පළමු හාද්ද
කතෘ
උෂානි කාවින්දි ආරියවංශ


මගේ තොල් මත්තෙන් පිවිසි විදුලි සරක් එක් ක්ෂණයකින් මගේ මුළු සර්වාංගයම අපූර්ව කිතියකින් හිරිවට්ටවමින් හැම ෙසෙලයක් පාසාම පැතිර යන්නා සේ මට දැනුණි. මින් පෙර අත් නොවිදි ආස්වාදජනක, සුරංගනා හැගුමකින් ගත සිත සියුම් ලෙස පිබිදීගෙන එද්දී මම දෑස වසාගෙනම එම අමුතුම මිහිරියාව උපරිමයෙන් වි`දගන්නට තැත් කළෙමි. ජීවිතයේ පළමු වතාවට දෙතොල් මත තැවරුණු එය පුදුමාකාර හාද්දක් විය. එමෙන්ම එතරම් දීර්ඝ හාද්දක අත්දැකීමක් මට මින් පෙර නොවූයෙන් මම වියරු ලෙස කුල්මත්ව සිටියෙමි.

සුළු මොහොතකින් මා මෙතෙක් මිම්මට හැද වුන් සාරියේ මනා ලෙස නවා, පත්තෙන් අමුණා තිබූ සාරිපොට පත්තෙන් ගිලිහී පහළටම කඩා හැළෙනු මට සංවේදනය විය ඔහුගේ වමත මගේ ළැම ඉහළට එසවෙන සේ පිට කොන්ද දරා හුන් අතර නිදහස්ව පැවති දකුණු අත මා ඉණ මත මෘදුව දැවටෙමින් තිබුණි. මා මොහොතකට දෑස ලිහිල් කර විමසද්දී ඔහුගේ නොඉවසිලිමත් මුහුණ මා ළය පුරා දුවමින් කුමක්දෝ සොයමින් සිටියේය. නුහුරු හැගීම දරාගනු වස් නැවතත් දෑස බුරුලට වසාගත් මම මගේ වමතින් ඔහුගේ කොන්ද ප‍්‍රදේශය දැඩිව ග‍්‍රහණය කොටගෙන, දකුණත ඔහුගේ හිස මතද නතර කොට මට වඩා දෙගුණයකුත් හමාරක් පමණ වියැති මහළු මහාචාර්යවරයාව දැඩිව තුරුළු කර ගතිමි.

‘‘ආ…ව්…’’

අනපේක්ෂිත වේදනාබරිත ස්වරයකින් මා මුව වීණාවේ තත් පෙළී යත්ම මම මගේ වතටම බරවී හුන් මහාචාර්යවරයාව ක්ෂණික ආවේගයකින් පසුපසට තල්ලූ කර දැමුවෙමි. මෝටර් රථයේ සුක්කානමට බර වී හදිසි පහරේ වේගවත් බව මැඩගත් ඔහුගේ වික්ෂිප්ත දෑස් මා වෙතට එල්ල විය.

මහාචාර්යවරයාගේ වියරු රංගනයෙන් පණ පෙවී රදවනයෙන් මුක්ත වූ හැට්ට කටු තුඩක් මාගේ නිරාවරණිත පපු ප‍්‍රදේශය රිදවා රුහිරු බිදුවකට ඉඩ සලසා තිබුණි.
කුමක්දෝ හේතුවකට හැට්ටකටුව කෙරේ උපන් නොපහන් සිතිවිල්ලත් සම`ග මෙතෙකුදු පහව නොගිය නුහුරු නුරාබර හැ`ගුම තවදුරටත් මුදාහැරීමට තරම් දිරියක් මා තුළ නොවූයෙන් මම ඉතාමත් අලසකාරි තනුවකින් නැවතත් සාරිය මනාසේ ඇග දවටාගෙන නෙතු අගින් මහාචාර්යවරයාව පිරික්සුවෙමි. සන්සුන් ස්වභාවයකින් සිය හැගීම් විරහිත දෑස් මා වෙතම යොමාවුන් හේ, මා වතින් උනාගත් දෑස් ඉදිරිමග රදවමින් කිසිවක් සිදු නොවූවා සේ හෙමින් සීරුවේ මෝටර් රථයට පණ පෙවීය. මාගේ යටි සිතත්, උඩු සිතත් අතර මහාචාර්යවරයා කෙරේ අනියත ද්වේශයක් දෝලනය වන්නට විය.

