුතු නම් ඒ හොදම හා එකම ත්‍යාගය මල් කලඹකි. ඒ බව හොදින් දැන සිටියත් මා කිසි දෙනෙක ඈ වෙත මල් කලඹක් තෑගි කර නොමැත.  අද ඈ සිටියා නම් ” අනේ පැට්ටෝ මේකේ ලස්සන….. කියා මා සිප වැලදගන්නවා නොඅනුමානය.ඒ උණුසුම අද මට අහිමි වී ඇත.ඇය මා වෙනුවෙන් කොතෙකුත් කදුලු හෙලා ඇතිද? පලවෙනි වතාවට ඈ වෙනුවෙන් මගේ ඇස් කදුලින් බර වී ගොස් ඇත.

අවී!!….

කිසිවෙකු අමතන හඩින් මා සිහින් ලෝකෙන් අවදි විය.

ආ…..ත්‍යාගී!!!!

මම හිතුවේ නෑ ඔයා ඒවී කියලා……..!!!

දැන් මොනවා බලලා යන්නද අවී ඔයා ආවේ…..?

අඩුම තරමේ ඔයා ආවා කියාලා දැන් තේත්‍රා දකිනවද අවී?

මං දන්නවා මන් මහා පව් කාරයෙක් කියලා……

සිනාසෙමින්…..ඔයා!!  නේත්‍රා නෙමේද අවී මෙතන පව්කාරී වුනේ?

එන්නේ නෑ නෑ කියලා එයාට දැනුනත් අන්තිම තප්පරේ වෙනකන් බාගෙට ඇරුණු ඇස් වලින් එයා දොර දිහා බලාගෙන හිටියා.

කතා කරන්න පුලුවන් වුනු වචන දෙක තුනේ මගෙන් ඇහුවේ ත්‍යාගී ඔයා අවීට පණිවිඩේ දුන්නේ නැද්ද? අනේ පව් එයා බිසී ඇති … කනවද දන්නේ නෑ හරියට….ත්‍යාගී…….

තමුසේ මොන තරම් මග ඇරියත්, නොසලකා ඇරියත්,ඒ කටින් එක වචනයක් කියලා බැන්නේ නෑ.හැමදාම ඔයාගේ බිසී එක අස්සේ එයා වෙනුවෙන් ඔයා දීපූ විනාඩි 30 40 ට මාස ගණන් ඒ මෝඩී හූල්ල හූල්ල හිටියා.

ඇස් කඩා ගෙන ඔයා එයාගේ මෙසේජ් වලට රිප්පලයි කරනකන් ඒ මෝඩී බලගෙන හිටියා.

ඔහොම එකෙක් මොකටද කියලා බනින හැම වෙලේම කිව්වෙම, මං එයාට වෙයිර කරන්න ඉගෙන ගත්තේ නෑ බං.

තමුසෙට මොකද? දවසක් අඩයි.ඒත් එහෙම ආදරයක් උඹට ජීවිත කාලෙටම ලැබෙන්නේ නෑ.

ත්‍යාගී!!!……

මං ඔය මූණ බලන්න වත් ආසා නෑ. මෙන්න මේක කියවනවා.

තමුසේ මෙච්චර කල් ඒ කෙල්ලගේ මෙසේජ් රචනා කියලා කියෙව්වේ නෑනේ අන්තිම වචන ටිකවත් කියවලා ඒ ආත්මෙට සැනසීමක් දෙන්න.

මගේ උගුර කට වේලිලා ගියා අත් වෙව්ලන්න ගත්තා මං මිනීමරුවෙක්!!මට පණ වගේ ආදරේ කරපු කෙල්ලට මන් මොකද මේ කරේ?

අතීතය මගේ හිත ඇතුලේ හොල්මන් කරන්න පටන් ගත්තා.

නේත්‍රා කවදාවත් මාව තනි කරලා නෑ මට කිසිම කිසි දෙයක් නැතුව හිගන්නෙක් වගේ ඉන්න කාලේ ඉදන්, නෑ පැට්ටෝ ඔයාට පුලුවන් ඇයි මේ බෑ කියලා හිතන්න එපා ඔයාට පුලුවන් කවදාවත් මන් ඔයාට වැටෙන්න දෙන්නේ නෑ පැට්ටෝ.

අද මන් ඉන්න ජනප්‍රිය නළුවෙක් කියන කාඩ් එක නේත්‍රාගේ මහන්සියෙන් මං ලගා කරගත් දෙයක්.

මගේ ජීවිතේ සාර්ථක කරගන්න කට්ට කෑවේ නේත්‍රා.

ඒත් මං….. මෙසේජ් දවස් ගණන් යනකන් කියෙව්වේ නෑ. මොකද මං බිසී කියලා එයා දන්නවා. වැඩ කරන ගමන් මං කිසි දෙයක් නිසා වැඩ බාදා කරගන්නේ නෑ කියලා එයා දන්නවා. කවදාවත් මට කියවලා ඇණයක් වෙන්න ආවේ නෑ. අඩුම තරමේ රෑ වෙලා හරි මට ඒවට රිප්ලයි කරන තිබ්බා. විස්වාස්‍ය වැඩි කමද, මගේ ගොං කමද කියන්න දන්නේ නෑ මං දවස් ගණන් ගත්තා එයාට රිප්ලයි කරන්න. කෝල් කරන්න ඕන කියලා මතක් උනත් ඒවා කිකන්ම මග ඇරුනා. මාව තේරුන් ගත්ත කෙල්ලට මන් කරේ දුක් ගින්දර දීපු එක විතරමයි.

අනේ පැට්ටෝ එනවද මාව බලන්න පුලුවන් නම් විතරක්, නේත්‍රා අහන්නේ හරිම ආදරෙන්… පිස්සුද මිනිස්සූ දකීවී ඒ පාර මට කතා හැදේවී.ඔයා දන්නවනේ ඔය මීඩියා කාරයෝ ගැන… කිසි දවසක මාත් එක්ක රණ්ඩු කරේ නෑ, මට බැන්නේ නෑ. දුක හිතුන හැම වෙලේම ඇස් කදුලින් පුරව ගත්තු එක විතරයි.

හැම වෙලේම රෑ හොර රහසේ ඈ මුණ ගැසුණා පමණි.

අනේ දෙවියනේ මන් මොන අමනයෙක්ද?….මගේ කෙල්ලගේ ගෞරවය මන්ම මරලා දැම්මා නේද?

නේත්‍රා හැම වෙලේම මගේ සාර්ථකත්වය සැනසීම සතුට විතරයි ප්‍රාර්ථනා කරේ.

සති දෙකකට කලින් මන් මග හැරූ ඇගේ දුරකථන ඇමතුම් … මේකිට පිස්සුද මන්දා මෙච්චර ගන්නේ… මගේ කුහක හිතට වෙනදා වද නොදෙන නේත්‍රා මෙච්චර කෝල් කරේ මොකද කියලා බලන්න බැරි තරමට ඇය මා හට නොවැදගත් කෙනෙක් බවට මා විසින්ම පත් කරගෙන තිබිනි.

වහා මා හසුන දිග හැරියෙමි.

අවී…. මේක ඔයා කියවනවා කියන්නේ මන් ඔයාගෙන් ගොඩාක් ඈතට ගිහින් කියන එකයි.මුලු පිටුවම හිස්!!! මට හිතා ගන්න බෑ….වහා මා එහි අනික් පස බැලුවෙමි.

අවී ලියන්න තියෙන දේවල් ගොඩායි ඒත් ඔයා රචනා වලට කැමති නෑනේ.

ඔයාට මගේ මිනිය වත් බලා ගන්න බැරිවේවී. මන් තරහා නෑ.ඔයා එක්ක හදා ගත්ත මනෝ ලෝකේ මන් හැමදාන් ජීවත් වුනා.ඒ මවපු හීන වලට ඔයාට ගොඩාක් පිං.

ජීවිතේ තනියෙන් ගෙවන්න බෑ ඔයා හිටියත් මට දැනුනු තනිකම ඔයාට දැනෙනවට මන් කද්වදාවත් කැමති නෑ. ඔයා පිලිවෙලක් වෙන්න මම තරහා නෑ අවී.මාත් එක්ක බෙදා ගන්න බැරි වුනු ජීවිතය බෙදා ගන්න පුලුවන් කෙනෙක් ඔයාගේ ජීවිතේට ලං කරගන්න.ඔයාට ජේසු පිහිටයි.

