චීවරයක කතාව
කතෘ
උෂානි කාවින්දි ආරියවංශ


කුඩා කොලූ ගැටයෙකු හඩවන ඝණ්ටාර කුඵණේ ක‍්‍රමවත් නාද රටාවට කන් දෙමින් පියගැට පෙළ පහළට වඩින අතරේ ‘සුගත’ පුංචි සාමණේර නම තම අතීතය සිහිවීමෙන් දෑස් මත්තට මෝදු වුණු කදුඵ බිදු චීවරයේ කොණකින් මිරිකා හැරියහ. පෙර දිනෙක ඝණ්ටාරය හැඩවීම උදෙසා බෝධ් පූජාව නිමවන තෙක් තමා ඇගිලි ගණින අයුරුද, ඒ නිම වූ සැණින්ම ඝණ්ටාර ලණුව අල්ලා ගැනීම සදහා පිම්මේ දිව එන අයුරුද තම දෑස් පිට මැවී පෙනෙන්නාක් මෙන් විය. තම දගකාර සිතිවිලිවලට ගත වසා පෙරවී ඇති මේ චීවරය තහංචි පනවා ඇතිබව සත්තකි. එනමුත් සිතට දැනෙන දහසකුත් වේදනා සිවුරු පොටේ මුවාවෙන්ම වසාගන්නේ සියල්ල පරයා මේ පූජනීය චීවරය කෙරෙහි ඇති අතිහත් ගෞරවය නිසාමය.

අද දින උදය වරුවේ පාට කමිසයකින් හා කොට කලිසමකින් සැරසී හිිරකිරමක් ලෙවකමින්, මවුපියන් අස්සට වී දගකම් කරමින් යන තම වයසේම වූ කුඩා කොලූ ගැටයෙකු දුටු මොහොතේ පටන් තම යටි සිතේ අඩියේම තදින් අල්ලා බැද සිරකර දමා තිබූ ප‍්‍රබල හැගීමක බැමි ලෙහී උඩු සිතට ම පැන විටෙන් විට දැඩි වේදනාවකින් හදවත පෙළෙනු සුගත පොඩි හාමුදුරුවන්ට දැනෙන්නට විය.

”පොඩි නම, මොනවදැයි ඇස්වල කදුඵ පුරෝගෙන ඔය කල්පනා කොරන්නෙ..?”
නායක හාමුදුරුවන්ගේ ගැඹුරු ස්වරයෙන් නැගුණු පැනයෙන් පොඩි හාමුරුවන්ගේ කල්පනා දැහැන බිදී ගියේය. නැවතත් දෝතින් ම දෑස් මිරිකා හැර මුහුණ පිසදමමින් ව්‍යාජ වූත්, අහිංසක වූත් සිනහවක් මවා පෑ පුංචි සාමණේර නම, ”ඇහැට දූවිලි ගියා වාගේ ලොකු හාමුදුරුවනේ..” යැයි පවසමින් හතරවන සිල් පදය මදකට බිද දමා නායක හාමුදුරුවන්ගෙන් අවසර ගෙන බුදු කුටිය දෙසට තම පුංචි පාදයක් එසවීය.
බුදු කුටියට ඇතුඵ වූ සාමණේර නමගේ රුව තම දෘෂ්ටි පථයෙන් මැකී යන තුරුත් අනුකම්පාවෙනුත්, කරුණාවෙනුත්, ආදරයෙනුත් බරවුණු තම දෙනෙත් සුගත සාමණේරයන් වහන්සේ මත අලවාගෙන වුන් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දිගු සුසුමකින් ළය සැහැල්ලූ කරගනිමින් පියගැටපෙළ නැගීමට පය එසවූහ.