මේ නාකියා මගේ ඉදුරන් අවුළුවා ඒ සනහාගන්නටත් ඉඩහසර නොදී මා වෙත බැල්ම කුදු නොහෙළා ආත්මාර්ථකාමී ලෙසින් රිය ධාවනය කිරීමේ කර්තව්‍යයෙහි යෙදී සිටියි. ‘‘බෙරේ රත් කරා නම් ගහපං’’ යැයි හේගේ වෙතට කඩා පනින්නට මට සිතුණි. මමද නිහඩ පිළිවෙත අනුගමනය කරමින් ඔහු වෙතට බැල්මකුදු නොහෙළා ජනෙල් කවුළුවෙන් පිටත දෙනෙත් අලවාගතිමි.

පැය කාලක් පමණ වූ නිහඩ ගමනක අවසානය හගවමින් මහාචාර්යවරයා මෝටර් රථයේ එන්ජිම ක‍්‍රියා විරහිත කළේය. ගමනාන්තයට ළගා වූ බවක් නොදන්නා සෙයින් මම හිටිවනම ආසනයට බර වී උන්නෙමි. තවත් නිමේෂයක නිහැ`ඩියාවක් පැතිරිණි. 

‘‘සුජානා….. දරුවො අපි ආවා….’’

මහාචාර්යවරයාගේ ගැඹුරු වූත්, හෘදයාංගම වූත් ස්වර මාලාව වා තලයට මුහු වී මාගේ සවන්පත් අසළ කර්කශ තනුවකින් වැයෙන්නට විය. මම ඒ නෑසුණාක් මෙන් දිගින් දිගටම මහාචාර්යවරයා නොතකා උන්නෙමි.

‘‘සුජානා…..’’

වෙනදා ස්වරයෙන්ම හැඩවෙන මහාචාර්යවරයාගේ ඉවසිලිවන්ත කටහ`ඩ නැවතත් අවදි වත්ම තවදුරටත් දරාගත නොහැකි නුරා වේදනාව ගැබ් වුණු කදුළු බිදු මගේ කොපුල්තල දෝවනය කරමින් කඩා හැලෙන්නට විය.

‘‘දරුවෝ ගගග’’

කදුළින් පෙගුණු කොපුල්තල මෘදුව සිය දෝතින් ග‍්‍රහණය කරගත් මහාචාර්යවරයා මාගේ නළලත කරා හේගේ දෙතොල් ගෙන එන්නට වුවද හිටිවනම තීව‍්‍ර වූ කෝපයකින් සැලී ගිය මම ඔහුගේ දෝත ගසා දමා, වහාම මෝටර් රථයේ දොර විවර කොට ඉකි බිදිමින්ම බෝඩිං කාමරය දෙසට දිව ගියෙමි.

ඉකිබි`දිමින්ම බෝඩිං කාමරයට වැදුණු මම කෙලින්ම නාන කාමරයට වැදී හීතල දිය බේරෙන වතුරමල යට ඈදි ගෙන ඔහේ තෙමුණෙමි.

‘‘දෙවියනේ….. මොකක්ද මේ වුණේ…? මහාචාර්යතුමා …. මම …. අපි…. කොහොමද මෙහෙම..’’

මම සිදු වූ දෙය වටහාගත නොහැකිව සියල්ල තෝරා බේරාගනු වස් නැවත නැවත පැයක පමණ අතීතය ආවර්ජනය කළෙමි. අද අපි කරපු විශේෂ වැඩමුළුවෙන් පස්සෙ මහාචාර්යතුමා මාව බෝඩිමට ඇරලවන්න බාර ගත්තේ සාමාන්‍යයෙන් පෙර දිනයන්හිද වූ පරිදිමයි. දුටුදා පටන් මා සිත්ගත් ගෞරවණීය මහාචාර්යතුමා…. ළගම මිතුරන් ලෙසිනුයි අපි හැමදාමත් ඇසුරු කළේ ….. අපි අතර ප‍්‍රබල සම්බන්ධතාවයක් තිබුණු බව ඇත්තයි…. ඒත්… මෙහෙම හැ`ගීමක්xxx? නෑ… නෑ.. තුන් හිතක වත් තිබුණු දෙයක් ද මේ? කොහොමද…කොහොමද… මෙහෙම හැගීමක් අහසින් කඩා පාත්වුණා වගේ ඇති වුණේ? 

