සේpien
කතෘ
Mareesa අකුරැගොඩ


Homoවතී Sapien හරිම හැඩකාරි. තමන්ගේ Figure එක maintain කරගන්න හරියට මහන්සි වුනා.Homoවතී වැඩ කරේ පත්තර කොම්පැණියක. Homoවතී, ඇහැට කනට පෙන නිසා කොම්පැණියේ හැම පිරිමි Sapien කෙනෙක්ම හරිම මනමාලකමක් Homoවතීට පෑවේ.

Homoවතී හිතුවා අද වෙනසකටත් එක්ක ගිය මාසෙ පඩියෙන් ගත්ත මිනි ගවුම ඇදගෙන යන්න.

කන්තෝරුවට යන මඟදිගේ පිරිමි Sapiensලා රොත්තට, Homoවතී පස්සේ. කන්තෝරුවෙදීත්, Homoවතීට හරියට ප්‍රතිචාර. Homoවතී කැමැති Sapien මල්ලි කෙනෙක් හිටියා, Homoවතී දැකලා හොර ගල් අහුලන් වගේ හිමින් හිමින් සේන්දු වුනා.

“අක්කා අද වෙනදාට වඩා වෙනස්නේ!” ආත්‍ර් මල්ලිගේ වෙනදා තිබුණු පැණි පෙනුම අද තිබේ නැහැ.

Homoවතී උකුලු මුකුලු වෙවි “හොද වෙනසක්ද මල්ලි?”

“හ්ම්ම්……අක්කා මහත් වෙලානේ”

 Homoවතීට එක සැරේටම ලෝකේ කැරකෙන එක දැනෙන්න පටන් ගත්තා. වටේ තිබ්බ දේවල් බොඳ වෙලා පෙනුනේ. ගාල කඩා ගත්ත එළදෙන වගේ,බාත්‍රෑම් එකට දිවුවා.

කන්තොරුවෙ ඉන්න නිසා, මරලතෝනි දීලා අඩන්නත් බැහැ. ඇත්තමයි ආතර් මල්ලි කියලා තියෙන්නේ. කණ්ණාඩය දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා

“මම මහත් වෙලා!”

බාත්‍රෑම් එකෙන් එලියට එද්දි රිසේප්‍ෂ්න් එක ළඟ කන්තොරුවේ කැලැ පත්තර ගහනවා. ළඟට ගිහිල්ලා කන දාන්නත් බැහැ. තත්ත්වේ බස්ස ගන්න බැහැනේ. තත්ත්පරයට අඩි බාගේ තිය තිය කැලැ පත්ත්‍ර රංචුව ළඟට ඇදුනා.

“Angela අලුතින් Protien Bar එකක් කානවා ඇඟ අඩූ කරගන්න.”

“දෙයියෝ සාක්කි! Protien Barවලටත් දැන් ඇඟ අඩූ වෙනවාද?”

Homoවතීට නිමක් හිමක් නැති වුණා ඕපාදුපේ කනට වැටූනාට පස්සේ. ඒදා හවස වැඩ ඇරලා ගෙදර යන ගමන් Cargills ගිහිල්ලා මාර්කට් එකේ තිබ්බ Protien Bar රාක්කෙම හිස් කරා. තිබ්බ සෝච්චමම් Protien Barවලට වියදම් කරලා ගෙදර ගියෙත් ඇවිදගෙන.

Homoවතී Protien Bar අරගෙන දැන් සතියක් වෙනවා. Protien Bar ගත්ත දවසේ ඉදලා වේල් 3ට කැවේ බර අඩූ වෙන Protien Bar.දැනුනේන්ත් නැතුව Homoවතී බෝල වෙන පටන් ගත්තා. දවසින් දවස මුණ ගෙම්බෝ ගිලලා වගේ පිම්බුණා. හරස් අතට උස ගියා Homoවතී. කණ්ණාඩියෙන් Homoවතී දැක්කේ Protien Bar නිසා බර අඩු වෙලා ඉන්න කෙට්ටූ Homoවතී. බර වැඩිවෙන්න වෙන්න මුණේ එලිය වැඩි වුනා.

අද වෙනදාටත් වඩා ඉර හොඳට පායලා. සිංදුවක් එහෙම කියාගෙන කන්තෝරැ ගියේ. යන මඟදී ආත්‍ර් මල්ලිවත් හම්බුනා.

“Good Morning මල්ලි”

“ආහ් මේ අපේ Homoවතී අක්කානේ! එදා හිටියටත් වඩා මහත් වෙලා නිසා අක්කාව අදුර ගන්න බැරි වුනා”


කතෘ – Mareesa අකුරැගොඩ

 

Facebook
Twitter
LinkedIn
WhatsApp

Next Up...