බුදු කුටියට වන් පොඩි හාමුදුරුවෝ එහි වූ ජීවමාන ස්වරූපයක් ඉසිලූ බුද්ධ ප‍්‍රතිමාවේ කරුණාවෙන් ආර්ද්‍ර වුණු අඩවන් දෙනෙත දිහාවේ තම ප‍්‍රශ්නාර්ථයක් රැදවූ දෑස් යොමාගෙනම සිටියහ. සමානාත්මතාවට අගරජ වූ බුදු රජාණන් වහන්සේ තමන් දෙස ද ආදරය, කරුණාව ගැබ්වුණු දෙනෙතින් බලා සිටිනු සුගත පොඩි හාමුදුරුවන්ට දැකගත හැකි විය. සිත විසිරෙන හැම මොහොතකම බුදු කුටියට පැමිණ බුදු රජාණන් වහන්සේගේ ශාන්ත වූ නෙත් බැල්ම යටට වී, ඒ මේ අත දුව පනිමින් දගලන සිත නිවා දමනය කරගැනීමට තමන් වහන්සේ හුරු වූයේ උතුම් චීවරය පොරවාගත් පළමු දිනයේ සිටන්ම යන බව උන්වහන්සේට සිහිපත් විය. ඇතැම් විට තම පුංචි සිත දරන්නට බැරි තරම් පීඩනයකින් මිරිකෙන වාරයන්හිදී කිසිවෙකුටත් නොපෙනෙන්නට බුදු රජාණන් වහන්සේ අභිමුඛයට වී ඉකි බිදිමින් හැඩූ වාර ද නැතිවා නොවේ. සුගත පොඩි හාමුදුරුවෝ හෙමින් සීරුවේ මලසුන පාමුල වැඩ හිද ගත්හ. මලසුනෙහි ඇතිරූ පුෂ්පයන්හිද, කෙළවර දැල්වූ සුවදකූරුවලෙහිද පුසුඹ නැහැය තුළට රිංගද්දී උණු කදුඵ බිදුවකින් නැවතත් උන්වහන්සේගේ දෑස තෙත් වූයේ, හදිසියේම චිත්ත සන්තානයෙහි ජනිත වූ වරදකාරී හැගීමක් නිසාවෙනි. ”මට සමාවෙන්න බුදු හාමුදුරුවනේ.. මං මේ කරන්නේ පවක්ද? මං අපායේ ඉපදේවිද?”

සුගත පොඩි හාමුදුරුවෝ ඇතුළාන්තයෙන් තමා විදවනා ගැටඵ සමුදාය කදුඵ කර බුදුරජාණන් වහන්සේ පාමුල මුදාහැරියහ

මේ දරා සිටින චීවරය තමා ඉතාමත් පූජනීයත්වයෙන් සලකන බව සත්තකි. කෙතරම් දුක් සංකාවලින් හදවත පෙඵණත් මනා ඉවසීමකින් තම හික්මීම පවත්වාගන්නේ චීවරයට ඇති ගෞරවය නිසාම ය. චීවරයට කෙතරම් ගෞරව කළත්, එය දැරීමට ඇති අකැමැත්ත තමාගෙන්ම සගවාගැනීමට ගන්නා වෙහෙස කොපමණදැයි බුදු කුටියට වී හෙඵෑ කදුඵ දනී. තම පියා අත් දෙක රිදවාගෙන ගල් කඩන්නට නොනැහේනම්, මව ? කාලය ද හරිහැටි නින්දක් නොමැතිව රස කැවිලි, ඉදියාප්ප නොසාදයිනම්, අද තමා ද මව්පිය තුරුළේ ඒ ආත්මීය සෙනෙහස් සුවය විදිනවා ඇත. එනමුත් මව, පියා එතරම් නැහෙනු දැක දැක, ඔවුනට තවත් බරක් වන්නට හිතට දහිරියක් නැති තැනය තමා ”සුගත පොඩි හාමුදුරුවෝ” ලෙස උතුම් පැවිදි බිමට ඇතුඵ වීමට තරම් සිත දැඩි කරගත්තේ. නොයෙක් රස මසවුලෙන් හැඩවුණු දාන වේලට වඩා නියම පදමට අනා කවන මවගේ දුප්පත් බත් පත තම හදවතෙහි කෙතරම් වටිනාකමකින් සනිටුහන් වී ඇති ද? ගොම්මන් කඵවර වැටෙන තුරු ගල් කඩන පියාගේ ඇස්වල විඩබෙර බව අස්සෙන් වෑහෙන දාරක ස්නේහය කෙතරම් සුවදායකද? මව්පිය තුරුළේ ඒ ආත්මීය සුවය විදීමට ඇති ලෝබකම චීවරයක් පෙරවූ පමණින් මැකී ගොස් නැත.

”ඒත්… තාත්තගේ අත්වල කරගැටවල වේදනාව දැනුණේ මගේ හදවතට. හරිහැටි නින්දක්වත් නැතිව අලූයම් යාමය පුරාවට ලිප ළග රත්වන අම්මා දැක්කාහම පිච්චුනේ මගේ හදවත. මං දැනං හිටිය ඒ හැම දහදුකක් ම විදින්නෙ මං වෙනුවෙන් කියල. ඉතිං මං කොහොමද මගේ අම්මගෙයි තාත්තගෙයි දුක බලාගෙන හිනාවෙවී ඉන්නෙ බුදු හාමුදුරුවනේ? ඒ නිසාමයි මං මහණ වෙන්න හිතුවේ. චීවරයක් පොරවගත්තට අම්මගේ, තාත්තගේ තුරුළට වෙලා ඒ ආදරයේ උණුහුම විදින්න මං තවමත් ආසයි. පුංචි පුංචි චණ්ඩිකම් කරල යාඵවොත් එක්ක සෙල්ලමෙන් කාලය ගෙවන්න මං හරි ආසයි. චීවරයකින් වහගෙන හිටියට යටි හිතේ තැන්පත් වෙලා තියෙන ඒ ආසාවන් විටෙන් විටේ උඩට ඉලිප්්පෙද්දී වාවාගන්න හරි අමාරුයි. චීවරයක් පොරොවගෙන මං කරන්නේ වැරැුද්දක් ද බුදු හාමුදුරුවනේ? මං අපායේ ඉපදේවි ද?”

බුදුරජාණන් වහන්සේ අබියස තම ඇතුළාන්තය නිරාවරණය කළ සුගත පොඩි හාමුදුරුවෝ වරදකාරී හැගීමකින්, කදුඵ වියඵණු තම බියපත් දෙනෙත බුදුරජාණන් වහන්සේ දිහාවටම යොමුකරගෙන සිටියහ. බුදු හාමුදුරුවෝ කාරුණික දෙනෙතින් සහ මද සිනහවකින් සුගත පොඩි හාමුදුරුවන් වහන්සේ දෙස බලා වුන් සේක.
සකල ලෝ වැසියන් කෙරෙහි කරුණා සිතින් අනුකම්පා කළ බුදුරජාණන් වහන්සේගේ කරුණා නිවහන වූ දෙනෙත්, මොහොතකට තමන් වහන්සේ දෙසත් යොමනු ඇතැයි සුගත පොඩි හාමුදුරුවෝ අපේක්ෂා කළහ. උන්වහන්සේ කදුඵ වියැළෙන තුරාවට බුදුරජාණන් වහන්සේ පාමුලට වී තම සිය`ඵ දුක්ඛ දෝමනස්සයන් හෙළිදරව් කළහ. සිතින් හා ගතින් ප‍්‍රතිවිරුද්ධ චරිත දෙකක් පවත්වාගෙන යාමෙන් සැලසෙන සෙතක් නැත. තවත් පව් පුරවා නොගෙන උපැවිදි වීමට සුගත පොඩි හාමුදුරුවෝ තීරණය කළහ. කෙමෙන් කෙමෙන් තමා තුළ තිබූ වරදකාරී හැගීම යටපත් වී සැනසිලිදායක හැගීමක් හදවත වසා පැතිරෙනු උන්වහන්සේට දැනෙන්නට විය. 

තමා මේ ලෙසින් මහණ නොවූයේ නම් තවමත් මව්පියන් තුරුළේ ඒ අසීමිත සෙනෙහස් සුවය විදිමින් කල් හරිනු ඇත. එනමුත් එසේ දිවි ගෙවීමෙන් වන යහපත කුමක්දැයි එක්වරම සුගත පොඩි හාමුදුරුවන්ට සිතෙන්නට විය. සුගත පොඩි හාමුදුරුවන්ගේ සිත වෙනස් ම මාවතක් ඔස්සේ දිව යන්නට විය. තමන් වහන්සේ උපැවිදි වී නැවතත් ගිහි ජීවිතයට පිළිපන් වහාම, නැවතත් පෙර සේම ගිහි ජීවිතයේ දුක බල බලා දුකෙන්, කලකිරීමෙන් කල් හැරීමට සිදුවනු ඇත. තමා වෙනුවෙන් මව, පියා වන වෙහෙස දකිමින් සිතින් වේදනා විදීමට සිදුවනු ඇත.

අනික් කාරණය නම් මව, පියා අහිමි වන දිනයකට ද තමාට මතු දා මුහුණ දීමට සිදුවනු ඇත. එමෙන් ම ලෞකික සැප සම්පත් හැර දා දිනෙක තමාට ද මිය යාමට සිදුවනු ඇත. ඉතිං එසේනම් මිරිගුවක් වැනි වූ ගිහි ජීවිතයට ලොල් වෙමින්, එය ම ඉල්ලා මෙලෙස හඩා වැළපෙන්නේ කුමක් නිසා ද? සුගත පොඩි හාමුදුරුවෝ මුලාව නැමැති තිමිර පට බිද දා සත්‍ය නැමැති ආලෝකය දකින්නට විය. සමස්ත ලෝකයෙන් ම වාසනාවන්ත තැනැත්තා තමන් වහන්සේ යැයි සුගත සාමණේරයන් වහන්සේට සිතෙන්නට විය. මේ තරම් කුඩා වයසක දී සත්‍යාවබෝධය සදහා උතුම් බුද්ධ ශාසනයේ ආර්යය ශ‍්‍රාවකයෙකු බවට පත්වීමට තරම් තමන් වහන්සේ කෙතරම් භාග්‍යවන්ත වී ද?

සැබවින් ම සිදු වූ කිසිවක් පිළිබද ව තමන් වහන්සේ පසුතැවිය යුතු නැත. මෙවැනි කුඩා වයසක දී පැවිදි භාවය ලැබුවේ ද තමන් වහන්සේ පමණක් නොවේ. බුද්ධ කාලයේ සුනීත, සෝපාක පමණක් නොවේ; පුංචි රාහුල කුමරුවෝ ද ඉතාමත් පුංචි වයසේදී ම බැදීම් වලින් මිදී කෙලෙස් ප‍්‍රහීන කර සත්‍යාවබෝධය සදහා වරම් ලබා ඇත. ඒ පිළිබදව තමන් වහන්සේ සතුටු විය යුතු නොවන්නේදැයි සුගත පොඩි හාමුදුරුවන්ට සිතෙන්නට විය. 
මලසුනෙහි ඇතිරූ පුෂ්පයන් සහ එහි කෙළවරක දැල්වූ සුවද කූරුවල පුසුඹ අලූත් ම නැවුම් බවකින් සුගත පොඩි හාමුදුරුවන්ගේ නාස් කුහර තුළට රිංගා ගත්තේ, පහන් හැගීමකින් උන්වහන්සේගේ චිත්ත සන්තානය ප‍්‍රබෝධමත් කරමිනි. අමුතුම සොම්නස් හැගීමක් තම සිත පුරා පැතිර ගොස් ගතට ජීවය කැවෙනු උන්වහන්සේට දැනෙන්නට විය. තම කොන්ද සෘජු කොට තබාගත් සුගත පොඩි හාමුදුරුවෝ, වමත මත්තෙහි දකුණත තබා භාවනා ඉරියව්වෙන් වැඩ හිද දෑස පියාගත්හ.  තම ළය පුරා දිගු සුසුමක් පුරවාගෙන නැවත එය පහත හෙළමින්, තම ළය සැහැල්ලූ කරගත් උන්වහන්සේ, භාවනාවකට සිත එකග කරගත්හ.

භාවනා ඉරියව්වෙන් මිදී තම දෑස් විවර කරද්දී තමන් වහන්සේ ඉදිරියෙහි වැඩහුන් නායක හාමුදුරුවන් වහන්සේ දැක සුගත පොඩි හාමුදුරුවෝ විමතියට පත්විය. විමතියෙනුත්, ගෞරවයෙනුත් වහා නැගී හුන් පොඩි හාමුදුරුවෝ නායක හාමුදුරුවන්ගෙන් අවසර පැතූහ. තමන් වහන්සේ කොපමණ වේලාවක් භාවනා ඉරියව්වෙන් වැඩ සිටියේදැයි උන්වහන්සේට නිනව් නැත.

