ශනි
කතෘ
තිසරණී නිර්මාණි


රෑට කෑවාට පස්සේ මං සාලේ මැද්දේ  තියෙන දිග සැටියේ දිගැදුනේ කාපු නිදිමතට… ඒ වුනාට යාන්තමට නින්ද ගිහින් හිටියේ….

එතකොට වැරැන්ඩාවේ පත්තර බල බලා හිටපු තාත්තා ලගට අම්මා ප්ලෙන්ටියක් හදාගෙන යනවා…

තාත්තාට රෑට කැවාට පස්සේ ප්ලෙන්ටියක් ඕනමයි…

සහතිකේටම කියතැ හැකි අද නම් අම්මා මොනවා හරි කියන්නම තමා යන්නේ… මුනේ තියෙන නොඉවසිලිවන්තකමින් ඒක කියන්න පුළුවන්.. 

මං නිදි වගේ හිටපු නිසාද මන්දා අම්මා ටිකක් සද්දෙට කතා කලා…

මේ ජයේ අපේ ලොකු අක්කාගේ දු බදිනවා කියලා දෝනිව දෙන්න බැරිද ඇහුවා දෙවෙනි මනමාලිට උසත් හරියන හින්දා … මං නම් බැ කිව්වා… විබාගේ ලගයි කියලා…

ඇයි ඒ බැ කිව්වේ… තාත්තා අම්මා දිහාට ඇස් කරකවලා ඇහුවා.. කන්නාඩියෙ උඩින් බලලා…

මට බය හිතුනා ඔවායේ යවලා මොකකට හරි පැටලුනොත් ලෙහන්නද

අම්මා කියවනවා.. අම්මා දන්නේ නැ මං දැනටමත් පැටලිලා ඉවරයි කියලා…  

කෝලිතව මතක් වෙනකොට මලේ මූන නිකම්ම රතු වෙනවා… පබා කියන විදයට නිකම් ස්ට්‍රෝබෙරි ජෑම් බෝතලයක් වගේලු…

කෝලිතගේ තාත්තා පුරා විද්‍යඥයෙක්ලු ඒකලු කෝලිතට එහෙම පරන නමක් දලා තියෙන්නෙි කෝලිතගේ අයියගේ නම අස්සජිලු මට ඒක කිව්ව වෙලාවේ බකස් ගාලා හිනා ගියා…..

කෝලිත මං දිහා මූන අමුතු කරන් ඇස් පුංචි බලන්හිටියා…

අනේ මන්දා…ඉතින් මං ආයෙත් ඇස් පියා ගත්තා…

නැනේ ජයේ අපිට ඉන්නෙත් ඔච්චරයි… පැටළුන ඒවා කඩා දමන්න කියලා කෙල්ලගේ හිත රිද්දන්න පුළුවන්ද… මතකනේ ළමයාට  කියපුවා ශනි හතේ කියලා…

ඇහ් සනි හතේ..  මං කල්පනා කලා.. සනි අයියා ඉන්නේ මේ බෝක්කුව හන්දියෙනේ එයා මොකටද හතේ කනුවට යන්නේ… ඒක ඉතින් මට කියන්නේ මොකටද…

අම්මට එහෙනම් කවුරුහරි කියන්න ඇති සනි අයියා මගේ පස්සෙන් එනවා කියලා… ඕකනේ ඉතින් බැරි දැන් ස්කෝලේ යනකොටත් අම්මා පස්සෙන් එයි…

අයියෝ කෝලිත ඔයාව හම්බෙන්න වෙන්නැ දැන්… මට දුකටම නින්ද යන්න ඇති….

ඊළග දවසේ උදේම ස්කෝලේ යනකොට සනි අයියා  බෝක්කුව උඩ ඉ⁣දගෙන තව තුන් හතර දෙනෙක් එක්ක…

ඔබ හරිම ලස්සනයි නංගියේ..

මට අහන්නට හිතයි නම ඔබේ

බුලත්විට කාපු දත්වලින් සනි අයියා කියොනවා…

මං බිම බලාගනෙම ගියා..  ඇ මගේ නම දන්නැලු… උදේ පාන්දර ටොම්පච කියනව….හැරිලා බැලුවොත් එහෙම ගමේ උන් කියයි මං යාළුයි කියලා…

සනි අය්යාගේ කරදරේ ඉවරයි නම්.. සමදරා අක්කාගේ දෙවෙනි මනමාලි වෙන්න තිබ්බා ඉදෝකින් මේ සනියා ඒක කැවනේ….