ලිපියේ අකුරු නේත්‍රාගේ කදුලු වලට බොද වී ඇත.

සියල්ල් තේරුන් ගන්න මා ප්‍රමාද වී ඇත.

නේත්‍රා ආදරයෙන් ගොඩ නගපු මගේ ලෝකේ අද අඩි හයකට කොටු වී හමාරය.

පුතා!!! දුවගේ යාලුවෙක්ද ?අනේ දරුවෝ එයා අසනීප වෙලානේ හිටියේ….මොන කරුමෙකට මගේ දරුවට කැනසර් එකක් හැදුනද මන්දා… අනේ එකෙනුත් ගොඩ ආවා පුතේ…. මෙ කොරෝනා…. මගේ දරුවව ගිල ගත්තා.

මේ වචන!!! මට කණේ පහරක් වැදුනා වගේ. ඇය මට කීප වතාවක් දෙයක් කීමට ඇති බවත් කලබල නොවෙන ලෙසට මට කිව්වද ඒ ගැන නොවිමසා ඉන්න තරම් මන් අමානානුශික වුනා නේද?….

පුතා….එයා ගොඩක් දුර්වල වෙලා හිටියේ ඒ නිසාම පලවෙනි වැක්සින් එක විතරයි ගන්න පුලුවන් වුනේ… අනේ අපිත් තවත් දුක් දෙන්න බෑ කියලා අනික් වැක්සින් ගන්න උනන්දු වුනේ නෑනේ.

කෑම පොදක් කටේ තිබ්බේ නෑ අනේ අප්පච්චී…මේවා කොහොමද කන්නේ පොඩ්ඩ්ක්වත් මේවා රස නෑනේ… අනේ මට කන්න කියන්න එපා…….

දවසින් දවස වැහිරුනා පුතේ‍ අයි සී යූ එකට දාන්න වුනා. මොන තරම් නම් මන් සල්ලී වියදම් කරාද ඒත් අපේ දරුවා අපිව දාලා ගියා.

මාරයා එනකන්ද කොහෙද හැමදාමා දොර දිහා බලාගෙන හීල්ලුවා පුතේ…අනේ පුතේ කොහොම හරි ඉන්ජෙක්ශන් අරගෙන තිබ්බා නම් අදටත් මගේ දරුවා ජීවත් වෙනවා දන්න හැම කෙනාටම මන් කියන්නේ මේ කරුම ලෙඩෙන් බේරෙන්න තියෙන එකම විදිය ඉන්ජෙක්ශන් අර ගන්න එක…. අනේ දෙවියනේ අපිටම මෙහෙම වුනානේ.

සති දෙකකට කලින් ඇය අසනීප වී ඇති බව කියන මට ඇමතුම් එක දිගට ගත්තත්….. ඒ ඇගෙන් එන අවසාන ඇමතුම බව නොදන්නා මං ඈ මග හැරියෙමි.

නොපෙනෙන දුර අනාගතේ සතුට හෙව්ව මට අද කියන දවසේ ජීවත් වෙන අමතක වුනා.කොරෝනා හැදිලා මරන ඇදට වැටුනු නේත්‍රාගේ අද දවස මන් නොදැක්ක හෙට දවසක් වෙනුවෙන් වැය කරා.

මගේ ජීවිතේ ….නේත්‍රා නේද කියලා මට දැනෙද්දී මගේ ලග ඇය නෑ……ආදරය සෙනෙහස ඇතිකල එහි වටිනාකමක් අපිට නොදැනුනද, අපේම පව් වලට වන්දි ගෙවන්න ස්වභාවධර්මයා අපිට දඩුවම් කරයි.නොදන්නා හෙට දවස ගැන වදවෙන අපි අද කියන දවස නැති කරගන්න හැම තප්පරේම වෙල දරයි.සෙනෙහස විද හැකි තප්පරේ විදීම විනා නොදන්නා වසංගත මාරයා එය ගිල දමන තෙක් බලාගෙන හුන් මා මගේ හිතට අපරාධකාරයෙකි.

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp