wjdrfha w;rux
Èks;s m%kdkaÿ

වසංගතේට රට වැහුනට පස්සේන්  පහු මුලින්ම එලියට පැනගන්න ලැබුනු පලවෙනි වතාවට එලියට පැනගත්තු මම, මුළු හදවතම වහගෙන හැමදාම තියෙන නැවතුම් පොළකට සේන්දු උනා.

හදිසියේ වැටුන වැස්ස මාව අන්දමන්ද කරද්දී ආසාවෙන් අයිස් කෝපි කෝප්පයක් තුරුල්කරන් කවදත් වගේම හුරුවට මම පෙරෙරා ඇන්ඩ් සන්ස් එකෙන්, ගොඩගැහුන බඩු පොදි සේරෝම එක අතකට ගුලිකරන් අනිත් අතෙන් ඔලුව ආවරණය කරන්, ඇස් අහසට දිගු කරගෙනම මම එලියට අඩිය තිබ්බේ වැස්ස වැටෙන්නට කලින් යන්න හිතන්.

අඩි දහයක් පහලවක් නුදුරෙන් අතැරගන්න බැදීමක් නිසා හිරවෙලා උන්නු මාව, ඒ හිරෙන් නොමුද්‍ර්‍රම නීතියෙන් හිරකරගත්තු, මගේ  ස්වාමි පුරුෂයා වාහනයත් නවත්වාගෙන ඉන්න අන්දම වායු සමීකරණ යන්ත්‍රයේ සීතලත්, මාස්ක් එක මැදින් ඉහළට ඇදෙන හුස්මෙ රස්නෙත් නිසාවෙන්ම උපැස් යුවලේ බැදුනු මීදුම අතුරින් ඇස් වලට බාධාවක් තියෙද්දිත් ඇස්වලට පුරුදුම මනුස්සයා උන නිසාම කිසිම අර්බුධයක් නැතිවම ඇස් වලින් විතරක්ම අදුරගන්න පුලුවන් උනා.

එච්චර අපැහැදිලිකම් තියෙද්දිත් ඇස් වලට පේන හැමදෙයක්ම, කාලයක් තිබුන ඇබ්බැහිකම් අතැරගන්න බැරිව තවමත් අයිස්කෝපි බොන මම, තවත් මහ හුගක් අළු වළාකුළු මැද හිරවෙලා නොපෙනුනා වගේම ඉන්න බව විතරක්ම මම දැනගෙන හිටියා.

කුඩු පොද පොද වැටිච්ච වැස්ස මහ වරුසාවක් වෙද්දි, එලියට තිබ්බ පය ආපසු අරන් මම කඩේ ඇතුලට රින්ගත්තේ කවදත්  තෙමෙනකොට දැනෙන හැගීමට අකමැති නිසා.

කකුල ආපස්සට ගද්දී…

නුහුරට වගේ කකුල තියෙද්දි වැටෙන්න නොදී හරිම සියුමැලි අතකින් මාව අල්ලගද්දී, මම මගේ ශරීරයටම වාරු දීල කෙලින් වුනා.

“තැන්ක් යූ සෝ මච් පැටියෝ” පුංචි ගවුමකුත් ඇදගෙන දරුවෙක්ව කුස දරන හිටපු ඒ සිනිදු අත්වල හීමිකාරිට මම එහෙම කිව්වා.

“තව පොඩ්ඩෙන් වැටෙනවා, වෙලාවට මම අල්ලගත්තේ” මාස්ක් එක අතුරෙන් උනත් පේන බෝනික්කියක් වගේ ඇස්, නලවන ගමන් ඒකී හිනාවුනා…

කලබලෙන් වගේ දුවගෙන ඇවිත් , “බබා ඔයාට අමාරුවක් නෑ නේද?” අහපු කටහඩ මාව වික්ෂිප්ත කරා.