”නායක හාමුදුරුවනේ, ඔබවහන්සේ හු`ග වේලාවක්ද මෙතනට වැඩම කරලා?”
”දැන් අඩ හෝරාවක් ඉතර වෙනව… පොඩි නමට ආරංචියක් දෙන්නයි ආවෙ…”
පොඩි හාමුදුරුවන්ගේ වෙනදා නොමැති තැන්පත් භාවය පිළිබදව විමතියට පත්වෙමින්, නායක හාමුදුරුවෝ පිළිතුරු දුන්හ.

”මට ආරංචියක්..?”
”එහෙයි… පණිවිඬේ අහල කලබල වෙන්ඩ, දුක් වෙන්ඩ කාරි නෑ…”
”එහෙමයි හාමුදුරුවනේ…”
නායක හාමුදුරුවෝ එකවර ම පණිවිඩය කියාගත නොහී මදක් පැකිළෙනු පොඩි හාමුදුරුවන්ට නිරීක්ෂණය කළ හැකි විය.
”පොඩි නම, අපි කව්රුත් ඉපදෙනව, මැරෙනව… ඒ අරුමයක් නොවෙයි. ඒක තමා ලෝක ධර්මතාව අප ලොව්තුරු බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්න. සත්‍යය අවබෝධ කරල, කෙලෙස් ප‍්‍රහීන කරන තුරු සංසාරය පුරාවට මේ ධර්මතාවට මූණදෙන්න සිද්ධවෙනව… ඒක මටත් එහෙමයි… ඔබවහන්සේටත් එහෙමයි… සියඵ දෙනාටම පොදුයි. පොඩි නමට වැටහුණැයි?”
නායක හාමුදුරුවෝ තම විපරම් සහගත දෑස් පොඩි හාමුදුරුවන් වෙත රදවමින් විමසූහ. 
”එහෙමයි අපෙ හාමුදුරුවනේ…”
නායක හාමුදුරුවෝ මේ සැරසෙන්නේ කිසියම් බැරෑරුම් කාරණයක් පැවසීමට බව සුගත පොඩිහාමුදුරුවන්ට මනාව වැටහිණි.
”ඉතිං පොඩිනම… අපි කව්රුත් දන්නව ඔබවහන්සේගේ පියා, සුගතපාල උන්නැහැ බුදු දහමට ඉතාමත් ලැදිව, සිල්වත්ව කල්හැරපු උපාසක තැනක්…”
නායක හාමුදුරුවන්ගේ දේශනයේ ඉතිරි අඩට සවන් දීම සුගත පොඩිහාමුදුරුවන්ට අනවශ්‍ය විය. එහි සාරාංශය හෙවත් තම පියා මිය ගොස් ඇති බව උන්වහන්සේට මනාව වැටහිණි.

තම දෑසට කදුඵ නොඋනන්නේ මන්දැයි සුගුත පොඩි හාමුදුරුවන්ට සිතෙන්නට විය. අද දින මිය නොගියත්, තම පියා යම් මතු දිනෙක මියෙනු ඇත. අනිත්‍ය මිනිස් ජීවිතයට මුහුණදීමට සිදුවන පරම සත්‍යය එයයි. තමා ද යම් මතු දිනෙක මෙම සත්‍යයට මුහුණදෙනු ඇත. එයට අමුතුවෙන් දුක් ගත යුතු නැත.

යම්කිසි රිදුමකින් තමන් වහන්සේගේ හදවත සැලෙන බව සත්තකි. එනමුත් මනාව සත්‍යය හදුනන තමන් වහන්සේ එයින් නොසැලී දිරිමත් ව එයට මුහුණ දිය යුතුය.
සුගත සාමණේරයන් වහන්සේ සන්සුන් ඉරියව්වෙන් බෝ මඵව දෙසට ඇදෙනු නායක හාමුදුරුවෝ විමතියෙන් බලා සිටියහ.

 

කතෘ -උෂානි කාවින්දි ආරියවංශ

  

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

Next Up...