‘මෙහෙමයි…. වැඩමුළුව ඉවර වුණා….. මං මහාචාර්යතුමාගෙ මෝටර් රථයට ගොඩවැදුණා. සුපුරුදු පරිදි ඉදිරි ආසනයට…. ගමන එන අතරතුර…. අපි කෙහෙන්දෝ ඇදුණු මාතෘකාවක් සම්බන්ධයෙන් විවිධ කෝණ ඔස්සේ කතා කර කර ආවා.. හිිටිගමන් නොදැනීම අපි දෙදෙනාම හුදෙකලා කල්පනා ලෝකවලට බර වුණා. මට නින්ද ගියෙත් නොදැනීමයි..’

‘‘ ඒත්….. හිටිගමන්….. මා උරහිසට අනපේක්ෂිත ස්පර්ශයක් දැනෙද්දිමයි මං හෙමීට ඇස් දෙක විවර කළේ… ඒත් එක්කමයි මගේ තොල් නුහුරු චුම්බනයක පැටළුණේ.. හිතන්නවත් වෙලාවක් තිබුණෙ නෑ. මගේ හිත ඇතුලේ නිද්‍රාගතව තිබූ නුහුරු හැ`ගීමකට ඒ ක්ෂණයෙන්ම ජීවය කැවුණා…. එපමණයි මා දන්නේ…. මගේ පළමු හාද්ද… ජීවිතයේ මෙතෙක් පෙම්වතෙකු ඇසුරක් හෝ නොතිබුණු මට එය අපූර්වතම අත්දැකීමක් වුණා… මං මගේ නුහුරු හැගීම් අවදි කරනු වස් ඔහුට ඉඩහසර ලබා දී දෙනෙත් පියාගත්තා. ඒ විස්මිත රංගනයෙන් මිදෙන්නට මට ඕනකමක් තිබුණේ නෑ… මගේ මුළු සර්වාංගයම අමුතුම කිතියකින් හිරිවැටිලයි තිබුණෙ… ඒත්… එක පාරටම මේ කොහෙන්දෝ පාත් වුණු හැට්ටකට්ට..’’

හැට්ටකට්ට විසින් අතරමග ඇණහිට වූ ඒ මායාකාරී වියරු රංගනයේ ඉතිරි අදියරද සපුරා ගැනීමට මට නියතවම අවශ්‍ය විය. එහෙත් දගකාර, හොද, කඩවසම් තරුණ පුරුෂ කායක් වෙනුවට මා හට ඇවැසි වූයේ බෙහෙවින් වියපත්, නමුදු ප‍්‍රතාපවත් පෙනුමක් සහිත මහාචාර්ය තැනගේ උස් මහත් දේහය හා රමණයයි. එක් විසි වසරක් පුරාවට යටපත්ව තිබූ මගේ ඉදුරන් ඇසිපිය හෙළන මොහොතකින් අවුළුවාලූයේ ඔහුගේ සෞන්දර්යාත්මක ස්පර්ශයයි. ඒ භාවනාත්මක ස්පර්ශයෙන් මගේ හදවත් ගර්භයේ ගෘංගාරාත්මක තත්, සිතාරයකින් වැයෙන සරාගී ගතක් මෙන්ය පෙළෙන්නට පටන්ගත්තේ…. මට ඔහුව අවශ්‍යයි… මට ඔහුව අවශ්‍යයි.. ඒ උන්මාදනීය වෙළාගැනීම ගෘංගාරාත්මක පරිමන්දනය… මහාචාර්යතුමනි, මට අවශ්‍යයි…..

‘‘මහාචාර්ය…තු…මා….’’

මම රාග දියෙන් පිපාසිතව වියරුවෙන් මෙන් මොර දුන්නෙමි. මාගේ තොල් මත නුහුරු තනුවකට නැළවුණු ඒ විස්මිත පළමු හාද්ද, මා මනසෙහි එක් නිමේෂයකට දස දහස් වතාවක් ඇදි ඇදී මැකී ගියේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆

‘‘මොකෝ බං උඹට වෙලා තියෙන්නේ….? දැන් කොයි වෙලාවක්ද? බලාගත්තු අතේ බලං කල්පනා කරනව….’’

ඒ මගේ බෝඩිං කාමරයේ වූ යෙහෙළිය, දුර්ගා මා ඇමතූ කීවන වතාවදැයි මට නිනව් නැත. මම මින් පෙර කළ පරිදිම ඒ නෑසුණා මෙන් සිටියෙමි.

‘‘සුජා…. කියපං බං මොකක්ද අවුළ…. ඕන දෙයක් කියපං…. උඹ දන්නවනෙ මේ දුර්ගා ගැන…. මැරෙන්ඩ හරි මේකි උඹත් එක්ක…’’ 

ඈ මගේ යහනින් ඈදි ගෙන මගේ දකුණත් පිටි අල්ල මත ඇගේ සියුමැලි අත්ලක් රැදවූවාය. ක්ෂණික හීතලකින් මගේ සර්වාංගයම හිරි වැටී ගියේය.

‘‘ටිකක් මට තනියම ඉන්ඩ දීපං බං’’ දිගු සුසුමකින් ළය මදකට හෑල්ලූ කරගත් මම ඇගේ අත්ලෙන් මා දකුණත මුදාගෙන යහනේ දිගා වූ වනම බිත්තිය දිහාවට හැරී කොට්ටය ළය මත්තට තුරුළු කර ගතිමි. මගේ හිස මොහොතකට පිරිමැදි දුර්ගා ‘‘ජිරි බිරිස්් ’’ හඩක් නංවමින් යහනින් නැගී සිටියාය.

ස්වල්ප වේලාවකින් සිහින ලොවට පිවිසි මම මහාචාර්යතුමාගේ තුරුළේ උණුහුමට මැදි වුණෙමි.

‘‘ආ බං…. උඹ ? කැමත් කැන්සල් කරල…. උඹට කෑමත් එපා කරවපු ප‍්‍රශ්නෙ මොකක්්ද ඔච්චරට? ආ මේං මේ තේ එකවත් බීල හිටිං….’’ මම එයට පිළිතුරක් නොදී නිහඩවම කිරි තේ කෝප්පය තොල ගාන්නට විමි. දුර්ගා මගේ යහන මතින් වාඩි විය.

‘‘ආ බං… කියහංකො මට… අද පෝග‍්‍රෑම් එකේවත් අවුලක් ගියාද? අහ්…. ඒක නෙමෙයි. අපෙ බෝඩිමේ මහතැනී කිවෙ උඹ අඩාගෙන ගෙට ආවය කියල? හැබැටම මොකද වුණේ බං…?

මගේ නිහඩ පිළිතුර හමුවේ ඈ නැවතත් සිය හඩ අවදි කළාය.

‘‘යකෝ…. බං, මං උඹට කතා කරන්නෙ… අදත් උඹට ට‍්‍රාන්ස්පෝර්ට් සර්විස් අපෙ මහාචාර්ය පප්පගෙන්ද? උඹත් එක්ක තරහකට කියනව නෙමේ බං…. ඔය ඥාණ පප්පත් එක්ක වැඩි ඇයි හොදයියක් තියාගන්න එපා. ඕක බැදල නැතුවට අපිටත් වඩා වැඩිමල් දුවෙක් ඉන්නව කියලයි ආරංචි. .. උඹ ගැන සැක කරනව නෙමේ බං… ඒත් මට ඔය උපාසක බළලවනං ෂුවර් නෑ..’’

දුර්ගාගේ සුපුරුදු අන්තර්ගතය සහිත බණේට මම නිහඩවම ඇහුම්කන් දුනිමි.
දුර්ගා තවත් මොනවදෝ දෙඩිමට සූදානම් වත්ම අර්ධයක් හිස් කළ කිරි තේ කෝප්පය ඇය අත තැබූ මම නැවතත් ඇඳේ දිගා වී පොරවනය යට ගුලි වීම් සුසුමක් හෙළුෑ ඈ කියන්නට ගිය බහ අකුළුවාගෙන යහන මතින් නැගී සිටියාය. මට සිහිනෙන් හෝ
නැවතත් මහාචාර්යතුමා ළං කර ගැනීමට අවශ්‍ය විය.

⋆ ⋆ ⋆ ⋆ ⋆

උදෑසන හයට වේලාව සනිටුහන් කර තැබූ දුර්ගාගේ යක්ෂ ඔරලෝසුව මුළු කුටියම කම්පනය කරමින් කෑ ගසන්නට විය. 

‘‘ගු..ඞ්..මෝ…ර්…නි….න්..ග්….’’

ඔරලෝසුවේ මුව අගුළු වැටෙත්ම නිදි ගැට හරිමින් මොර දෙන ඇගේ සුබ පැතුම් හඩ මා සවනට සිහිනයකින් මෙන් ශ‍්‍රවණය විය. 

‘‘නැගිටපිය බොණ්ඩියේ….’’

එම වචන දෙකෙන් අනතුරුව ශ‍්‍රවණය වූයේ ගීයක පද වැලක් සමගින් නාන කාමරයේ දොර විවර වන. හඩත්, යළි වැසී යන හඩත්ය. අනතුරුව විටෙන් විට ඇරෙන වැසෙන කරාමවලින් ජලය වෑස්සෙන හඩත්, උගුරිනුත් පහළට යෑමට තනන දත් බුරුසුවේ දැගලිල්ලෙන් නැෙගන ඔක්කාර හඩත්, මුවට පිරූ ජලය කළතා ඉවත දමන හඩත්, ස්වල්ප වේලාවකට පසු නැවතත් නාන කාමරයේ දොර ඇරී වැසෙන හඩත් පිළිවෙළිින් ශ‍්‍රවණය විය.

‘‘ඒයි හලෝ…. නැගිටපං…අද උඹෙ මහාචාර්ය පප්පගෙ ස්පෙෂල් ලෙක්චර් එක නේ?’’
මගේ නිහඩතාවය තවදුරටත් නො ඉහිලූ දුර්ගා මාගේ සයනය දෙසට වේගවත් පියවර කිහිපයකින් ළං වී සර්වාංගයම වසා මා පොරවා හුන් පොරෝනය ඇද ඉවතලූවාය. හැකි තරමක් ගුලි ගැසී, ගත වසා පැතිර තිබූ දරුණු හීතලට කිටි කිටියේ වෙව්ලමින් හුන් මා දුටු දුර්ගා බියපත්ව වහ වහා මගේ ශරීරයට අත තබමින් පිරික්සන්ට වූවාය. ගුප්ත වූ ශීතලකින් වෙළාගත් මා ගත නුහුරු වේදනාවකින් තෙරපෙන්නට විය.
‘‘සුජා….. සුජා….. උඹට මොකද? දෙවියනේ ඇග ගින්දර වගේ…’’

‘‘සීතලයි… අ…නේ… දුර්ගා…’’

මම සුපුරුදු පරිදි යළි පොරවනය යට ගුලි වී වෙව්ලන්නට විමි. මොහොතකින් දුර්ගා කිසිවෙකු සමග දුරකතන සංවාදයක යෙදෙනු මට ශ‍්‍රවණය විය. ඒ අවසානයේ නැවත මා අසළට පැමිණි ඈ මාගේ මැලිකම නොතකමින් පොරවනය ඉවතලා, මා හැදවුන් හැට්ටයේ මුල් බොත්තම් තුන පන්නා දැමුවාය. අනතුරුව ඕඩිකොලොන් වලින් පෙග වූ කිහිප පොටක් නැවූ ලේන්සුවක් මාගේ නළලත ඇලවූ ඈ කාඞ්බෝඞ් ෆයිල් කවරයක් ගෙන ඉන් පවන් සලන්නට වූවාය.

‘‘උඹ පලයං…. අද ලෙක්ච(ර් එක මිස් කරගන්න එපා…’’
මම බැරි බැරි ගාතේ මිමිණුවෙමි.

‘‘මගෙන් කුණුහරප නාහ ඉදපං….’’

ඇය මට තවත් වචනයක් දොඩන්නට ඉඩ නොතැබුවාය.

‘‘තියෙන අමාරුවක් ඊයේ කිව්වනං මෙහෙම වෙන්නෑනෙ… මොකෝ පොඩියෙකෙක්යැ… දහස් පාරක් ඇහුවත් කටක් හෙල්ලූවයැ….’’

කරුණු කාරණා හරි හැටි නොදන්නා දුර්ගා මේ බැණවදිනුයේ මා සමග තරහකින් නොවන බවත්, මේ ඇයගේ සාමාන්‍ය ගති ස්වභාවය බවත්, මම දනිමි.

සුළු මොහොතකින් තරමක් ආසන්නව පිහිටි නිවෙසක වාසය කරන වෛද්‍යවරයා පැමිණ මාව දැඩි සේ පරික්ෂාවට ලක් කළේය. 

දිවා කාලය වන විටද අසනීප තත්ත්වය තුනී නොවූයෙන් නැවතත් පැමිණ මා පරීක්ෂා කළ වෛද්‍යවරයා මා හට එන්නතක්ද ලබා දුන්නේය. ක‍්‍රම ක‍්‍රමයෙන් මා වෙළා පැවති තිව‍්‍ර හීතල තුනී වී යත්ම මාගේ ශරීරයෙන් අධිකව දහඩිය ගලන්නට විය. ශරීරය පුරා පැතිර තිබූ වේදනාවද පෙර සේම වූයෙන් මා හට මහත් අපහසුවක් දැනෙන්නට විය. අපහසුවෙන් නාන කාමරයට වැදුණු මම සිසිල් ජලයෙන් ගත මදක් සෝදා හැර සැහැල්ලූ නිදන ගවුමකට මාරු වුණෙමි. නැවතත් ඇඳේ වැතිරී දුර්ගා ලවා විදුලි පංකාව ක‍්‍රියාත්මක කරවාගත් මගේ හිස අධිකව රිදුම් දෙන්නට වූයෙන් විශාල තෙල් තලියක් මාගේ ඉස් මුදුනට හැලූ දුර්ගා මගේ හිස සම්බාහනය කරන්නට වූවාය. 

‘‘උඹට පිං….’’

‘‘කට වහගෙන ඉදපං… පිං තමා මදිවෙලා තියෙන්නේ මට…’’

හදිසියේම මගේ දුරකතනය කෑ ගසන්නට වූයෙන් දුර්ගාගේ දෝෂාරෝපණය ඇණ හිටියේය.

‘‘කව්ද….?’’

මම දෑස පියාගෙනම විමසුවෙමි.

‘‘ප්‍රොෆ් අලකොළදෙණිය… අහ්…. අපෙ මහාචාර්ය පප්පා…’’

දුර්ගාගේ මුවින් ‘‘ප්‍රොෆ් ’’ යන වචනය පිටවත්ම මගේ හදවත කීරි ගැසී ගියේය.

‘‘ෆෝන් එක ඕෆ් කරපං….’’

‘‘සු…ජා….?’’

‘‘කිව්වම සැරයක් කරපං ඉතිං…’’

සුසුමක් හෙළුෑ දුර්ගා ඇමතුම විසන්ධි කර දුරකතනය ක‍්‍රියා විරහිත කළාය.
මීළගට ඇමතුම දුර්ගාගේ දුරකතනයටය. එය අතට ගෙන විමසා මා දෙස බැලූ ඈ,
‘‘ඇනෙක්ස් ආන්ට්’’ යැයි පවසා ඇමතුම පිළිගත්තාය. 

‘‘අහ්… හරි ආන්ටි…. එන්න කියන්න’’

ඇය කාටදෝ අපේ කුටියට පැමිණීමට අවසර ලබා දී දුරකතනය විසන්ධි කළාය.

‘‘ඒ බං…. ප්‍රොෆෙසර්කාරයා ඇවිත් මං දැන් පහළට ගියොත් හොදයි වගේ…. හැබැයි උඹ…. මං ඇහුවම මගෙ ප‍්‍රශ්නවලට උත්තර බදින්න ලෑස්ති වෙලා ඉදපං…. ඉදා….’’
ඈ මා දෙසට කමිසයක් වීසි කරමින් කුටියෙන් පිටත් වූවාය. මම කමිසය සමග අමනාප වී එය පසෙකට වීසි කර දැමුවෙමි. මහාචාර්ය තැන හමුවට සුදුසුම වස්ත‍්‍රය මේ දුහුළු ගවුම ම යැයි මට හැගෙන්නට විය. මේ දුහුළු වස්ත‍්‍රය වුවද ඇඟේ ඇලී තිබීම මට මහත් පීඩාවක් සේ දැනෙන්නට විය.

ස්වල්ප මොහොතකින් තරප්පු පෙළ නගින මහාචාර්ය තැනගේ භාවනාත්මක පියවර හඩ මා හට ශ‍්‍රවණය විය. ඔහුගේ රුව කුටියෙන් ඇතුළට ඇදී එත්ම නාදුනන කදුළු බිදුවක් දෑසෙන් පිට පැන්නේය. මාගේ සයනයට ළං කරගත් පුටුවක් මත්තෙන් ඈදිගත් ඔහු මාගේ මුහුණ මත්තෙහි හේගේ සන්සුන් දෑස රැන්දුවේය. මාගේ සයනයේ මා ඔහු වෙනුවෙන් සාදා තිබූ ඉඩ ප‍්‍රමාණය ප‍්‍රමාණවත් නොවන්නා සේ ඔහු පුටුවෙන් ඈදිගත් අපූරුව… මට ඉකිබිදිණි.

‘‘සුජානා… දැන් කොහොමද දරුවො? කෝ… අඩන්න එපා ඉතිං…’’ 

කාරුණික හඩින් තෙපළුෑ මහාචාර්ය තැන මාගේ නළලතට අත තබා පිරික්සන්නට විය.
අනිච්ඡානුගවම ක‍්‍රියාත්මක වූ මගේ දෑතින් මහාචාර්යතුමාගේ අත තරයේ සිරකොට ගැනුණි. ඒ හාම මගේ දෑසින් කදුළු වැල් වැල් ඇදහැලෙන්නට විය. 

‘‘පොෆෙසර්’’ 

කියන්නට, විසදගන්නට, ඉල්ලන්නට දාහක් දේ තිබුණත් ඉකිබිදුම් ස්වරයන් හැරෙන්නට මා මුවින් පිට වුයේ ‘ප්‍රොෆෙසර්’ යන වචනය පමණි.

‘‘සුජානා.., මේ අහන්න දරුවෝ…. ඔයා හුගක් දක්ෂ, ලස්සන, අහිංසක ගෑණු දරුවෙක් … ඔයාට හොද ලස්සන ජීවිතයක් තියෙනව….’’

මාගේ සයනය මතින් ඈදිගත් මහාචාර්ය තැන නිදහස්ව පැවති සිය ගොරහැඩි දකුණතින් මගේ හිස මෘදුව පිරිමදිමින් දීර්ඝ දේශනයකට මුල පිරීය. මම එම දේශනයට බාධා කරමින් දෝතින්ම ඔහුව වැළ`දගතිමි.

‘‘පොෆෙසර්….. අපි බදිමු …. මාව බදින්න පොෆෙසර් …. ප්ලීස්…’’

මම අලූතින්ම හැඩුම ආරම්භ කළෙමි. මහාචාර්ය තැන නොනවත්වාම මගේ හිස පිරිමදින් මාව අස්වසන්නට වූවේය.

‘‘දරුවො, විවාහය කියන්නෙ හුගක් බැරෑරුම් දෙයක්…. මීට වඩා හොදට හිතල බලල තීරණයක් ගන්නෝන… ඔයා තවම තරුණ දරුවෙක්… ඔයාට බුද්ධිමත්ව කල්පනා කරල ලස්සන අනාගතයක් ගොඩනගා ගන්න පුළුවන් …. ඔයාගෙ ජීවිතේ තවමත් ඔයාගෙමයි. තේරුම් ගන්න දරුවෝ…’’

‘‘මං කියන දේ අහන්න ප්‍රොෆෙසර්…. මං තීරණයක් අරං ඉවරයි…. මට ඔයාව බදින්න ඕන… එච්චරයි… ප්ලීස්…. නැත්තං … නැත්තං මං මැරෙනව…. මතක තියාගන්න මං මැරෙනවමයි…’’

එබන්දක් පැවසීමට තරම් දහිරියක් කෙසේ ලැබුණිදැයි මම නොදනිමි.