කාලාන්තරයක් තිස්සේ අදුරගෙන හිටපු කවදාවත්ම අමතක කරන්න බැරි කටහඩක් ඔලුව අතුලෙන් නොවී හැබෑවටම ඇහෙනකොට ඔලුව උස්සන්න හයියක් නැතුවට එහෙම්මම ඉන්න තීරණය කරත් ඔලුව උස්සලා මම සැකය තහවුරු කරගන්න උත්සාහා කරද්දි මාස්ක් එක් අතරින් පෙනෙන මූණෙන් ඔහුත් මං දිහා හරි වේදනාවෙන් බලන් හිටිය වග නම් මට හොදටම තේරුනා.

“සුෂාන්,” මම කිව්වා නෙමෙන්‍යි මම මිමිනුවා කිව්වොත් මම හරියටම හරි.

පුංචි බෝනික්කීගෙ ඇස් පුදුමෙන් නැලවෙද්දි… “අක්කි ඔයාලා දන්නවද, මේ මගේ හස්බන්ඩ්” කියලා ලෝභ නැතුව අදුන්නලා දුන්නා..

“ඔව් පැටියෝ අපි අදුරනවා”මගේ කට කියවද්දි ඒ ගාම්භීර ඇස් පහත් කරන් උඹ මන් දිහා බලන් උන්නා.

ඒකි කුතුහලේ පුරවන් හිනාවෙන්වා..මාස්ක් එකෙන් වැහිච්ච මූණේ උනත් ඒ දිලිසෙන ඇස් වල දිලිසෙන්නේ වෙදනාවට උපන් කදුලු කියලා මට හංගන්න උඹට අමාරු වෙන්න ඇත්තෙ, උඹව කාලෙකට කලින් කොනක ඉදන් කාලා හිටපු ගෑනි මම නිසා වෙන්න ඇති.ඒකිට ඕවා කොහේ තෙරෙන්නද ? උඹව කාපු ගෑනි වෙලත් මට උබව මගැරැනුකොට, ඉතින් උඹයි මායි පිච්චෙනවා කියලා මත හිතුනා…නෑ උබ ගැන දන්නෑ මම පිච්චෙනවා..

“අපි එකටනේ ඒලෙවෙල් ක්ලාස් ගියානේ..”මම කතාවෙන් භාගයක් කිව්වා..බගයක් නෙමෙ අපි කතාවෙ පටන් ගැනීම විතරයි..”සෑහෙන කාලෙකින් දැක්කේ…අවුරුදු දහයක්…විතර අති නේද බං…” මම උබ දිහා බැලුවා…

අවුරුදු දොලහක් ඔව් කතාව ඉවරවෙලා ඕන නම් අවුරුදු පහක් ඇති…එත් පටන් ගත්තු දවසෙන්ම අපේ සමුගැනීම උබෙන් හංගන්න මම එහෙම කිව්වා..

“හ්ම්ම්ම්…” මෙච්චරම වෙලාවට ඔච්චරයි උත්තරේ…

“අපෝ අක්කි අපේ බස්සට ඕවා මතක නැතුව ඇති, එයා ඒම තමා…කතා නෑ…යාලුවෝ නෑ…මම විතරයි ඉන්නේ…ඒක්නේ හ්ම් ගාන්නේ…”

ගිරවෙක් ගොලු උන හැටි ගිරවියක් කිව්වා වගේ මට දැනුනා..

“අනේ නෑ පැටියෝ අපි ඒ තරම්  හොද යාලුවෝ නෙමේ..එයාට මතක නැතුව  ඇත්තේ ඒකයි” මම එහෙම කිව්වේ මගේ හිතහදාගන්නද ඒකිගෙ හිතහදන්නද කියලා මට තේරුණේ නෑ..

හෙමීට දොර ඇරෙන් සද්දෙට අනික් පැත්ත හැරිලා බලද්දි…

මගේ ආරක්ශකයා,කාලෙක ඉදන්ම මගේ හදවත නිවපු මිත්‍රයා උනු

නෙසල කුඩෙත් අතින් අරන් මගෙ ලග…

උඹේ ඇස් කුතුහලයෙන් මිරිකෙද්දි..මම මගේ අයිතිය තහවුරු කරන්න වගේ එයාගේ අතින් අල්ලගත්තා..

“පැටියෝ මේ මගෙ හස්බන්ඩ්..තාම මරි කරලා නම් ටික කාලයයි” මම කිව්වේ ඒකිට නෙමෙ උබට..”මට හිතුනා, නයිස් ටු මීට් යූ අයියා, අක්කි වැටෙන්න ගියානේ..මම වෙලාවට අල්ලගත්තේ අල්ලගෙන මෙයාලා නම් පරණ යාලුවෝලු.හරි නම් අපිත් යාලුවෝ වෙන්නොන” ඒ හඩේ යන්තම් නෝක්කාඩුවක් නොතිබ්බා නෙමෙයි. හැබැයි ඒ කතා හැම එකක්ම කිව්වේ සුෂාන්ගෙයි මගෙයි ගැන හැම තත්පරේම දන්න එයාට..අදටත් සුෂාන්ව බලන්න ඕන වෙද්දි එයාගෙ   fb ලොගින් දෙන, එයාට…

“තැන්ක් යු සුරංගනාවි…මගේ කලබල කෝච්චියව අල්ලගත්තට…අයිස් කෝෆි ගන්නනේ ආවේ ආය ඉතින් මෙලෝ සිහියට නෙමෙ ඉන්න ඇත්තෙ.අපි නම් යාලුවෝ කෙසේ වෙතත් ඔයා මගෙ දුවෙක් නම් වෙන්න තිබ්බා.කොච්චර නම් චූටිද” එයා හිනාවෙනවා.. හිනාවෙවිවි ඒ කතාව කිව්වේ ඒකිට නෙමෙ මට. මගෙන් හිස් උන ඉඩ පුරවලා තියෙන්නේ හරිම පුංචි කෙල්ලෙක්ගෙන් නේද කියලා මගෙන් අහන ලීලාවෙන්. එහෙමම අර පුංචි කෙල්ලගේ ඔලුව අතගෑවේ හරි ආදරෙන්, මට නෝක්කාඩුවක් නොදැනුනා නෙමෙයි.ඒත් තාමත් සුශාන් නිහඩව හිටියා.

තත්පර මහ ගොඩක් නොගෙවුනට..මහ වරුසාවක් පායන්න තරම් වෙලාවක් නොගෙවුනට…

ඒ මහ වැස්ස නැවතිලා…

අහස මට සම්ච්චලේට හිනාවෙන්න එහෙම කරා කියලයි මට හිතුනේ…

උඹ ගොලුවෙලා ඉන්දිම, මම ඇවිලෙද්දි නෙසල මාව නිවන්න හදන අතරේ, පුංචි කෙල්ල අපෙන් යන්න ලෑස්ති උනා..

“යන්නම්ද අක්කියෝ…පන්සල් යන්නෝන අද…බබාට දින ලගයිනේ…” ඒකි මට රිදෙන බව නොදැන මට රිද්දනවා…එහෙම්මම හරිම උණුසුම් වැළද ගැනීමක් මට දුන්න ඒකී…යන්න යද්දී උබ ඔලුව හරවලා”යන්නම්” කිව්වේ කිසිම හෘර්දයාංගම බවක් නැතුව….

උබලයි ඒකියි කඩෙන් පිටමන් වෙද්දී අතේ තිබුන අයිස් කෝෆි කප් ටික කවරෙන් ලෙහිලා විසිරෙද්දි, නෙසල මාව තද කරලා පපුවට බරකරගෙනම,

“දැන්වත් මගෙ විතරක් වෙන්වද රත්තරං “

කියලා මාස්ක් එක බාධාවක් වෙලා මගෙ තොල් වැහිලා තියෙද්දිත් තොල් ඉඹිනවට වඩා පරිස්සමට හරිම පරිත්‍ර හැගීමක් මට දීලා, මගෙ ඇස් දෙකම ඉම්ඹේ ගලපු කදුලු ගැන වගේ වගක්වත් නැතුව.

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp