jix.;h yd wdorh
fk;añ fu;airKs

‘ මෙලොව ඉපදෙන සෑම සත්වයෙක්ටම මරණය නියතයි.සමහර සත්වයෝ මව් කුසේ දී ම මරණය ළං කර ගනිද්දී තවත් සත්වයෝ ඉපදිලා අකාලයේම මරණයට පත් වෙනවා.තවත් සමහරෙක් දීර්ඝායුෂ ලබා ජීවත් වෙන්වා. ඒක තමා කර්මයේ බලපෑම’

 

දූ….අහින්සා වැදගන්න. අහින්සා…!

 

හීන ලෝකයක තනි වී සිටි මා පියවි සිහියට පැම්ණියේ පියාගේ ස්පර්ශයෙන් හා ආමන්ත්‍රණයෙනි.තාත්තා මේ කියන්නේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ බණ අසා නමස්කාර කරන්නැයි’ කියාය.

කිසිවක් අසා නොසිටි නමුත් පියාගේ බසට අවනත වූ මා දෑත් ඉහළට ඔසවා වැනෙදේ දෑසින් කදුළු කැට රෑරා වැටෙද්දීය. එසේ කොතෙක් වෙලා දෑස් පියාගෙන මා සිටියේ දැයි මට මතකයක් නොවී ය. නැවත මාගෙ සිහින ලෝකයට බාධා කරමින් තාත්තා කතා කළේය.

 

අහින්සා, මං ලොකු හාමුදුරුවෝ එක්ක පන්සලට ගිහින් එන්නම්. බණට ආපු මේ හය හත්දෙනත් දැන් ගෙවල් වලට යයි. දූට පුලුවන් ද තනියෙන් ගෙදර ඉන්න.

මං ඉන්නම් තාත්තේ…

අනේ මගේ රත්තරං දුවේ. උඹව තනියෙන් දාලා යන්න මට හිත දෙන්නෙ නෑ. ඒත් වෙන කරන්න දේකුත් නෑ. දැන්වත් අඩ අඩ කල්පනා කරන එක නවත්තහං පුතේ. මටත් දරාගන්න බෑ.

 

කියන්නට බොහෝ දේවල් හිතේ තිබුණත් මම තාත්තාට තුරුලු වූයේ දැනෙනෙ දුක දරාගැනීමට නොහැකි තරම් බර නිසයි.

 

සුනිමල් මහත්තයෝ, යමුද එහෙනම්,

හරි හරි හාමුදුරුවනේ…දුව එහෙනම් මං ගිහින් ඉක්මනට එන්නම්.දුව මූණකට හෝදන් පොඩ්ඩක් නිදාගන්න.

 

තාත්තා ඉටව ගොස් විනාඩි 10යක් යාමටත් මත්තෙන් අප කුඩා නිවසට පැමිණ සිටි අසල්වැසියෝ අප නිවහනෙන් පිටව හියහ. ඔවුන් එසේ කලබලයෙන් අප නිවසින් යාමට හේතුව ගේ කුඩා වීම පමණක්ම නොව මීට දින 10කට ඉහතදී සිදු වී සිදුවීම ද ඊට හේතු විණී.

මා එම නපුරු සිහිනය අමතක කරන්නට බොහෝ වෑයම් කෙරුවෙමි. නමුත් එය අද සිදුවූවාක් මෙන් මාගේ මතකයට නැගෙන්නේ මාගෙ ප්‍රාණය සමග මෙම සිදුවීම බද්ධ වී ඇති බැවිනී

නිවසේ කුඩා දැල් පුටුවකට බර වූ මා මේ සූදානම් වන්නේ එම නපුරු සිහිනය නැවත ආවර්ජනය කිරීමටයි.

 

* අතීතයට….

 

අහින්සා…මගෙ ඔලුව ගොඩක් රිදෙනවා දුවේ. නිකම් කැරකෙනවා වගේ.

අම්මා, කෝ එන්න මේ ඇදෙන් පොඩ්ඩක් හාන්සි වෙන්න.

අනේ මට හරි අමාරුයි දූ.

තාත්තා එනකම් ඉන්න අමාරුයි වගේ නම් අපි පාලිත මාමා එක්ක ගිහින් බෙහෙත් ටිකක් ගේමුද අම්මා…

නෑ…  නෑ… බෙහෙත් ගන්න ඕනි නෑ. ටිකක් නිදාගත්තනම් හරියයි.

හරි ඒනම් අම්මා නිදාගන්නකම් මං ඔලුව අතගාන්නම්.

 

අම්මා නින්දට වැටෙනතුරු මා හිස අතගෑවේ ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරම්නි.අම්මා බෙහෙත් ගන්නටත් අදිමදි කරන්නේ අතේ මුදල් නොමැති නිසා බව මම හොදාකාරවම දනිමි.

 

දුව…අහින්සා මේ දොර අරින්න දරුවෝ…

ඉන්න තාත්තා…මං එනෝ

 

මා දොර ඇරියාය.

 

දැන් නම් ලී දොර හොදටම දිරලා නේද දුව? හිලුත් හැදිලා

ඔව් තාත්තේ… එදා සර්පයා රිංගන්නත් ඇත්තේ ඔතෙනින්.

අනේ මන්දා දුව මොනා කරන්න ද? දැන් හරිහමං මේසන් වැඩක්වත් හරියන්නෑනේ.

හරි හරි දැන් තාත්තා ගිහිං නාගන්නකෝ. අපි පස්සේ ඕවා කතා කරමු.

දුව, කෝ අම්මා

අම්මට ඔලුව කැක්කුමයි කිව්වා තාත්තේ. මං බෙහෙත් ගන්නත් යමු කීවා…කොහෙ ද? බෑ කියලා නිදාගත්තා.

යමු, කාමරේට බලන්න…

සීතා…. සීතා…

දුව ඉක්මනට පාලිත මාමා අඩගහන් එන්න.

අනේ තාත්තා…අම්මට මොනවා වෙලා ද?

කියන දේ අහන්න. ඉක්මනට අම්මව ඉස්පිරිතාලෙට එක්ක යමු.

 

පැය බාගයක් යාමටත් කලින් අපි අම්මව ගමේ රෝහලට ඇතුළත් කළහ. රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත අම්මාව රෝහල් ගත කර අප නිවසට පැමිණියේ හිතේ දාහක් ප්‍රශ්න තබා ගෙනය. තාත්තා පාලිත පසුව ගමන් ගාස්තු දීමට පොරොන්දු වී ගෙට ආවේ දොරත් වසා ගෙනම ය.

 

තාත්තේ, මල්ලිව හම්බෙන්න මාසයක්ම තව තියෙයිනේ. අම්මට මොකක් ද එක පාරටම වුණේ ?…

මන් දන් නෑ දරුවෝ. අම්මගෙ ඇග රත්වෙලා තිබුණේ හොදටම.මගෙ දෙලෝ රත්වූණේ දැන් තියෙනවයි කියන අර වසංගතේ මතක් වෙලා…

ඒක ඉතින් අපේ ගමේ නෑනෙ තාත්තේ… අඩුම තාම මේ ගමේ මිනිස්සු මාස්ක් එකක්වත් දානවද? අඩුම අපේ අම්ම ලගකදි කොහෙවත් ගියෙත් නෑනේ.

 

මෙසේ දින 03ක් ගෙවී ගියේ තාත්තා සෑම දිනකම තනිවම මව බලා නිවසට පැමිණෙන අන්දමින් ය. ඒ සෑම දිනකම කෑම පිසුවේ පහලොස් හැවිරිදි මා විසිනි.

 

දැන් කොහොමද තාත්තා අම්මට?

අම්මට දැන් අඩුයි පුතේ.. එත් දැන් මල්ලි හම්බවෙන්න දිනත් ළග නිසා ඉස්පිරිතාලෙම තියන්න කිව්වා. කෑම බීම එහෙන්ම දෙනවා.

අහ් එහෙමද?

මං අම්මට කිව්වා හෙටයි, අනිද්දයි මට එන්න වෙන්නෑ කිඅයලා. රෑ වෙනකම් වැඩ කියලා.

මට යන්න දෙන්නැද්ද තාත්තේ ඉස්පිරිතාලෙ ඇතුළට?

නෑ පුතේ…

නැත්නම් මට ගිහින් බලන්න තිබුණා…

 

දින 02කට පසුව තුන්වන දිනයේ තාත්තා උදෙන්ම රෝහලට යාමට සූදානම් වූවේය. නමුත් හදිස්සියේම තාත්තාගෙ කුඩා දුරකථනයට ඇමතුමක් ආවේ මගේ ළග සිටිද්දීමය.

 

හෙලෝ…

හෙලෝ සුනිමල්. අපේ ගමෙත් කොරෝනා ලෙඩෙක් ඉදලා. එයා මේ ඉස්පිරිතාලෙටත් ඊයේ ඇවිත්ලු. දැන් තමා දැනගෙන තියෙන්නේ. දැන් ඉස්පිරිතාලේ ඇතුළට කවුරුත් ගන්නෑ. ඒ නිසා ඔයා එන්නෙපා. දුවයි ඔයයි පරිස්සමින් ඉන්න. මාස්ක් දාන්න. එළියට බහිද්දි අනිවාරෙන්. බුදුසරණයි!

 

තාත්තා වචනයක් කීමටත් පෙර දුරකථනය විසන්ධි විය. නමුත් අම්මා කියූ ඒ සෑම දෙයක්ම මට හොදින් ඇසිණි.

 

තාත්තේ… ඇයි අම්මා ඒ කලබලෙන් කතා කළේ?

කාගෙන් හරි පෝන් එකක් ඉල්ලන් කතා කරන්න ඇත්තේ…

අනේ තාත්තේ මට ලොකු බයක් දැනෙනවා, අම්මටයි මල්ලිටයි මොකුත් වෙන එකක් නෑ නේද?

නෑ… නෑ දුව එයාලට මොකුත්ම වෙන්නෙ නෑ.

 

තාත්තා මාගේ හිස අත ගා එසේ කීවත් අපට කණ කොකා හැඩලුවේ ඊට දින 02ක් ගත් වූ පසුවයි. එදින ආ ඒ ඇමතුම ගැනීමට මටම සිදු වූයේ මාගේ අවාසනාවකටයි.

 

හෙලෝ…

හෙලෝ… මන් මේ හොස්පිට්ල් එකෙන් කතා කරන්නේ…

ඔව් මිස් කියන්න.

මේකයි මේක අහලා කලබල වෙන්නෙපා…

අනේ මිස් මොකක්ද වෙලා තියෙන්නේ ?

සීතා කියන්නේ?

ඒ මගේ අම්මා… අනේ…මිස් මොකක්ද වෙලා තියෙන්නේ?

මගේ අම්මට, අනේ මිස්…

 

දුව කවිද කතා කරන්නේ?

තාත්තේ…! අම්මට මොකක්ද වෙලා.

 

මං ඉතින් ඉකිගසමින් කියද්දි තාත්තා විදුලි වේගයෙන් දුරකථනය මවෙතින් ගත්තේ ය.

තාත්තා දුරකථනය කනේ තබාගෙන කතා කරමින් සිටියේය. නමුත් එක් විටම එය බිමට පතිත වනවාත් සමගම තාත්තා දෑත් හිසේ තබා ගනිමින් බිම හිද ගත්තේ ය.

 

තාත්තේ… අනේ ඇයි මේ? කියන්නකෝ. තාත්තේ කියන්නකෝ.

 

මම ඉකිගසමින් ඔහුගේ උරහිස් මත අත් තබා සොලවමින් කෑ ගැසීය.

 

අනේ මගේ රත්තරනේ… උඹෙ අම්මට කොරෝනලු. හොදටම අමාරුයිලු. අනේ මගෙ දුවේ…

 

තාත්තා ඔහුගේ පපුවට වේගයෙන් පහර ගහ ගනිමින් කී, ඒ දේ අසා මගේ ඇග සීතල වී ගියේ එක් නිමේෂයකිනි.

 

අහින්සා… මගේ දුවේ…

 

තාත්තගේ හඩත් ස්පර්ශයත් සමග මම ඒ නපුරු සිහිනයෙන් මිදුණෙමි. මා තාත්තාගේ උණුහුමට තුරුලු වූයේ ඉකිගසමිනි ය.

 

තාත්තේ…

දැන් ඇඩුවා ඇති දුවේ. අම්මයි මල්ලියි අපිව තනි කරලා ගිහින් දැන් දවස් දහයක්නෙ. අපි පුලුවන් විදියට බණක් හරි කියවලා පිං පැමිණුවනෙ. ඔයා ඔහොම අඩද්දි එයාලට හොද තැනක ඉපදෙන්න බැරි වෙනවනෙ දුවේ….

ඇයි තාත්තේ පාලිත මාමාවත් බණ අහන්න නාවේ? තාම මේ මිනිස්සු හිතන්නෙ අපිටත් මේ වසංගතේ තියෙනවා කියලද තාත්තේ?

ඔව් මගෙ රත්තරනේ… අම්මටයි මල්ලිටයි මේ කරුමේ ආවේ ඉස්පිරිතාලෙන් කියලා දන්නේ ඔයයි මමයි විතරයිනේ.

 

මන් පණ වගේ ආදරේ කරපු අම්මත් මට නැති වුණා, සෙල්ලම් කරන්න ආසාවෙන් ඉදපු මට මගෙ මල්ලිත් නැති වුණා…මිනිස්සුන්ගේ ආශ්‍රයත් නැතිවුණා… මේ සේරම හේතු වුණ වසංගතේට මන් හැමදාමත් වෛර කරනවා.

දෑසේ ගලා යන කදුළු තාත්තාගේ කමිසයේ රැදෙද්දී අහස් තලයක් එම මොහොතේම මහවැසි වැස්සුවේ ඔහුගේ දුකත් කියා පෑමට මෙනි.

 

Share on Facebook
Share on Twitter
Share on Whatsapp