දින සති මාස ගනන් ගෙවිලා ගියා… අපේ අම්මා එන්න එන්න මං ගැන හොයනවා… වෙලාවකට මහා වදයක් අප්පා.. පාරෙදි කවුද හම්බුනේ…. බස් එකේ ඉදගෙන ආවේ මොන පැත්තෙද පන්තියේ සර් ආවේ කීයටද ළමයි කියක් හිටියද හෙන විකාරයයි… උත්තර දීපු ප්‍රශ්නම ආයේ ආයේ අහනවා….

පෝය දවසක පන්සල් ගියා අනේ මං ආසම රැලි රැලි දිග සුදු සාය ඇදගෙන… සායේ හැඩ බලා බලා ඉන්නකොට මට වදින්නත් අමතක වුනා…අම්මායි තාත්තායි පිරිත් නුල් බැද ගන්න මාවත් එක්කන් ගියා

ලොකු හාමදුරුවෝ මං දිහාවේ බලලා… හිනාවෙලා…

දැන් ජයතුංග මහත්තයටත් ලොකු දැරිවියක් ඉන්නවා නේද…

එහෙමයි අපේ හාමුදුරුවනේ…

ශනි හතේම එකක් හෙයාගන්න වෙයි නේද

එහෙමයි හාමුදුරුවනේ…

ඈක්කා මට ලැජ්ජාවේ බැ හාමදුරුවොත් සනි අයියා ගැන දැන්නවා…. අපේ අම්මා මං දිහා කන්ඩ වගේ බලනවා…

වෙලාවකට මට කැත්ත අරං ගිහින් සනියට කොටලා දාන්නඩ හිතෙනවා

පන්සල් ගිහින් ඇවිල්ලා මං කාලා ආයෙත් පුරුදු සැටියටම වැටුනා…

දැක්කා නේද ජයේ ලොකු හාමුදුරුවන්ට මතකයි කෙල්ල ගැන.. අර නාමලි අක්කගේ නෑදැ වෙන නංගි කෙනෙක්ට තාම බදින්න බැරි වුනාලු තිස් හයක් වෙලත් ඔය ප්‍රශ්නේ නිසා එයාගේ නම් රවි තමා ප්‍රශ්නේ…

මාව සැටියෙන් වැටෙන්නත්   ගියා  කවුද මේ රවියා ඒ පාර… මං දැන්නැනේ නාමලි නැන්දගේ නංගිට බදින්න බැරි වෙච්ච රවියා කොහොමද මට සම්බන්ද වෙන්නේ මට නම් හොල්මන් වගේ.. රවියා අහ් අර බොයිස් කොලේජ් එකේ.. දඩබ්බර රවියාද අනේ මන්දා දඩබ්බර රවියා දවසක් මගේ කොන්ඩ පටියක් නම් ගලවන් ගියා තමා… ඒකද මේ අනේ මන්දා මං දැන් පැටලුනු නූල් බෝලයක් වගේ…

ඒ පාර අම්මා මොනාදෝ කියනවා.. කෙල්ල නම් හොදට ඉගෙන ගනියි ගුරු ඉන්නේ එකේලු…

ගුරුතුමාලා එකට  තමා තියන් ඉන්නේ  කොහොමත්… නැ නැ දෙකට කෝලිත එකට ගන්න ඕනනේ…අම්මා දන්න මගුල… පිදිය යුත්තන් පුදන්න එපැයි…

මේක හරියන්නැ….. මං පබා අතේ ලියුමක් ලියලා කෝලිතට අදම යවන්න ඕන මේ ඔක්කොම ලියලා යවන්න ඕන…

කෝලිතට දිගම දිග ලියමුක් ලියලා ගවුමේ සාක්කුව ඇතුලට දාලා උඩින් මැහුමක් දැම්මා..

දැන් හොයයි ඉතින් ලියුම…

ස්කෝලේ ඇරිච්ච ගමන් මං පබාට දුන්නා මේක කෝලිතට දෙන්න කියලා…

ඊලග දවසේ පබා එනකම් මං හිටියේ නොඉවසිල්ලෙන්  පබා දුන්නේ නිකම් චූටි කොල කෑල්ලක් විතරයි…

ඇයි අප්පා මේ පිරිමි මෙහෙම මං පුල්ස්කැප් පිටු තුනක විතර ලියපු ලියුමට නිකම්ම නිකම් චිට් එකක් සැක්… 

මං ඒක කියෙව්වා

මැට්ටියේ ඒ කියලා තියෙන්නේ කේන්දරේ ගැන..

එච්චරයි.. කේන්දරේ අහ් අර පොඩි පොත අපේ අම්මා මට අල්ලනවත් දෙන්නැති එක… ආනේ…

ආත්තම්මලාගේ දිහා ගියාම මං අම්මා නැති වෙලාවක් බලලා ආත්තම්මාගෙන් ඇහුවා…

ආත්තම්මේ මගේ කේනදරේ මොනවද තියෙන්නේ…

අහ් උබලයේ අම්මා නම් කැමති නැ ඕවා උබට කියනවට…

හරි හරි අම්මට කියන්නැ කියන්නකෝ…

ඕවා ඉතින් ඔයා දැනන් ඉන්න එක කොකටත් හොදයි…

මයේ දුවගේ හඳහනේ හැටියට ශනි ඉන්නේ හතේ ඉතින් ශනි හතේම එකක් හොයා ගන්න ඕන…

අනේ කෝලිතව මතක් වුනා මට…හිත උඩින් ගිනි පන්දමක් අරං ගියා වගේ අනේ මාව පිච්චෙනවා කියලා හිත කෑ ගැවා…

ඕක හරි යන්නැ…මං කෝලිතව බස් එකේ හම්බුන වෙලාවේ අහනවා ශනි ඉන්නේ කියෙද කියලා… 

ශනි හතේද කියලා අහලා බොරු කිව්වොත් එහෙම මටනේ කරදර වෙන්නේ…

කෝලිතව හම්බෙන්න මං බස් දෙකක් යනකම් හිටියා.. නැත්තම් මිස්ලා කේලම් කියවනේ..  එයාලාට එහෙම ඒවා මෙහෙම කාල තිබ්බේ නැ වගේ ඒ කාලේ…

කෝලිත සෙනග පීරගෙන මගේ ලගින් ඇවිත් හිට ගත්තා…අම්මෝ කෝලිතගේ සුවද මට නම් ආසාවේ බැ…

මොකෝ ලමයා හදස්සියෙම සොනසුරාද වෙනකම් ඉන්න බැරිද කෝලිත මගේ රිබන් එකකින් අදින ගමන් ඇහුවා… ඇස් නටව නටව

මං බොරු තරහක් අරගෙන මගේ රිබන් එක ඇදලා අරගෙන..

මට කියන්න කෝලිත ඔයාගේ ශනි ඉන්නේ කීයෙද කියලා…

ශනි ඉන්න තැන  නේද….කියලා කෝලිත හිනා වුනා…ඒක මහ නරක හිනාවක්…

මං රවලා අහක බලා ගත්තා…

කෝලිත මට ඇගිල්ලෙන් ඇන්නා…

අනේ ඇත්තට කියන්න ශනි ඉන්න තැන අනුව තමා අපි දෙන්නා ගැන තීරනේ වෙන්නේ දන්නවනේ අපේ අම්මලාගේ හැටි…

අපේ අයත් එහෙම තමා ඔය ශනියා ඉන්න තැන හොයන්න මට ඉන්විස්ටිගේශන් එකක් කරන්න ඕන ගෙදර අය නැති වෙලාවක් බලලා…

මං පබා අතේ එවන්නම්කෝ…

කියලා කෝලිත ඊලග හෝලට් එකෙන් බැහැලා ගියා…

මං මේ දවස්වල කරේ පුස්තකාලේ පුරාම ජෝතිශ්‍යය පොත් හොයපු එක..ලමයි හිනා වෙනවත් එක්ක.. මට තියෙන කරදරේ දන්නේ මං නේ…

සිකුරාදා උදේම පබා පොඩි කොල කෑල්ලක් දුන්නා…

ඒකේ ලොකු අකුරින්  #හත කියලා ලියලා තිබුනා…

දැන් බය නැතුව කෝලිතත් එක්ක කලිනික් යන හැටි කසාද බදින හැටි උයන හැටි ගැන හීන මවන්න පුළුවන්

 

කතෘ -තිසරණී නිර්මාණි

  

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

Next Up...