අද දින ඇතළත ඇමතුමක් ගන්නා බවට වූ පොරොන්දුව පිට මගෙන් සමුගත් මහාචාර්ය තැන කුටියෙන් පිටතට ඇදී නොපෙනී යන තුරුම ඔහුගේ ප‍්‍රතාපවත් පුරුෂ දේහය මත දෙනෙත් අලවාගෙන උන් මම දුර්ගා පැමිණි වහා ඈට සියල්ලක් පවසා නොයෙක් සිතිවිලි වලින් පිරි මනස සැහැල්ලූ කරගැනීමේ අරමුණින් ඇය කුටියට වදින තුරු මග බලා සිටියෙමි. 

‘‘අනේ මන්ද බං… මට තේරෙන් නෑ මොනව කියන්නද කියල…. මං නං කියන්නෙ තවමත් වෙලාව තියෙනව උඹට තීරණයක් ගන්න…. උඹේ ජීවිතේ විනාශ වෙලා නෑනෙ… මං හැමදාමත් ප‍්‍රාර්ථනා කරන්නෙ උඹට හො`දක් වෙන්න කියලා…’’ 

දුර්ගාගේ දෑසින් කදුළක් පිට පැන්නේය. නමුත් මා හට වූයේ හැකි ඉක්මණින් මගේ ආශාවන් සංසිදුවාගන්නා තදියම ම පමණි.

සියල්ල සිදු වූයේ සිතන්නටවත් කාලයක් ඉතිරි කර නොතබමිනි. මහළු මහාචාර්ය තැන විසින් මාගේ හැගීම් ඇවිළුෑ දින සිටන් තුන්වන දිනය වන විට මම ඔහුගේ පතිනිය ලෙසින් ඔහු හා යහන්ගත වී සිටියෙමි.

පසුදිනට අරුණළු වැටී හෝරා ගණනාවක් ගතවන තුරුත් ඇහැ නොඇරුණු මට පෙරවරු දහයට පමණ අවදිවන විට වෙනදා නොමැති සැහැල්ලූ සුවයකින් මා ගත වෙළී තිබුණි. සයනයේ මා පසෙකින් වූ තවමත් නින්දේ පසුවන මහාචාර්ය තැන දකිත්ම, ජීවිතයේ ප‍්‍රථම වතාවට පිරිමියෙකු සමග එකම සයනයේ රාත‍්‍රියක් පහන් කළ බව මට සිහිවිය. මෙයට දින දෙකකට පෙර දින පටන් දින තුනක් මුළුල්ලේ දෘඪ දම්වැලක් සේ වෙළී මා සිරකොට බැදී පැවති රාගය නම් බලගතු බලවේගය වෙනුවට උපන් විරාගික ස්නේහයකින් මම මගේ ආදරණීය ස්වාමි පුරුෂයාගේ නිරුවත් රළු පපුතුරට මාගේ දකුණු කම්මුල තබා හිසෙහි බර දුනිමි. එක්ෂණයෙන් මාගේ සංවේදන ස්නායූ කළඹවා සම ඉරා හදවත් ගර්භයටම සංවේදනය වූ ගුප්ත ශීතලකින් තිගැස්සී ගිය මම ප‍්‍රතීකවම ඉවතට විසි වී ගියෙමි.

තත්පර, මිනිත්තු බවට හැරෙමින්, මිනිත්තු පැය බවට පත්වෙද්දි මම මගේ දයාබර, වියපත් ස්වාමි පුරුෂයාගේ පපුවෙහි සුළු හෝ ගැස්මක් දිසෙන තුරු ඒ මත්තෙහිම දෙනෙත් අලවා බලා උනිමි.

 

 

කතෘ -උෂානි කාවින්දි ආරියවංශ

  

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

Next Up...